පලවෙනි පිටුවෙ reserve කරගත්ත එක expire වෙලා. සොරි හොඳේ.
මෙහෙමයි කතාව,
ලංකාවෙ startup එකක් කරනවා කියන්නෙ ඇත්තටම කරන්න බැරි දෙයක්.
පලවෙනි එක තමා ලොකු සල්ලියක් යට කරන්න ඕන පටං ගද්දිම. කරන්න තියන හොඳම දේ තමා පටං ගන්නකොට වියදම අඩු කරන එක. ඔයාලා software වගෙ දේකට යනවා නම්, startup space එකකට සල්ලි යට කරන්න එපා. කාගෙ හරි ගෙදරකට සෙට් වෙලා වැඩේ කරන්න පටං ගන්න. අවුරුද්දකට පස්සෙ, ඔයාලා, target කරපු තැනට ආවොත් විතරක්, අලුත් තැනකට ගිහිං, marketing, branding, registration වගේ ඒවට සල්ලි යට කරන්න. ඊට කලිං ඒ දේවල් කරොත්, අපරාදෙ සල්ලි වෙනවා.
දෙවනි එක තමා හොඳ team එකක් හදාගන්න එක. මම පටං ගත්තෙ තනියම. මගෙත් එක්ක එකට ඉගෙන ගත්ත දෙන්නෙක් සපෝට් එකට හිටියා. ඒත් මම තමා risk එක (වියදම) සම්පූර්ණයෙං අරං ගේමට බැස්සෙ. උඹට 8 දෙනෙක් සෙට් වෙලා ඉන්නවා කියන්නෙ, උඹ වාසනාවන්තයි. අඩු තරමෙ ඔය 8න් දෙන්නෙක් වත් ඉතුරු වෙයි බොහෝ විට මුල් මාස දහය ඉවර වෙද්දි. (වට්ටන්න කියනවා නෙවේ, startup වල ස්වභාවය එහෙම තමා.) එකට ඉගෙනගද්දි සමාන අදහස් තියන අය කියලා හිතුනට, එකට වැඩ කරද්දි අදහස් වල ලොකු විෂමතා එලියට එනවා.
තුන්වෙනි එක තමා, competitorලා. දියුණු රටවල වගේ නෙවේ, ලංකාවෙ startup එකක් වට්ටන competitors ලා වෙන්නෙ, business ඩොමෛන් එකෙං පිට අය. බොහෝ විට අල්ලපු ගෙදර ඇන්ටිගෙ ඉඳලා, පළාත් සභා මන්ත්‍රී දක්වා කෙනෙක් වෙන්න පුළුවන්. මිනිස්සු ගැන සැලකිලිමත් වෙන්න. ලංකාව කියන්නෙ, කෙනෙක් අලුත් දෙයක් කරනවා පෙන්නන බැරි මිනිස්සු ඉන්න රටක්.
හතරවෙනි එක තමා, idea එකේ ප්‍රායෝගිකත්වය. දැනටම ලෝකෙ පෙරලන්න තරම් ගොඩාක් idea දානවා ඇති ඔබ ඇතුළු ඔය අනිත් 8 දෙනා. ඒත් ඒ දේවල් ප්‍රායෝගිකව කරන්න ගියාම, හිතුවෙවත් නැති ගැටළු ගොඩක් එනවා. ඒ නිසා, අලුත් project එකක් ගැන හිතද්දි, ඒක සාර්ථක වුනාම කොහොම වෙයිද කියලා හීන මව මව ඉන්නෙ නැතුව, ඒක අසාර්ථක වුනොත්, කොහොමද ගොඩ එන්නෙ කියලා හිතන්න. අසාර්ථක වෙන්න පුළුවන් තැන් මොනවද කියලා ආය ආය හිතලා බලන්න. backup plan එකක් නෙවේ, දෙක තුනක් තියාගන්න.

ඒකෙ බොසා මාර හොඳයි .. පොර අපිව අපේ Startup එකක් පටන්ගත්තොත් ඒක හරියට කරගන යන්න පුලුවන් වෙන්න අත්දැකීම් දුන්නා හොඳට. Dev කියලා නෑ Meetings වලට එක්කන් ගියා. Clients ලත් එක්ක ගණුදෙනු කරන හැටි කියලා දුන්නා, Marketing සහ Sales ගැන කියලා දුන්නා (ඒ කාලෙ මං ආස නැති උනාට) .වැඩි වැඩියෙන් හරියන්න ඕන ඒ බොසාට 