thank you for your humanity doctor randil

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,943
    6,272
    113
    එදා වාහනයට ගැප්පුණු ගවයාට මහපාරේදීම සැත්කම කළ හැටි ගැන දොස්තර රන්දිල් කියන කතාව

    Doctor-Help-to-Save-Cow-Life-Speaks__1489388488_58.153.226.192.jpg

    පසුගිය දිනෙක විවාහ මංගල්‍යයක් සඳහා යමින් සිටි තමන්ගේ මෝටර් රථයේ ගැටී තුවාල ලැබූ ගවයෙකුට පාරේදීම සැත්කමක් සිදුකර සුවපත් කළ වෛද්‍යරයෙකු සම්බන්ධයෙන් වන පුවත් Citizen.lk අප ඔබ වෙත ගෙන ආවා.

    අනතුරෙන් ලක්ෂ ගණනක පාඩුවක් වාහනයට සිදුවී තිබියදී එය පසෙක තබා වාහනයේ ගැටී පාදය බිඳී කෑ ගසමින් සිටි ගව පැටවාට ප්‍රතිකාර කරන්නට වූ සත්ක්‍රියාව සම්බන්ධයෙන් එම වෛද්‍යවරයා වන රන්දිල් ප්‍රමෝද් ද අල්විස් විසින් සතිඅන්ත රිවිර පුවත්පතට පවසා ඇත්තේ මෙවන් දෙයක්...

    “මම ඒකල හන්දිය පහුකරලා කිලෝ මීටර් භාගයක් යන්න ඇති. එකපාරටම මං දැක්කා වම් පැත්තෙන් කුලප්පු වුණ හරකෙක් වේගයෙන් දුවගෙන එනවා. ඒ එක්කම මම දැක්කා ඒ සතා පිටිපස්සෙන් බල්ලෙක් පන්නනවා. ඊළඟ තත්පරේ වේගයෙන් දිව එන සතා මගේ වාහනෙත් ඉදිරි වාහනෙත් අතරෙ තියෙන ඉඩමට පැනලා පාර මාරු වෙන්න හදන බව මට තේරුණා. ඒ නිසා මම වාහනේ නතර කරගත්තා. ඒත් එතකොටත් සතා පාරේ වාහන ධාවනය වන මං තීරුවේ මැද හරියටත් ඇවිල්ලා…”

    වේගය පාලනය කර ගත නොහැකිව කාරය ඉදිරියේ නවතින්නට නොහැකි වූ සතා විශාල හඬක් නගමින්, කාරයේ බොනට්ටුව උඩට වැටුණි. සතා ඒ වේගෙන්ම පාරේ දකුණු පස අයිනට වන්නට විසි වී වැටුණි.

    විසිවෙලා වැටුණ සතා හෙලවෙන්නෙවත් නැතුව පාරේ වැටිලා ඉන්න හැටි දැක්කම මට හිතුණෙ ලොකු කරදරයක් වුණා කියලා. මං ඉක්මනටම මගේ වාහනේ පාරේ අයිනකට කර ගත්තා. වාහනේ ස්ටාට් වුණාට රේස් වෙනවා. මට ඕන වුණේ සතා ළඟට ගිහින් බලන්න. මම වාහනෙන් බැහැලා වාහනේ දිහා එක පාරයි බැලුවේ. මම පාර මාරු වෙලා සතා වැටිලා හිටපු තැනට ගියා. සතා වැස්සියක්. මම යනකොටත් අත්පා හොලවනවා.

    මට සතුටක් දැනුණා සතා ජීවතුන් අතරනෙ කියලා. ඒත් වම් අතට තුවාල වෙලා තිබුණා. අතේ අස්ථියක් කැඩිලා එළියට ඇවිත්. මොහොතක් ගියේ නෑ ඒ අවට විශාල පිරිසක් එතනට එකතු වුණා. ඒ අතරේ සතා නැගිටින්න උත්සාහ කරනවා. එතකොට අර එළියට ඇවිත් තියෙන අස්ථි කොටස බිම වදින්න හදනවා. එහෙම වෙන්න හොඳ නෑ. අස්ථි බග්නයකදී පරිසරයට විවෘත වුණාම විෂබිජ ඇතුළු වීමේ ප්‍රවණතාව තියෙනවා. ඒ නිසා සතා නැගිටින එක වැළැක්කුවා.”

    “මං අමිලට කිව්වා අපි පශු වෛද්‍යවරයෙක් එක්ක එමු කියලා. ඒත් ගමේ අය කිව්වා ඒ පැත්තට පශු වෛද්‍යවරු නෑ කියලා. වැලිසර රජයේ පශු වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ජගත් මං දන්නවා. මම ඒ වෛද්‍යවරයාගේ දුරකථනයට කතා කළා. ඒත් ඔහු දුරකථන ඇමතුම ගත්තේ නෑ. ඇත්තටම ඒ වෙලාවේ මට ලොකු ප්‍රශ්නයක් ඇතිවුණේ, සතාව දාලා යන්නත් බෑ. සතාට ප්‍රතිකාරයක් කරන්න පශු වෛද්‍යවරයෙක් හොයාගන්නත් බෑ. ඒ වෙනකොට සතාගේ අයිතිකාරයත් ඇවිල්ලා හිටියා. අවුරුදු 60 ක, 65 ක අම්මා කෙනෙක්. නැති බැරිකමත් හොඳටම පෙනුණා. අහිංසකයි. ඒත් අවට පරිසරය ගැන හිතද්දී ඇත්තටම මට බය හිතුණා පශු වෛද්‍ය කෙනෙක් හොයලා ප්‍රතිකාර කරන්න කියලා මුදලක් දීලා එන්නත්. මොකද ඒ පළාතේ මස්කඩ දකිනකොට මට බයක් හිතුණා එහෙම සල්ලි දීලා ආවත් සතාට වෙන කරදරයක් වෙයිද කියලා.”

    “අනිවාර්යයෙන්ම සතාගේ කකුලට ශල්‍යකර්මයක් කළ යුතු වුණා. සතා රැක ගැනීම වෙනුවෙන් මම ඒක කරන්න හිතුවා. පහුගිය කා‍ලේ ‍පෝය දවසක පශු වෛද්‍යවරයෙක් හොයාගන්න බැරුව මම වයිෆ් එක්ක එකතුවෙලා පුංචි බලු පැටියකුගේ කැඩිලා තිබුණ අතකට ප්ලාස්ටර් එක දාලා හොඳ කළා. ඔය සිද්ධියත් මගේ යටිහිතේ තියෙන්න ඇති.”

    අමිල වගේම මට සැත්කම කරන්න රැස්වූ පිරිසෙන් ඒ ළඟ ගරාජ් එකක කාර්මික මහතකු වන තිලකුත් උදව්වට ඉදිරිපත් වුණා. ඒ රැස්ව හිටපු මිනිසුන්ගෙනුත් පුදුම සහයෝගයක් ලැබුණේ. මුලින්ම තුවා‍ලේ හොඳට හෝදන්න ඕන වුණා. කට්ටිය වතුර ගෙනත් දුන්නා. වතුර ලීටර් 10කින් විතර විෂබිජ වැලි ආදිය තිබුණා නම් ඉවත් වෙන්න හේදුවා. සෙන්ටි මීටර් 10ක විතර තුවාලයකින් කැඩුණ ඇටේ එළියට ඇවිත් තිබ්බේ.

    සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ඇටකටු සම්බන්ධ සැත්කම්වලදී නිර්වින්දනය කරමින් ඒ අවට ලිහිල් කරන්නත් බෙහෙත් දෙනවා. එතකොට ඇටකටු ඇදලා අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට හදන්න ‍ලේසියි. මට එහෙම දෙයක් කරන්න විදිහක් නෑ. ඒත් කැඩුණ ඇටේ තිබ්බ තැනට දාන්න ඕන. ඒකට හොඳට ශක්තිය තියෙන කෙනෙක් ඕන. තිලක් ඒකට උදව් කළා. ඒ වෙලාවේ නම් සතා ටිකක් දැඟලුවා. මුලින් එහෙම දැඟලුවට ටික වේලාවකින් සතා අපට උදව්වක් විදිහට වගේ වැඩිය දඟලන්නේ නැතිව හිටියා.

    එහෙම අස්ථිය සම්බන්ධ කරලා තිලක් අල්ලගෙන ඉන්නැද්දී මැහුම් දාන්න ගත්තා. මම හිතුව විදිහට කට්ට අතින් අල්ලලා මැහුම් දාන්න බෑ. හරක් හම ඝනකම්. ඒකටත් ඒ වෙලාවේ විකල්පයක් ලැබුණා. තිලක් ගෙනාව අඬුවෙන් කට්ට අල්ලාගෙන මැහුම් දාන්න ගත්තා. මහලා පුළුන්වලින් වහලා ප්ලාස්ටර් ප්ලැරිස් ප්ලාස්ටර් එක දැම්මා.

    තුවාලයට මැහුම් 10ක් 15ක් පමණ දැමූ අතර සැත්කම අවසන් වන විට පැය දෙකහමාරක් තුනක් ගෙවී තිබුණි.

    අයියා ‍පොලිසියට සිද්ධිය දැන්නුවාම ජාඇල ‍පොලිසියෙන් ආවා. ‍පොලිසියෙන් ඒ අම්මට අවවාද කළා හරක් නිදැල්‍ලේ ඇරලා හදන්න එපා කියලා. සැත්කම අතරතුරේ මේ සතාගේ අම්මා ඇවිල්ලා ඈතට වෙලා බලාගෙන හිටියා. එයත් නොණ්ඩි ගැහුවා. බැරි අමාරුවෙන් ඇවිද්දේ. මොනවා හරි මේ වගේම කරදරයක් වෙලා ඇති කියලා හිතුණා. ප්‍රතිජීවක බෙහෙතුත් අපි මේ සතාගේ අයිතිකාරියට දුන්නා ‍පොවන්න කියලා.

    සැත්කම කළාට සතාට නැගිටින්න බෑ. ‍පොඩි ට්‍රැක්ටර් එකක දාලා සතාව ගෙදරට පිටත් කළා. පශු වෛද්‍ය කෙනෙකුට සතා පෙන්නන්න කියලත් අවවාද කළා. ඒ වගේම මමත් දවස් තුනකින් විතර එන බවත් කිව්වා. ඇත්තටම ඒ වෙලාවේ අවට අයගේ උනන්දුව සහ සහයෝගය නම් උපරිමයි. ඔය ගෙන්නපු බෙහෙත්වලටත් මගෙන් සල්ලි ගත්තේ නෑ ඒ වෙලාවේ. ඒ අයගේ වියදමින් ගෙනාවේ. ඒ වගේම මට මේ සැත්කම කරන්න වෛද්‍ය යසස් අබේවික්‍රම, වෛද්‍ය කෝලිත කරුණාදාස සහ වෛද්‍ය ඇන්ඩ්‍රි ප්‍රනාන්දු යන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් ලබා තිබූ ගුරු හරුකම් ද ශක්තියක් වුණා.

    මම වාහනේ ළඟට ගියේ මේ ඔක්කෝම ඉවර කරලා. අයියා රක්ෂණ ආයතනය එක්ක ඒ රාජකාරි ඉවර කරලා තිබුණා. වාහනේ හොඳටම ඩැමේජ් වෙලා රේඩියේටරේ ඇද වෙලා තිබ්බා. වාහනේ ගෙනියන්න බෑ රේස් වෙනවා. හදන තැනට කතා කරලා පටවලා යැව්වා. ඔය ඔක්කෝම ඉවර වෙනකොට හවස තුන හතර විතර වුණා.


    මේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයාගේ බිරිඳද මෙසේ අදහස් දක්වා තිබුණා.

    සෙනසුරාදා මම මග බලාගෙන හිටියෙ එයා එනකල්. මට උදේ කතා කරලා කිව්වා කාරෙකට හරකෙක් හැප්පුණා, කාරෙකටත් ඩැමේජ්, හරකටත් තුවාලයි. මට එන්න බැරිවෙයි, සමහර විට කියලා.

    ඒ වෙ‍ලේ මට හරියට දුක හිතුණා. වැදගත් අවස්ථාවක්. නෑදෑයෝ ඔක්කෝම ඉන්නවා. ඒත් මං එනවද අහන්න ගියේ නෑ. එයාට පුළුවන් නම් අනිවාර්යයෙන්ම එන නිසා. මං ඒත් අපේ අයට කිව්වා කාරෙක දිහා නම් බලන්නෙ නැතිව ඇති මෙලහකට හරකා ගැන බලනවා ඇති කියලා.

    මං කීප සැරයක් කතා කරන්න හැදුවා. එයා ගත්තේ නෑ. දවල් කතා කරලා කිව්වා දැන් තමයි හරකගෙ වැඩ ඉවර වුණේ” ලෑන්ඩ් මාස්ටරේක පටවලා යැව්වා කියලා.

    ඒ අතරේ නෑදෑයෝ අහනවා මහත්තයා කෝ කියලා, ඇයි නැත්තේ අහනවා. පස්සෙ අප්පච්චි මේ සිද්ධිය ඒ අයට කියලා තිබුණා. හවස තුනහමාරට හතරට වගේ කතා කරලා කිව්වා වාහනේ පටවගෙන ගිහින් දැන් තමයි වැඩ ඉවර වුණේ කියලා. එතෙක් මම දැනගෙන හිටියේ නෑ මහත්තයා ඒ සතාට ඔය වගේ ඔපරේෂන් එකක් කළා කියලා. හවස ගෙදර ආවමයි, මං දන්නේ. කොහොමත් එයා මැස්සෙක් මදුරුවෙක්වත් මරණ කෙනෙක් නෙවේ. නංගිගෙ හෝම්කමින් එකට එයා ආවෙ නෑ කියලා දුකෙන් හිටපු මට මේ කතාව ඇහුවම එයා ගැන හරි ආඩම්බරයක් දැනුණේ.


    සංවාදය - බියංකා නානායක්කාර
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ වගේ ගැනු ලබන්න මූ ඇත්තටම පින් කරලා තියනව යකො.. මට ඔක උනානම් හරකගෙන් වැඩකුත් නැ, කාර් එකෙන් වැඩකුත් නැ මගෙන් වැඩකුත් නැ, පාටියට එන්න බැරි උන එක තමා අවුල. මාස දෙක තුනකට ඇති ඉතින්.

    "පොඩ්ඩක් පරිස්සමට එලවන්න බැරි උනානේ ඔයාට. හරියටම එදා තමා ඔයාට හරක් හප්පන්නත් ඔනා උනේ "
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    මේ වගේ ගැනු ලබන්න මූ ඇත්තටම පින් කරලා තියනව යකො.. මට ඔක උනානම් හරකගෙන් වැඩකුත් නැ, කාර් එකෙන් වැඩකුත් නැ මගෙන් වැඩකුත් නැ, පාටියට එන්න බැරි උන එක තමා අවුල. මාස දෙක තුනකට ඇති ඉතින්.

    "පොඩ්ඩක් පරිස්සමට එලවන්න බැරි උනානේ ඔයාට. හරියටම එදා තමා ඔයාට හරක් හප්පන්නත් ඔනා උනේ "

    :yes::yes::lol::lol:
     

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    මේ වගේ ගැනු ලබන්න මූ ඇත්තටම පින් කරලා තියනව යකො.. මට ඔක උනානම් හරකගෙන් වැඩකුත් නැ, කාර් එකෙන් වැඩකුත් නැ මගෙන් වැඩකුත් නැ, පාටියට එන්න බැරි උන එක තමා අවුල. මාස දෙක තුනකට ඇති ඉතින්.

    "පොඩ්ඩක් පරිස්සමට එලවන්න බැරි උනානේ ඔයාට. හරියටම එදා තමා ඔයාට හරක් හප්පන්නත් ඔනා උනේ "

    :D:D:D :yes::yes::yes:

    True.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,272
    113
    මේ වගේ ගැනු ලබන්න මූ ඇත්තටම පින් කරලා තියනව යකො.. මට ඔක උනානම් හරකගෙන් වැඩකුත් නැ, කාර් එකෙන් වැඩකුත් නැ මගෙන් වැඩකුත් නැ, පාටියට එන්න බැරි උන එක තමා අවුල. මාස දෙක තුනකට ඇති ඉතින්.

    "පොඩ්ඩක් පරිස්සමට එලවන්න බැරි උනානේ ඔයාට. හරියටම එදා තමා ඔයාට හරක් හප්පන්නත් ඔනා උනේ "

    :lol::yes::love:
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මේ වගේ ගැනු ලබන්න මූ ඇත්තටම පින් කරලා තියනව යකො.. මට ඔක උනානම් හරකගෙන් වැඩකුත් නැ, කාර් එකෙන් වැඩකුත් නැ මගෙන් වැඩකුත් නැ, පාටියට එන්න බැරි උන එක තමා අවුල. මාස දෙක තුනකට ඇති ඉතින්.

    "පොඩ්ඩක් පරිස්සමට එලවන්න බැරි උනානේ ඔයාට. හරියටම එදා තමා ඔයාට හරක් හප්පන්නත් ඔනා උනේ "

    :yes::yes::yes::D