![]()
මෙන්න මගේ යොජනා කිහිපයක්.
01. මුහුදුබඩ මාර්ගයේ උදේටයි හවසටයි එන යන කොච්චිවලට තව පෙට්ටියක් දෙකක් එල්ලුවනම් ගොඩක් වටිනවා.
02. උදේට එන ගොඩක් කොච්චි වැල්ලවත්තේ නවත්වන්නේ නැහැ, ඒ උනාට දෙහිවල නවත්වනවා බම්බලපිටියේ සිට දිගටම නවත්වනවා. කළුතර ඉදලා එන ස්ලෝ ට්‍රෙන් උනත් වැල්ලවත්තේ නවත්වන්නේ නැහැ. මගේ අදහස උදෙට එන ට්‍රෙන් වැල්ලවත්තේ නවත්වනවනම් ගොඩක් හොදයි.
03. ගාළු කුමාරී (14:25) සහ රුහුණු කුමාරී (15:50) කොච්චි දෙක යන වෙලාව අතරට, ඒ කියන්නේ 14:45 -15.30 අතර කාලය තුලදී අලුත්ගමට වගේ තව කොච්චියක් දැම්මනම් රුහුණු කුමාරියට තියෙන තදබදය ගොඩක් අඩු කරගන්න පුළුවන්. එක හැම තැනම නවත්තන්න ඕනේ නැහැ " පස්වන වේදිකාවට පැමිණි දුම්රිය අළුත්ගම බලා පිටත්වේ, එම දුම්රිය කොළබ කොටුවේ සිට වැල්ලවත්ත දක්වා සැම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. වැල්ලවත්ත සිට නවත්වන්නේ මොරටුව, පානදුර, වාද්දුව, දකුණු කළුතර, දකුණු කළුතර සිට අළුත්ගම දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත". වගේ උනත් කමක් නැහැ. එහෙම කොච්චියක් දැම්මම ලඟ ලඟ ස්ටෙෂන් වල බහින අයට ඒ කොච්චියේ යන්න පුළුවන්. එතකොට ගාල්ල මාතර වගේ දුර යන අයට වඩා පහසුවෙන් ගමන් කරන්න පුළුවන්.
04. එක ට්‍රෙන් එකක පරක්කු උනොත් අනිත් හැම ට්‍රෙන් එකම පරක්කු කරනවා, මම කියන්නේ එහෙම නොකර අනිත් ට්‍රෙන් වෙලාවට යවන්න ඕනේ, මොකද එතකොට රාජකාරි වලට යන්න පරක්කු වෙන්නේ එක ට්‍රේන් එකක යන කට්ටිය විතරයි, එත් හැම ට්‍රෙන් එකම පරක්කු කරාම කිදාහකට ඒක බලපානවද ?
05. උදේට කොළබට එන සහ හවසට කොළඹින් යන ට්‍රෙන් වලට ප්‍රමුඛත්වයක් දෙන්න ඕනේ. එත් ගොඩක් වෙලාවට වෙන්නේ එකේ අනිත් පැත්ත.
පෙට්ටි නම් මදි තමා
ගාලු කුමාරි යන හුන්ඩුව අයින් කරලා ඉඩ තියෙන එකක් දාන්න ඕන බන්
මෙලෝ රහක් නැති එකක් තමා යන්නේ
අලුත්ගම එකක් 14:05 යනවා නේ බන්
ඒකේ යන්නේ නෑ නේ ලග සොන්නලු
උන් එන්නෙම Express එකේ නගින්න









