3. Support and Resistance
මේක ඊලග පාඩම. Support and Resistance. ලොකු අමාරු එකක් නෙවෙයි. සරල දෙයක්. price එක ඉහල පහල යනකොට, chart එකේ හැදෙනවනේ highs සහ lows. කියන්නේ කඳු වගේ එවයි. බැවුම් වගේ එවයි
මෙන්න මේ හැදෙන highs සහ lows ගොඩක් වෙලාවට price එක ඉහල පහල යන සීමා විදියට වැඩ කරනවා. ඒ කියන්නේ කාලයක් තිස්සේ price එක එකම මට්ටමකට වඩා ඉහල යන්නේ නැතිව හරි පහල යන්නේ නැතිව හරි තියෙනවා. අපි මෙහෙම ඉහල යන්නේ නැතිව උපරිම අගය විදියට යම් කාලයක් price එක ඉන්න අගය Resistance කියල කියනවා. පහල යන උපරිම අගයක් තියෙනවා. දැන් ඊට වැඩ තවත් පහලට යන්නේ නැතිව තියෙනවා නම්, අන්න එකට අපි කියනවා Support කියල. උදාහරණයක් පහල දාල තියෙනවා.
දැන් ඔයාලට පේනවා ඇති. යම් වෙලාවක, Resistance එක කඩාගෙන price එක ඉහලට හරි, Support එක කඩාගෙන price එක පහලට හරි යනවා. මේක වෙන්නේ, Resistance එකේ තියෙන sell orders ඔක්කොම ඉවර උනාම. එහෙමත් නැත්තම් support එකේ තියෙන buy orders ඔක්කොම ඉවර උනාම. සමහර වෙලාවට ඔයාලා දකීවි. support එක resistance බවට පත් වෙනවා. resistance එක support බවට පත් වෙනවා. ලොකු time frame වල Support/resistance (S/R කියල කියමු) හොයන්න පුරුදු වෙන්න ඕන. එතකොට අපිට පුළුවන්. ඒ ඒ S/R ආසන්නයේදී පොඩි time frame වලදී trade කරන්න. උදාහරණයක් විදියට, ලොකු time frame එකකදී, s/R එකක් ළගදී, කලින් කරපු පාඩමේ විදියට supply හරි demand හරි හොද තැනක් හම්බුනොත් අපිට පුළුවන් ඒ අනුව trade කරන්න. win කරන සම්භාවිතාව වැඩියි. ගොඩක් අය වැරැද්ද ගන්න දෙයක් තමයි, S/R flip. ඒ කියන්නේ support එක resistance වෙන එක සහ resistance එක support වෙන එක. මේක දශමෙටම වැඩ කරන්නේ නැ. කියපු දේ තේරුනේ නැත්තම් පහල image එක බලන්න.
දැන් කෙනෙක් ට හිතෙන්න පුළුවන් support හරි, resistance හරි, S/R flip හරි මොකක් හරි තැනකදී trade එකක් දාන්න බලන් ඉන්නවනම් ඔහොම හරියටම price එක හැරෙන්නේ නැත්තම් stoploss එක hit වෙනවා කියල. ඔව් වෙන්න පුළුවන්. අපි දැනගන්න ඕන stoploss එක කොතනද දන්න ඕන කියල. උඩ තියෙන image එකේ දවැනි chart එකේ ඇයි ඒ වගේ price එක හරියටම line එක මතදී හැරිලා නැත්තේ? හේතුව තමයි. support, resistance, S/R flip කියන්නේ ඉරක් නෙවෙයි. එක කලාපයක්/zone එකක්.පහල මම image එකක් දාල පැහැදිලි කරලා තියෙනවා.
පාඩම ඉවරයි. ප්රශ්න තියෙනවනම් අහන්න.

)ඔය ලෙවල් එක බ්රේක් උනොත් සාමාන්යෙන් මොකද වෙන්නෙ? කෙලගෙන උඩටම යනවද?
)


