Jacqueline Fernandez - First Sri lankan Movie - Official Trailer

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    According to Mathew



    220px-According_to_Mathew_poster.jpg



    Starring :

    Jacqueline Fernandez
    Alston Koch

    Directed by : Chandran Rutnam

    Plot: The story is based on the affair and the murders by Father Mathew Pieris, priest of St. Paul's Church, who was later "condemned to death by hanging" for the murder of his wife and the husband of his mistress


    IMG_8355_2808x1872-600x400.jpg



    IMG_8408_2808x1872-600x400.jpg


    story-of-mathew-890x395_c.jpg


    IMG_5081_2808x1872-600x400.jpg


    IMG_5071_2808x1872-600x400.jpg



    accordingtomathew.jpg



    Official Trailer






    Updated - 2017-04-07 10.00pm

    මෙම චිත්‍රපටියට පාදක වී ඇති සත්‍ය සිදුවීම කෙටියෙන්:


    ඉයුනිස් පීරිස්, රසල් ඉන්ග්‍රම් – මැතිවු පීරිස් මිනීමැරුම්

    6-Murders-Image-4-Matthew-Pieris.jpg


    මැතිවු පීරිස් පියතුමා විසින් සිදු කරන ලද මිනී මැරුම් වල සුවිශේෂත්වය වන්නේ දියවැඩියාව පාලනය කිරීමට දෙන ඖෂධයක් ලබා දෙමින් ඉතා සූක්ෂම අන්දමින් කල මිනීමැරුම් දෙකක් වීම.


    මීට දශක හතරකට පමණ පෙර සිදුවූ ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ අමුතුම ආකාරයේ අපරාධයන් දෙකක් තමයි මැතිවු පීරිස් පියතුමා විසින් සිදු කරන ලද ඉහත සඳහන් මිනී මැරුම් දෙක. මෙම මිනී මැරුම් වල සුවිශේෂත්වය වන්නේ දියවැඩියාව පාලනය කිරීමට දෙන ඖෂධයක් ලබා දෙමින් ඉතා සූක්ෂම අන්දමින් කල මිනීමැරුම් දෙකක් වීම.
    සුවිශේෂී චරිත ලක්ෂණ වලින් හෙබි පුද්ගලයෙකු වන මැතිවු පීරිස් පියතුමා ලෙඩ රෝග සුවකිරීම පිළිබඳවද කීර්තියට පත්ව සිටි පියනමක්. දැඩි ආගම් භක්තික පවුලකින් පැවත එන විවාහක කාන්තාවක් වන ඩැල්රින් ඉන්ග්‍රම් නැමැති තැනැත්තියක් සමග පෙමින් වෙළෙන මැතිවු පීරිස් පියතුමා ඇය හා එක්වීමට මග පාදාගැන්මට සූක්ෂම උපායයන් යොදනවා. ඒ ඉතාම භයානක ආකාරයකින්.
    ඉන්ග්‍රම් පවුල සමග සමීප සබඳතාවයක් පවත්වන මැතිව් පීරිස් උපායශීලීව ඩැල්රින් ඉංග්‍රම්ගේ සැමියා වන රසල් ඉංග්‍රම්ව රෝගී තත්ත්වයට පත් කරනවා.ඒ දියවැඩියා ඖෂධ යොදාගනිමින්. කාලයක් තිස්සේ දුර්වලත්වයට පත් වෙමින් දුක්ඛිත ජීවිතයක් ගෙවන රසල් ඉංග්‍රම් අවසානයේදී මරණයට පත්වන්නේ වෛද්‍යවරුන්ටත් රෝග විනිශ්චය කරගත නොහැකි අන්දමන්ද ස්වභාවයකට පත් කරමින්. රසල් ඉංග්‍රම්ගේ මරණය හෙමිහිට කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට පටන් ගන්නවා.
    ඊට කලකට පසුව නැවත මැතිවු පීරිස් පියනම කරළියට පැමිණෙන්නේ ඔහුගේ බිරිද වන ඉයුනිස් පීරිස් මහත්මියගේ රෝගී තත්ත්වයක් සමගයි. ඇයත් රසල් ඉංග්‍රම් පීඩා වින්දා සේම ගුප්ත රෝගී තත්ත්වයකින් පීඩා විඳිමිනුයි සිටින්නේ. කෙසේ වෙතත් කිහිප දිනකින්ම ඈත් මරණයට පත් වනවා.
    මේ සිදුවීම ඇසින් දුටු වෛද්‍යවරයෙක් තම නිල නිවස්නයේ තවත් වෛද්‍යවරයෙක් සමග සල්ලාපයේ යෙදී සිටියදී මේ සිදුවීම විස්තර කරනු ලබනවා. අනෙක් වෛද්‍යවරයා පත්වන්නේ පුදුමයෙනුත් පුදුමයටයි. මක් නිසාද යත් ඔහුත් දිගු රැවුලකින් යුත් පියනමක් සහ ඉහත කී රෝග ලක්ෂණ සහිත රෝගී පුද්ගලයෙක් සම්බන්ධ සිදුවීමකට මීට පෙර මුහුණදී ඇති නිසාවෙන්(රසල් ඉංග්‍රම් සිදුවීම). මෙහි ඇති සැකසහිත බව නිසා පොලිසියට මේ ගැන ඔවුන් දැනුම් දෙනවා. ඒ මගින් සිදුකෙරෙන වැඩිදුර පරීක්ෂණ ඔස්සේ මැතිවු පීරිස් පියනමත් ඩැල්රින් ඉංග්‍රමුත් නීතියට හසුකරගනු ලබනවා.
    දිගු කලක් සිරගතව සිටි මැතිවු පීරිස් පියනම පසුව නිදහස්ව ඩැල්රින් ඉංග්‍රම් සමග විවාහ වූ බව සඳහන්. 1998 වර්ෂයේදී මැතිවු පීරිස් සදහටම මෙලොවින් සමුගෙන තිබෙනවා.


    source aniwa lk
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වස කම්මැලියි බන් ට්‍රේලර් එක මෙහෙමනං ෆිල්ම් එක බලද්දී අනිවාර්යෙන් නින්ද යනවා ෂුවර් :yes:

    ජැකලින් අක්ක කොහොම කැමති උනාද මන්ද මේ වගේ ෆිල්ම් එකකට.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වස කම්මැලියි බන් ට්‍රේලර් එක මෙහෙමනං ෆිල්ම් එක බලද්දී අනිවාර්යෙන් නින්ද යනවා ෂුවර් :yes:

    ජැකලින් අක්ක කොහොම කැමති උනාද මන්ද මේ වගේ ෆිල්ම් එකකට.

    ෆිල්ම් එක කම්මැලි උනාට කමක් නෑ. ජැකී අක්ක ඉන්නවනේ :P:love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :P ජැකී අක්කගේ එච්චර දෙයක් බලන්න නැතුව ඇති :P

    සම්භාවය චිත්‍රපටියක් :P නිසා මුකුත්ම නැතිවෙයිද ? :eek::(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    වස කම්මැලියි බන් ට්‍රේලර් එක මෙහෙමනං ෆිල්ම් එක බලද්දී අනිවාර්යෙන් නින්ද යනවා ෂුවර් :yes:

    ජැකලින් අක්ක කොහොම කැමති උනාද මන්ද මේ වගේ ෆිල්ම් එකකට.

    මේක ඇත්ත කතාවක් යකෝ :nerd::nerd:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක ඇත්ත කතාවක් යකෝ :nerd::nerd:
    :yes: ඔව් බන් කතාව කියෙව්වා ඒකත් එක හේතුවක් කතාව කම්මැලියි කියන්න.

    අනික ජකලින් අක්ක අස්වාභාවිකයි මේ චරිතෙට, කඩ්ඩ හොඳ උනාට පොෂ් ගතිය වැඩියි නෙ.