ත්‍රීමා

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
අධ්‍යාපනය නොමිලයේ ලබා නොදුන්නොත් ලංකාවේ අනාගතයේ මෝඩයෝ ටිකක් බිහි වෙනවා. අද අපේ ලංකාව ගොඩක් ඉහල තැනක තියෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසා . නිදහස් අධ්‍යාපනය ගොඩක් වැදගත්.

නමුත් ලංකාවේ රජයෙන් ලබා දෙන නිදහස් අධ්‍යාපනයේ වටිනා කම නිදන්න මෝඩ රැලක් තමයි විශ්ව විද්‍යාලවල ඉන්නේ. මම කියන්නේ ඔකොම නොවෙයි. නමුත් බහුතරය.

අන්න ඒකම තමා උසස් අධ්‍යාපනය නොමිලේ නොදිය යුත්තේ. මහලොකුවට රැකගන්න කතා කලාට මොකද එකෙක්වත් නිදහස් අධ්‍යාපනයෙන් නියම ප්‍රයෝජනය ගන්නෙ නෑ. රටට ලොකු බරක් මුන් ටික. පාසල් අධ්‍යාපනය නොමිලේ දෙන එකේ වරදක් නැහැ.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අධ්‍යාපනය නොමිලයේ ලබා නොදුන්නොත් ලංකාවේ අනාගතයේ මෝඩයෝ ටිකක් බිහි වෙනවා. අද අපේ ලංකාව ගොඩක් ඉහල තැනක තියෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසා . නිදහස් අධ්‍යාපනය ගොඩක් වැදගත්.

    නමුත් ලංකාවේ රජයෙන් ලබා දෙන නිදහස් අධ්‍යාපනයේ වටිනා කම නිදන්න මෝඩ රැලක් තමයි විශ්ව විද්‍යාලවල ඉන්නේ. මම කියන්නේ ඔකොම නොවෙයි. නමුත් බහුතරය.

    ලන්කාව ඉහළ තැනක තියෙනවනන් කට්ටිය රට දාලා යන්නෙ නෑ නේ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    ආණ්ඩුවේ ආයතන වගේම පවුද්ගලික ආයතන ප්‍රමිතියෙන් යුතු උපදී දෙන එක වරදක් කියනන බැහැ. ලෝකේ හුගක් රටවල එහෙමයි. ලංකාවටත් එසේ විය යුතයි. ඒ දවස්වලම පවුද්ගලික ආයතන තිබ්බනම් සැහෙන පිරිසක් ගොඩ ගිහිල්ල.

    නමුත් ප්‍රයෝගිකව ලංකාව වගේ රටක ප්‍රශ්න දෙකක් ඉතිරි වෙනවා.

    (1) ඉතා සුළුතරයක් ආණ්ඩුවේ ආයතන (විශ්වවිද්‍යාල වලට යනවා). ඉතා සුළුතරයකට පවුද්ගලික ආයතන වලට යන්න පුළුවන් (ලක්ෂ 65 විතර දීල ?) . බහුතරයක් දක්ෂ ළමයින්ට මේ අවස්ථා දෙකම නැහැ. අපේ දෙමව්පියන්ට ලක්ෂ ගනම් දීල අපිට උගන්නනවා කියන එක හීනයක්. (පිට රටවල ළමයින්ට නය ගන්න පහසු අවස්ථා තියෙනවා (student loans) රජයේ මැදිහත්වීමෙන්, ඒ ගොල්ලෝ රස්සාවක් කරලා ඒවා ගෙවනවා).

    (2) නියාමනය (quality). මෙය කෙතරම් සාර්ථකද?. පාලනය නොවූ ආයතනයකින් බිහිවන් පිරිස් වලින් නිසි අරමුණු ඉෂ්ට වෙන්නේ නැහැ.

    මෙන් මේ කරුණු දෙකට නිසි විසදුම් දීමෙන් තමයි බහුතරයකට සදාරනව ඉගෙනගන්න අවස්ථාව ලැබෙන්නේ, නැතිව හුදෙක් පවුද්ගලික විශ්වවිද්‍යාල පිහිටවීමෙන් බහුතරයකට අවස්ථාව හිමිවෙන්නේ නැහැ. අනික සුදුස්සට සුදුසු තැන අවස්ථාව ලැබිය යුතුයි.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උබ ඔය දාල තියෙන්නේ රවිස්හගේ පොස්ට් එක ෂෙය කරපු එකක් නී

    බුකියෙ ඉන්න කිරියේ ඉන්න වගේ අයට නොතේරෙන දේ තමා 48 ඉදලම රටකට කෙලවන්න ඕන හැම පැත්තකින්ම පාලකයො කෙලවලා ව්දොගන්න බැරිව දගලද්දී..
    ...

    :lol:

    Methana kiyala thienne education eka genama witharai. Umba colombo city eke pare wahana yana wegei, banku hora kapu ekai anan manan adala nethi dewal kiyawanne.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Me tika thama pattama athal. JVP ekata ahuwenne modayo

    ත්‍රීමා විතාණ සමග එකට කාමරේ සිටි ඔහුව ෆෝම් කොට වෘකයන්ට විසි කල පුද්ගලයා අද කන්සල්ටන්ට් දොස්තර කෙනෙකි , වෛද්‍ය මුදලාලි කෙනෙකි. ඔපරේෂන් වලට ගෙවිය යුත්තේ ලක්‍ෂ ගනනිනි. මේ සිසුන්ට පන්ති කොට ඔවුන්ව අරගලය වෙත තල්ලු කල විමල් වීරවංශගේ පුතා යන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය​. මේ සටන් වලදී ජවිපෙ පොලිට් බියුරෝවේ සිට සහාය දුන් සෝමවංශ අමරසිංහගේ පුතා ඉගෙන ගත්තේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. මේ සටන් වලට විසිල් ගැසූ එස් බී දිසානායක , වාසුදේව යනාදීන් ගේ ළමුන් ඉගෙන ගත්තේ ඔස්ට්‍රේලියාවේ ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වලය​.
     
    Last edited:

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    අධ්‍යාපනය නොමිලයේ ලබා නොදුන්නොත් ලංකාවේ අනාගතයේ මෝඩයෝ ටිකක් බිහි වෙනවා. අද අපේ ලංකාව ගොඩක් ඉහල තැනක තියෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසා . නිදහස් අධ්‍යාපනය ගොඩක් වැදගත්.

    නමුත් ලංකාවේ රජයෙන් ලබා දෙන නිදහස් අධ්‍යාපනයේ වටිනා කම නිදන්න මෝඩ රැලක් තමයි විශ්ව විද්‍යාලවල ඉන්නේ. මම කියන්නේ ඔකොම නොවෙයි. නමුත් බහුතරය.

    Sira mchn..
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අද අපේ ලංකාව ගොඩක් ඉහල තැනක තියෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසා.

    :lol::lol::lol:

    Machan umba kiyanne kohomada Lankawa ihala thenaka thienawa kiyala? Monawada umba ganna nirnayaka?

    (Asia wala Bangladesh,Pakistan,Nepal wage ratawal walatath ape rate lamai rate salli wiyadan karala igena ganna yanawa)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආණ්ඩුවේ ආයතන වගේම පවුද්ගලික ආයතන ප්‍රමිතියෙන් යුතු උපදී දෙන එක වරදක් කියනන බැහැ. ලෝකේ හුගක් රටවල එහෙමයි. ලංකාවටත් එසේ විය යුතයි. ඒ දවස්වලම පවුද්ගලික ආයතන තිබ්බනම් සැහෙන පිරිසක් ගොඩ ගිහිල්ල.

    නමුත් ප්‍රයෝගිකව ලංකාව වගේ රටක ප්‍රශ්න දෙකක් ඉතිරි වෙනවා.

    (1) ඉතා සුළුතරයක් ආණ්ඩුවේ ආයතන (විශ්වවිද්‍යාල වලට යනවා). ඉතා සුළුතරයකට පවුද්ගලික ආයතන වලට යන්න පුළුවන් (ලක්ෂ 65 විතර දීල ?) . බහුතරයක් දක්ෂ ළමයින්ට මේ අවස්ථා දෙකම නැහැ. අපේ දෙමව්පියන්ට ලක්ෂ ගනම් දීල අපිට උගන්නනවා කියන එක හීනයක්. (පිට රටවල ළමයින්ට නය ගන්න පහසු අවස්ථා තියෙනවා (student loans) රජයේ මැදිහත්වීමෙන්, ඒ ගොල්ලෝ රස්සාවක් කරලා ඒවා ගෙවනවා).

    (2) නියාමනය (quality). මෙය කෙතරම් සාර්ථකද?. පාලනය නොවූ ආයතනයකින් බිහිවන් පිරිස් වලින් නිසි අරමුණු ඉෂ්ට වෙන්නේ නැහැ.

    මෙන් මේ කරුණු දෙකට නිසි විසදුම් දීමෙන් තමයි බහුතරයකට සදාරනව ඉගෙනගන්න අවස්ථාව ලැබෙන්නේ, නැතිව හුදෙක් පවුද්ගලික විශ්වවිද්‍යාල පිහිටවීමෙන් බහුතරයකට අවස්ථාව හිමිවෙන්නේ නැහැ. අනික සුදුස්සට සුදුසු තැන අවස්ථාව ලැබිය යුතුයි.

    :):)
     
    Sep 25, 2010
    254
    14
    0
    Lankawe hamoma debate karanne Kalu Sudu manasikathwayen.
    Ekken hariyata hari kianawa.. anik ekkena na waradimai kinawa..

    Karunu hariyata wimasala balala.. Deyaka hari de hari kiala waraadi de waradi kiala deyak improve karanne komada kiala katawath wagak naha..
     
    zoro_i

    Member
    Jun 25, 2015
    21
    3
    0
    Good Post,
    This post is directly applied for me to, because i could not attend to government universities. My mother was so disappointed that i was not able to make her dream come true. She was crying so silently , due to that i was desperate too. But i never gave it UP, i was attended to private university and got the degree with 1st class . After that i attended to University of Colombo and Got MSC there , now i am fling overseas to Get PHD in near future. Finally i was able make my "Amma" happy. If there were no private universities i would have end up my life in shitty place .
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ටෙක් එක රජයෙනේ බන්.... මොන උනත් උබ මුලික කරුණ අමතක කරලයි කතා කරන්නේ රටක අද්‍යාපනය කියන්නේ රටේ අනාගතය... එක රජයේ වගකීමක් නෙමයි කියල කියනවනම් රටේ අනාගතය... තීරණය කරන්නේ මුදල් මත පමණක්ම යැපෙන ආයතනද ?? මොකටද බන් එහෙනම් රජයක් කියල එකක් අපිට බැරිද පර්ලිමෙන්තුවව වත් පුද්ගලික අන්ස්හෙට හරවා ගන්න්න... ආණ්ඩුවත් දුන්නනම් එවරණේ පුද්ගලික අන්ශේටම???

    උබ හිතනවද ලංකාව වගේ රටක සේවා පුද්ගලිකරය කරාම පට්ට වෙයි කියල ප්‍රවාහනය හා සෞකය බලපන්කො...... පට්ටයි නේද??

    මෙතන ප්‍රශ්නය උබ සල්ලි දීලා කොස් එකක් කරලා ජොබ් එකක් ගත්ත එකට තියන ඉරිසියාවක් නෙමයි බන්, උබ රටේ මිනිහෙක් උබේ අම්ම තාත්ත සියා මිමුත්ත පවා කම්කරු ලිපිකරු දොස්තර කොන්දොස්තර වේවා ඒ කට්ටිය වැඩක් කරලා තියෙන්නේ මේ රට වෙනුවෙන්
    ඒ නිසා රජයට වගකීමක් තියනවා උබ ගැන. උබට අද්‍යාපනය දීලා උබෙන් වැඩක් අරන් ඒ වැඩේ රටේ දියුණුවට යොදවන්න එත් රජය ඒ වගකීම පහර හැරලා උබට පුද්ගලික ආයතනයකින් ඉගන ගන්න තැනට වැඩ සිද්ද කරලා තියනවා. ඔන්න ඕකයි මචං කතාව....

    , උබ පාවිච්චි කරන සබන් කැටය පැනඩෝල් පෙත්ත ඉදන් උබ ටකස් ගෙවනවා. ඒ මොකද ගෙවන්නේ ?? මේ පර්ලිමෙතුවෙයි සෙට් එකයි ජනාදිපති කාල බිල ඉන්න ඕනි නිසාද ?? ඒ නිසා නම් අව්ලක් නැහැ... ඔහොම හිතුවට....

    උඹ ටිකක් වැරදියටත් තේරුම් අරගෙන
    මෙහෙමි මචන් අපි ඉස්කෝලෙන් කොච්චර හොඳට ඉගෙන ගත්තත් a/l වලට o/l වලට පන්ති යනවා නේද?
    අයි අපි යන්නේ අයි යන්න හේතු වෙලා තියෙන්නේ
    මටනම් හේතු වුනේ ඉස්කෝලේ ගුරුවරු හිටියේ නහ හිටපු අයත් එතරම් පිරියක් තිබ්බේ නහ අපිට උගන්වන්න උගන්නුවෙත් තැනින් තැන
    ඉතින් අමතර පන්ති අර වෙන විසන්දුඅම්ක් තිබ්බේ නහ

    ඔය මුදල් සීන් ඔක්කොම බලපාන්නේ මෙහට තම බන් වෙන රාට්වල් කීපෙකුත් ඇති.
    එත් දියුණු රටවල් වල ගොඩක් ඉහල ගුණාත්මක බවෙන් තියෙන ආයතන private,
    එත් ඒවා සේරම රජයෙන් සම්පුර්ණ අදීක්ෂන්ය වෙනවා ඒවායේ නඩත්තුවට සිසුන්ගෙන් සල්ලි අය කරනවා
    රටේ බැංකු වලින් සිසුන්ට අද්යාපන නය දෙනවා
    රස්සා කරන කාලේ ගෙවන්න

    ටෙක් එකෙන් මූලික අද්යාපනය මචන් ඊටපස්සේ ඊලඟ ලෙවල් ටෙක් එකෙන් යනවනම් ෆුල් time යන්නේ ඕනේ,
    private institute එකක් තෝරාගත්තේ අපිට පහසු වෙලාවක ඉගෙනගන්නත් ජොබ් එකක් කරණ ගමන් ලේසි හින්ද.
    ටෙක් එකෙත් පාස් වෙන්න කෑවා කට්ට මේ නිකම්ම නිකම් කොළ කෑල්ලකට එපවුනත් කරන්න දෙයක් නැතිකමට හිටිය බන්
    උගන්වපු සර් ඇරෙන්න වෙන එකෙක් අපිට සපෝර්ට් එකට හිටියේ නැ බන්

    ලංකාව වගේ රටක සේවා පෞද්ගලික ක‍රන්න බැරි බන් මිනිස්සුන්ගේ තියෙන ආකල්ප එක්ක
    සහ ජරා දේශපාලන සංස්කෘතිය

    වෙන මොකුත් ඕනේ නැ 25000 ගනින්කෝ

    රජයට කරන්න පුළුවන් සීමාවක් තියෙනව බන් ඊට වඩා කරන්න කියල අපි කොච්චර කගහුවත් කරන්න බැ හිතහන් නිකමට a/l පාස් වෙච්ච හැම එකටම කැම්පස් යන්න දෙනවනම් ඒ පහසුකම් එහෙමං තියේ නම් අන්තිමට උන් එලියට එනකොට රජයට හා පෞද්ගලික අංශයට ලෑස්තිවෙලා ඉන්න වෙයි උපදිදරින් ලක්ෂ ගානකට හැම අවුරුද්දෙම ජොබ් දෙන්න

    ඕව ප්‍රක්ටිකල්ද බන්

    අනික ටෙක් එකේ කියලත් නැ බන් එකටත් සල්ලි ගෙව්වා
    ඉස්කෝලේ ගිය එව්වට් ඇරෙන්න අනික් හැම එකටම මේ වෙනකොට සල්ලි ගෙවල ගිහින් තියෙන්නේ

    රටේ මිනිස්සු බුද්දිමත් නම්
    හොඳ ආකල්ප ඇත්තෝ වුන නම්
    මීට වඩා හොදින් මේ වගේ ප්‍රශ්න නිරාකරණය වෙන්න තිබ්බ,
    එත් එක කවදාවත් වෙන්නේ නැමයි

    මම විරුද්ද නැහැ නිදහස් අද්යොපනය්ට
    එකතින්නම් ඕනි ඒ වගේම ඊට ටිකක් හරි අඩුවෙන් (ප්‍රමාණයෙන්) එත් රජයේ ඒවා මට්ටමටම් ඉහල ගුණාත්මක බවෙන් පෞද්ගලික ඒවත් තියෙන්න ඕනේ,

    ලංකාව වගේ රටකට පෞද්ගලික අද්‍යාපනය පමණක් ගැලපෙන්නේ නහ
    එත් යම් ප්‍රමානයක් තියෙන්න ඕනේ,
    මොකද මේක තම දියුණු වෙන රටක්,
    රාජ්‍ය අද්යපන්ය දැන් තියෙනවට වඩා වැඩි දියුණු වෙන්න ඕනේ
    පාලනයට ඉන්න නිලදරින් මොලේ තියෙන එවුන් වෙන්න ඕනේ

    රටේ බුද්දිමත් පාලකයෝ ඉන්න ඕනේ
    ඒවගේම එඋන්ව එතෙන්ට යවන්න බුද්දිමත් මිනිස්සු සෙට් එකක් ඉන්න ඕනේ

    eth chaminda ada thoppi wikunanawa :lol::rofl:
    හෙහ් හෙහ් :rofl::rofl:
    මේක මගේ නික් නේම් එක යකෝ ඉස්කෝලේ දී
    උඹ හිනාවුනට මටත් ඒ කාලේ ආසාවක් තිබ්බ උබ දැන් ඉන්න කැම්පස් එකට ඇවිත් සැහෙන දෙයක් ඉගෙනගන්න.
    නමුත් විවිද හේතු හින්ද මගරුන එක
    එත් පස්සේ එකට උත්සහ කරන එකත් නැවතුනේ ඔය කැම්පස් වල තියෙන ගොබ්බ සංස්කෘතිය ,මට සෙට්වෙන්නේ නැති හින්ද බන්
    දැන් යන ගමන දුරයි එත් අවසානය හොඳ එකක් කරගන්නවා කොහොමහරි :yes::yes:

    අධ්‍යාපනය නොමිලයේ ලබා නොදුන්නොත් ලංකාවේ අනාගතයේ මෝඩයෝ ටිකක් බිහි වෙනවා. අද අපේ ලංකාව ගොඩක් ඉහල තැනක තියෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසා . නිදහස් අධ්‍යාපනය ගොඩක් වැදගත්.

    නමුත් ලංකාවේ රජයෙන් ලබා දෙන නිදහස් අධ්‍යාපනයේ වටිනා කම නිදන්න මෝඩ රැලක් තමයි විශ්ව විද්‍යාලවල ඉන්නේ. මම කියන්නේ ඔකොම නොවෙයි. නමුත් බහුතරය.

    උඹ කොහොමද එක කියන්නේ
    ඔන්න සයිටම් වගේ කඩ ටිකක් හැදුනොත් නම් එහෙම වෙයි
    නිදහස් අද්‍යාපනය වැදගත් වගේම පෞද්ගලික අද්යපනයත් එකසේ වැදගත්

    යට ටික හරි
    ඒ ඉන්න හරක් ප්‍රමාණය අලුතෙන් එන එවුනුත් හරක් කරන්න හදනව එකට මූකද කියන්නේ