කාලයක් තිස්සේ පැවැති නියඟය නිමා කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට ඇද හැලෙන වර්ෂාව තවත් සතියක් පමණ ඉදිරියට පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. 

ලබන 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි ඇදහැලෙනු ඇතැයි කාලගුණය සම්බන්ධයෙන් අදහස් දක්වන අන්ර්ත ජාතික වෙබ් අඩවි අනාවැකි පළ කරයි.
පසුගිය කාලයේ නියං තත්ත්වය වැඩිපුරම බලපෑ යාපනය හා මඩකලපුව දිස්ත්‍රික්කවලටද දිගුගුරුම් සහිත වැසි බලාපොරොත්තුවේ. පසුගිය 17 වැනි දා වට විට මඩකලපුවේ 302005ක් ද, යාපනයේ 93917ක් ද නියඟයෙන් පීඩාවට පත්වී සිටියහ.
අද දහවල් 11 සිට රාත්‍රී නවය පමණ වන තුරු විටින් විට කොළඹට ද වැසි ඇති විය හැකි බවත්, දවස පුරා වැහිබර අඳුරු වාතාවරණයක් පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යාඥයෝ කියති.
පහතින් දැක්වෙන්නේ අද කොළඹ කාගුණික තත්ත්වය ගැන අන්තර්ජාතික වෙබ් අඩවියක අනාවැකියකි
ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කළේ නැගෙනහිර, උතුර, උතුරු මැද,උව සහ මධ්‍යම පළාත්වලට මිලි මීටර 100ට වැඩි තද වැසි ඉදිරි පැය 48 ඇතුළත බලාපොරොත්තු වන බවයි.
Source