සංචාරකයා
අද ලිපියෙන් කියන්න යන්නේ අභ්‍යවකාශ සංචාර කටයුතු වලට හදපු යානයක් ගැන මේ මෙහෙයුම නම් කරලා තිබුනේ Tier One කියලා
මේ මෙහෙයුම ගැන කියනවානම් මේ ලිපිය මාගලක් වෙනවා ඒක හින්දා ඒකට යොදාගත් ප්‍රධානම අංගය වෙන යානා ගැන විතරක් කියන්නම් (මෙහෙයුම ගැන ඔන නම් කියන්න )
සංචාරේ කියපුවාම වැරදියට වටහා ගන්න එපා මේ යානයෙන් ගිහින් අභ්‍යවකාශයේ ලොකු වැඩ දාන්න බෑ උඩට ගියා පහලට ආවා.... නමුත් යානයේ තාක්ශනය පැත්තෙන් ගත්තොත් අභ්‍යවකාශ තරනයේ අනාගත මුහුනුවරක් කියන්න පුලුවන්
මේ මෙහෙයුම යානා 2 යුක්ත වුනා
1 ස්පේස් ශිප් වන් (SpaceShipOne)
2 වයිට් නයිට් (White Knight)
ස්පේස් ශිප් වන් (SpaceShipOne)
අපේ වායුගෝලය පහු කරන් යන යානය තමයි මේ යානය,2003 මැයි 20 පලමු ගමන යෙදෙන මේ යානය 2004 ඔක් 4 විශ්‍රාම යවනවා මේ යානය හදන්න මුලිකව ක්‍රියා කලේ පෝල් ඇලන් (මයික්‍රෝසොෆ්ට් සම නිර්මතෘ) සහ බර්ට් රුටන් කියන මහත්තුරු දෙන්නා.
මේ මොඩලයෙන් දැනට හදලා තියෙන්නේ එක් යානයක් පමනයි.ශටල් යානයක් මෙන් නැවත නැවත භාවිතා කිරීමේ හැකියාව ස්ප්ස් ශිප් වන් යානයට තිබුනා විශ්‍රාම යවන විට සාර්තක මෙහෙයුම් 17 සිදුකර තිබූ මෙය නියමුවා සහ මගීන් 2 රැගෙන අභ්‍යවකාශ ගත වීමට හැකි කි.ග්රැ 3600 බරකින් යුක්ත යානයක් විය . පාලන කුටිය හා මගී ඒකකය,ඔක්සිකාරක ටැංකිය,ඉන්ධන ඒකකය,රොකට් නෝසලය යානයේ ප්‍රදාන කොටස් ලෙස දැක්විය හැක. යානය බලය ලබා ගැනීමට දෙමුහුන් රොකට් මෝටරයක් (Hybrid rocket motor) භාවිතා කර ඇත මෙය ඉන්ධන ලෙස ද්‍රව නයිට්‍රොක්ස් ඔක්සයිඩ් ( nitrous oxide) සහ රබර් භාවිතා කර ඇත..
වයිට් නයිට් (White Knight)
වැඩසටහන සදහා නිර්මිත වාහක යානය (carrier aircraft ) ලෙස වයිට් නයිට් හදුන්වන්න පුලුවන්. ස්පේස් ශිප් වන් යානය වායුගෝල සීමාව තෙක් රැගෙන ගොස් දියත් කිරීම මෙහි ප්‍රදාන කාර්්‍ය වීය.මේ යානා හදලා තියෙන්නෙත් එකක් පමනයි. ජෙනරල් ඉලෙක්ට්‍රික් ටර්බෝ ජෙට්( General Electric J85-GE-5) එන්ජින් 2 මගින් මේ යානය බලය ලබා ගන්නවා.අඩි 53000 උසකට ගමන් කිරිමට හැකියාව තිබී ඇත .. 2002 අගෝස්තු 1 පලමු ගමන යෙදුන මේ යානය 2014 ජූලි මස විශ්‍රාම යවා ඇත
වයිට් නයිට් යානය මෙහෙයුම පමනක්ම නොව ගොඩබිම් පරික්ශන යානයක්,වායුගොලය පරික්ශන කටයුතු,තොරතුරු සන්නිවේදන කටයුතු,කුඩා චන්ද්‍රිකා දියත් කිරීම ආඩී කටයුතු සදහා දායක වී ඇත.. මින් විශේශ මෙහෙයුමක් ලෙස බොයිං X-37 යානය දක්වන්න පුලුවන් (ඊලග නූල X-37 ගැන)
ගුවන් ගත කිරීම හා ගොඩබෑම
වයිට් නයිට් යානයේ බදට ස්පේස් ශිප් වන් යානය සම්බන්ද කර ගුවන් ගත කිරීම මුලින්ම සිදු කරයි අඩි 50000 උසකට ලගා වූ පසු වයිට් නයිට් යානයෙන් මිදී රොකට් මෝටරයේ බලය උපයෝගී කරගෙන ස්පේස් ශිප් වන් යානය වායුගෝලය පසු කරයි 100 km උපරිම උසකට ලගා වන ස්පේස් ශිප් වන් යානය තම තටු යුගල නමා නැවත පෘතුවියට ඇද වැටේ... අඩි 50000 උසේදී නැවත තම තටු දිග හැර ග්ලයිඩරයක් මෙන් පාවීමට පටන් ගන්නා යානය ස්ර්පිලාකාරව ගමන් කරමින් වේගය අඩාල කර ගනී... සාමාන්‍ය ගුවන් යානයක් ගොඩබස්සන ආකාරයට තම ගොඩබෑම සම්පූර්න කරයි
ප:ලි
මේ ව්‍යපෘතිය තමයි රාජ්‍ය නොවන ආයතනයක් අභ්‍යවකාශ ගත වුන පලමු අවස්ථාව ඒ වගේම ඩො.මි 10 වටින අන්සාරි එක්ස් කියන තැග්ග මේකට ලැබුනා
අදට ඉවරයි
කොමන්ටුවක්වත් හලාන ගියොත් හොදා ඉතිං

Last edited:

.rep passe