සංචාරකයා

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    සංචාරකයා

    elT95jh.jpg


    අද ලිපියෙන් කියන්න යන්නේ අභ්‍යවකාශ සංචාර කටයුතු වලට හදපු යානයක් ගැන මේ මෙහෙයුම නම් කරලා තිබුනේ Tier One කියලා

    මේ මෙහෙයුම ගැන කියනවානම් මේ ලිපිය මාගලක් වෙනවා ඒක හින්දා ඒකට යොදාගත් ප්‍රධානම අංගය වෙන යානා ගැන විතරක් කියන්නම් (මෙහෙයුම ගැන ඔන නම් කියන්න )

    arLVoFZ.jpg


    සංචාරේ කියපුවාම වැරදියට වටහා ගන්න එපා මේ යානයෙන් ගිහින් අභ්‍යවකාශයේ ලොකු වැඩ දාන්න බෑ උඩට ගියා පහලට ආවා.... නමුත් යානයේ තාක්ශනය පැත්තෙන් ගත්තොත් අභ්‍යවකාශ තරනයේ අනාගත මුහුනුවරක් කියන්න පුලුවන්

    මේ මෙහෙයුම යානා 2 යුක්ත වුනා

    1 ස්පේස් ශිප් වන් (SpaceShipOne)

    2 වයිට් නයිට් (White Knight)

    ස්පේස් ශිප් වන් (SpaceShipOne)
    අපේ වායුගෝලය පහු කරන් යන යානය තමයි මේ යානය,2003 මැයි 20 පලමු ගමන යෙදෙන මේ යානය 2004 ඔක් 4 විශ්‍රාම යවනවා මේ යානය හදන්න මුලිකව ක්‍රියා කලේ පෝල් ඇලන් (මයික්‍රෝසොෆ්ට් සම නිර්මතෘ) සහ බර්ට් රුටන් කියන මහත්තුරු දෙන්නා.

    85UqR3Y.jpg
    uECQFxE.jpg


    මේ මොඩලයෙන් දැනට හදලා තියෙන්නේ එක් යානයක් පමනයි.ශටල් යානයක් මෙන් නැවත නැවත භාවිතා කිරීමේ හැකියාව ස්ප්ස් ශිප් වන් යානයට තිබුනා විශ්‍රාම යවන විට සාර්තක මෙහෙයුම් 17 සිදුකර තිබූ මෙය නියමුවා සහ මගීන් 2 ‍රැගෙන අභ්‍යවකාශ ගත වීමට හැකි කි.ග්‍රැ 3600 බරකින් යුක්ත යානයක් විය . පාලන කුටිය හා මගී ඒකකය,ඔක්සිකාරක ටැංකිය,ඉන්ධන ඒකකය,රොකට් නෝසලය යානයේ ප්‍රදාන කොටස් ලෙස දැක්විය හැක. යානය බලය ලබා ගැනීමට දෙමුහුන් රොකට් මෝටරයක් (Hybrid rocket motor) භාවිතා කර ඇත මෙය ඉන්ධන ලෙස ද්‍රව නයිට්‍රොක්ස් ඔක්සයිඩ් ( nitrous oxide) සහ රබර් භාවිතා කර ඇත..

    1p2cWoK.jpg


    p6Gtha4.gif


    6Rcx6H4.jpg


    HrlTogb.jpg


    වයිට් නයිට් (White Knight)

    usCzbNA.png


    වැඩසටහන සදහා නිර්මිත වාහක යානය (carrier aircraft ) ලෙස වයිට් නයිට් හදුන්වන්න පුලුවන්. ස්පේස් ශිප් වන් යානය වායුගෝල සීමාව තෙක් ‍රැගෙන ගොස් දියත් කිරීම මෙහි ප්‍රදාන කාර්්‍ය වීය.මේ යානා හදලා තියෙන්නෙත් එකක් පමනයි. ජෙනරල් ඉලෙක්ට්‍රික් ටර්බෝ ජෙට්( General Electric J85-GE-5) එන්ජින් 2 මගින් මේ යානය බලය ලබා ගන්නවා.අඩි 53000 උසකට ගමන් කිරිමට හැකියාව තිබී ඇත .. 2002 අගෝස්තු 1 පලමු ගමන යෙදුන මේ යානය 2014 ජූලි මස විශ්‍රාම යවා ඇත

    Wy1o1Nt.png


    n0QnECL.jpg


    වයිට් නයිට් යානය මෙහෙයුම පමනක්ම නොව ගොඩබිම් පරික්ශන යානයක්,වායුගොලය පරික්ශන කටයුතු,තොරතුරු සන්නිවේදන කටයුතු,කුඩා චන්ද්‍රිකා දියත් කිරීම ආඩී කටයුතු සදහා දායක වී ඇත.. මින් විශේශ මෙහෙයුමක් ලෙස බොයිං X-37 යානය දක්වන්න පුලුවන් (ඊලග නූල X-37 ගැන)

    SaaQ2LB.png



    ගුවන් ගත කිරීම හා ගොඩබෑම

    lBB322b.jpg


    වයිට් නයිට් යානයේ බදට ස්පේස් ශිප් වන් යානය සම්බන්ද කර ගුවන් ගත කිරීම මුලින්ම සිදු කරයි අඩි 50000 උසකට ලගා වූ පසු වයිට් නයිට් යානයෙන් මිදී රොකට් මෝටරයේ බලය උපයෝගී කරගෙන ස්පේස් ශිප් වන් යානය වායුගෝලය පසු කරයි 100 km උපරිම උසකට ලගා වන ස්පේස් ශිප් වන් යානය තම ත‍ටු යුගල නමා නැවත පෘතුවියට ඇද වැටේ... අඩි 50000 උසේදී නැවත තම ත‍ටු දිග හැර ග්ලයිඩරයක් මෙන් පාවීමට පටන් ගන්නා යානය ස්ර්පිලාකාරව ගමන් කරමින් වේගය අඩාල කර ගනී... සාමාන්‍ය ගුවන් යානයක් ගොඩබස්සන ආකාරයට තම ගොඩබෑම සම්පූර්න කරයි

    hnVn5tB.jpg


    Ry4pPVw.jpg


    ප:ලි
    මේ ව්‍යපෘතිය තමයි රාජ්‍ය නොවන ආයතනයක් අභ්‍යවකාශ ගත වුන පලමු අවස්ථාව ඒ වගේම ඩො.මි 10 වටින අන්සාරි එක්ස් කියන තැග්ග මේකට ලැබුනා

    අදට ඉවරයි

    කොමන්‍ටුවක්වත් හලාන ගියොත් හොදා ඉතිං



     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇම්ඩා මොකද අද තැන්ක්ස් විතරක්? වෙනදා වගේ ටොක් එකක් දාන් නැද්ද බන්:D:D:D:D:D:D:D:D:D

    අද නම් මේ මගුලේ කනෙක්ෂන් එකෙන් පෝටෝස් ටික ලෝඩ් වුනා.අවුලක් නෑ.:P
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    Thanks bro........!

    Ela tawa digatama danna.magalak wage unata kamak na ban dapan wadagath ewane kohomath uba daanne:).rep passe
    ok machan .... thawa tika dawasakin aluthma wadak patan gannawa sap ekak ona........... thanks

    Thanks..............!

    Thanks..............!

    Patta


    TFS ++++
    Thanks..............!

    Thanks..............!

    ප:ලි
    මගේ රෙප් ඉවරවෙලා හැමොටම සලකන්නම් හෙට අනිවා