ලියකියවිලි

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    වාහනයක්

    වාහනයක් විකුණද්දී සහ මිලදී ගනිද්දි අවශ්‍ය කරන ලියකියවිලි මොනවද? ඒ ගැන අනිවා දැනගතයුතු දේවල් 6 ක්



    1. වාහනයක් පවරනවා කියන්නේ මොකක්ද?

    Car-Sale-Documents-aniwa-01.jpg
    Source – rideapart.com



    අපි විකුණන වාහනයේ ගැණුම්කරුවා විසින් අදාල මුදල් අපට ගෙවීමෙන් පසුව වාහනය නිත්‍යානුකූලව ඔහු අතට ලබාදීම තමයි මේ නමින් හඳුන්වන්නේ. එය අපට මුදල් දුන් කෙනා වෙතට හිමිකාරීත්වය පැවරීමක්. මේ ක්‍රමවේදයට යම් නෛතික විධි ක්‍රමයක් පවතිනවා. මේ නීතිමය මාර්ගය තුල තමයි සියලුම ක්‍රියාකාරකම් වාහනයක් පැවරීම සම්බන්ධයෙන් කල යුතු වෙන්නේ.

    2. පවරද්දී උවමනා කරන ලියකියවිලි මොනවාද?

    Car-Sale-Documents-aniwa-02.jpg
    Source – ialwaysbelievedinfutures.com



    වාහනයක් පවරන කොට (එක පාර්ශවයකින් තවෙකකට) මෙන්න මේ පහත තිබෙන ලිපි ලේඛන අනිවා උවමනා වෙනවා.

    1. පැවරුම් නිවේදන ලිපිය.(MTA-6-B)
    2. පැවරුම් අයදුම් පත. (MTA-8-C)
    3. පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත සහ එහි ඡායා පිටපතක්.
    4. වාහනයේ ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපත්
    5. වාහනයේ ලියාපදිංචි සහතිකය
    6. වාහනය පවරනවාට තමාගේ අකමැත්තක් නැති බවට පවරන්නා විසින් ලියා අත්සන් කරදෙන ලිපිය, මෙයට සාමවිනිසුරු කෙනෙකු හෝ වෙනත් බලය ලත් නිලධාරියෙකු අත්සන් කල යුතුවෙයි.
    7. ලියාපදිංචි අයිතිකරු (පැවරුම්කරු) අත්සන් කරන ලද MTA 6 හි “A” පිටපතක්.
    8. පවරන්නා ව්‍යාපාරයක් නම් එහි ලියාපදිංචි සහතිකය.
    9. පවරන්නාගේ අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ උඩුකය ඡායාරූප 2ක්. එය සාමවිනිසුරු හෝ වෙනත් බලය ලත් නිලධාරියෙක් විසින් සහතික කර තිබිය යුතුයි.
    10. සුඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට්පත් වල මුල්පිටපත් සහ ඒවායේ ඡායා පිටපත්
    11. වාහනය විකුණන්නේ කාන්තාවක් නම්, විවාහයෙන් පසුව නම වෙනස් වෙලා තිබෙනවා නම් ඒ නම වෙනස් වූ ආකාරය සහිත විවාහ සහතික පිටපතක් හෝ වෙනත් සහතික කල පිටපතක් අවශ්‍ය වෙනවා.
    12. පැවරුම්කරු හෝ අලුත් අයිතිකරු සමාගමක් නම්, එහි seal එක සහිත අත්සන් කල ලිපියක්. මෙය ඉදිරිපත් කරන්නට බැරි නම් company letter head එකක් එක්ක සමාගම ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක්.
    13. හවුල් ව්‍යාපාරයක නම් අනෙක් හවුල්කරුවන් මේ පැවරීමට කැමැත්ත ප්‍රකාශ කරන ලිපියක්.

    3. හරි දැන් අපි කොහොමද පවරගන්නේ

    Car-Sale-Documents-aniwa-03.gif
    Source – giphy.com



    හරි! වාහනය පැවරීම සඳහා ඉහතින් සඳහන් කරපු ලිපි ලේඛන සියල්ල ලැහැස්ති නම් ඔබ දැන් ගණුදෙනුව සම්පූර්ණ කිරීමට ආසන්නවයි සිටින්නේ. මුදල් මගින් හෝ බැංකු ගිණුම් හරහා සිද්ධ වෙන මේ ගණුදෙනුව නීතීඥයකුගෙ සහය ඇතිව සිදුකිරීම තමයි ඊළඟට කරන්න තියෙන්නේ.




    4. වාහනේ අලුත් හිමිකරුගේ නමට ලියාපදිංචි කරන්නේ කොහොමද?

    Car-Sale-Documents-aniwa-04.jpg
    Source – johnhughes.com.au



    මෙතැනදී සිදුවන ක්‍රියා පටිපාටිය අපි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ වෙබ් අඩවියෙන් ගත් තොරතුරු වලට අනුව තමයි අපි පහතින් පෙළ ගස්වා තිබෙන්නේ,

    1. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හරි අදාල දිස්ත්‍රික් කාර්යාලයෙන් හරි ලබාදෙන මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍ර කට්ටලය ලබාගන්න.
    2. එහි සියලු විස්තර ලබාදිය යුතු ආකාරය ගැන සවිස්තරව තිබෙනවා. එහිදී ඔබ සම්පුර්ණ කලයුතු කොටස් සහ ඒවා නව අයිතිකරු වෙත භාරදිය යුත්තේ කොහොමද කියන දේ ගැනත් සියලු තොරතුරු පවතිනවා.
    3. ඔබ ලබාගත් ආකෘති පත්‍රයේ
      MTA6 අකෘති පිටපත් 6කි. එම පිටපත් A, A1, B, B1 යනුවෙන් සලකුණු කර තිබෙනවා. MTA8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා C සහ C1 යනුවෙනුයි.
    4. වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු MTA6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කලයුතුයි.
    5. වර්තමාන අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද MTA6 හි A සහ A1 පිටපත් තමා ලඟ තබා ගෙන MTA6 හි B, B1 සහ MTA8 C, C1 පිටපත් වාහනයේ වාහනයේ නව හිමිකරුට දිය යුතුයි.
    6. වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද MTA6 පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල CMT 52 දරන කුවිතාන්සියක් ලබා ගත යුතුයි.
    7. MTA6 A1 පිටපත ඔබ ළඟ තියාගත යුතුයි.

    5. වාහනයේ නව හිමිකරු

    Car-Sale-Documents-aniwa-05.jpg
    Source – gorapid.com.au



    නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද MTA6 හි B පිටපත, MTA8 හි C පිටපත මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී CMT 52 දරන කුවිතාන්සියක් ගෙන එය තමා සතුව තබාගත යුතු වෙනවා.
    ඒ වගේම නව අයිතිකරු MTA6 හි B1 පිටපත හා MTA6 හි C පිටපත තමා ලඟ තබා ගත යුතු වනවා.

    6. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙයට සපයා ඇති සේවාවන් මොනවාද?

    Car-Sale-Documents-aniwa-06.jpg
    Source – motortraffic.gov.lk


    සාමාන්‍ය සේවා


    • මේ යටතේ අර ඉහත කියපු විදියට ලියකියවිලි පුරවලා, කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට භාර දෙන්න ඕනේ. එතකොට ලියාපදිංචි සහතිකය මාස 2ක් ඇතුලත තැපැල් මගින් එවනු ලබනවා.
    • එහෙමත් නැති නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශීය ලේකම් කාර්යාලයට, රජයේ වැඩකරන දින වල උදේ 9.00 සිට සවස 2.00 දක්වා බාර දෙන්නත් හැකියාව තිබෙනවා.

    එක්දින සේවා

    • අයැදුම්කරු මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවෙහි එක්දින කවුන්ටරයට ඉල්ලූම් පත්‍රය හා අදාළ සියලු ලියවිලි ඉදිරිපත් කරන්නේ නම් එදිනම වාහන හැඳුනුම් කාඩ්පත සහ ලියාපදිංචි සහතිකය ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
    • නමුත් එක්දින සේවය පවතින්නේ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, (වාහන පැවරුම්), තැ:පෙ: 533, 581-341, ඇල්විටිගල මාවත, කොළඹ 05. යන ලිපිනයේහි පමණයි.
    වැදගත්

    • වාහනයක් පවරත්දී වාහනයේ නිෂ්පාදිත වර්ෂය සහ කාණ්ඩය සඳහාත් යම් බදු මුදලක් අය වෙනවා කියන එකත් මතක තබා ගත්තොත් හොඳයි.


    උපුටා ගැනීම - http://www.aniwa.lk/2017/04/03/1704033-car-sale-documents/
     
    Last edited:

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක

    බම්ප්

    avatar515033_1.gif

    සෙබළාණනේ ඔබ මැරුණා නොවේ : කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ



    Tfs + + + + +

    || TFS ||

    patta mcn bump


    හෙනයා;21417899 said:



    11.gif
    11.gif
    11.gif
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මම බයික් එකක් ගන්න යන්නෙ. ඒක තියෙන්නෙ වෙන කෙනෙක්ගේ නමට​. දැන් අයිතිකාරයා ඒක එයාගේ නමට හරවගෙන නැ. (දැන් අයිතිකාරයා අපේ මාමා කෙනෙක්0) ඒක දැන් කෙලින්ම මගෙ නමට හරවන්න පුලුවන් ද​? මුල් අයිතිකාරයා හෙන ඇත ඉන්න එකෙක්. ඒයාව මේකට සම් බන් ධ කරගන්නෙ නැත්ව මට මේ වැඩේ කරගන්න් පුලුවඳ​
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක

    11.gif
    11.gif
    11.gif


    මම බයික් එකක් ගන්න යන්නෙ. ඒක තියෙන්නෙ වෙන කෙනෙක්ගේ නමට​. දැන් අයිතිකාරයා ඒක එයාගේ නමට හරවගෙන නැ. (දැන් අයිතිකාරයා අපේ මාමා කෙනෙක්0) ඒක දැන් කෙලින්ම මගෙ නමට හරවන්න පුලුවන් ද​? මුල් අයිතිකාරයා හෙන ඇත ඉන්න එකෙක්. ඒයාව මේකට සම් බන් ධ කරගන්නෙ නැත්ව මට මේ වැඩේ කරගන්න් පුලුවඳ​

    mul aithikarayawa one wenawa bn......