TV එකක් වගේ ගන්නකොට බලන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා.
* ලංකාවේ තියා අපි TV channels ගන්න ඉන්දියන් කලාපේවත් 4K channel නෑ. 1080p තමයි උපරිම තියෙන්නේ. 1080p upscale කළා කියල අඟල් 55 Full HD TV එකකයි අඟල් 55 4K TV එකකයි වෙනස සාමාන්‍යයෙන් තේරෙන්නේ නෑ. TV එක ගාව ඉඳල අඩි 2 - 3 ලඟින් බලනවා නම් හොඳ ඇහැකට ටිකක් තේරෙයි. අනික මම දැක්ක 4K TV Future Proof කියල කවුරුහරි දාල තිබ්බා. Technology එක Future Proof උනාට ඒ Technology එක පාවිච්චි කරන්නේ නැත්නම් එ වියදම Future Proof නෙමේ. ගොඩක් රටවල FullHD TV channels ඇවිල්ල දැන් අවුරුදු 18ක් විතර වෙනවා. එත් ලංකාවේ තාම එක FullHD channel එකක් තියෙනවද ? ලංකාවට FullHD channel එකක් එන්නත් අඩුම තරමින් තව අවුරුදු 5ක් වත් යයි. අනික අපේ Dialog, SLT ලට 4K දෙන්න තරම් ධාරිතාවයක් නෑ.
* ලංකාවේ 4ක් BluRay ඩිස්ක් විකුනන්න නෑ. රටින් ගෙන්නලා තමයි බලන්න වෙන්නේ. අලුත් චිත්‍රපටියක 4K BluRay එකක් සාමන්‍යයෙන් 25$ විතර වෙනවා. ඉතින් එහෙම බැලුවාම TV එක ගත්ත වගේ නෙමේ..ෆිල්ම් බලන්නත් හොඳ ගානක් යටකරන්න වෙනවා.
* 4k movie එකක් අඩුම තරමින් 36GB වත් වෙනවා. ඉතින් download කරන්න ලේසි නෑ. මේවල Direct Downloads ගොඩාක් අඩුයි. තියෙන්නේ ගොඩක් වෙලාවට Torrents එත් අඩුවෙන්. Torrent Caching පාවිච්චි කරන්නත් සල්ලි වියදම් කරන්න ඕනේ. Free හම්බෙන්නේ 1 - 2 GB වගේ.
ගෙදරකට ඕනෙම භාණ්ඩයක් ගද්දි හිතන්න ඕනේ එක investment එකක් කියල. ඉතින්...එක නිසා බලන්න ඕනේ ROI හෙවත් Return on Investment එක. ලක්ෂ දෙකක් විතර වියදම් කරලා, ඒ technology එක පාවිච්චි කරන්නේ නැත්නම් වැඩේ පාඩුයි. දැන් market එකේ තියෙනවා aduwata 1080p TV. ගන්නකොට බලන්න motion rate එක. ගන්නකොට බලන්න H265 encoded movies බලන්න පුලුවන්ද කියල. Series 7 - 8 වගේ සම්සුන්ග් TV වල ඔය පහසුකම් තියෙනවා. ගානේ ලොකු වෙනසක් නැත්නම් අලුත් Technology එකකට යන එක හොඳයි. හැබැයි වෙනස ලොකු නම්, කාගේ උනත් අම්මරුවෙන් හම්බකරන සල්ලි නේද කියල හිතුවා නම් හොඳයි.
මම හිතනවා මේ පොඩි වචන ටික උදව්වක් වෙයි කියල.