ඉන්දියාවේ අජිත්

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඉන්දියාවේ අජිත්

    ඉන්දියාවේ අජිත් ඩෙවොල්
    රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාව

    ajith.jpg


    අජිත් ඩොවාල් යනු ලංකාවේ ජනතාවට කොහෙත්ම හුරු නමක්‌ නොවේ. නමුත් 2014 ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි බලයට පත්වූදා සිට ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ, විශේෂයෙන්ම ඉන්දියාවේ අසල්වාසි රටවල් සම්බන්ධ ප්‍රතිපත්තියේ ප්‍රධානම තීරකයා වන්නේ ඉන්දියාවේ විදේශ ඇමතිනී සුශ්මා ස්‌වරාඡ් නොව ජාතික ආරක්‌ෂක උපදේශකවරයා වන අජිත් ඩොවාල්ය. එසේ තිබියදී අජිත් ඩොවාල් නමැති පුද්ගලයකු ගැන බොහෝ ලාංකිකයන් අසාවත් නොතිබීමට ප්‍රධානම හේතුව ඩොවාල් යනු රාජතාන්ත්‍රිකයකු හෝ පරිපාලකයකු නොව චරපුරුෂයකු වන නිසා විය හැක. එවන් අයගේ සාමාන්‍ය ක්‍රියා කලාපය වන්නේ විශේෂයෙන්ම වැඩක නියෑළී සිටින විට හැකිනම් "ගේමක්‌ දෙමින්" සිටින විට අප්‍රසිද්ධියේ කිසිවකුගේත් අවධානයට යොමු නොවී ඒ රාජකාරිය කිරීමේ පුරුද්ද නිසා විය හැක.

    තමන් රාජ්‍ය තාන්ත්‍රිකයකු නොව ආරක්‌ෂාව පිළිබඳ විශේෂඥයකු බව ඩොවාල් එළිපිටම කියයි. ඉන්දීය ජනතාව අතර ඔහුට ඇත්තේ ජාතික වීරයකුගේ ප්‍රතිරූපයයි. ජීවමාන "ඡේම්ස්‌ බොන්ඩ්" කෙනකු හැටියට බොහෝ ඉන්දියානුවන් ඔහුව දකී. ඉන්දියාවේ චර පුරුෂ සේවය වන රෝ සංවිධානයේ ඔහු ගතකළ කාලය තුළ පකිස්‌තානයේ චරපුරුෂ සේවයේ යෙදීමත්, කාශ්මීරයේ මිසෝරාම් ප්‍රාන්තයේ හා පන්ජාබයේ සීක්‌ ජාතිකයන්ගේ කැරැලි මර්දනය කිරීමටද ඉන්දීය ගුවන් යානා පැහැර ගැනීම් දුසිමකට වඩා විසඳීමද, ඉරාකයේ "අයිසිස්‌" ත්‍රස්‌තවාදීන්ගේ ග්‍රහනයට හසුවූ ඉන්දීය හෙද සේවකයන් බේරා ගැනීම ඇතුළු රහස්‌ මෙහෙයුම් ගණනාවකට මැදිහත් වී ඩොවාල් ඉන්දීය ජනතාව අතර සුවිශෙෂ තැනක්‌ දිනාගෙන සිටී. ඔහුගේ විශිෂ්ටතම මෑතකාලීන මෙහෙයුම හැටියට ඉන්දීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයද සලකන්නේ 2015 ජනවාරි 8 වැනිදා ලංකාවේ රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහ කිරීමයි.

    2015 ජනවාරි 08 බල පෙරළියත් සමඟම රොයිටර්ස්‌ ජාත්‍යන්තර පුවත් සේවය පවසා සිටියේ ඩොවාල් මේ පෙරළියේ ප්‍රධානම සංවිධායකවරයෙක්‌ බවත්, පොදු විපක්‌ෂ අපේක්‍ෂකයකු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා තරගයෙන් ඉවත් කිරීමත්, මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිපයෙන් එළියට ගැනීමත්, ලංකාවේ සියලුම විපක්‌ෂ බලවේග එක වේදිකාවට ගැනිමත් සියලුම සුළු ජාතික පක්‍ෂ මහින්දට එරෙහි වන තත්ත්වයක්‌ නිර්මාණය කිරීමත් සියල්ල ඩොවාල්ගේ මෙහෙයුමෙන් සිදුවූ බවය. ඉන්දියාවේ "සිටිසන් බියුරෝ" නමැති ප්‍රසිද්ධ වෙබ් අඩවියද පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සිදු වූයේ සම්භාවනීය ගනයේ "ඩොවාල් මෙහෙයුමක්‌" බවයි. 2014 නොවැම්බර් මාසයේ දී කොළඹට පැමිණ මෛත්‍රිපාල සිරිසේන ඇතුළු අය හමුවී මේ සියල්ල සංවිධානය කළ ආකාරය එම වෙබ් අඩවිය පැහැදිලි කරයි. ලංකාවේ දේශපාලනයට එතරම් මැදිහත්වීමක්‌ කළ පුද්ගලයකුගේ නමවත් බොහෝ ශ්‍රී ලාංකිකයන් අසාවත් නොතිබීම ම චර පුරුෂයකු හැටියට අප්‍රසිද්ධියේ වැඩ කිරීමට ඩොවාල්ගේ ඇති නැඹුරුවට අමතරව තවත් හේතුවක්‌ වන්නේ ඉන්දියාව ලංකාවේ කළ මේ ආණ්‌ඩු පෙරළිය ඉතා කෙටි කලකින් වැරැදි පැත්තට යැමට ආරම්භ වූ නිසා ඩොවාල් මේ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමට තීන්දු කිරීමද විය හැක.

    ඉන්දියාව විසින් රාජපක්‌ෂ ආණ්‌ඩුව පලවා හැරීමට කටයුතු කිරීමට ප්‍රධානම හේතුවක්‌ වූයේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියයි. චීනය විසින් ඉදිකරන මේ ව්‍යාපෘතිය ඉන්දියාවේ ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන නිසා එය නවතා දමන්නැයි ඩොවාල් 2014 දී කීප වතාවක්‌ම එවක සිටි ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට කියා තිබිණි. ඒ කාලයේ හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීමට හෝ බදු දීමට රාජපක්‌ෂ ආණ්‌ඩුවේ කිසිදු සැලසුමක්‌ නොතිබුණු නිසා හම්බන්තොට පිළිබඳ ප්‍රශ්නයක්‌ ඉන්දියාවට නොවීය. රාජපක්‌ෂ ආණ්‌ඩුව පලවා හැරීමට ඉන්දියාව තීරණය කිරීමට ආසන්නම හේතු වූයේ චීන සබ්මැරීනයක්‌ කොළඹ වරායට පැමිණීමයි. මේ සබ්මැරීනයේ පැමිණීම ගැන ඉන්දියාවට දැනුම් දුන්නේ නැතැයි ඉන්දියානුවන් කියයි. මේ අනුව අජිත් ඩොවාල් වැඩ ආරම්භ කළේය. රාජපක්‌ෂ ආණ්‌ඩුව පලවා හරිනු ලැබීය. චීන ජනාධිපතිවරයා විසින්ම ආරම්භ කරන ලද ව්‍යාපෘතියක්‌ වුවද වරාය නගරයේ කටයුතු අලුත් ආණ්‌ඩුව විසින් නවතා දමනු ලැබීය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද අලුතෙන් යටත් කරගත් දේශයක්‌ නැරැඹීමට එන අධිරාජ්‍යයකුගේ විලාසයෙන් ලංකාවට පැමිණ පාර්ලිමේන්තුව අමතා ආපසු ගියේය. ටික කලක්‌ යන තුරු ඩොවාල්ගේ සියලු සැලසුම් සාර්ථක වී ඇති බවත් ලංකාව දැන් සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ ග්‍රහනයට නතුවී ඇති බවකුත් පෙනෙන්නට තිබිණි. නමුත් ඉතා කෙටි කලකින් මේ සියල්ල අනිත් පැත්තට කැරකීමට පටන් ගත්තේය.

    මෛත්‍රිපාල සිරිසේන උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් දිනා තිබුණත් රටේ සෙසු ප්‍රදේශවල ඔහුගේ ඡන්ද පදනම ගැන ප්‍රශ්නයක්‌ තිබිණි. 2015 ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිරින් පිට පළාත්වල පුත්තලම, පොළොන්නරුව, නුවර, බදුල්ල, කොළඹ, ගම්පහ සහ නුවරඑළිය දිස්‌ත්‍රික්‌ක සිරිසේන දිනා තිබුණද සමස්‌තයක්‌ වශයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පිට සිරිසේනට වඩා ඡන්ද ලක්‌ෂ 2 කට වැඩිය මහින්ද රාජපක්‌ෂට ලැබී තිබුණි. මෙවන් වාතාවරණයක්‌ තුළ තව කෙටි කලකින් එළඹීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම යහපාලන පාර්ශ්වයට විශාල ප්‍රශ්නයක්‌ විය. දකුණේ ජනතාවගේ හිත දිනා ගැනීමට කුමක්‌ හෝ කිරීමට ඔවුන්ට සිදුවිය. මේ ප්‍රශ්නය විසඳීමට සිරිසේන වික්‍රමසිංහ ආණ්‌ඩුවේ උපාය මාර්ගය වූයේ සියලුම රජයේ සේවකයන්ට පෙර නොවූ විරූ ආකාරයේ මසකට රුපියල් 10,000 ක දීමනාවක්‌ ලබාදීමත්, ඉන්ධන, ගෑස්‌, විදුලි බලය හා ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල අඩු කිරීමත්ය.

    මේ ආකාරයට එක්‌වරම ආණ්‌ඩුවේ වියදම විශාල වශයෙන් වැඩිවීමත්, බදු ආදායම එක්‌වරම විශාල වශයෙන් අඩුවීමත් නිසා හිඟ මුදල් ලබා ගැනීමට ආණ්‌ඩුව මහ පරිමාණයේ දේශීයව පමණක්‌ නොව විදේශීය මූලාශ්‍රවලින්ද ණය ගැනීමට පටන් ගත්තේය. මේ ආකාරයට කිසිදු සැලසුමක්‌ නොමැතිව ගන්නා ලද කෙටිකාලීන විදෙස්‌ ණය ගෙවීමට රට තුළට විදේශ විනිමය ගලා ඒම වැඩි කිරීමට අවශ්‍යතාවක්‌ තිබුණත් අලුත් ආණ්‌ඩුව බටහිර රටවලින් හා ඉන්දියාවෙන් බලාපොරොත්තු වූ ආයෝජන ලංකාවට නොපැමිණියේය. මාස කීපයක්‌ ගිය තැන මේ අර්බුදය උත්සන්න වත්ම නවතා දමා තිබූ වරාය නගර ව්‍යාපෘතිය චීනයට නැවත ආරම්භ කිරීමට ඉඩදීමට ආණ්‌ඩුවට සිදුවිය. මේ වරාය නගරය ඇමරිකානු ඩොලර් මිලියන 1400 ක වියදමෙන් චීනය ඉදිකරන අතර මේ මුදල් ලංකාවට ඒම යහපාලන ආණ්‌ඩුවට මහා අස්‌වැසිල්ලක්‌ විය. තවත් මාස කීපයක්‌ ගිය තැන දේශපාලනිකව ඇති කරන ලද ආර්ථික අර්බුදය පාලනය කරගත නොහැකිව ඔඩු දුවද්දී අලුත් ආණ්‌ඩුව තව ටිකක්‌ ඉදිරියට ගොස්‌ හම්බන්තොට වරායත් චීනයට ලබාදී මුදල් ලබා ගැනීමට ඉදිරිපත් විය. හම්බන්තොට වරායට අයත් අක්‌කර 5000 ක භූමි භාගයට අමතරව ඉන් පිටත තවත් අක්‌කර 15,000 ක භූමි භාගයක්‌ද චීන සමාගමකටදී මුදල් ලබා ගැනීම ආණ්‌ඩුවේ අභිප්‍රාය විය.

    මේ අනුව චීනයට ලබාදීමට නියමිත වූ මුළු භූමි ප්‍රමාණය අක්‌කර 20,000 ක්‌ නැතිනම් වර්ග කිලෝමීටර් 80 ක්‌ විය. මෙය වතිකානු රාජ්‍යය, මොනාකෝ රාජ්‍යය, ජිබ්රෝල්ටා, කොකෝස්‌ දූපත්, නාවුරු දූපත්, ස්‌ප්‍රැට්‌ලි දූපත් හා මකාමේ යන කුඩා රාජ්‍යයන් සියල්ලටම වඩා විශාල භූමි භාගයකි. චීනයට මේ ආකාරයට හම්බන්තොට වරාය හා කුඩා රාජ්‍යයන් 7 කට වඩා විශාල භූමි භාගයක්‌ ලැබුණු පසු චීනයේ පරමාණු සබ්මැරීන පවා හම්බන්තොටට ගෙන්වා නතර කරගතහොත් එයට විරුද්ධ වන්නේ කවුද? හම්බන්තොට වරාය හමුදාමය නැතිනම් යුදමය කටයුතුවලට යොදවාගත නොහැකි යෑයි වගන්තියක්‌ එයට අදාළ ගිවිසුමට ඇතුළත් කළද එවැනි වගන්ති බලාත්මක කරන්නේ කවුද? කොළඹ වරයාට චීන සබ්මැරීනයක්‌ ආවා යෑයි කියා රාජපක්‌ෂ ආණ්‌ඩුව පළවා හැරීමට කුමන්ත්‍රණ දියත් කළ ඉන්දියාව තමාගෙන්ම අසාගත යුතු ප්‍රශ්නය එයයි. හම්බන්තොට වරාය, හමුදාමය කටයුතුවලට යොදවාගත නොහැකි යෑයි වගන්තියක්‌ ගිවිසුමේ තිබුණත් ශ්‍රී ලංකා ආණ්‌ඩුවට එය බලාත්මක කිරීමට හැකියාවක්‌ තබා වුවමනාවක්‌ වත් පහළ වන්නේ නැත. එමෙන්ම හම්බන්තොට වරාය චීනයට කැමති ඕනෑම දේකට යොදවා ගැනීම වැළැක්‌වීමට ඉන්දියාවට හැකියාවක්‌ද නැත.

    අජිත් ඩොවාල් සහ රෝ සංවිධානය එකතුවී ලංකාවේ ඇතිකළ ආණ්‌ඩු පෙරළියෙන් පසු හටගෙන තිබෙන මේ තත්ත්වය තවමත් ඉන්දියාවේ ජනතාවගේ හෝ විපක්‌ෂයේ අවධානයට යොමුවී නැත. වරාය නගරය තවමත් ඉදිවෙමින් පවතී. හම්බන්තොට වරාය තවමත් චීනයට භාර දී නැත. නමුත් වරාය නගරය ඉදිවූ පසුව හා හම්බන්තොට වරාය කුඩා රාජ්‍යයන් 7 කට වඩා විශාල භූමි භාගයක්‌ ද සහිතව චීනයට ලබාදුන් පසු අජිත් ඩොවාල්ගේ කුමන්ත්‍රණ අතේ පත්තු වී ඇති බව ඉන්දීය ජනතාවට අවබෝධ වනු ඇත. රාජපක්‍ෂ ආණ්‌ඩුව කාලයේදී ඉන්දයාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ පැවැති බවක්‌ ඔවුන්ට හැඟුන ද ඩොවාල්ගේ ආණ්‌ඩු පෙරළියෙන් පසු එය සිය දහස්‌ වාරයක්‌ වැඩිවී ඇති බවක්‌ ඔවුන්ට හැඟෙනු ඇත. අජිත් ඩොවාල් මේ දිනවල ශ්‍රී ලංකාව ගැන එක වචනයක්‌ හෝ කතා කරනු කිසිවකුටත් ඇසී නැත. ඩොවාල් මෝඩ ලෙස ශ්‍රී ලංකාවට කළ අත පෙවීම නිසා අද වනවිට ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුවත් විපක්‍ෂයත් යන දෙකම චීනය පැත්තට නැඹුරු වී ඔවුන් අන් කවරදාටත් වඩා ලංකාව තුළ බලවත් වී සිටී.

    මෑතකදී චීන කර්මාන්තපුරයක්‌ හම්බන්තොට ආරම්භ කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය උද්ඝෝෂණයක්‌ ආරම්භ කළ ද ඔවුන්ගේ අරගලය ආණ්‌ඩුවට එරෙහි අරගලයන් මිස චීනයට එරෙහි අරගලයක්‌ නොවීය. ආණ්‌ඩුවත් ඒකාබද්ධ විපක්‍ෂයත්a අතර වෙනස වන්නේ රාජපක්‍ෂ ආණ්‌ඩුව චීනය සමග ගනුදෙනු කිරීමේදී සෑමවිටම ලංකාවට වාසිදායක ගනුදෙනුවක්‌ කිරීමට උත්සාහ ගත් අතර යහපාලන ආණ්‌ඩුවට එවැනි තාර්කික ප්‍රවේශයක්‌ ගැනීමට තරම් මානසිකත්වයක්‌ නැති වීමය. යහපාලන ආණ්‌ඩුව දැන් සිටින්නේ මුදල් දෙනවා නම් ඕනෑම කෙනකුට ඕනෑම දෙයක්‌ දීමට සූදානම් තත්ත්වයකයි. ඇත්ත වශයෙන් ම චීනය කිසිම රටක්‌ අසාධාරණ ලෙස ගසා කන්නේ නැත. හම්බන්තොට වරාය බදු ගැනීමේ කාරණයේදී ද චීන සමාගම් දෙකක්‌ ලන්සු ඉදිරිපත් කරන ලදී. මෙයින් චයිනා හාබර් සමාගම ලංකාවට වාසිදායක ලංසුවකුත් චයිනා මර්චන්ට්‌ aසමාගම ලංකාවට අවාසිදායක ලංසුවකුත් ඉදිරිපත් කරන ලදී. මෙහිදී ලංකාවේ ආණ්‌ඩුව චයිනා හාබර් සමාගමේ ලංසුව පිළිගනු ඇති බවට චීනය බලාපොරොත්තු වූවා විය හැක. නමුත් චීනය පමණක්‌ නොව ලංකාවේ ජනතාව ද මවිතයට පත් කරමින් යහපාලන ආණ්‌ඩුව පිළිගෙන තිබෙන්නේ ලංකාවට අවාසිදායක ලංසුවයි.

    රාජපක්‍ෂ ආණ්‌ඩුව යටතේ චයිනා හාබර් සහ චයිනා මර්චන්ට්‌ යන සමාගම් දෙකම ඒකාබද්ධ ව්‍යාපෘතියක්‌ හැටියට හම්බන්තොට වරායේ බහාලුම් පර්යන්තය පමණක්‌ ලංකාවට ඉතා වාසිදායක කොන්දේසි යටතේ අවුරුදු 40 කට බදු ගැනීමට ගිවිසුමක්‌ අත්සන් කොට තිබිණි. රාජපක්‍ෂ ආණ්‌ඩුව චීනයත් සමග ඉන්නා ගමන් වත්මන් ආණ්‌ඩුවට වඩා ඔවුන් සමග වාසිදායක ගනුදෙනුවලට එළැඹුණු බව ප්‍රත්‍යක්‍ෂ කරුණකි. ඒ කෙසේ වෙතත් චීනය පැත්තට දැන් රාජපක්‍ෂවරු ප්‍රමුඛ විපක්‍ෂය පමණක්‌ නොව යහපාලන ආණ්‌ඩුවත්a සිටින අතර ඉන්දියාවට අල්ලපු අත්තත් නැති පය ගහපු අත්තත් නැති තත්ත්වයක්‌ උදා වී ඇත. ඉන්දියානු ආණ්‌ඩුව ලංකාව තුළ රෝ සංවිධානය යොදවා කරන මේ සෙල්ලම් ගැන ඉන්දියාවේ දේශපාලන විචාරකයන් ද අනතුරු ඇඟවීම් කර ඇත. රොහාන් වෙන්කටරාම ක්‍රිෂ්ණන් නමැති විශ්ලේෂකයකු 2015 ජනවාරි ආණ්‌ඩු පෙරළියත් සමඟම ඒ රටේ ප්‍රධානම වෙබ් අඩවියක්‌ පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ආණ්‌ඩු පෙරළියට රෝ සංවිධානය මැදිහත් වූ බවට පැතිර යන කතා ඉන්දියාවට දැඩි ලෙස අවාසිදායක බවයි. නේපාලය උදාහරණයට ගනිමින් ඔහු පවසා සිටියේ රෝ සංවිධානය ඒ රටේ දේශපාලනයට මැදිහත් වී කළ සෙල්ලම් නිසා අද ඉන්දියාවට හිතවත් සෑම දේශපාලනඥයකුටම එරෙහිව නේපාල ජනතාව පෙළගැසෙන බවයි. ලංකාවේ මේ ආණ්‌ඩු පෙරළියටද රෝ සංවිධානය මැදිහත් වූ බව ලංකාවේ ජනතාව දනී. එපමණක්‌ද නොව 1980 ගණන්වල ඉන්දියාව මේ රටේ කළ වින්නැහියද ජනතාවට තවම අමතක වී නැත. මේ ආකාරයට අජිත් ඩොවාල් ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගැසීමට ගොස්‌ ලංකාව තුළ ඉන්දීය විරෝධී හැඟීම් උත්සන්න කර තිබෙන අතර ඔහු මහත් පරිශ්‍රමයක්‌ දරා බලයට ගෙනා ආණ්‌ඩුවද දැන් ඔහුගේ පාලනයෙන් ගිලිහී ඇත. ඩොවාල් කාශ්මීර බෙදුම්වාදීන්ට එරෙහිව කළ එක්‌ මෙහෙයුමකදී මොහොමඩ් යූසුµa නමැති කාශ්මීර් බෙදුම්වාදී ත්‍රස්‌තවාදියකු ඉන්දීය ආණ්‌ඩුව පැත්තට ගෙන බෙදුම්වාදයට එරෙහිව ප්‍රති ත්‍රස්‌තවාදී මෙහෙයුම් දියත් කිරීමට හැකි විය. නමුත් වරාය නගර ව්‍යාපෘතිය හෝ හම්බන්තොට වරාය චීනයට ලබාදීම නැවැත්වීමට ඔහුට සිරිසේන ජනාධිපතිවරයාට හෝ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට බලපෑම් කිරීමට හැකිවී නැත.

    පකිස්‌තානයේ එක්‌ පුවත් වෙබ් අඩවියක පළ වූ ලිපියක සඳහන් වූයේ අජිත් ඩොවාල්ගේ විදේශ ප්‍රතිපත්තිය දැන් ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වී ඇති බවට අදහසක්‌ භාරතීය ජනතා පක්‍ෂය තුළත් පැතිරෙමින් පවතින බවයි. ඉන්දියාවේ "ද වයර්" නමැති වෙබ් අඩවියේ ද ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය රෝ සංවිධානය විසින් "හයි ජැක්‌"කර ඇති බවට ලිපියක්‌ පළ විය. මේ වෙබ් අඩවියේම නැවතත් පවසා තිබුණේ ඩොවාල්ගේ සම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයෙන් බැහැර කර තිබෙන බවයි. මේ ආකාරයට අජිත් ඩොවාල් විසින් ලංකාවේ දේශපාලනයට මැදිහත් වී කරගත් වින්නැහිය ලංකාව තුළ ඉන්දියාව ලැබූ දෙවැනි මහා පරාජයයි.

    1980 ගණන්වලදීද ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්‌තවාදීන්ට උදව් දුන්නේ තමිලනාඩුවේ බලපෑම නිසා නොව බටහිරට නැඹුරු වූ විදේශ ප්‍රතිපත්තියක්‌ සහිත ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව මට්‌ටු කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුවට තිබු උවමනාව නිසාය. එය අවසන් වූයේ ඉන්දියාව කිසිදාක නොලැබූ තරම් දරුණු යුදමය පරාජයක්‌ කොටි සංවිධානය හමුවේ ලැබීමත්, ඉන්දියාව පරාජිතයකු හැටියට ලංකාවෙන් ඉවත් වීමත්, කොටි සංවිධානයේ පළිගැනීමකට ලක්‌වී රජීව් ගාන්ධිට තම ජීවිතයත්a අහිමි වීම යන සිදුවීම් මාලාවෙනි. 1980 ගණන්වලදී ඉන්දියාව ලංකාව තුළ කළ මෙහෙයුමෙන් ඉන්දීය හමුදාවේ සෙබලුන් 1155 ක්‌ මැරුම් කෑ අතර 36 දෙනකු සදාකාලික ආබාධිතයන් බවට පත් විය. ඉන්දියාව, චීනය හා පකිස්‌තාය සමග කරන ලද යුද්ධ වලදීවත් එවැනි ජීවිත විනාශයකට මුහුණදී නැත. මේ ජවනිකාවේ ලැඡ්ජා සහගතම කාරණය වන්නේ තමිල්නාඩුවේ අප්‍රසාදයට තිබෙන බිය නිසා ලංකාවේ මියගිය තම සෙබලුන් සැමරීමටවත් ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව දශක දෙකකටත් වඩා කාලයක්‌ බියෙන් සිටීමයි. ලංකාවේ ආණ්‌ඩුව විසින් බත්තරමුල්ලේ ඉන්දීය සෙබලුන් සිහි කිරීමට ඉදිකොට ඇති ස්‌මාරකය ඉදිරිපිට මල්වඩමක්‌ හෝ තැබීමට ඉන්දීය හමුදාපතිවරයකුට අවස්‌ථාව ලැබුණේ රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින් කොටි සංවිධානය විනාශ කළ පසුව පමණි.

    2014 දී ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව ලංකාවේ දේශපාලනයට මැදිහත් වූයේ තමිල්නාඩුවේ බලපෑමක්‌ නිසා නොව රාජපක්‍ෂ ආණ්‌ඩුව චීනය සමග පවත්වාගෙන ගිය සම්බන්ධය නිසාය. 1980 ගණන්වල මෙන්ම අදත් ඉන්දියාවට විනකෙරුවේ, වින කරන්නේත් ඔවුන් ම කවා පොවා ලංකාව තුළ ඇති කළ ගෝලයන්ය. 1980 ගණන්වලදී ඉන්දියාවෙන් යුද පුහුණුව හා ආයුධ ලබාගත් කොටි සංවිධානය පෙරළා ඉන්දියාවට පහර දුන්නේය. අද ද රාජපක්‍ෂ ආණ්‌ඩුව කිසිදාක චිනයට ලබාදුන් නැති තරමේ වරප්‍රසාද හා පහසුකම් ඔවුන්ට ලබා දෙමින් සිටින්නේ ඉන්දියාව විසින්ම බලයට ගෙන ආ යහපාලන ආණ්‌ඩුවයි. මේ ඇති වී තිබෙන වින්නැහිය හමුවේ තම ආත්මගරුත්වය බේරා ගැනීමට ඉන්දියාව එට්‌කා ගිවිසුම තුළින් ලංකාව තම ග්‍රහණයට ගැනීමට උත්සාහ කිරීමෙන් සිදුවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව අතර ඉන්දීය විරෝධය තවත් උත්සන්න වීමක්‌ පමණි.

    2014 දී ලංකාවේ දේශපාලනයට අත පොවා ඩොවාල් ඉන්දියාවට කර ඇත්තේ විනාශයක්‌ බව පැහැදිලිය. දැන් අවුරුදු 70 ට වඩා වයස ඩොවාල් මුළු ජීවිත කාලයක්‌ පුරා ගොඩනඟාගත් කීර්ති නාමය අද අවදානමට ලක්‌වී ඇත. ඔහුගේ ආත්මගෞරවය බේරා ගැනීමට නම් චීන වරාය නගර ව්‍යාපෘතිය මෙන්ම හම්බන්තොට වරාය බදු දීමද ඔහු කෙසේ හෝ නවතා දැමිය යුතුය. නමුත් එවැන්නක්‌ කිරීමට ඔහුට හැකියාවක්‌ නැත. මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ලංකාව කෙරෙහි ඉන්දීය ආණ්‌ඩුවේ ප්‍රවේශය වෙනස්‌ විය යුතු බවයි. 1980 ගණන්වලදී රජීව් ගාන්ධි විසින්ද 2014 දී අජිත් ඩොවාල් විසින් ද ලංකාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාදාමවලින් ඉන්දියාවට අත් වූයේ තමන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලයට හාත්පසින්ම විරුද්ධ ප්‍රතිඵලයකි. රාජතාන්ත්‍රික කටයුතු වෙනුවට රෝ මෙහෙයුම් යෙදවීමේ ආදීනව එයයි.

    බොහෝ ශ්‍රී ලාංකිකයන් ඉන්දීය විරෝධීන් නොවේ. සියලු බෞද්ධයන් ඉන්දියාව දෙස බලන්නේ බුදුන්ගේ ජන්ම භූමිය වූ ජම්බුද්වීපය දෙසය. මේ ආකාරයට සංස්‌කෘතික සමානකම් තිබෙන රටක්‌ වන ලංකාව සමගත් ඉන්දියාවට මිත්‍රශීලී සම්බන්ධතා පවත්වාගෙන යැමට නොහැකි වීම ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ අසාර්ථකත්වයේ ලක්‍ෂණයකි. අප කලින් පෙන්වා දුන් පරිදි ඉන්දියාවේ මධ්‍යම ආණ්‌ඩුව ලංකාවේ දේශපාලනයට මැදිහත්වී අත පුච්චාගත් අවස්‌ථාව දෙකේදීම ඔවුන් එසේ කළේ තමිල්නාඩුවේ බලපෑමට නොවේ. ඒ තත්ත්වයන්වලට වගකිවයුත්තේ ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව පමණි. මේ සියල්ලෙන්ම ඉන්දියාව ඉගෙන ගත යුතු පාඩම වන්නේ තම අසල්වාසී රටවල් තුළ රෝ සංවිධානය යෙදවීම ඉන්දියාවේ වුවමනාවන් ඉටු කර ගැනීමේ හොඳම ක්‍රමය නොවන බවයි.

    Source

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    රටක අනාගතය වෙනත් රටක හෙන්චයියෙක්ට වෙනස් කරන්න පුළුවන්නම් ඒ රටේ අනාගතය ගැන කවර කතාද? අනිවා අපේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි තිත්ත ඇත්ත මේක. වෙන රටක මිනිහෙක්ට තනියම මේ වගේ ගේමක් දෙන්න බෑ මේ රටේ එකාලගේ සහයෝගයක් නැතුව. රටේ ස්වයීරීවතවය ආත්මය හෙලුවැල්ලෙන් ඩොලර් කුට්ටිවල පාවා දුන්නු අමන රැලක් ඉන්න රටක් මේක..තවම අපේ එකාලට මේවා තේරුනේ නෑ. අඩුම තරමේ මොකෙක්වත් මේ ලිපි කියවන්නෙත් නෑ. මොකද මේ වගේ දේවල් තේරුම් ගන්න තරම් ඔළුවක් නැති නිසා. මතක තියා ගනිල්ලා මේ විදියට කාලකන්නි කරේ අනාගත උඹලගේ දරුවන්ගේ රට කියලා. යම් දවසක මේ රට ඉන්දියාවේ කොලනියක් වෙච්ච දවසට උඹලට සාප කරනවා ඒකාන්තයි
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    http://www.thecitizen.in/index.php/NewsDetail/index/1/2195/NSA-Dovals-Coup-Against-Rajapaksa-And-China-in-Sri-Lanka


    NSA Doval's "Coup" Against Rajapaksa And China in Sri Lanka

    NEW DELHI: National Security Advisor Ajit Doval is clearly the man to watch in the Modi government. An intelligence sleuth known for his penchant and expertise in covert operations Doval has emerged as the ‘foreign policy’ face in the government eclipsing the Ministry of External Affairs and Minister Sushma Swaraj in determining policy.

    His is a strong and valuable input in the Prime Ministers Office with PM Narendra Modi having given Doval a virtually free hand. China, that Doval has visited and is directly determining policy on, is clearly not perceived by New Delhi as a friend and is one of the primary reasons for the reaching out to the United States. ‘Engagement’ is also under review, and it is certainly not going to be at the levels achieved by former Prime Ministers Atal Behari Vajpayee and Manmohan Singh under the advice of their respective National Security Advisors Brajesh Mishra and Shiv Shankar Menon.

    A clear indication that friendship with China is a major factor in determining India’s relations with a country comes from a Reuters news agency report that has confirmed whispers of a classic Doval covert operation in Sri Lanka where India is alleged to have played a major role in destabilising the Rajapaksa government in favour of the new dispensation.

    The report, quoting political and intelligence sources, said that Sri Lanka expelled the Colombo station chief of RAW in the run up to this month's presidential election accusing him of helping the opposition oust the then President Mahinda Rajapaksa who was indeed trounced subsequently in the polls in January this year. The report suggests that Colombo asked New Delhi to withdraw the agent for covert activities in favour of the opposition joined candidate Maithripala Sirisena. A low key figure he surprised all by winning the elections, and according to Reuters he was persuaded to leave the Rajapaksa cabinet at the instance of the Indian external intelligence agency Research and Analysis Wing.

    The British news agency has recalled India’s continuous intervention in Sri Lankan affairs, and recent worry that it was losing ground because of former President Rajapaksa’s tilt towards China. The Reuters report noted, “the concern turned to alarm late last year when Rajapaksa allowed two Chinese submarines to dock in Sri Lanka without warning New Delhi as he should have under a standing agreement.”

    The submarines docked in early November. Late November Doval was un Colombo to ostensibly meet Rajapaksa, but clearly judging from the information now, to confirm support for Sirisena through meetings with him and his backers former President Chandrika Kumaratunga and former Prime Minister Ranil Wickremensinghe. He also met leaders of the main Tamil party Tamil National Alliance that did not then boycott the polls making these an “inclusive” election.

    Interestingly during the same visit Doval delivered the inaugural lecture at the Galle Dialogue where he spoke of maritime threats around the Indian Ocean, and the need for cooperation and collaboration amongst nations for maritime security.

    Sirisena, since coming to power, has been making conciliatory pro-India noises. His first foreign trip will be to New Delhi in February and he has made it very clear that India will be his main concern of foreign policy. Reuters reported that the RAW official “had worked with Sri Lanka's usually fractious opposition parties to agree on a joint contender for the election. Then, he was accused of facilitating meetings to encourage several lawmakers, among them Sirisena, to defect from Rajapaksa's party, the official said.

    The agent was accused of playing a role in convincing the main leader of the opposition and former prime minister Ranil Wickremasinghe not to contest against Rajapaksa in the election and stand aside for someone who could be sure of winning, said the officer and a Sri Lankan lawmaker who also maintains close contacts with India.

    The agent was also in touch with former president Chandrika Kumaratunga, who was a key player in convincing Sirisena to stand, said the officer and the lawmaker, who also confirmed that the agent had been asked to leave.” These were all the leaders Doval met during his visit as well.

    It is thus, not a coincidence that Wickremasinghe is now prime minister in the Sirisena government. Ironically the ‘cover’ being given to RAW officers as ‘diplomats’ in the Indian missions abroad is just tokenism now. And as Reuters has noted, “India's RAW officers are usually given diplomatic posts when assigned to foreign missions.”

    Rajapaksa declined to comment and merely said when contacted by the Reuters reporters, "I don't know, I won't suspect anybody until I get my real facts."

    The covert operations followed assessments that Rajapaksa had moved into China’s camp. The former President visited China seven times since 2005, and relations between Colombo and Beijing were gathering strength, but the final straw for India was the permission for the Chinese submarines to dock on two different occasions without informing India as per the provisions of a bilateral maritime pact. This was perceived by New Delhi as a threat with Doval and his team moving in to stitch together a veritable coup.
     
    • Like
    Reactions: GuneBhai

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    http://www.reuters.com/article/us-sri-lanka-election-india-insight-idUSKBN0KR03020150118

    Indian spy's role alleged in Sri Lankan president's election defeat

    By John Chalmers and Sanjeev Miglani | COLOMBO/NEW DELHI

    Sri Lanka expelled the Colombo station chief of India's spy agency in the run-up to this month's presidential election, political and intelligence sources said, accusing him of helping the opposition oust President Mahinda Rajapaksa.

    An Indian foreign ministry spokesman denied any expulsion and said that transfers were routine decisions. Rajapaksa, voted out of office in the Jan 8 election, told Reuters he did not know all the facts while the new government in Colombo has said it is aware of the reports but cannot confirm them.

    But several sources in both Colombo and New Delhi said India was asked to recall the agent in December for helping gather support for joint opposition candidate Maithripala Sirisena after persuading him to ditch Rajapaksa's cabinet.

    A sketchy report in Sri Lanka's Sunday Times newspaper on December 28 said that "links with the common opposition" had cost India's Research and Analysis Wing (RAW) station chief his job in Colombo.

    India has often been involved in the internal politics of the small island nation off its southern coast - it sent troops there in 1987 in a botched effort to broker peace between the government and Tamil Tiger rebels.

    Rajapaksa's unexpected defeat after two terms in office coincided with growing concern in India that it was losing influence in Sri Lanka because of the former president's tilt toward regional rival China.

    The concern turned to alarm late last year when Rajapaksa allowed two Chinese submarines to dock in Sri Lanka without warning New Delhi as he should have under a standing agreement, the sources said.

    Sirisena, the new president, has said he will visit New Delhi on his first foreign trip next month and has said India is the "first, main concern" of his foreign policy.

    An Indian official said the RAW agent was recalled after complaints that he had worked with Sri Lanka's usually fractious opposition parties to agree on a joint contender for the election. Then, he was accused of facilitating meetings to encourage several lawmakers, among them Sirisena, to defect from Rajapaksa's party, the official said.

    The agent was accused of playing a role in convincing the main leader of the opposition and former prime minister Ranil Wickremasinghe not to contest against Rajapaksa in the election and stand aside for someone who could be sure of winning, said the officer and a Sri Lankan lawmaker who also maintains close contacts with India.

    The agent was also in touch with former president Chandrika Kumaratunga, who was a key player in convincing Sirisena to stand, said the officer and the lawmaker, who also confirmed that the agent had been asked to leave.

    "They actively were involved, talking to Ranil, getting those things organised, talking to Chandrika," the lawmaker told Reuters.

    "CERTAIN THINGS YOU DON'T TALK ABOUT"

    Wickremasinghe, who is now prime minister again in Sirisena's government, met "two or three times" with the man identified as the agent in the months before the vote, as well as with the Indian high commissioner, or ambassador, the prime minister's spokesman said.

    "They discussed the current political situation," Wickremasinghe's spokesman said, but he denied that the Indians had advised him. "He does not know if he advised other politicians."It was not clear if Wickremasinghe was aware at the time that he was meeting with an intelligence official. India's RAW officers are usually given diplomatic posts when assigned to foreign missions.

    Former president Kumaratunga did not respond to requests for comment.

    Rajapaksa declined to confirm the involvement of India in the campaign against him.

    "I don't know, I won't suspect anybody until I get my real facts," he said at his party headquarters.

    "There are certain things you don't talk about," a close associate of the Rajapaksa family said, but added that "there were clear signs of a deep campaign by foreign elements."

    Sri Lanka's then defence secretary Gotabaya Rajapaksa - a brother of the former president - complained about the agent's activities to Indian National Security Adviser Ajit Doval in November when Doval was visiting the island nation for a defence seminar, the Indian official said.

    Another Indian official, who monitors the region for security threats, said New Delhi had been watching Beijing's growing influence and heavy investments in Sri Lanka under Rajapaksa, who visited China seven times since becoming president in 2005.

    But India was stunned and angry last year when the Chinese submarines docked in Sri Lanka on two separate occasions, a step New Delhi saw as part of Beijing's "string of pearls" strategy to secure a foothold in South Asia and maritime access through the Indian Ocean.

    "The turning point in the relationship was the submarines. There was real anger," the Indian security official said.

    Indian military officials said that New Delhi reminded Sri Lanka it was obliged to inform its neighbours about such port calls under a maritime pact, and Indian Prime Minister Narendra Modi raised the issue with Rajapaksa at a meeting in New York.

    In a possible sign of shifting allegiances, India's top envoy in Colombo, High Commissioner Y.K. Sinha, presented Sirisena with a large bouquet of flowers just hours after the results were announced on Jan 9. China's ambassador was only able to meet the new president six days later.

    (Additional reporting by Frank Jack Daniel; Editing by Raju Gopalakrishnan)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඡන්දෙ දුන්නෙ ඉන්දියාවෙ මිනිස්සුනෙ

    ජන්දෙ දෙන විදිහට මිනිස්සුන්ගේ මොළ හේදුවා බන්..
    රත්තරං අශ්වයෝ
    හෙලිකොප්ටර්
    ලැම්බෝගිනි
    කෝටි ප්‍රෝකෝටි ගණන් සල්ලි
    කියලා මන්තරේ වගේ කියවලා ඒවා මිනිස්සුන්ගේ හිතේ වපුරලා
    රාජපක්ෂ විරෝධයක් ඇති කරා..

    ඇත්තම කිව්වොත් මාත් ඒ ගැටේට අහුඋන කෙනෙක්. . (අද ඒ ගැන පසුතැවෙනවා)

    මේ විදිහටම තමයි ලිබියාව වගේ ලෝකයේ හොදම තත්වයේ තිබුන රටක් බිමටම ඇදලා දැම්මේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඡන්දෙ දුන්නෙ ඉන්දියාවෙ මිනිස්සුනෙ

    ඒකට තමයි කියන්නේ මල්ලී Brainwash කියලා.. ඔය පේනවානේ උඹලා දෙන උත්තර වලම ඒක ගැබ් වෙලා තියෙනවා. මොකද Brainwashed වැඩේ අති සාර්ථක නිසා..
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉන්දියන් උන් හිතුවෙ නැති දෙයක් උනේ,මුන් මේ වගේම ගේමක් නේපාල් වලටත් දුන්නා.දැන් නේපාලෙත් සපෝට් චීනෙට.ඉන්දියන් උන් හිහන්නෙ අපි සාර්ක් රටවල් නිසා උන්ට දියුනු වෙන්න උදව් කරලා උන්ගෙන් යැපෙන්න ඕනෙ කියලා.අඩුමගානෙ ණයක්වත් දෙන්නෙ නැති කැරියො ටිකක් ඉන්දියන් කාරයො කියන්නෙ,යුද්ධෙ කාලෙදි ආයුධ පවා දෙන්න බෑ කියපු රටක් ඕකුන්.:angry::angry::angry::angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඉන්දියන් උන් හිතුවෙ නැති දෙයක් උනේ,මුන් මේ වගේම ගේමක් නේපාල් වලටත් දුන්නා.දැන් නේපාලෙත් සපෝට් චීනෙට.ඉන්දියන් උන් හිහන්නෙ අපි සාර්ක් රටවල් නිසා උන්ට දියුනු වෙන්න උදව් කරලා උන්ගෙන් යැපෙන්න ඕනෙ කියලා.අඩුමගානෙ ණයක්වත් දෙන්නෙ නැති කැරියො ටිකක් ඉන්දියන් කාරයො කියන්නෙ,යුද්ධෙ කාලෙදි ආයුධ පවා දෙන්න බෑ කියපු රටක් ඕකුන්.:angry::angry::angry::angry:

    ඕකුන් ගැන කතා කරලා වැඩක් නෑ බන්. අපේ මිනිස්සුන්ට අමතකයි ඒ දවස් වල ඔය හැත්ත කරපු දේවල්. වැඩිය ඕනේ නෑ ඉන්දියන් කාරයෝ එක්ක වැඩ කරන එකෙක්ගෙන් අහලා බලපන් උන් ගැන. උඩින් හිනා මූන පෙන්නලා යටින් කෙලින ජාතියේ ජරාම ජාතියක්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය හැදිලා තියෙන්නෙ උන්ගේ රටේ ඉන්න මිනිස්සුන්ගෙම අදහස් වලින්.. ඉතින් ඉන්දියන් කාරයෝ කියන්නේ තැනකට වද්දා නොගතයුතු ජාතියක් විදියටයි ලෝකෙම සලකන්නේ..IT,shpping ෆීල්ඩ් ගත්තත් එහෙමයි..එහෙව් ජාතියක් විසින් හදන විදේස් ප්‍රතිපත්තිය ගැන කවර කතාද ?


     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,853
    1
    56,863
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජන්දෙ දෙන විදිහට මිනිස්සුන්ගේ මොළ හේදුවා බන්..
    රත්තරං අශ්වයෝ
    හෙලිකොප්ටර්
    ලැම්බෝගිනි
    කෝටි ප්‍රෝකෝටි ගණන් සල්ලි
    කියලා මන්තරේ වගේ කියවලා ඒවා මිනිස්සුන්ගේ හිතේ වපුරලා
    රාජපක්ෂ විරෝධයක් ඇති කරා..

    ඇත්තම කිව්වොත් මාත් ඒ ගැටේට අහුඋන කෙනෙක්. . (අද ඒ ගැන පසුතැවෙනවා)

    මේ විදිහටම තමයි ලිබියාව වගේ ලෝකයේ හොදම තත්වයේ තිබුන රටක් බිමටම ඇදලා දැම්මේ

    ඒකට තමයි කියන්නේ මල්ලී Brainwash කියලා.. ඔය පේනවානේ උඹලා දෙන උත්තර වලම ඒක ගැබ් වෙලා තියෙනවා. මොකද Brainwashed වැඩේ අති සාර්ථක නිසා..


    එතකොට රාජපක්ෂ තුමා අපේ මොලේ හේදුවෙම නැද්ද? පාරෙ අඩි දහයෙන් දහයට පත කටවුට් ගහල, උදේ හිටං රෑ වෙනකල් ජාතික රූපවාහිනියයි නයි ටී එන් එකයි බදු අරන් මොලේ හේදුවෙ නෑනෙ.

    මිනිස්සු හිටංට ඡන්දෙ දුන්නෙ මහින්ද එපා නිසා. රනිල් ආවනම් මහින්ද දිනන්නත් තිබුන. මොකද රනිල් කියන්නෙත් එපා කරපු ඩයල් එකක් නිසා. මිනිස්සු බලාපොරොත්තු වෙච්ච වෙනස ලැබුනා සැප අඩු උනත්
     
    • Like
    Reactions: dragon-fighter

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    ජන්දෙ දෙන විදිහට මිනිස්සුන්ගේ මොළ හේදුවා බන්..
    රත්තරං අශ්වයෝ
    හෙලිකොප්ටර්
    ලැම්බෝගිනි
    කෝටි ප්‍රෝකෝටි ගණන් සල්ලි
    කියලා මන්තරේ වගේ කියවලා ඒවා මිනිස්සුන්ගේ හිතේ වපුරලා
    රාජපක්ෂ විරෝධයක් ඇති කරා..

    ඇත්තම කිව්වොත් මාත් ඒ ගැටේට අහුඋන කෙනෙක්. . (අද ඒ ගැන පසුතැවෙනවා)

    මේ විදිහටම තමයි ලිබියාව වගේ ලෝකයේ හොදම තත්වයේ තිබුන රටක් බිමටම ඇදලා දැම්මේ

    ewa tibbe hindiyenda bun? indian karayoda owa kiwe? :dull: