බයික් එකේ Airfiltor එක ගෙදරදිම සුද්ද කරලා oil කරගමු
මම මේ නූලෙන් දාන්නේ බයික් එකක Foam Type Air Filter (ස්පොන්ච්) එකක් ගෙදරදීම සුද්ද කරලා ඔයිල් කරගන්න හැටි.

Hero Splendor, Hero Passion, CD Dawn වගේ බයික් වල මේ ජාතියේ එයා ෆිල්ටර් එකක් තමා එන්නේ. (තව මොඩල් වලටත් එනවා ඇති)
අවශ්‍ය ද්‍රව්‍ය:- භුමිතෙල් කාලක් විතර
පරණ දත් බුරුසුවක්
ග්ලව්ස් දෙකක් ( නැතත් අවුලක් නෑ..තිබ්බා නම් ලේසියි)
ඉටි කවරයක්
බයික් එකට දාන අලුත් එන්ජින් ඔයිල් ටිකක්
පරණ පොඩි බේසමක් ( කෑන් එකක් කපපු එකක් හොදයි)
මුලින්ම බයික් එකේ මේන් ස්ටෑන්ඩ් එක ගහලා සයිඩ් කවර් එක ගලවලා එයාෆිල්ටර් එක තියෙන box එකේ ඇන ටික ගලවලා ඒකේ පියන අයින් කර ගන්න.
එයාෆිල්ටර් එක ගලවලා එලියට ගන්න.
ඊට පස්සේ කලු පාට ස්පොන්ච් එකයි කහ පාට ස්පොන්ච් එකයි ගලවලා අරන් භූමිතෙල් වලින් (පෙට්‍රල් ගන්න එපා) ස්පොන්ච් දෙකම පොගවලා හෝදලා හොදට මිරිකලා පැත්තකින් තියන්න.
ඊට පස්සේ අර ස්පොන්ච් එක දාන කෑල්ල අරන් පරන දත් බුරුසුවකින් මැදගන්න භුමිතෙල් දාලා.
ඒක සුද්ද කරලා වේලෙන්න තියන්න.
ස්පොන්ච් දෙක අරන් සබන් දාලා හොදට හෝද ගන්න මෙන්න මේ වගේ.
ඊට පස්සේ ඒ දෙක අව්වේ තියලා හොදට වේලගන්න ඕන. (ස්පොන්ච් එක දෙපැත්තම ගහලා හොදට වේල ගන්න)
වේලුනාට පස්සේ ඉටි කවරයක් ගන්න (හිල් නැති එකක් ගන්ඩෝ
).
ඒකට කහපාට ස්පොන්ච් එක දාන්න. ඊට පස්සේ ඔයිල් කෑන් එක අරන් ඔයිල් ටිකක් ( මම නම් දාන්නේ බයික් එකට දාන ඔයිල්ම තමා. SAE 90 ඔයිල් එකත් ගන්නවා කියලා internet එකේ තිබ්බා ) දාගන්න.
මේ වගේ
ඊට පස්සේ ඉටි බෑග් එකේ කට මිරිකගෙන ඔයිල් ටික හොදට ස්පොන්ච් එකට වදින විදිහට මිරිකගන්න. ( ඔයිල් මදි වගේ නම් තව ටිකක් දා ගන්න)
මේ විදිහට
හොදට ඔයිල් පෙගුනට පස්සේ ස්පොන්ච් එක අරන් හොදට අත් දෙකෙන්ම ඔයිල් ටික බෑග් එකටම මිරිකන්න. (අත් වලට ග්ලවුස් දාගන්න) ආපසු අතේ ගෑවුන ඔයිල් රෙදි කෑල්ලකින‍් පිහිදාගෙන ආපහු හොදට ස්පොන්ච් එක මිරිකගන්න.
අර කලු පාට එකත් මේ විදිහට කරන්න කහ එකෙන් පස්සේ.
අනිත් එකත් ඒ විදිහටම මිරිකගන්න.
;
දැන් දෙකම පැත්තකින් තියලා ග්ලවුස් දෙකත් ගලවලා පැත්තකින් තියන්න.
දැන් පිරිසිදු කඩදාසි කොල 2 ක් අරන් ස්පොන්ච් එක මැදින් තියලා කොලෙන් ඔතලා ආපහු හොදට මිරිකගන්න .එතකොට කඩදාසියට වැඩිපුර ඔයිල් ටික උරා ගනීවි.
ආපහු තව කඩදාසි කොලයක් අරන් ඒ විදිහටම මිරිකගන්න. අනිත් කලු පාට එකත් ඒ විදිහටම අලුත් කඩදාසියකින් ඔතලා මිරිකගන්න.
දැන් ගොඩක් දුරට වැඩේ ඉවරයි.
දැන් කහපාට ස්පොන්ච් එක අරන් කෙලින් අතට පත්තර කොලයක් උඩින් තියලා තියන්න. පැය 2ක් 3ක් වත් එහෙම තියෙන්න දෙන්න. මොකද එතකොට වැඩිපුර ඔයිල් තව ඉතුරු වෙලා තිබ්බොත් පහලට එකතුවෙලා තියෙන්න පුලුවන්. එහෙම තිබ්බොත් ආපහු අග හරිය මිරිකලා වැඩි ටික අයින් කරන්න.( ඔයිල් වැඩි උනොත් ඉක්මනට block වෙන්න පුලුවන් එයා ෆිල්ටර් එක.)
දැන් ඉතින් අර කලින් සුද්ද කරගත්ත දැල් තියෙන කෑල්ල අරන් ස්පොන්ච් එක දා ගන්න. කලු පාට එක ඊට පස්සේ දාගන්න.
දැන් වැඩේ අහවරයි...
දැන් තියෙන්නේ මේක bike එකට හයි කරගන්න. එයා ෆිල්ටර් එකේ කාබ් එක පැත්තට සෙට් වෙන තැන වටේ තියෙන කලු පාට හරියේ ග්‍රීස් චුට්ටක් ගාන්න වටේට.( මේක නම් නැති උනත් අවුලත් නෑ)
ඊට පස්සේ රෙදි කෑල්ලක් අරන් එයා ෆිල්ටර් එක තියෙන box එක ඇතුලේ දූවිලි තියෙනවා නම් පිහිදලා ( කාබ් එක පැත්තට තියෙන එයාෆිල්ටර් එක සෙට් වෙන කටට රෙදි කෑල්ලක් ගහලා ඉන්න ඉස්සෙල්ලා. දූවිලි යන්න පුලුවන් කාබ් එක පැත්තට)
දැන් එයා ෆිල්ටර් එක සෙට් කරලා box එකේ පියන දාලා සයිඩ් කවර් එකත් හයි කර ගන්න.
දැන් බයික් එක ස්ටාර්ට් කරලා බලන්න.
වැඩේ අහවරයි..

කට්ටියට වැදගත් වෙයි කියලා හිතලා පෝස්ට් එක දැම්මේ. ෆොටෝ internet එකෙන් ගත්තේ.
හොදයි කියලා හිතෙනවා නම් bump එකක් comment එකක් දාලා යමු.
මම දාපු පෝස්ට් එකේ අඩුපාඩුවක් වරදක් එහෙම තියෙනවා නම් ඒවත් පෙන්නලා දීලම යමු..

මම මේ නූලෙන් දාන්නේ බයික් එකක Foam Type Air Filter (ස්පොන්ච්) එකක් ගෙදරදීම සුද්ද කරලා ඔයිල් කරගන්න හැටි.

Hero Splendor, Hero Passion, CD Dawn වගේ බයික් වල මේ ජාතියේ එයා ෆිල්ටර් එකක් තමා එන්නේ. (තව මොඩල් වලටත් එනවා ඇති)

අවශ්‍ය ද්‍රව්‍ය:- භුමිතෙල් කාලක් විතර
පරණ දත් බුරුසුවක්
ග්ලව්ස් දෙකක් ( නැතත් අවුලක් නෑ..තිබ්බා නම් ලේසියි)
ඉටි කවරයක්
බයික් එකට දාන අලුත් එන්ජින් ඔයිල් ටිකක්
පරණ පොඩි බේසමක් ( කෑන් එකක් කපපු එකක් හොදයි)
මුලින්ම බයික් එකේ මේන් ස්ටෑන්ඩ් එක ගහලා සයිඩ් කවර් එක ගලවලා එයාෆිල්ටර් එක තියෙන box එකේ ඇන ටික ගලවලා ඒකේ පියන අයින් කර ගන්න.
එයාෆිල්ටර් එක ගලවලා එලියට ගන්න.
ඊට පස්සේ කලු පාට ස්පොන්ච් එකයි කහ පාට ස්පොන්ච් එකයි ගලවලා අරන් භූමිතෙල් වලින් (පෙට්‍රල් ගන්න එපා) ස්පොන්ච් දෙකම පොගවලා හෝදලා හොදට මිරිකලා පැත්තකින් තියන්න.
ඊට පස්සේ අර ස්පොන්ච් එක දාන කෑල්ල අරන් පරන දත් බුරුසුවකින් මැදගන්න භුමිතෙල් දාලා.
ඒක සුද්ද කරලා වේලෙන්න තියන්න.
ස්පොන්ච් දෙක අරන් සබන් දාලා හොදට හෝද ගන්න මෙන්න මේ වගේ.
ඊට පස්සේ ඒ දෙක අව්වේ තියලා හොදට වේලගන්න ඕන. (ස්පොන්ච් එක දෙපැත්තම ගහලා හොදට වේල ගන්න)
වේලුනාට පස්සේ ඉටි කවරයක් ගන්න (හිල් නැති එකක් ගන්ඩෝ
).ඒකට කහපාට ස්පොන්ච් එක දාන්න. ඊට පස්සේ ඔයිල් කෑන් එක අරන් ඔයිල් ටිකක් ( මම නම් දාන්නේ බයික් එකට දාන ඔයිල්ම තමා. SAE 90 ඔයිල් එකත් ගන්නවා කියලා internet එකේ තිබ්බා ) දාගන්න.