අනද හිමි හා සැඬොල් තරුණිය
අනද හිමි හා සැඬොල් තරුණිය 03 (අවසාන කොටස)
අනඳ හිමි සැඬොල් මවගේ මන්ත්‍රයෙන් බේරුණේය. එහෙත් ප්‍රකෘති අනඳ හිමිට කළ ආලය නොනැවැත්වූවාය. දිනක් අනඳ හිමි පිඬු සිඟා යද්දී ප්‍රකෘති ඔහු පසු පස යන්ට පටන් ගත්තීය. අනඳ හිමි ලැජ්ජාවෙන් මිරිකි මිරිකී පිඬු සිඟීම ඉක්මනින් නතර කොට විහාරයට ගොස් බුදුරදුන්ට මේ පුවත සැල කළේය. ප්‍රකෘති සැෙඬාල් තරුණිය ද අනද හිමි පසු පස විහාරය තෙක් ගොස් දොරටුව ලඟ නතර වී බලා සිටියාය. බුදුහු පණිවුඩයක් යවා ඇය ගෙන්වා මෙසේ ඇසූහ.
බුදුහු - උඹ ආනන්ද පසු පස්සේ යනවාය කියන්නේ ඇත්තද?
ප්‍රකෘති - එහෙයි. මම ඔහු පසු පස්සේ ගියා.
බුදුහු - ඒ මොනවට ද?
ප්‍රකෘති - ආනන්ද මගේ සැමියා කර ගන්ට.
බුදුහු - උඹේ මවුපියන් ඊට කැමතිද?
ප්‍රකෘති - කැමතියි.
බුදුහු - එහෙම බැහැ. මව්පියන් මෙහාට එක්ක වරෙන්. (ප්‍රකෘති විගසින් ගෙදර ගොස් බුදු රදුන් එන්ට කී බව කියා ඔවුන් දෙදෙනා එක්කරගෙන ආවාය.)
බුදුහු - උඹලාගේ දුවට මේ ආනන්ද ඕනෑ යයි කියනවා උඹලා ඒකට කැමැති ද?
සැඬොල් මවුපියෝ - එහෙයි! අපි කැමැතියි. අපේ දුවට ආනන්ද හිමියන් නැතුව ජීවත් වෙන්න බැරියයි කියනවා. නොලැබුණොත් සිය දිවි නසාගන්නවාය කියනවා.
බුදුහු - හොඳයි. ප්‍රකෘති මෙහි ඉන්දෙද්දී උඹල දෙන්නට යන්න පුළුවන්. (ප්රකෘතිගේ මව පිය දෙදෙනා බුදුන් වැඳ යන්ට ගියහ.)
බුදුහු - සැවැත් නුවර කොපමණ වත් තරුණයන් සිටිද්දී උඹ භික්ෂුවක් වූ ආනන්දට ආලය කරන්නේ මොකද?
ප්‍රකෘති - මම ඔහුට හරි කැමතියි. හරි ආදරෙයි. මගේ මනසට ආලෝකයක් ලැබුනෙ ඔහුගෙන්, මට නිදහස්ව සිතන්න පුරුදු වුනේ ඔහුගෙන්, මම මිනිස් ගණයට අයිති සතෙකු බව කීවේ ඔහු. මිනිසාට අයත් හැම වරප්‍රසාදයක්ම හැම අයිතියක්ම හැම නිදහසක්ම මටත් අයිති බව කීවේ ඔහු. දඩාවතේ යන පාදඩ බැල්ලියක් මෙන් සමාජය විසින් කුලභේදය නැමැති කෙවිටෙන් අනිනු ලැබ මුල්ලට, අයිනට, කසළ ගොඩට, එලවාදමා සිටි මට නිදහස් මිනිස් ජාතියට මාද අයත් වූවකු බව කියාදුන් එකම තැනැත්තා ඔහු. ඒ නිසා ඔහු මගේ ආලෝකයයි. ඔහු මගේ නව ජීවයයි. ඔහු නැතිව මට ජීවත් වෙලා පලක් නැහැ. ඔහුගේ රූපයෙන් මගේ ඇස් පිනා යනවා. ඔහුගේ කටහඬින් මගේ කන් පිනායනව, ඔහුගේ ශාන්ත බැලීම විනීත කාරුණික වචන මගේ හදවතේ කැවී තිබෙනවා. මට ඔහු ඕනෑමයි.
බුදුහු - හොඳයි, මම ඔබට ආනන්ද දෙන්නම්. හැබැයි උඹ මම කියන දේ කරන්න ඕන.
ප්‍රකෘති - ඔබ තුමා මට ආනන්ද දෙතොත් මම ඔබතුමා කියන ඕනෑම දෙයක් කරන්නම්.
බුදුහු - උඹට ආනන්ද ඕනනම් උඹත් ආනන්දට ගැලපෙන විදියට ඇඳ පැලැඳ ගෙන ඉන්න ඕන. ආනන්දගෙ හිස බූගාල. උඹෙත් හිස බූගාගන්න ඕන. ආනන්ද කහ පාට වස්ත්‍ර පොරවගෙන ඉන්නෙ, උඹත් කහ පාට වස්ත්‍ර පොරවගන්න ඕන. එහෙම කළොත් නුඹට ආනන්ද ලබා ගන්න පුළුවන් වේවි.
ප්‍රකෘති - හොඳයි මම ගෙදර ගොහින් ඒ විදියට සැරසිලා එන්නම්.
(ප්‍රකෘති වහාම ගෙදර යයි. මවට මේ පුවත කියයි. මව ඇයට බැන වදියි. ප්‍රකෘති හඬා වැලපෙයි. නොකා නොබී සිටියි.)
සැඬොල් මව - දුව, උඹට පිස්සු හැදිලද? නුඹ නොකා නොබී මැරෙන්න හදනවද?
ප්‍රකෘති - අනේ! අම්මේ! මගේ හිස බූ ගාපන්. නැත්නම් මම මැරෙණවමයි.
සැඬොල් මව - ඇයි මෝඩ කෙල්ලෙ, ගෑනියෙකුගේ ඇති ලොකුම අලංකාරය කේස කලාපය නොවැ. ගෑනියෙකුගෙ හිස බූ ගෑවම කොයි තරම් කැතද? නුඹට ඇස් පේන්නෙ නැද්ද? ගෑනියෙක් අවලස්සන වෙන්න ඔයිට වැඩිය දෙයක් තියෙනවද? උඹේ ඔය ලස්සන කේස කලාපය කැපුවාම ඊටත් වඩා හිස බූ ගෑවම කොයි තරම් අවලස්සනද? උඹ තරම් ලස්සන කෙල්ලෙක් මුලු සැවැත්නුවරම නැහැ. නුඹට මං හොඳ උසස් තරුණයෙක් සොයා දෙන්නම්. ඉක්මන් නොවී ටිකක් ඉවසපන්. ඇරත් මුහුන පුරා රැවුල නැති, හිසකෙස් නැති මිනිහෙකුගේ ඇති ලස්සන මොකක්ද? පිස්සියක් නොවී ඉඳපන්.
ප්‍රකෘති - මට වෙන කිසිවෙක් ඕන නැහැ. මට ඕන ආනන්දමයි. ඔහු මට ලස්සනයි. ඔහු ගේ මූණ දිලිසෙනවා රත්තරන් වගේ. ඔහුගේ විනීත බැලීම, මිහිරි කට හඬ, ශාන්ත දාන්ත ගමන මට හරි පි‍්‍රයයි. මට ඔහු හැර මේ ලෝකේ වෙන කිසිවෙක් ඕන නැහැ.
සැඬොල් මව - හොඳයි උඹ කෑම කාපන්.
ප්‍රකෘති - මගේ හිස බූ ගාන තුරු කෑම කන්නේ නැහැ.
(ප්‍රකෘති දින ගණනක් කෑම නොකා සිටියි. අන්තිමේදී ඇය මැෙර්යයි බිය වූ සැඩොල් මව හිස බූ ගායි.)
සැඬොල් මව - උඹ දැන් හරියට මෙහෙණියක් වගෙයි. උඹ නම් ඔය මහණුන්ට රැවටෙනවාමයි. ඔය ආනන්දගේ ගුරුන්නාන්සේගේ ගැටයක්. එයාට අසුවුණු කෙනෙක් ආපසු ගෙදර ආවේ නැහැ. එයා ළඟ ආවර්තනී මායාව තිබෙනවාලු.
ප්‍රකෘති - කාරි නැහැ මට ආනන්ද ලැබෙනවා නම් මොනවා වුනත් කාරි නැහැ. ඔහුත් සමග මගට බැස හිඟා කෑවත් කාරි නැහැ. අම්මේ මම යනවා ජේතවනාරාමයට.
සැඬොල් මව - හොඳයි පලයන්. බලාපන් උඹට වෙන්නෙ මොකක්ද කියලා.
ප්‍රකෘති - මට මොනව වුනත් කාරි නැහැ ආනන්ද ලැබිලා.
(හිස බූ ගානු ලැබූ ප්‍රකෘති කසාවත් හැඳ දෙව්රමට ගොස් බුදුන් වැඳ එකත් පසෙක සිටියි. ආනන්ද තෙරුන් ඇතුළු සිය ගණනක් භික්ෂුහු බුදුන් පිරිවරා වැඩ සිටිති.)
ප්‍රකෘති - ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස; ඔබ වහන්සේ මට කී පරිදි මම කළා. දැන් ඉතින් ආනන්ද මට දෙන්න.
බුදුහු - ඔව්; ආනන්ද ලබා ගැනීමට උඹ දැන් සුදුසුයි. ඔහු නුඹට බාරදෙන්ට පළමු මට නුඹෙන් ප්‍රශ්න කීපයක් අහන්ට තියෙනවා.
ප්‍රකෘති - හොඳයි අහන්න.
බුදුහු - නුඹ ආනන්දට ඔය තරම් ආදරේ කරන්නේ ඔහුගේ කොතනකටද? රූපයටද? මූණටද? ඇස් දෙකටද? කරන කථාවටද? ගමන බිමනටද? කුමකටද?
ප්‍රකෘති - මට ආනන්දගේ මූණත් ලස්සනයි. නාසයත් ලස්සනයි. ඇස් දෙකත් ලස්සනයි. කන් දෙකත් ලස්සනයි. කට හඬත් හරි මිහිරියි. අදහසුත් හරිම සාධාරණයි. පෙනුමත් හරිම පි‍්‍රයංකරයි. ඒ නිසා මම ආනන්දගේ හැම තැනටම ආලය කරනවා.
බුදුහු - උඹට ලස්සනට පේන ආනන්දගේ ඇඟේ හම ටිකක් තුවාල වුනොත් ලේ වැගිරෙනව. බෙහෙත් නොදමා තිබුනොත් ඉදිමෙනව, රිදෙනවා, සැරව ගලනව, උඹ ලස්සනය කියන්නේ මේ උඩින් තියෙන හමේ පාටට, ඒ නිසා ලස්සනය කියන්නේ හම පිළිබඳව එක එක්කෙනාට එක එක විදියට පෙනෙන කල්පිතයක්: මනස් කල්පිතයක්: මනස් ගාතයක්, ලස්සනය කියන ඕනෑම කෙනෙකුගේ ඇඟේ තිබෙන හම උගුලා අස් කළොත් කිසි කෙනෙක් ඒ අහවත් බලන්ට කැමැති නැහැ. යම්කිසි විදියකින් මේ සිරුරේ ඇතුල් පැත්ත පිට පැත්තට හැරෙව්වොත් එතනට රැස්වෙන කාක්කන් බල්ලන් එලවන්න පොල්ලකුත් තියාගෙන ඉන්ට සිදුවේවි. මේ ශරීරය මුතු වලින්, මැණික් වලින්, මරකත මිනිවලින්, පබලු වලින්, රනින්, රිදීයෙන්, තැනූවක් නොවෙයි. ඇටින්, සමින්, නහරින්, මසින්, ලෙයින්, කෙළෙන්, සෙමෙන්, පිතෙන්, සුළු දියෙන්, අසූචියෙන්, හිස කෙසින්, ලෝමයෙන්, නියෙන්, දතින්, වකුගඩුවෙන්, හදවතින්, අක්මාවෙන්, බඩදිවින්, දලබුවෙන්, අතුනෙන් අතුනු බහනින්, නොපැසුනු අහරින්, පූයාවෙන් ඩහදියෙන්. තෙලෙන්, කඳුලෙන්, සොටු වලින්, සඳ මිදුලෙන්, හිස් මුලින් තැණුනු එකක්. බැලු බැලූ තරමට අසාරයි. සිතු සිතූ තරමට පිළිකුලයි.
නුවන නැතිවූ තරමට සුභයයි සිතෙනවා. පෙණ පිඬක් සේ දිය බුබුලක් සේ විදුලියක් සේ ඉන්ද්රජාලයක් සේ, සිහිනෙන් දුටු රූපයක් සේ අස්ථිරය, අයහපත්ය, අසත්‍යය, දුර්ගන්ධයට ආකරය. අසුචියට පාත්‍රය. මූත්රයට භාජනය. ගඟක් වැන්න. පොළක් වැන්න. රෝගයක් වැන්න. ඇවිදිනා අසූචි පිඬක් වැන්න. තෙමේම තමහට සතුරුය. තෙමේම තමහට විෂය. තෙමේම තමහට ගිනිය. ඇතුලෙහි අසූචී පුරා පිටත සිතියම් කළ කළයක් වැන්න.
එක දවසක් නොනෑව, එක දවසක් නොයිලුව, එක දවසක් දත් නොමැද්ද පැයක් බුලත් නොකෑව, තෙමේම තමහට අසූචි චලක් සේ වැටහෙයි. කන්හි කලාදුරු ලෙසින් සිටි අසූචිය, ඇස්හි කබ ලෙසින් සිටි අසූචිය, නාසයෙහි සොටු ලෙසින් සිටි අසූචිය, දත්හි මැලියම් ලෙසින් සිටි අසූචිය, සුලු දිය ලෙසින් වෑහෙන අසූචිය, අදෝමුවින් වෑහෙන අසුචිය යන මෙතෙක් අසුචියෙන් පිරී තිබෙනවා. රෝගයට ආකරය, ශෝකයට ආකරය, බයට ආකරය, උපද්‍රවයට ආකරය. අද මැරේ හෙට මැරේ යයි නියමයක් නැහැ. තමාගේ කැතකුණු තමාටම ඉවසා ගත නොහැකි දුර්ගන්ධ ඇත්තේය. මළ එක දවස කුදු ගෙයි ලැග්ග, ලැගි ගෙය අමු සොහොනක් සේ කරණ පිළිකුලට නිධානව සිටිනවා. මේ සිරුර නොගත හැකිය. නොදිය හැකිය. නොසිතිය හැකිය. නොගෙනිය හැකිය.
කටේ දත් හැර ඇට 300කින් හැකිල්ල තැනී ඇත. 180 පලකින් මේ ඇට එකිනෙකට බැඳී ඇත. නහරවැල් 900කින් වෙලා ඇත. 900ක් මස් වැදලි අලවා ඇත. මිනිස් හමකින් මුළු හැකිල්ලම එහි තුළ ඇති දේ නොපෙනෙන ලෙස වසා ඇත. ඒ හම මඳක් දිලිසෙන ලෙස සිවියකින් වරිච්චි ගා ඇත. මේ සිරුරේ කුඩා, ඉතා කුඩා සිදුරු ලක්ෂ ගණනක් ඇත. මේද තෙල් පිරූ බඳුනකින් නිතරම උඩිනුයි යටිනුයි තෙල් වැගිරෙන්නාක් මෙන් මේ සිරුරෙන් අපිරිසිදු දේ වැගිරෙයි. ලක්ෂ ගණනක් කුඩා මහත් පණුවන්ට ආකරයකි. ඇඬීම වැලපීම් දුක් දොම්නස් දරා සිටින තැනකි. හිල් 9ක් ඇති කැත කුණු පිරුණු බඳුනක් වැන්න,අනූ නව දාහක් රෝම කූපයන්ගෙන් අපිරිසිදු ඩහදිය වැගිරෙනු ඇත.
මේ සිරුරෙන් ප්‍රාණ වායුව පිට වුනාම එයට අත තියන්නවත් බයවෙනවා. දින කීපයක් ගිය විට ඕජාව වැගිරෙන, දුගඳ හමන, කුණු වී ගිය මළ කුණක් බවට පත්වෙනවා. සිරුරක් සිරුරකට කරන ආලයේත් මළ මිනියක් මළ මිනියකට කරන ආලයේත් අතර ඇත්තේ සුළු වෙනසකි. ආලය ඇති වන්නේ තනිකරම තණ්හාව නිසයි. තණ්හාව නැති තැන ආලයක් නැහැ. ආලය යම් තැනකද ශෝකයත් එතනමයි. උඹ යම් දිනක සිට ආනන්දට ආලය කළා නම් එදින සිට මේ වන තුරු වින්දේ ශෝකය, ඇඬීම,වැලපීම, තැවීම, නිදි මැරීම, නිරාහාරව සිටීම, වෙහෙසිම, කෙට්ටු වීම, තෙහෙට්ටු වීම යන මේවා. මේ එකක් වත් සැප නොවේ. ඒ නිසා ආනÁදගේ සිරුර ආලය කළ යුතු වස්තුවක්ද කියා උඹ සිහි නුවනින් යුක්තව සලකා බලාපන්.
ප්‍රකෘති - මගේ බුදු හාමුදුරුවන් වහන්ස! ඔබ වහන්සේ ගේ දේශනාවෙන් මට දැන් හරි දැනුම ඇති වුනා. රූපය පිළිබඳ හැබෑ තත්ත්වය යථා තත්ත්වය අවබෝධ වුනා. මගේ හිතට මහත් සැහැල්ලුවක් දැනුනා. ඔබ වහන්සේ කී සියල්ලම මට හොඳට වැටහුනා.
බුදුහු - හා! එහෙමද, එහෙනම් මම උඹට ආනන්ද ලබා දෙන බවට වුනු පොරොන්දුව ඉෂ්ට කරන්නම්. දැන් ඉතින් ආනන්ද එක්ක ගියාට කාරි නැහැ.
ප්‍රකෘති - අනේ! බුදුහාමුදුරුවනේ! මට නම් දැන් ආනන්ද හිමියන් එපා. ඔබ වහන්සේගේ වචන වලින් මගේ මානසික රෝගය, පිස්සුව හොඳ වුනා. මම දැන් ඒ විදියේ මෝඩකම් කරන ගැහැනියක් නොවේ. ආලය වැනි කෙලෙස් සියල්ලම දැන් මා සිතින් ඉවත් ව ගිහින්. මා ගැන අනුකම්පා කොට මා මෙහෙණි සස්නට ඇතුළත් කරවනු මැනවි.
බුදුහු - ඔව්, මගේ සාසනය හරියටම මහා සාගරය වගෙයි. ගංගා, යමුනා, අවිරවතී, සින්දු, ගෝධාවරී ආදී ගංගාවල ජලය මහ මුහුදට ගලාගොස් මුලින් පැවැති නම් නැතිවී “සාගර” යන එකම නමකින් හඳුන්වනව. ඒ වගේ නොයෙක් ජාතිවල, නොයෙක් කුලවල, නොයෙක් ගෝත්‍රවල, නොයෙක් වර්ගවල, නොයෙක් රටවල, නොයෙක් තරාතිරමේ මිනිසුන් මගේ සාසනයට ඇතුල් කර ගන්නවා. ඔවන් මගේ සාසනයට ඇතුල් කර ගන්නවා. ඔවුන් මගේ සාසනයට ඇතුල් වූ විට ජාති, ගෝත්‍ර ආදී ඒ සියලුම භේද සදහටම නැති කොට, එක පියෙකුගේ එක සමාන දරු කැලක් මෙන් සමගියෙන් හා සමාදානයෙන් යුක්තව “සංඝ සාසන” නමැති එකම නාමයෙන්, එකම පවුලට අයත් වෙනවා. ඒ සියල්ලෙන්ම ශාක්‍ය පුත්‍ර, බුද්ධ පුත්‍ර බවට පත්වෙනවා. ඒ නිසා උඹට මගේ මෙහෙණි සස්නෙහි පැවිදි වීමට කිසිම බාධාවක් නැහැ. ප්‍රකෘති මෙහෙණි සස්නෙහි මහණව රහත් මෙහෙණින්නක් බවට පත්විය.
බුදුරදුන් ප්‍රකෘති නමැති සැඬොල් තරුණියක් මහණ කරවූ බව මුළු නගරය පුරා කටින් කට පැතිර ගියේය. සැවැත්නුවර විසූ ක්ෂත්රිය, බ්‍රාහ්මණ, ගෘහපති, මහාසාල, කුලවල අය මේ පුවත අසා “සැඬොල් කතක් මහණ වූ විට, ඇය උසස් නිවෙස්වලට ඇතුල් වන්නේ කෙසේද? උසස් ගෙවල අය ඇය ළඟට කිට්ටු වන්නේ කෙසේද? ඒ අයගෙන් සංග්‍රහ ලබන්නේ කෙසේදැයි?” ප්‍රශ්න කරමින් මහත් කම්පාවට පත්ව කොසොල් රජුවෙත ගොස් සැලකර සිටියහ. ඒ ඇසූ කොසොල් රජුද සැවැත් නුවර වැසි උසස් පවුල්වල බොහෝ දෙනාද ජේතවනාරාමයට ගොස් බුදුරදුන් හමුවී මේ ගැන කරුණු විමසූහ. බුදුහු ප්‍රකෘති භික්ෂුණියද, අනඳ හිමියන් ඇතුළු ශ්‍රාවක සමූහයාද තමන් වහන්සේ ඉදිරි පිටට ගෙන්වා කොසොල් රජු ඇතුළු පැමිණ සිටි පිරිස ඉදිරියෙහි ප්‍රකෘති භික්ෂුණියගේ පූර්ව ජන්ම කතාව දැන ගන්න කැමැතිදැයි ඇසූහ. හැම දෙනම කැමැති බව පැවසූයෙන් බුදුහු ඇගේ අතීත කතාව ගෙන හැර දැක්වූහ. එය මෙසේයි.
අතීතයෙහි ගංගානම් ගඟ අසබඩ සැඬොල් ගමක ත්රිශංකු නමින් සැඬොල් නායකයෙක් විසීය. ඔහුට ත්රිවේදය ඇතුළු නොයෙකුත් ශාස්ත්‍ර උගත් ශාර්දූල කර්ණ නමින් ඉතා රූප සම්පන්න පුත්‍රයෙක් සිටියේය. තම පුතා වැඩි වයසට පැමිණි කල්හි ඔහුගේ උගත් කමට හා රූප සම්පත්තියට ගැලපෙන කුල කාන්තාවක් සරණපාවා දෙන්ට අදහස් කළ ත්රිශංකු සැඬොල් නායකයා ත්‍රිවේද පාර ප්‍රාප්ත පුෂ්කර ශාරී නමැති බ්‍රාහ්මණයෙකුගේ අතිශය රූපත් ප්‍රකෘති නමැති දියණිය දැක ඇය තම පුතාට පාවා දෙනු සඳහා පුෂ්කර ශාරී බමුණා සමග සාකච්ඡා කළේ ය. පුෂ්කර ශාරී ඒ යෝජනාව ගැන තදින්ම කිපී බැණ වැදී ප්‍රතික්ෂේප කළේය. එවිට සැඬොල් නායක ත්රිශංකු කුල භේදයෙහි ආදීනව නොයෙක් අයුරින් ගෙන හැර දැක්වීය.
තිරිසන් සතුන් අතර හා ගස් වැල් අතරත් නානා විධ වර්ග ඇති බවත් මිනිසුන් කොහේ සිටියත්, කුමන රටකට අයත් වුවත්, කුමන රූප සටහනකින් යුක්ත වුවත්, දුප්පත් පොහොසත් වුවත්, උගත් නූගත් වුවත්, එකම මිනිස් ජාතියට අයත් බව පැවසීය. ත්රිශංකුගේ බුද්ධිමත් දේශනයට පැහැදුනු පුෂ්කර ශාරී බමුණා තම රූපත් දියණිය ත්රිශංකුගේ පුත්‍ර ශාර්දුල කර්ණට පාවා දෙන්නට අන්තිමේදී කැමැති විය. එකල පුෂ්කර ශාරී නමැති වංශවත් බමුණාගේ ප්‍රකෘති නමැති දියණිය දැන් මේ අප ඉදිරියේ පෙනී සිටින ප්‍රකෘති භික්ෂුණියයි. ත්රිංශකු සැඬොල් නායකයාගේ පුත්‍ර ශාර්දුල කර්ණ නම් මේ ආනන්ද භික්ෂු නමයි. ත්රිශංකු සැඬොල් නායකයා නම් දැන් බුදු වී සිටින මම ම යයි මෙසේ බුදුරදුන් අතීත කතාව ගෙන හැර දැක්වූ විට කොසොල් රජු ඇතුළු මහසෙනග මහත් මවිතයට පත්වෙමින් කතාව අසා සිට තුෂ්ණිම්භූතව, කිසිවක් කියාගත නොහැකිව බුදුන් වැඳ සිය නිවෙස් කරා ගියහ.
(දිව්‍යාවදානයෙහි - ශාර්දුල කර්ණාවදානයෙන් සකස් කර ගන්නා ලදී.)
ගණේගම සරණංකර හිමි