නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga

sgmdarshana

Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga

    Nirapekshathwaye Maga (Season 08)
    Start Date of Season 08 :- 06-11-2016

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw

    ආර්ය ධ්‍යාන වල අත්දැකීම් ලද සිව්වනක් පිරිස
    Nirapekshathwaye Maga4 videos1,851 viewsLast updated on Dec 26, 2016
    පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමීන්වහන්සේ ප්‍රධාන 'නිරපේක්ෂත්වයේ මග' විසින් 2016-12-03 සිට 2016-12-16 දක්වා මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේ පවත්වනු ලැබූ 'පැවැත්මෙන් ඔබ්බට භාවනා - Meditation Beyond Existence' දින 14 නේවාසික භාවනා වැඩසටහනේ භික්ෂු, භික්ෂුණී, උපාසක සහ උපාසිකා සිවුවනක් පිරිස ලද අත්දැකීම්

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzJBLG0fG2heqgjIY0DvIDeT

    Marvelous Relaxation Exercise
    සතර දැහැන් වැඩීමට උපනිශ්‍රය පිණිස කයේ ඇති අපහසුතා සහ සියළුම රෝගා බාධ සමනය කර ගැනීම සදහා පූර්ව කෘත්‍යක්
    https://www.youtube.com/watch?v=04kTTKJiw90&t=129s

    Web Site : http://www.nirapekshathwayemaga.com
    Facebook Page: https://www.facebook.com/Nirapekshathwayemaga
     
    • Love
    Reactions: INCORRECT

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Nirapekshathwaye Maga (Season 08)
    Start Date of Season 08 :- 06-11-2016

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw

    ආර්ය ධ්‍යාන වල අත්දැකීම් ලද සිව්වනක් පිරිස
    Nirapekshathwaye Maga4 videos1,851 viewsLast updated on Dec 26, 2016
    පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමීන්වහන්සේ ප්‍රධාන 'නිරපේක්ෂත්වයේ මග' විසින් 2016-12-03 සිට 2016-12-16 දක්වා මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේ පවත්වනු ලැබූ 'පැවැත්මෙන් ඔබ්බට භාවනා - Meditation Beyond Existence' දින 14 නේවාසික භාවනා වැඩසටහනේ භික්ෂු, භික්ෂුණී, උපාසක සහ උපාසිකා සිවුවනක් පිරිස ලද අත්දැකීම්

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzJBLG0fG2heqgjIY0DvIDeT

    Marvelous Relaxation Exercise
    සතර දැහැන් වැඩීමට උපනිශ්‍රය පිණිස කයේ ඇති අපහසුතා සහ සියළුම රෝගා බාධ සමනය කර ගැනීම සදහා පූර්ව කෘත්‍යක්
    https://www.youtube.com/watch?v=04kTTKJiw90&t=129s

    Web Site : http://www.nirapekshathwayemaga.com
    Facebook Page: https://www.facebook.com/Nirapekshathwayemaga





    ඉහත වීඩියෝවේ විනාඩි 25න් පමණ ඉදිරියට වලස්මුල්ලේ අභය හිමි මෙහෙම කියනවා:

    මේ ධ්‍යාන, මාර්ග ඵල තියෙන ඒවා හංගලා, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි? කාටවත් නැති නිසා. කාටවත් නැති නිසා කට්ටියම තියෙනවා කියලා හිතාගෙන එකාට එකා හොරෙන් හිටියා අර අන්ධයෝ රෑන ඉතිරි අන්ධයොගෙ පස්සෙ යන්නා වගේ. ...


    අභය හිමිගේ ඒ කතාව බුදු සසුනේ සීල සාරයේ පිහිටි භික්ෂූන් වහන්සේලාගේත්, භික්ෂුණීන් වහන්සේලාගේත් ස්වරූපයට ගැළපෙන්නේ නැහැ. එවන් අය ධ්‍යාන, මාර්ග ඵල ආදිය ගැන ගිහියන් ඇතුළු අනුපසම්පන්නයින්ට නොකියනවා නම් එසේ නොකියන්නේ එවන් අයට එම ගුණාංග නැති නිසා හෝ හොරකමට යැයි යන අර්ථයන්ගෙන් ගැනීම සුදුසු නැහැ. ඇති ධ්‍යානයන්, මාර්ග ඵල ආදිය ගැන අනුපසම්පන්නයින්ට කීම විනය ශික්ෂාවට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා බුදු සසුනේ පැවිදි වූ භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා සැබෑවටම ඔවැනි දේ තමා කෙරෙහි ඇතැයි දැනගත්තත් ඔවැනි දේ අනුපසම්පන්නයින්ට කියන්නේ නැහැ.

    භික්ෂූන් වහන්සේලාත්, භික්ෂුණීන් වහන්සේලාත් ඔවැනි කරුණු අනුපසම්පන්නයින්ට කියනවා නම් එය මහණකමට ගැළපෙන ක්‍රියාවක් නොවෙයි. බුදුරජානන් වහන්සේ ඊට අදාලව පනවන ලද ශික්ෂාපදයට කියන්නේ "භූතාරොචනශික්ෂාපදය" කියලා. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ භූතාරොචනශික්ෂාපදය [ http://thripitaka.org/view/vp/vp2p1/94 ] ගැන වැඩි විස්තර සඳහන්.

    පාලියෙන් එය මෙසේ සඳහන්:

    "යො පන භික්ඛු අනුපසම්පන්නස්ස උත්තරිමනුස්සධම්මං ආරොවෙය්‍ය භූතස්මිං පාචිත්තිය"න්ති.


    එහි සිංහල පරිවර්තනය මෙසේ සඳහන්:

    "යම් මහණෙක් අනුපසප්නක්හට උතුරුමිනිස්ධම ඇරොජන්නේ නම් විද්‍යමානයෙහි පචිති වේ" යයි.


    භික්ෂූන් වහන්සේලාට තමන්ගේ ඇති මාර්ග ඵල, ඥානදර්ශන, ධ්‍යාන ගැන පමණක් නොවෙයි, අඩු තරමින් තමන් ශූන්‍යාගාරයෙහි ඇලෙනවා යැයි වත් අනුපසම්පන්නයින්ට කියන්න විනයෙන් ඉඩක් නැහැ.

    බුදුරජානන් වහන්සේගේ විනය පැනවීම නොසලකා හරිනවා නම් එවන් භික්ෂූන්, භික්ෂුණීන් වහන්සේලාගේ එම ක්‍රියාවන් දුසිල්වත් ක්‍රියාවන් ලෙසයි දකින්න තියෙන්නේ. මහණ වූ අය ඔවැනි ක්‍රියාවන්ට යොමු කිරීම බුදු සසුනේ චිරස්තිථියටත් ගැටළු ඇති කරනවා. ඔය විදිහට වරදවා ගත්තොත් බුදු සසුනේ මහණ දම් පුරණ හිස් පැවිද්දන් නම් බොහෝ වේවි, සීල ගුණයෙන් යුතු පැවිදි පිරිස හිස් පිරිසකැයි සමාජයේ මතයකුත් ඇති වේවි. එසේ වූවාම ගුණවත් පිරිසට තමන්ගේ ගුණවත් බව රැකගෙන ධර්ම ප්‍රතිපදාවේ යෙදීම දුෂ්කර වෙනවා.

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පිංවත් ස්කයිලාක්,

    මෙතුමා වහරක අභයන්ලන්කාර හිමිගේ ගෝල හිමි නමකි. ඉන්ජිනියරින් ඩිග්‍රී එකක් තිබුන කෙනෙකි ගිහි කාලයේ. "සැඟවුන ධර්මය" ගොඩ ගැනීමයි මේ දෙහිමියන්ගේම (වහරක සහ වලස්මුල්ලේ අභය ) උධෘත පාඨය. කොන්ටම් භෞතිකය , විද්‍යාවෙන් බුදු දහම සාධාරණීකරනය කරමින් බණ කීමට වෙහෙසෙයි.

    ඔබට පිං කාලය අරන් මේවා බලා එලිදරව් කර අප දැනුවත් කිරීම ගැන.
     

    sgmdarshana

    Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති කර ගැනීම තමයි මගෙත් මුලික අරමුණ. කෙනෙක් නොදකින දේ තවකෙනෙක් දකින නිසා. ඒ නිසා ඔබලාගේ අදහස් වලට ඉතා ගරු කරනවා.

    බොහෝ ගිහි පැවිදි අධිගමලාබින් දේශනා කරන්නේ තම තමන් මාර්ගය එලි කර ගත් ආකාරය. එහිදී ඉතා දැඩි මිත්යා දුෂ්ටික මත වලට එලබ සිටින්නන් හැර, ඒ ඒ අයගේ, එකක් දෙකක් නොව බොහෝ දේශනා වලට සවන් දීමේදී මේ හැමෝම අවසාන අදහස බොහෝ විට එකයී. තම තමන් දක්ෂ වෙලා තියෙන්නේ තම තමන්ගේ අද්දැකීම විස්තර කරන්න. එක්තරා ස්වාමින්ස වහන්සේ නමක් සම්මා දිට්ටිය කෙසේ ද ඇතිවෙන්නේ සේවිමිදී උන් වහන්සේට එකී නෙකට වෙනස් පිළිතුර හතරක් ලැබුණු නිසා එයින් සෑහීමට පත් නොවී තථාගතයන් වහන්සේට මේ ප්රශනය ඉදිරිපත් කරනවා. එහිදී තථාගතයන් වහන්සේ කිංසුපොමක සුත්රය ඇසුරෙන් පැහැදිලි කරනවා ඒ කවුරුත් වැරදි දෙයක් කිව්වේ නැහැ තම තමන් දැකපු ආකරය විස්තර කර ඇත්තේ කියා.( වැඩිපුර දැන ගැනීමට - මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක් https://www.youtube.com/watch?v=XUuUmUPBEiQ&t=226s )

    අනික කරුණ එක් එක් ස්මිවාන් වහන්සේලා සරණ යන්නේ නැතුව සෑම දේශනාවන්ටම අපි නිදහස් මනසකින් සවන් දෙමින් අවබෝධයෙන් ගත යුතු දේ විතරක් ගෙන අත්හැරිය යුතු දේ අතහැර තථාගතයන්ම සරණ යා යුත්තේ. ලොවුතුරා බුදු රජාණන්වහන්සේ වහන්සේ පහල විමේදීත් බුද්ධ සසනයක් පැවතියේ නැත. එහිදී නිදහස් මනසකින් ඒ දෙස බැලුවන් නිවී සැනසීමට පත් උනා. තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ ඉතාම පැහැදිලව නිදහස් මනසක් ඇති කර ගැනීමට උපකාර වෙන දේශනා ඉදිපත් කරනවා. https://www.youtube.com/playlist?list=PLZkdhQBKHHk7J0fkDgoOXzOYPzqPT4vv_

    අනික එක් එක් කෙනාගේ ඉන්ද්රිය ධර්මයන් වැඩි ඇති අයුරු දැකමට ඥානය ඇති තථාගතයන් ජීවමාන නැති නිසා අපිට පොදුවේ සෑම ධර්ම දේහනා වලට සවන් දීමට සිදු වෙනවා. තම තමන්ගේ ප්‍රඥා වැඩි ඇති ආකාරයට අවබෝධය ලැබිමට. සම්පුර්ණ ධර්ම දේශනා වලට සවන් නොදී සුළු කොටස් වලට සවන් දීමෙන් නිගමන වලට පැමිණීම එතරම්ම සුදුසු දෙයක් නොවේ. අභය ස්වාමින් වහ්සේගේ ධර්ම දේහනා ( season 8) වලින් කිහිපයක් අසා ඇත. ත්‍රිපිටකය සාක්‍ෂියක් නොමැතිව
    කරුණු ඉදිරිපත් කරනවා මේ වනතුරු අසා දේශනා වල නම් නැත. ඒම නිසා මත ඉදිරිපත් කිරීමට පෙර අවබෝධයක් ලැබීමට හැකි දේශනා ප්‍රමාණයක් වත් අසා තිබීම වැදගත් විය හැක.

    තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ, මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ, අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ යන ස්වාමින් වහන්සේලාත් තමන්ගේ මාර්ග පල අදහස් කියා තියෙනවා. රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ බුද්ධ පුත්රයන් වහන්සේලා සමඟ පැවති අතිදුර්ලභ ධර්ම සාකච්ඡාව... මෙහිදී උන් වහන්සේ තමන්ගේ මාර්ග පල ප්රකාශ කරනවා.
    කරුණාකර සම්පුර්ණ දේශනයට සවන් දෙන්න....
    ( https://www.youtube.com/watch?v=w5LmPV7siqI )


    ත්‍රිපිටකයේ බොහෝ තැන්වල තමන්ගේ මාර්ග පල, නොපැහැදුණු අයගේ පැහැදීම ඇති කිරීමටත් පැහැදුන අයගේ පැහැදීම වැඩි කිරීමටත් ප්රකාශකර තිබෙනවා. වහරක ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා මා අසා නැත. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේලාට පමණක් ඇති අන් අයගේ මාර්ග පල ඥානය වෙනත් මාර්ග පල ලාභියෙකුටවත් නැති නිසා අප වැනි පෘතග්ජන අය අන් අය ගැන මත පල කිරීමේදී බොහෝ ප්‍රවේශම් විය යුතුය. එකල සිටි අප සැම දෙනාම වගේ දැනුවත්, (ස්වාමින් වහන්සේලා පිණ්ඩපාත වැඩම කරන විට වතුර වලක් දුටු සැනින් එයට උඩින් පැන යන ස්වාමින් වහන්සේද, පාත්තර පහක් දන් වළදන ස්වාමින් වහන්සේද, වාසල වාදයෙන් කතා කරන ස්වාමින් වහන්සේ, ගැන අප්ප්‍රසාදයෙන් අනික් ස්වාමින් වහන්සේලා කරන කතා තථාගතයන් දැන ඒ කවුරුද කියා දැන, මහණ එහෙම කියන්න එපා ඒ රහතන් වහන්සේලා කියා අවවාද කරනවා. අද එවැනි රහතන් වහන්සේලා හිටියනම් මොන තරම් ආර්ය උපවාද කරගෙන නිරයට යයිද ?

    ගිහි පැවිදි අයගේ හැසිරීමෙන් තීරණ ගැනිමේද ප්‍රථිපල ඉතා භයානක විය හැක.ආනන්තරිය පාප කර්මයකට පමණක් දෙවෙනි වෙන ආර්ය උපවාද අකුසල කර්මයක් නොවනුවත්ම හෝ කරගතහොත් අනන්ත සංසාරයක් පුරාවටම විදවීමට සිදු විය හැක.

    තෙරුවන් සරණයි.....!
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0


    ඉහත වීඩියෝවේ විනාඩි 25න් පමණ ඉදිරියට වලස්මුල්ලේ අභය හිමි මෙසේ පවසනවා:

    මේ ධ්‍යාන, මාර්ග ඵල තියෙන ඒවා හංගලා, හොරකං, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි? කාටවත් නැති නිසා. කාටවත් නැති නිසා කට්ටියම තියෙනවා කියලා හිතාගෙන එකාට එකා හොරෙන් හිටියා අර අන්ධයෝ රෑන ඉතිරි අන්ධයොගෙ පස්සෙ යන්නා වගේ. ...
    අභය හිමිගේ එම ප්‍රකාශය බුදු සසුනේ සීල සාරයේ පිහිටි භික්ෂූන් වහන්සේලාගේ ස්වරූපයට ගැළපෙන්නේ නැහැ. එවන් අය ධ්‍යාන, මාර්ග ඵල ආදිය ගැන ගිහියන් ඇතුළු අනුපසම්පන්නයින්ට නොකියනවා නම් එසේ නොකියන්නේ එවන් අයට එම ගුණාංග නැති නිසා හෝ හොරකමට යැයි යන අර්ථයන්ගෙන් ගැනීම සුදුසු නැහැ. ඇති ධ්‍යානයන්, මාර්ග ඵල ආදිය ගැන අනුපසම්පන්නයින්ට කීම විනය ශික්ෂාවට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා බුදු සසුනේ පැවිදි වූ සිල්වත් භික්ෂූන් වහන්සේලා සැබෑවටම ඔවැනි දේ තමා කෙරෙහි ඇතැයි දැනගත්තත් ඔවැනි දේ අනුපසම්පන්නයින්ට කියන්නේ නැහැ.

    භික්ෂූන් වහන්සේලා ඔවැනි කරුණු අනුපසම්පන්නයින්ට කියනවා නම් එය මහණකමට ගැළපෙන ක්‍රියාවක් නොවෙයි. බුදුරජානන් වහන්සේ ඊට අදාලව පනවන ලද ශික්ෂාපදයට කියන්නේ "භූතාරොචනශික්ෂාපදය" කියලා. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ භූතාරොචනශික්ෂාපදය [ http://thripitaka.org/view/vp/vp2p1/94 ] ගැන වැඩි විස්තර සඳහන්.

    පාලියෙන් එය මෙසේ සඳහන්:

    "යො පන භික්ඛු අනුපසම්පන්නස්ස උත්තරිමනුස්සධම්මං ආරොවෙය්‍ය භූතස්මිං පාචිත්තිය"න්ති.


    එහි සිංහල පරිවර්තනය මෙසේ සඳහන්:

    "යම් මහණෙක් අනුපසප්නක්හට උතුරුමිනිස්ධම ඇරොජන්නේ නම් විද්‍යමානයෙහි පචිති වේ" යයි.


    විනය පිටකයේ භූතාරොචනශික්ෂාපදය ගැන විස්තරයේ "උත්තරීමනුස්සධම්ම" ලෙස සැලකෙන්නේ කවර කරුණුද යන්න සඳහන්. ඊට අනුව භික්ෂූන් වහන්සේලාට තමන්ගේ ඇති මාර්ග ඵල, ඥානදර්ශන, ධ්‍යාන ගැන පමණක් නොවෙයි, අඩු තරමින් තමන් ශූන්‍යාගාරයෙහි ඇලෙනවා යැයි වත් අනුපසම්පන්නයින්ට කියන්න විනයෙන් ඉඩක් නැහැ.

    වලස්මුල්ලේ අභය හිමි භූතාරොචනශික්ෂාපදය ගැන නොදැන ඉහත පරිදි පවසන්න ඇති. ඉහත වීඩියෝවේදී අභය හිමියන් නොපැහැදුනු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ පැහැදීම වැඩි කිරීමටත් බුදුරජානන් වහන්සේ විනය පැනවීම කර ඇති බවට සඳහන් කොට ඒ විනය පැනවීමටම අඩංගු භූතාරොචනශික්ෂාපදයට ප්‍රතිවිරුද්ධ ලෙස කටයුතු කිරීමට අන් අයව යොමු කරන අයුරු දැකිය හැකියී. විනය පිටකයේ සඳහන්ව ඇති පරිදි භූතාරොචනශික්ෂාපදය පැනවීමේදීත් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම ගැන බුදුරජානන් වහන්සේ මෙසේ පවසා තිබෙනවා:

    මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදයට හෝ නො වෙයි. මෙය වැලිත් අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත් ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් වැටෙයි.


    වැරදි වැටහීම නිසාදෝ වලස්මුල්ලේ අභය හිමි ඉහත වීඩියෝවේ විනාඩි 1, තත්පර 47 න් පමණ ඉදිරියට මෙසේ පවසනවා දැකිය හැකියී:

    එතකොට තමන්ට මේ දැනෙන දෙවල්, තමන්ගේ තියෙන අත්දැකීම් අනුන්ට දැනගන්න තියෙන එකම ක්‍රමය තමයි අපි කියන්න වෙනවා ඉතින්. අපි කියන්නැතුව දැනගන්න ක්‍රමයක් නැහැ.


    බුදුරජානන් වහන්සේ භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට නොකිව යුතු යැයි විනය පනවලා තිබියදී එසේ ශික්ෂාව පැනවීමට හේතු අභය හිමියන් විසින් ශික්ෂාපදය නොදක්නා ලද බව හෝ හරි හැටි නොවටහා ගැනීම ඉහත පරිදි පවසන්නට හේතු වන්නට ඇති.

    බුදුරජානන් වහන්සේ විනය ශික්ෂාපද පනවා ඇත්තේ එක් එක් ශික්ෂාපදය පැනවීමට සුදුසු කාලය පැමිණි විට. භූතාරොචනශික්ෂාපදය පැනවීමට පෙර නම් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදය පිණිස හේතු වූ අවස්ථාවන් තිබෙන්නට ඇති. නමුත් සුදුසු කාලයේදී බුදුරජානන් වහන්සේ විසින් භූතාරොචනශික්ෂාපදය පැනවීමෙන් පසුව එය එසේ වන්නේ නැහැ. ඒ නිසා මෙකල යම් අයෙක් මෙකලත් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදය පිණිස හේතු වේ යැයි කියනවා නම් ඒ එම පුද්ගලයාගේ නොදන්නාකම නිසා කියන දෙයක්. මෙකල භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයට, ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවට හේතු වෙනවා.

    බුදුරජානන් වහන්සේගේ විනය පැනවීම නොසලකා හරිනවා නම් එවන් භික්ෂූන්, භික්ෂුණීන් වහන්සේලාගේ එම ක්‍රියාවන් දුසිල්වත් ක්‍රියාවන් ලෙස දැකීම සුදුසුයි. මහණ වූ අය ඔවැනි ක්‍රියාවන්ට යොමු කිරීම බුදු සසුනේ චිරස්තිථියටත් ගැටළු ඇති කරනවා. එසේ වරදවා ගත්තොත් බුදු සසුනේ මහණ දම් පුරණ හිස් පැවිද්දන් නම් බොහෝ වේවි, සැබැවින්ම සීල ගුණයෙන් යුතු පැවිදි පිරිස හිස් පිරිසකැයි වැරදි මතයකුත් සමාජයේ ඇති වේවි. එසේ වූවාම ගුණවත් පිරිසට තමන්ගේ ගුණවත් බව රැකගෙන ධර්ම ප්‍රතිපදාවේ යෙදීම දුෂ්කර වෙනවා. ඊට අමතරව වලස්මුල්ලේ අභය හිමිගේ එම අධාර්මික, අවිනය මතය ධර්මයට සහ විනයට අනුකූල යැයි වරදවා පිළිගන්නා අන් අය සිල්වත් භික්ෂූන්ට අභූතයෙන් චෝදනා කර බොහෝ පව් පුරවා ගැනීමකුත් කරන්න පුළුවන්. අධාර්මික, අවිනය මතයන් ධර්මයට සහ විනයට අනුකූල යැයි වරදවා දකින පිරිසගේ ධර්ම අවබෝධය කිරීමේ හැකියාව ඒ වැරදි දැකීම හේතුවෙන්ම දුර්වලයි.

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;21154726 said:
    පිංවත් ස්කයිලාක්,

    මෙතුමා වහරක අභයන්ලන්කාර හිමිගේ ගෝල හිමි නමකි. ඉන්ජිනියරින් ඩිග්‍රී එකක් තිබුන කෙනෙකි ගිහි කාලයේ. "සැඟවුන ධර්මය" ගොඩ ගැනීමයි මේ දෙහිමියන්ගේම (වහරක සහ වලස්මුල්ලේ අභය ) උධෘත පාඨය. කොන්ටම් භෞතිකය , විද්‍යාවෙන් බුදු දහම සාධාරණීකරනය කරමින් බණ කීමට වෙහෙසෙයි.

    ඔබට පිං කාලය අරන් මේවා බලා එලිදරව් කර අප දැනුවත් කිරීම ගැන.


    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    වලස්මුල්ලේ අභය හිමි අදාල කාරණාවේදී නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත්ය, පැහැදුණු අයගේ පැහැදීම වැඩි කිරීමටත්ය යන වදන් කියමින් ධර්ම විනය කරුණු කිහිපයක් නිවැරදිව නොවටහාගෙන කරලා තියෙන්නේ නොපැහැදුණු අයගේ නොපැහැදීම පිණිසත්, පැහැදුණු සමහර අයගේ වෙනස් බවටත් කටයුතු කිරීම.

    නොදැනුවත්කම නිසා බුදුදහමේ අභිවෘද්ධියට යැයි කියමින් අභය හිමි කර තිබෙන්නේ බුදුදහම අතුරුදන් වීමට හේතුවන ක්‍රියාවක්.

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති කර ගැනීම තමයි මගෙත් මුලික අරමුණ. කෙනෙක් නොදකින දේ තවකෙනෙක් දකින නිසා. ඒ නිසා ඔබලාගේ අදහස් වලට ඉතා ගරු කරනවා.
    ............... අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ යන ස්වාමින් වහන්සේලාත් තමන්ගේ මාර්ග පල අදහස් කියා තියෙනවා. රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ බුද්ධ පුත්රයන් වහන්සේලා සමඟ පැවති අතිදුර්ලභ ධර්ම සාකච්ඡාව... මෙහිදී උන් වහන්සේ තමන්ගේ මාර්ග පල ප්රකාශ කරනවා.
    කරුණාකර සම්පුර්ණ දේශනයට සවන් දෙන්න....



    තෙරුවන් සරණයි.....!

    ඔබට බොහෝම පිං මේ පැය 4ක විඩියෝව ගෙනහැර දැක්වූවාට.
    මෙය හොඳින් ඇසුවොත් සිදුව ඇත්තේ කුමක්ද, සිදුවන්නේ කුමක්ද යන්න මනාව වැටහෙනු ඇත.

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    සැබවින්ම පින්වත් ස්කයිලාක් විසින් විනය පිටකයේ සඳහන් බුද්ධ දේශනා අනුවම ඉතාම පැහැදිලිව සහ සම්පූර්ණව විස්තර කරලා තියෙනවා භික්ෂූන් වහන්සේ නමක් විසින් හික්මිය යුතු විනය ප්‍රතිපදාව කුමක්ද කියලා, භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම මෙසේ වියයුතුයි කියලා.
    නමුත් එම භික්ෂූන් වහන්සේලාගේ එම චර්යාවන් දැනගන්නා ගිහි අපි විසින් පිළිපැදිය යුතු ප්‍රතිපදාව ගැන සඳහන් කරන්න එතුමා එතරම් උනන්දු වෙලා නැති බවක් පෙනෙනවා, ගිහි අපට භික්ෂූන් වහන්සේලා නිසා මහා පුණ්‍ය කර්ම වගේම මහා අකුසල කර්මත් සිදු කරගන්න පුළුවන් නිසා උන්වහන්සේලා සම්බන්ධ දේවල් වලදී ගිහි අපි ඉතාම ප්‍රවේශමින් අපි පිළිපැදිය යුතු වෙන බව ධර්මයේ සඳහන් වෙනවා.

    සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න... කියලා ගුණ සමුදායක් සංඝ රත්නය සතුව තිබෙනවා, සංඝයා වහන්සේලා විසින් බුදුරදුන් දේශිත විනය අනුව සිටින තාක්කල් උන්වහන්සේලා එම ගුණ සමුදායට උරුමකරුවන්, භික්ෂූත්වය සම්පූර්ණයෙන්ම නැතිවී යන වරදක් නොකරන තාක් ගිහි අප විසින් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා අයත්වෙන සඟ පරපුරේම පුරුකක් ලෙස උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් සැලකිය යුතු බව ධර්මයේ සඳහන් වෙනවා, එසේ නොකර එම භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාවන් ගැන මනසින් හෝ ගැටෙන එක කාටවත් ප්‍රයෝජනයක් ඇති දෙයක් නොවෙයි, එසේ ගැටීමත් ගිහි අපිට බොහෝ දුක් විපාක වලට හේතු වෙන අකුසල් රැස් කර දෙන්න පුළුවන් ක්‍රියාවක්.

    භික්ෂූ උපසම්පදාව සම්පූර්ණයෙන් නැතිවී, භික්ෂූත්වයට උරුම කම් නැති, භික්ෂූ ජීවිතයෙන් පරාජිතයෙක් බවට පත්වෙන්නේ පාරාජිකා කියන ශික්ෂා පද කඩ කළොත් පමණයි.

    ප්‍රාතිමෝක්ෂයට අනුව උපසපන් භික්‍ෂූන් සිදුකරන වරද හඳුන්වනුයේ ආපත්ති නමින් ලැබිය යුතු දඬුවම්වල ස්වභාවය අනුව වර්ග කොට ඇත.

    1. ජෙද්‍යගාමිනි (සසුනෙන් පහකිරීම තරම් බරබතළ වැරැදි)
    මෙම කොටසට අයත් වනුයේ පාරාජිකා පත්තීන්ය.


    2. උට්ඨාන ගාමිණි (දඬුවම් ලබා පුනරුක්ථාපනය විය හැකි අපරාධ)
    මෙම කොටසට සංඝාදිසේස අයත්


    3. දෙසනාගාමි (වරද ප්‍රකාශ කොට පිරිසුදු විය හැකි ආපත්ති ඒවා ථුල්ලවය (මහා වරද) පාචිත්තිය (පව් රැස් කිරීම) පටිදෙසනීය (ගැරහිය යුත්ත) දුක්කට (නොනිසි සේ කරන ලද්ද) අබ්බාසිත (නොනිසිසේ කියන ලද්ද) යනුවෙන් පස්වැදෑරුම්ය.


    http://www.lakehouse.lk/budusarana/2010/04/28/PrintPage.asp?REF=vision08

    මේවායින් භූතාරොචන ශික්ෂාපදය අයත් වන්නේ දෙසනාගාමි කියන කොටසට, ඉතින් භික්ෂූන්වහන්සේ නමක් විසින් මේ කොටසට අයිති වරදක් සිදු වුනා නම් බුදුරදුන් විසින් දේශිත විනය අනුවම සංඝයා වහන්සේ ඉදිරියේ ඒ ඇවත දේශනා කරලා උන්වහන්සේට තමන්වහන්සේගේ උපසම්පදා ශීලය නැවත ඉතාමත් ශක්තිමත් කරගන්න පුළුවන්, ඒ නිසා ගිහි අප විසින් ඒ වගේ දෙයක් ගැන නිතරම මනසින් ගැටෙනවානම් ඒ කියන්නේ යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ගැන සිතද්දී මතකයට එන්නේ "උන්වහන්සේ මේ වගේ ඇවතක් සිදු කළා නේද" කියන කාරණය පමණක් නම් ගිහි අපේ ඒ ක්‍රියාව අර්ථයක් නැති, බොහෝ දුක් විපාක සකස් කර දෙන අකුසල කර්මයක් විතරයි.

    බුදු රජාණන් වහන්සේගේ ක්‍රියා දිහා විවිධ විදිහට බලන අය ඒ අනුවම විවිධ කර්ම රැස් කර ගන්නවා, ඒක ලෝකයේ ස්වභාවය නිසා ලෝකය කරගන්නා අකුසල පක්ෂය අඩු වීමට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් සුදුසුම අවස්ථාවේ පමණක් ධර්ම විනය දේශනා කරනවා, එත් ලෝකයේ ස්වාභාවය වෙනස් වෙන්නේ නැහැ, යම් ධර්ම/විනය කරුණක් අරමුණු කරගෙන අනන්ත පිරිසක් කුසල කර්ම රැස් කරගන්න අතරේ තවත් අනන්ත පිරිසක් එම කරුණම අරමුණු කරලා අකුසල කර්ම රැස් කරගන්න පුළුවන්, මහා බෝසතාණන් වහන්සේ ගිහිගෙය හැරයාම තමන්ගේ පවුලේ වගකීම් පැහැර හැරීමක් විදිහට හෝ සියලුම ලෝකය ගැන මහා කරුණාවෙන් සිදු කරපු දෙයක් විදිහට දෙන්නෙක් දකින්න පුළුවන්. ඒ අතරේ මේ ලෝක ස්වාභාවයේ අනිත්‍ය බව දකින්නත් කෙනෙකුට පුළුවන් වගේම ඇලෙන්න හෝ ගැටෙන්නත් කෙනෙකුට පුළුවන්. ලෝක ස්වාභාවය හරියටම ක්‍රියා කරන්නේ මෙහෙමයි කියලා දැනගන්න බුදුරජාණන් වහන්සේට හැරෙන්න වෙන කිසිම පුද්ගලයෙකුට හැකියාවක් නැහැ. ඉතින් ගිහි අපි දක්ෂ වෙන්න ඕනේ අපි දන්නා දෙයින් දකින දෙය කමටහනක් කරගෙන කුසලයේ ශක්තිමත් වීම් විතරයි.

    පිණ්ඩපාතය පහසුවෙන් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් තමන්වහන්සේලාගේ උතුරු මිනිස් දම් ගිහියන්ට ප්‍රකාශ කරපු භික්ෂූන්වහන්සේලා පිරිසක් අරභයා තමයි බුදුරජාණන් වහන්සේ භූතාරොචන ශික්ෂාපදය දේශනා කළේ, යම්කිසි භික්ෂූන්වහන්සේ නමක් නොපැහැදුණු අයගේ ප්‍රසාදය ඇති කරන අරමුණින් සහ පැහැදුණු අයගේ ප්‍රසාදය වැඩි කරන අරමුණින් හරි තමන්වහන්සේ ළඟ ඇති උතුරු මිනිස් දම් ගිහියන්ට ප්‍රකාශ කරනවා නම් ඒක දෙසනාගාමී ආපත්තියක්ම තමයි. සැබෑ රහතන්වහන්සේ නමක් ලෝකය ගැන කරුණාවෙන් එහෙම දේශනා කරන්නත් පුළුවන්. එතකොට ගිහි අපිට පුළුවන් ඒ දේ නොගැටී, නොඇලී ත්‍රිවිධ රත්නය ගැන ප්‍රසාදය ඇති කරගන්නත් වැඩි කරගන්න
    ත්,
    මාර්ග ඵල ලබා ගැනීම උදෙසා ඇති වීර්යය ශක්තිමත් කරගන්නත්, උන්වහන්සේලාට සිදුකරන පූජා වලින් මහා පුණ්‍යකර්ම රැස් කරගන්නත් පුළුවන්... මොකද එහෙම ඇලීම/ගැටීම කළ යුතු දෙයක්, කුසලයක් බව හරි දෙසනාගාමී ඇවත සිදුකළ භික්ෂූන්වහන්සේ ගැන ප්‍රසාදයට පත්වීම නොකළ යුතු දෙයක් අකුසලයක් බව හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ.

    ධර්මයේ සඳහන් වෙනවා දෙසනාගාමී ආපත්තිය රහතන් වහන්සේ නමක් අතින් සිදු වුනත් එහි කිසිම විපාකයක් එම රහතන් වහන්සේට විඳින්නට සිද්ධ නොවෙන බව, රහතන් වහන්සේලා ළඟ කර්ම රැස් කිරීමේ ශක්තියක් නැති නිසා. පෘථග්ජන අපි රැස් කරගන්නේ කුසල කර්මයද අකුසල කර්මයද කියන එක අපේ තීරණයක් මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ජිංතක ජිල්ලබකිට;21160240 said:
    ඔබට බොහෝම පිං මේ පැය 4ක විඩියෝව ගෙනහැර දැක්වූවාට.
    මෙය හොඳින් ඇසුවොත් සියල්ල වැටහෙනු ඇත.

    තෙරුවන් සරණයි!

    ඔබතුමා දැන් රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ දේශනා විවේචනය කරන්නේ නැද්ද?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔබතුමා දැන් රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ දේශනා විවේචනය කරන්නේ නැද්ද?

    තවත් විවේචන කුමකටද, ඔබත් "නිදහස් මනසින්" ඉහත විඩියෝවට සවන් දෙන්න. ඔබටම පැහැදිලි වෙයි.. :cool:

    තෙරුවන් සරණයි!
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    රැවුල සහ කණ්නාඩිය

    රැවුල සහ කණ්නාඩිය
    http://www.maharahathunwadimagaosse.org/athaharima-01-15/

    ගෞතම සම්බුද්ධ ශාසනය ඇතිවෙලා, අතීතයේ දඹදිව් තලයේ තරුණ, මධ්‍යම, වැඩිහිටි වයස්‌වල බලකාර, නිලකාර, සාමාන්‍ය, දුගි දුප්පත් පවුල්වල දරුවන් පැවිදි භාවයට පත්වී ශාසනතලය ඒකාලෝක කළේ ශාසනය තුළ කිසිදු විනයක්‌ පනවා නොතිබියදීය.

    වසර 20 ක්‌ පුරාවට අනන්ත අප්‍රමාණ පිරිසක්‌ නිවී සැනසුනේ විනය පැනවීමකින් තොරවය. ඒ උන්වහන්සේලා තුළ සිහිය, සතිය, නිවීම කෙරෙහි ඇති වීර්යය නිසාය. එහෙත් කාලීනව බිහිවූ සතිය, සිහිය දුර්වල භික්‍ෂූන්වහන්සේලා නිසා විනය පැනවීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සිදුවිය.

    විනය පැනවූයේ සතියෙන්, සිහියෙන් තොරව තම අරමුණ, ප්‍රතිපදාව අමතකවූ ස්‌වාමීන්වහන්සේලාට සතිය, සිහිය ඇතිකිරීමටය. ඒ තුළින් අනාගත ශාසන පැවැත්ම උදෙසාය. සමාධිය, ප්‍රඥාව තබා අවම වශයෙන් ශීලය තුළවත් හික්‌මීමට අසමත්වූ භික්‍ෂූන් නිසා විනය පැනවීමට සිදුවූ බව විනය කාරණා විමර්ශනය කිරීමේදී වැටහේ. එහෙයින් විනය කවුරු උදෙසාද යන්න පැහැදිළිය. එහෙත් ඔබ තුළ නිවීම උදෙසා අවංකභාවය, වීර්යය අධිෂ්ඨානය ඇති නම් මුල් වසර 20 තුළදී ශාසනයේ භික්‍ෂූන් වහන්සේලා හික්‌මුණේ යම්සේද එලෙස හික්‌මීමට වර්තමානයේදී භික්‍ෂුවට කිසිදු බාධාවක්‌ නොමැත. නිවීමේ සැබෑ මඟ ඇත්තේ තමා තමා නීති පනවාගැනීමකින් තොරව ස්‌වභාවික සිත, කය, වචනය හික්‌මවා ගැනීම තුළය. සිහිය සතිය පවත්වාගනිමින් සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබ හික්‌මෙන්නේ නම් ශාසනය ආරම්භවී මුල් වසර 20 තුළදී මෙන් ඔබටද සැබෑම බුදුමග යන බුදුපුතෙක්‌ විය හැක. ඔබ විනය ගැන ගැටෙමින් ජීවත්වන්නේ නම් එයට හේතුව ඔබේ ශීලය ශක්‌තිමත් භාවයක්‌ නැතැයි ඔබ තුළ ඇති සැකය නිසාය. ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස්‌ ධර්මයකි. මෙහිදී මාන්නය ඇතිවීම ස්‌වභාවිකය. නිරතුරුවම තමා තුළින් වරදක්‌ සිදුවුණාය යන සිතිවිල්ලද, තමා නිවැරදි වුණාය යන සිතිවිල්ලද යන දෙකම තුළ ඇත්තේ ඇලීම සහ ගැටීමය. මෙය නිවන් මඟ අතරමං කරන සියුම් ස්‌ථානයකි. ශීලයෙන් ශක්‌තිමත්ව සමාධිය ඇතිකර ගනිමින් ඔබ අනිත්‍ය වශයෙන් සියල්ල දකිමින් ප්‍රඥාව වඩවාගන්න. එවිට ඔබට ඉබේම ඔබ තුළින්ම විනය රැකේවී. ශීලයෙන් පිරිහෙමින් විනයේ සරණ නොයන්න. නැවත නැවත වැරදි කරමින් නිවැරදි වීම ශාසනය රැකීමේ ප්‍රතිපදාව විය හැකිය. එහෙත් එය සැබෑ නිවන් මඟ නොවේ. මොනයම් හෝ ආකාරයකින් සම්මා සම්බුද්ධ ශාසනය රැකීම අති ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයකි. ඒ ගැන තර්කයක්‌ නොමැත. නිවන් මඟේ හික්‌මෙන්නාට ඔහු අවංක නම් සතිය, සිහිය තුළින් විනය ස්‌වභාවිකව ඇතිවෙනවා මිස එය ආයාසයක්‌ ගෙන ඇතිකරගන්නක්‌ නොවේ.

    විනය, සතිය, සිහිය යනු තුන් නිවුන් දරුවන් සේය. සතිය සිහිය ඔබ ළඟ තිබෙන්නේ නම් ඒ ඔබ ළඟ තිබෙන්නේ විනයයි. සතිය සිහිය ඔබෙන් ගිලිහී ගිය විට විනයද ඔබෙන් ගිළිහී යනු ඇත. ඔබට හොඳ උදාහරණයක්‌ කියන්නම්. භික්‌ෂුවකට හිසකෙස්‌ සහ රැව්ල වෙන් වශයෙන් බෑම විනයට පටහැනි නැහැ. සතිදෙකකට මාසයකට වරක්‌ හිසකෙස්‌ බානවා. දින දෙක තුනකට වරක්‌ රැව්ල බානවා. නමුත් ඔබ විනය, පොතපත අතහැරපු එක භික්‍ෂුවක්‌ ඉන්නවා. උන්වහන්සේ හිස රැව්ල සතියකට වරක්‌ එකටමයි බාන්නේ. වෙන් වශයෙන් බාන්නේ නැහැ. සතියක්‌ රැව්ල වවාගෙන ඉන්න එක කෙනෙකුට ප්‍රශ්නයක්‌. නමුත් අදාළ භික්‍ෂුවට එය ප්‍රශ්නයක්‌ නොවේ. මන්ද උන්වහන්සේ හික්‌මෙන්නේ ශාසනයේ විනය පැනවීමට පෙර තිබූ ශාසන චර්යාවේ නිසා. එම භික්‍ෂුන් වහන්සේ දැඩිව කියනවා මගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී කිසිම දවසක හිස රැව්ල වෙන් වශයෙන් දින දෙකකදී නොකැපූ බව. මෙන්න මේ ප්‍රතිපදාවේ තමා සැබෑ නිවන් මඟ හික්‌මිය යුත්තේ. ඔබේ රැව්ල ඔබට ප්‍රශ්නයක්‌ වන්නේ ඔබ කණ්‌ණාඩියකින් මුහුණ බලනවා නම් පමණයි. ඔබ කණ්‌ණාඩිය අතහරින්න. එවිට රැව්ලත් ඔබට අතහැරේවී. විනයකින් තොරවම ඔබත් හික්‌මේවි. මේ සියල්ලටම සතිය සහ සිහිය මෙන්ම අවංක බවද අවශ්‍යමයි.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ජිංතක ජිල්ලබකිට;21160312 said:
    තවත් විවේචන කුමකටද, ඔබත් "නිදහස් මනසින්" ඉහත විඩියෝවට සවන් දෙන්න. ඔබටම පැහැදිලි වෙයි.. :cool:

    තෙරුවන් සරණයි!

    හරිම සන්තෝසයි!
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Nirapekshathwaye Maga (Season 08)
    Start Date of Season 08 :- 06-11-2016

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw

    ආර්ය ධ්‍යාන වල අත්දැකීම් ලද සිව්වනක් පිරිස
    Nirapekshathwaye Maga4 videos1,851 viewsLast updated on Dec 26, 2016
    පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමීන්වහන්සේ ප්‍රධාන 'නිරපේක්ෂත්වයේ මග' විසින් 2016-12-03 සිට 2016-12-16 දක්වා මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේ පවත්වනු ලැබූ 'පැවැත්මෙන් ඔබ්බට භාවනා - Meditation Beyond Existence' දින 14 නේවාසික භාවනා වැඩසටහනේ භික්ෂු, භික්ෂුණී, උපාසක සහ උපාසිකා සිවුවනක් පිරිස ලද අත්දැකීම්

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzJBLG0fG2heqgjIY0DvIDeT

    Marvelous Relaxation Exercise
    සතර දැහැන් වැඩීමට උපනිශ්‍රය පිණිස කයේ ඇති අපහසුතා සහ සියළුම රෝගා බාධ සමනය කර ගැනීම සදහා පූර්ව කෘත්‍යක්
    https://www.youtube.com/watch?v=04kTTKJiw90&t=129s

    Web Site : http://www.nirapekshathwayemaga.com
    Facebook Page: https://www.facebook.com/Nirapekshathwayemaga

    Thanks for Sharing!
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Nirapekshathwaye Maga (Season 08)
    Start Date of Season 08 :- 06-11-2016

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw

    ආර්ය ධ්‍යාන වල අත්දැකීම් ලද සිව්වනක් පිරිස
    Nirapekshathwaye Maga4 videos1,851 viewsLast updated on Dec 26, 2016
    පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමීන්වහන්සේ ප්‍රධාන 'නිරපේක්ෂත්වයේ මග' විසින් 2016-12-03 සිට 2016-12-16 දක්වා මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේ පවත්වනු ලැබූ 'පැවැත්මෙන් ඔබ්බට භාවනා - Meditation Beyond Existence' දින 14 නේවාසික භාවනා වැඩසටහනේ භික්ෂු, භික්ෂුණී, උපාසක සහ උපාසිකා සිවුවනක් පිරිස ලද අත්දැකීම්

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzJBLG0fG2heqgjIY0DvIDeT

    Marvelous Relaxation Exercise
    සතර දැහැන් වැඩීමට උපනිශ්‍රය පිණිස කයේ ඇති අපහසුතා සහ සියළුම රෝගා බාධ සමනය කර ගැනීම සදහා පූර්ව කෘත්‍යක්
    https://www.youtube.com/watch?v=04kTTKJiw90&t=129s

    Web Site : http://www.nirapekshathwayemaga.com
    Facebook Page: https://www.facebook.com/Nirapekshathwayemaga


    Thanks for Sharing!

    In turn, here are two links from me:

    වලස්මුල්ලේ අභය හිමි සිල්වත් භික්ෂූන් මාර්ග ඵල, ධ්‍යාන ආදිය ගැන ප්‍රසිද්ධියේ නොකීම අරභයා එවන් සිල්වත් උතුමන් ගැන නොමනා බස් කීම:
    http://www.trekmentor.com/si/content/book/884

    වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුවක්:
    http://www.trekmentor.org/si/content/savaka/22178

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මෝග මහණුන්, අඥාන ශ්‍රාවකයන් නිසා වැනසෙන බුදු දහම ගැන බුදු හිමියන් වදාල සත්‍යය ඇස් පනාපිට සිදුවන අයුරු.

     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    විකෘතිය අවුරුදු දෙදාස් පන්සීයක් තිස්සෙ තිබ්බ බුදුන් දේශනා කල අනිච්ඡ දුක්ඛ අනත්තද ? නැත්නම් අවුරුදු පනහකට විතර කලින් ඒව පරිවර්තනය කරපු කෙනා තමන්ට තේරෙන විදියට පරිවර්තනය කරල ලියපු අනිත්‍යයි දුකයි අනාත්මයි කියන වචනද ?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    විකෘතිය අවුරුදු දෙදාස් පන්සීයක් තිස්සෙ තිබ්බ බුදුන් දේශනා කල අනිච්ඡ දුක්ඛ අනත්තද ? නැත්නම් අවුරුදු පනහකට විතර කලින් ඒව පරිවර්තනය කරපු කෙනා තමන්ට තේරෙන විදියට පරිවර්තනය කරල ලියපු අනිත්‍යයි දුකයි අනාත්මයි කියන වචනද ?

    සන්දර්භයට පිටතින් අරන් වචන වලට තේරුම් දෙන්න පුලුවන්. ඥනය නැති එකා, තමන් අමුතු "සැඟවුන දහමක්" ප්‍රකාශ් කරනවායි අන් අය රැවටීමටත් එසේ කරනවා. සබුද්ධික වීමට පෙර පිනත් අවශ්‍යයි. මේ මෝග මහනුණ්ට අනුව මුලු බුදු බණම කිය ඇත්තේ සිංහලුංටයි. සිංහල පද නිරුක්තියෙන් තමයි තේරුම හොයාගන්න ඔනෑ! පංච සීලය මස් කෑමෙන් කැඩෙනවායි කියන හොර මහනුන් අදහන ඔබත් සමඟ මොන කතාද?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;21164185 said:
    සන්දර්භයට පිටතින් අරන් වචන වලට තේරුම් දෙන්න පුලුවන්. ඥනය නැති එකා, තමන් අමුතු "සැඟවුන දහමක්" ප්‍රකාශ් කරනවායි අන් අය රැවටීමටත් එසේ කරනවා. සබුද්ධික වීමට පෙර පිනත් අවශ්‍යයි. මේ මෝග මහනුණ්ට අනුව මුලු බුදු බණම කිය ඇත්තේ සිංහලුංටයි. සිංහල පද නිරුක්තියෙන් තමයි තේරුම හොයාගන්න ඔනෑ! පංච සීලය මස් කෑමෙන් කැඩෙනවායි කියන හොර මහනුන් අදහන ඔබත් සමඟ මොන කතාද?

    අනිච්ඡ කියන්නෙ කැමති සේ පැවැත්විය නැවැත්විය නොහැකි යන්නයි. එකතුකරගත් දේ සියල්ල ( රාග ද්වේශ මෝහ සහිතව ) අනිච්ඡ දුක්ක අනත්ත කියන ධර්මතාවයන්ට යටයි.

    සබ්බේ සංඛාරා අනිච්ඡාති.රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව එක් රැස් කරගත්(උපාදානය කරගත්) දේ තමන්ට කැමති ලෙස පවත්වන්න නවත්වන්න නොහැකියි.


    සබ්බේ සංඛාරා දුක්ඛාති - රාග ද්වේශ මෝහ සහිතව එක් රැස් කරගත්(උපාදානය කරගත්) දේ නිසා දුක හටගනී.දුකට හේතු වේ.

    සබ්බේ සංඛාරා අනත්ථාති - රාග ද්වේශ මෝහ සහිතව එක් රැස් කරගත්(උපාදානය කරගත්) සියල්ල් අන්‍යතාභාවයට පත් වේ,වෙනස් වී යන සුලුයි.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ජිංතක ජිල්ලබකිට;21160312 said:
    තවත් විවේචන කුමකටද, ඔබත් "නිදහස් මනසින්" ඉහත විඩියෝවට සවන් දෙන්න. ඔබටම පැහැදිලි වෙයි.. :cool:

    තෙරුවන් සරණයි!
    හරිම සන්තෝසයි!

    ayyo salli
     
    Last edited: