මිනීමරු නන්දසේන ගෝඨා ගේ ගොන් ආතල් ඉවරයි

monson

Well-known member
  • May 7, 2007
    24,920
    26,985
    113
    කොස්ගම සාලාව ආමරිය පුපුරා යෑම සහ ගෝඨාභයගේ බළලා මල්ලෙන් එළියට පැනීම - විමල් ධීරසේකරගේ විග්‍රහය

    කොස්ගම යුද හමුදා අවි ගබඩාව ගින්නකින් පුපුරා යෑම කිසියම් “කුමන්ත්‍රණයක්“ දැයි සාකච්ඡාවට බඳුන් වෙද්දී ගෝඨාභයගේ බළලා මල්ලෙන් එළියට පැන තිබේ.

    කොස්‌ගම සාලාව අවි ගබඩාව පුපුරා යෑමේ සිද්ධිය පිළිබඳව "දිවයින" නමැති මරාවාදී පත්තර පඩංගුව කළ විමසුමකට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ “මීට යුද හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, තමා ආරක්‍ෂක ලේකම් වශයෙන් සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් ඉවත් කරන බවත්ය. වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා එය භාරගෙන යුද හමුදාපතිවරයා ඉල්ලා අස්‌විය යුතුව ඇතැයි“ ද ගෝඨා පවසා ඇත.

    රාජපක්ෂලා ජනවාරි 8 දා පැරදී මැදමූලනට පලා යන්නට යාන්තම් මාස 3 ක් තිබියදී 2014 ඔක්තෝම්බර් 02 වෙනිදා මත්තේගොඩ යුද හමුදා ක්‍ෂේත්‍ර ඉංජිනේරු කඳවුරු සංකීර්ණයේ පතොරම් හා පුපුරන ද්‍රව්‍ය ගබඩාව සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී යද්දී කිසිවෙකුට අස්වෙන්නැයි නොකියා නකුට දෙපරහැන්ද අස්සේ ගසාගෙන කන් පට කඩාගෙන සිටී ගෝඨාභය මේ සිද්ධියේදී බුරන්නේ ඇයි..?
    ගෝඨාභයගේ බළලා මල්ලෙන් එළියට පනින්නේ අන්න ඒ කාරණාව විමසීමේ දීය.

    පළමුවැන්න ලෙස ‘තමා ආරක්ෂක ලේකම්ව සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් අස් කරනවා‘ යි ඔහු කියන කාරණාව ගනිමු.

    ආරක්ෂක ලේකම්ගේ සහ සංස්කෘතික ලේකම්ගේ තනතුරෙහි නිල බලයේ සහ තරාතිරමේ වෙනසක් නැත. දෙදෙනාම අමාත්‍යාංශ ලේකම් වරුන් වන අතර ඔහු එම අමාත්‍යාංශ වල ඇමැතිවරුන්ට යටත් ය. සංස්කෘතික ලේකම් මහනුවර දළදා පෙරහැරේ නියමුවා නොවනවා සේම, ආරක්ෂක ලේකම් ත්‍රිවිධ හමුදාපතිවරුනට අණ දෙන්නාද නොවේ. ඔහු ආරක්ෂක ඇමැතිගේ අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු මෙහෙයවන්නා මිස විධාන දෙන්නා නොවේ. එසේ විධාන දෙන්නේ ආරක්ෂක ඇමැතිවරයාද සේනාධිනායකයාද වන ජනාධිපතිවරයා ය. හමුදාපතිවරුන් පත් කරන්නේ සේනාධිනායක ජනාධිපතිවරයා වුවද හමුදාපතිලා අස් කිරීමක් ජනාධිපතිවරයා ද නොකරන්නේ ය. දරුණු ඝනයේ වරදකදී වුව කෙරෙන්නේ ඉල්ලා අස්වෙන ලෙස කීම මිස අල්ලා අස් කිරීම නොවේ. සේනාධිනායකයා පවා එසේ කරද්දී කොහේවත් යන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට හමුදාපතිලා අස්කළ නොහැකිය. සංස්කෘතික අමාත්‍යාංශ ලේකම්ට දළදා පෙරහැරේ නිලමේලා අස්කළ නොහැකිය.

    ගෝඨාභය තම ජනාධිපති අයියාගේ පවර් පෙන්නමින් සිටි කාලයේදී පවා ඔහුට හමුදාපතිවරුන් අස් කිරීමේ හැකියාවක් තිබුනේ නැත. තිබුනා නම් සරත් ෆොන්සේකා දේශපාලනයට එන බවට ආරංචි ලැබූ සැනින් ඔහුව අල්ලා අස් කරන්නට හැකියාව තිබිණ. ගෝඨාභයට එවැනි බලයක් එදාවත් තිබුනේ නැත.

    එහෙව් එකේ මේකා මේ අද ගොබ්බ පත්තරකාරයන් ඉදිරියේ කයිය ගහනවා ය.

    ඊළඟට ගෝඨා ‘වගකීම හා වරද ඉහළට හෝ පහළට නොපවරා යුද හමුදාපතිටම අස්වෙන්න‘ යැයි කියයි. ඒ ඇයි..? රාජපක්ෂලාගේ වනචර දශකයේදී ‘ඉල්ලා අස්වීම‘ යන වචනය පවා ශබ්ද කෝෂයෙන් ඉවත් කර සිටි ගෝඨාභය අද යුද හමුදාපතිටම ඉල්ලා අස්වෙන්නැයි කියන්නේ ඇයි..? තම සොයුරා පරාජය කළ සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ තමා දැරූ ධූරය දැනට දරන කරුණාසේන හෙට්ටිආරච්චිට හෝ ඉල්ලා අස්වෙන්න යැයි නොකියා යුද හමුදාපතිටම ඉල්ලා අස්වෙන්නැයි කියන්නේ ඇයි..?

    ගෝඨාගේ මල්ලෙන් එළියට පැන්නේ හරියටම බළලා බව මාට්ටු වන්නේ මෙහිදීය..

    වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත සිල්වා විශ්‍රාම යා යුතු වයස සම්පූර්ණ වන්නේ ලබන අගෝස්තු 21 වෙනිදා ය. ඔහු සේවා දිගුවක් නොලබා විශ්‍රාම ගතහොත් ඊළඟට හමුදාපතිවීමට නියමිත වන්නේ අද මාණ්ඩලික ප්‍රධානියා වන මිලින්ද පීරිස්, නැතහොත් අද නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වන සුමේධ පෙරේරා ය. මේ දෙදෙනාගෙන් කවුරුන් වුව හමුදාපති වෙනවා යනු ගෝඨාභය හමුදාපති කරනවා වැනිය. ඔවුන් ඒ තරමේ ගෝඨාභය වාදීන් ය. පට්ට දූෂිතයන් ය. සුමේධ පෙරේරා වැනි අය සිටිය යුත්තේ මේ තනතුරුවල නොව සිරගෙවල කූරු ගණන් කරමින්ය. අනුන්ගේ ඉඩම් වලට හොර ඔප්පු ලියා අධිකරණයෙන් වරද කරු වී වසර 5 ක් පමණ හමුදාවෙන් ඉවත් කර සිටි සුමේධ පෙරේරා වැනි පට්ට දූෂිතයෙක් යලි රැගෙන හමුදාව අස්සට ඔබා ගත්තේ ගෝඨාභය විසින් තමන්ට අවශ්‍ය සට්ටැඹියන් රෑන ශක්තිමත් කර ගැනීමට ය.

    යුද හමුදාපති ක්‍රිෂාන්ත සිල්වා විශ්‍රාම නොලබා තව දුරටත් වසරක සේවා දිගුවක් ලබා දුනහොත් ගෝඨාභයගේ මිලින්ද පීරිස් සහ සුමේධ පෙරේරා පමණක් නොව ගෝඨාභයගේ අංක එකේ සට්ටැඹියන් 10 දෙනෙකුට අධික ඉහල ඇවරියක්ම නිලයේ උපරිම කාලය සම්පූර්ණ වී විශ්‍රාම යන්නාහ. රාජපක්ෂලා සමග අමු අමුවේ දේශපාලනය කළ හමුදා සට්ටැඹියන් රොත්තක්ම ගෙදර යන්නාහ. එවිට ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා යුද හමුදාව අස්සේ කළ හැකි බිබික්කමක් නැත.

    මේ හේතුව නිසා ගෝඨාභයට විශාල වුවමනාවක් පැවතියේ ක්‍රිෂාන්ත සිල්වාට සේවා දිගුවක් ලබා නොදීමට හේතු කාරණා නිර්මාණය කිරීම ය. කොස්ගම සාලාව ආමරිය හදිසියේ ගිනි ගැනීමෙන් පසු ඊට යුද හමුදාපතිවරයා වග කිව යුතු යැයි කිසිවෙකු නොකියද්දී ගෝඨාභයම ඉදිරියට පැමිණ හමුදාපතිවරයාම ඉල්ලා අස්විය යුතුයැයිද ‘මං හිටියා නම් වහාම අස්කරනවා‘ යැයි ද උස් හඬින් තම හෙංචා දිවයින හරහා තප්පුලන්නේ ඒ නිසා ය.


    ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලනිපයේ දෙවැනියා කළ යුතු යැයි ජෝන් සෙනෙවිරත්න කියා පැය ගණනක් යද්දී මෙතෙක් කාලයක් නිරුපද්‍රිතව තිබූ කොස්ගම සාලාව ආමරිය කිසිදු හේතුවක් නැතිව පුපුරා යන්නේ ඇයිද කියා සොයා බලනවා නම් ඉහත ගෝඨාභයගේ ‘බළලා මල්ලෙන් එලියට පැනීම‘ නොසලකා සිටිය නොහැකිය. කිසිදු හේතුවක් නොමැතිව ට්‍රාන්ස්ෆෝමර පුපුරා යෑමත්, ගෝඨාභයගේ යුගයේ කොළඹ කච්චේරිය ගිනි ගැනීම ගැනත්, වරායේ ගුදම් ගිනි ගැනීම ගැනත්, ඉවත්ව යෑම ප්‍රතික්ෂේප කළ කොළඹ පිටකොටුවේ කඩ ගිනි ගැනීම ගැනත් කිසිදු හේතුවක් සොයා ගත නොහැකි වීමද නොසලකා සිටිය නොහැකිය.
    වසර 10ක් ගෝඨා බම්බු ගැහුවාද?

    “චන්ද්‍රිකා ජනාධිපතිනියගේ සමයේ පනාගොඩ පිහිටි යුද හමුදා අවි ගබඩාව කොස්‌ගම සාලාව කඳවුර වෙත රැගෙන ගොස්‌ තිබුණා. ටොන් 25,000 ක පමණ උණ්‌ඩ මෙම අවි ගබඩාවේ තිබුණා. මම ආරක්‍ෂක ලේකම් වූ පසු එම ස්‌ථානය ඊට නුසුදුසු අනාරක්‍ෂිත එකක්‌ බව පෙනී ගිය බැවින් එම උණ්‌ඩවලින් විශාල ප්‍රමාණයක්‌ වේයන්ගොඩ අවි ගබඩාවට රැගෙන ගියා“ යි ගෝඨා පවසා තිබේ.

    මේ කතා පට්ට පල් බොරුය. චන්ද්‍රිකාගේ යුගයේ තිබී එය අනාරක්ෂිත යැයි පෙනී ගියා නම් ගෝඨාභය වසර 10 ක් තිස්සේ පොල් ගෑවාද? සාලාව ආමරියේ උණ්ඩ ගබඩා කර තිබී ඇත්තේ පොළොව යට නොවන බවත් උණ්ඩ ගබඩා කරද්දී ආරක්ෂිත වතුර ටැංකි හෝ වතුර ස්ප්‍රින්කල්ස් ක්‍රමයක් හෝ ස්ථාපනය කර නොතිබූ බවත් දැන් පෙනී ගොස් තිබේ. ‘‘මම ආරක්‍ෂක ලේකම් වූ පසු එම ස්‌ථානය ඊට නුසුදුසු අනාරක්‍ෂිත එකක්‌ බව පෙනී ගියා“ යි ගෝඨා කියන්නේ නම් අඩුම ගණනේ ආරක්ෂිත වතුර ස්ප්‍රින්කල්ස් සවි නොකර, වතුර ටැංකි සවි නොකර, උණ්ඩ පොළොව යට නොදමා වසර 10 ක් තිස්සේ බම්බු ගැහුවාද?

    ටොන් 25000 ක් තිබුනා යැයි කියන්නේ ද පට්ට පල් කෙබරයකි. 2015 රාජපක්ෂලා පැරදී මැදමූලනට පසු බසිද්දී මෙහි තිබී ඇත්තේ ටොන් 17000 කි. වත්මන් යුද හමුදාපතිවරයා පත්වීමෙන් පසුව එය 7000-8000 ක් අතර ප්‍රමාණයකට අඩු කර ඉතිරිය වෙනත් ස්ථාන කරා ගෙන ගොස් තිබිණ. එදා පුපුරණ අවස්ථාව වෙද්දී එතරම් ප්‍රමාණයකින් උණ්ඩ අඩු වී තිබීම නිසා මේ තරමකට හෝ හානිය අවම විය. එපමණක් නොව මෙම ස්ථානය ජනාකීර්ණ ස්ථානයක තිබෙන බැවින් වත්මන් හමුදාපතිවරයා පැමිණීමෙන් පසු මෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්වාගෙන යා යුතු යුද හමුදා ‘ඩ්‍රිල් එක‘ සෑම මසකටම වරක් පවත්වා තිබේ. එවැනි පුහුණුවක් තිබූ නිසා මේ තරම් විශාල පිපිරීමක් සිදුවුවද එක් හමුදා ජීවිත හානියකින් සහ සිවිල් ජීවිත 2 කින් පමණක් හානිය අවම කර ගැනීමට හැකි වී තිබීම වාසනාවකි.

    වත්මන් යුද හමුදාපතිවරයා බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ඇත්තෙක් බැවින් මෙම පිපිරුමට අදාල හේතු සොයා ගැනීමට පහසුවක් වනු ඇතැයි සිතමු. මේ ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට ද පිපිරුම සිදුවූයේ කෙසේදැයි සෙවීමට අදාල පරිවේෂනීය සාක්කි ඉතිරි වී ඇත්දැයි සැක සහිතය. එබැවින් සැබෑ හේතු සොයා ගැනීමේදී ගෝඨාභයගේ බළලා මල්ලෙන් එළියට පැනීමේ ප්‍රකාශයත්, ජෝන් සෙනෙවිරත්නගේ බළලා දෙවැනියා කිරීමේ ප්‍රකාශයත්, ඇසින් දුටු අයගේ ප්‍රකාශත් බොහෝ දුරට ඉවහල් වනු ඇතැයි විශ්වාස කරමු. ගින්න හට ගන්නවාත් සමග සෙබලුන් මිය ගොස් සිටින වේදනාවෙන් කෑ ගසමින් සිටින අතීත යුද්දයේ අවස්ථාවක දර්ශන, සාලාව ආමරියේ පිපිරීමේ දර්ශන යැයි ව්‍යාජ ලෙස සකස් කරන ලද වීඩියෝවක් ආරක්ෂක සාමාජිකයන් අතර පතුරුවා හැරියේ කව්ද කියා සොයා ගත හොත් ගින්නේ කුමන්ත්‍රණ කරුවන් හෙලිකර ගැනීමට එයද පිටුවහලක් වනවා ඇත.

    -විමල් ධීරසේකර විසිනි-


    - http://www.lankaenews.com/news/4100/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,920
    26,985
    113
    ජේආර්ගේ ජෙෆ්රි බාවා සහ ගෝඨාගේ මුදිත කාවා!

    e94c9fec1d4737ab646df2330968a9dc_XL.jpg


    ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මේ දිනවල කතාබහට ලක්වී ඇති චරිතයක් වන්නේ ඔහු රාජපක්ෂ පවුල සමග පැවැත්වූ සම්බන්ධකම් හේතුවෙනි. රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි සුදු කිරීමට මුදිත ජයකොඩි තම වෘත්තීය යොදවා ගත් ආකාරය මේ දිනවල මූළ්‍ය අපරාධ කොට්ඨාශය (FCID) පරීක්ෂණ පවත්වමින් සිටී.

    බැසිල් රාජපක්ෂ සතු මල්වානේ අක්කර 16 ක ඉඩම සහ නිවස, මාතර බ්‍රවුන්ස් හිල් මැඳුර, ඩී.ඒ. රාජපක්ෂ පදනමට අයත් ගම්පහ පක්ෂ කාර්යාලය වැනි ගොඩනැගිලිවල ගෘහ නිර්මාණ ශිල්පියා වන මුදිත ජයකොඩි එම ව්‍යාපෘතිවලට කිසිදු මුදලක් අය නොකර ඇත. ඒ වෙනුවට රජයේ විශාල පරිමාණයේ ව්‍යාපෘතීන් සමූහයක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මුදිත ජයකොඩි හට ලබා දීමට රාජපක්ෂවරුන් කටයුතු කර තිබේ.

    වරක් FCID විසින් ඔහුගේ වෘත්තීය පලපුරුද්ද පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ඉතා උද්ධච්ඡ ආකාරයට මුදිත පවසා ඇත්තේ FCID පිහිටා ඇති ගොඩනැගිල්ලද තමාගේ නිර්මාණයක් බවයි. නමුත් එම ගොඩනැගිල්ල සිය වසකට ආසන්න කාලයක් ඉපැරණි බව පොලිස් නිලධාරීන් මතක් කර දුන් විට ඔහු පවසා ඇත්තේ එහි නව ප්‍රතිසංස්කරණ කටයුතු (Refurbishment) තමන් විසින් සිදුකළ බවයි.

    එම කොන්ත්‍රාත්තුව ඔහුට ලැබුනේ ටෙන්ඩර් මගින්දැයි විමසීමේදී තවත් උද්ධච්ඡ පිලිතුරක් ලබා දෙමින් මුදිත ජයකොඩි පවසා ඇත්තේ ‘ජේ. ආර්. ජයවර්ධන 1978 ජෙෆ්රි බාවාට පාර්ලිමේන්තුව සැලසුම් කිරීම ලබාදුන්නේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව බව'යි. ඒ ආකාරයට තමන්ටත් ගෝඨාභය රාජපක්ෂ මෙම කොන්ත්‍රාත්තුව ලබා දුන් බව ඔහු සඳහන් කර ඇත.

    මුදිත ජයකොඩි ඇසෝසියේට්ස් සහ යුධ හමුදාව අතර සිදුකරනු ලැබූ ගිවිසුම අහෝසි කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටීමට යන බව වාර්තා වේ.

    පසුව මේ පිලිබඳව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් FCID නිලධාරීන් කළ ප්‍රශ්න කිරීමකදී ඔහු පවසා ඇත්තේ ‘කන්ට්‍රැක්ට් එක ටෙන්ඩර් කෝල් කරන්නැතුව මුදිත ජයකොඩිගෙ ෆර්ම් එකට දෙන්න කියල ගෝඨාභය මගෙන් ඉල්ලුවා' කියාය.

    මීට අමතරව මුදිත ජයකොඩිට හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ බත්තරමුල්ල පැලවත්තේ යුද හමුදා මූළස්ථානය හෙවත් පෙන්ටගනය සහ කොම්පඤ්ඤවීදියේ යුධ හමුදා පාසල සැලසුම් කිරීම හා ගොඩ නැගීම පවරා ඇත්තේ ද ටෙන්ඩර් කැඳවීමකින් තොරවය.

    මුදිත ජයකොඩි මෙම මහා පරිමාණ ව්‍යාපෘති දෙකම අත යටින් ලබාගෙන ඇත්තේ තම ආයතනය පිළිබඳව යුධ හමුදාවට අමූලික බොරු පවසමිනි. ඔහු යුද හමුදාවට පවසා ඇත්තේ තමා යටතේ ගෘහ නිර්මාණ ශිල්පීන් විසි දෙනෙකු හා ඉංජිනේරුවන් තිස් දෙනෙකු පූර්ණ කාලීනව සේවය කරන බවයි. නව රජය බලයට පත්වීමෙන් පසු කැබිනට් අනු කමිටුවක් මගින් මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී හෙලිවූ කරුණු මත පිහිටා මෙකී කොන්ත්‍රාත්තුව අවලංගු කර ඇත. නමුත් එය පූර්ණ වශයෙන් ශුන්‍ය සහ බල රහිත කිරීම ආරක්ෂක අමාත්‍යංශය තවමත් කල් දමමින් සිටින්නේ ඇයි දැයි ප්‍රශ්නයකි.

    දේශමාන්‍ය ජේෆ්රි මෑනින් බාවා මහතා නිර්මාණය කළ අදටත් ජීවය නොනැසී පවතින නිර්මාණ රැසක නාමාවලිය පහත දැක්වේ.


    1940s
    • Lunuganga, Bentota (1948–1998)
    1950s
    • St. Thomas' Preparatory School, Colombo (1957–1964)
    • Carmen Gunasekera House, Colombo (1958)
    • Kanangara House, Colombo (1959)
    • Club House, Ratnapura (1959)
    • Deraniyagala House, Colombo (1959)
    • Wimal Fernando House, Colombo (1959)
    • Jayawardena house, Colombo (1959–1960)
    • Ekala Industrial Estate, Ja ela (1959–1960)
    • A.S.H. De Silva House, Galle (1959–1960)
    • Manager's Bungalow, Maskeliya (1959–1960)
    • Turin Koralage House, Elpitiya (1959-1960)
    • Wijewardene House, Colombo (1959–1964)
    1960s
    • Osmund and Ena de Silva House, Colombo (1960–62)
    • Bishop's College, Colombo (1960–1963)
    • 33rd Lane, Colombo (1960–1998)
    • Chapel for the Good Sheperd Convent, Bandarawela (1961–1962)
    • House for Dr. Bartholomeusz, Colombo (1961–1963)
    • House for Chris and Carmel Raffel, Colombo (1962–1964)
    • Pim and Pam Fernando House, Colombo (1963)
    • St. Bridget's Montessori School, Colombo (1963–1964)
    • Polontalawa Estate Bungalow, Polontalawa (1963–1965)
    • Hilton Hotel, Colombo, Colombo (1965)
    • Madurai Boys' Town, Madurai, India (1965–1967)
    • Yahapath Endera Farm School, Hanwella (1965–1971)
    • Coral Gardens Hotel additions and renovations, Hikkaduwa (1966)
    • Steel Corporation Offices, Oruwela (1966–1969)
    • Bentota Beach Hotel, Bentota (1967–1969)
    • Pieter Keuneman House, Colombo (1967–1969)
    • Serendib Hotel, Bentota (1967–1970)
    • Yala Beach Hotel, Yala (1968)
    • Mahahalpe Farm, Kandy (1969)
    • Ceylon Pavilion 1970 World Fair, Osaka, Japan (1969–1970)
    1970s
    • Pallakele Industrial Estate, Pallekele (1970–1971)
    • P.C. de Saram Terrace Houses, Colombo (1970–1973)
    • Science Block, Nugegoda (1971)
    • Madurai Club, Madurai, India (1971–1974) - it has been renamed as Heritage Madurai.
    • Hotel Connamara Remodelling, Chennai, India (1971–1976)
    • Club Mediterranee, Nilaveli (1972)
    • Stanley de Saram House, Colombo (1972)
    • Batujimbar Pavilions, Sanur, Indonesia (1972–1975)
    • Peter White House, Pereybere, Mauritius (1973–1974)
    • Neptune Hotel, Beruwala (1973–1976)
    • Agrarian Research and Training Institute, Colombo (1974–1976)
    • Hotel at Pondicherry, Puducherry, India (1975)
    • Seema Malaka, Colombo (1976–1978)
    • State Mortgage Bank, Colombo (1976–1978)
    • Candoline Hotel, Goa, India (1977)
    • Panama Hotel, Panama (1977)
    • Martenstyn House, Colombo (1977–1979)
    • Meena Muttiah Hospital for the Kumarni of Chettinad, Chennai, India (1978)
    • House for Lidia Gunasekera, Bentota (1978–1980)
    • Institute for Integral Education, Piliyandala (1978–1981)
    • Club Villa Hotel, Bentota (1979)
    • Samy House, Dahshur, Egypt (1979)
    • Triton Hotel, Ahungalla (1979–1981)
    • Sri Lankan Parliament Building, Kotte (1979–1982)

    1980s
    • University of Ruhuna, Matara (1980–1988)
    • Galadari Hotel, Islamabad, Pakistan (1984)
    • Sunetra Bandaranaike House, Horagolla (1984–1986)
    • Offices for Banque Indosuez, Colombo (1985)
    • Institute of Engineering Technology, Katunayake (1985)
    • Fitzherbert House, Tangalle (1985–1986)
    • De Soysa House, Colombo (1985–1991)
    • Bashir Currimjee House, Port Louis, Mauritius (1986–1994)
    • Hyatt Hotel, Sanur, Sanur, Indonesia (1989)
    • Larry Gordon House, Wakaya, Fiji (1989)
    • Singapore Cloud Centre, Singapore, Singapore (1989)
    1990s
    • Banyan Tree Hotel, Tanjung Pinang, Indonesia (1991)
    • Kandalama Hotel, Dambulla (1991–1994)
    • Jayakody House, Colombo, Colombo (1991–1996)
    • Sarabhai House, Ahmedabad, India (1992)
    • Modi House, Delhi, India (1992)
    • Jayakody House, Bentota, Bentota (1993)
    • Poddar House, Bangalore, India (1994)
    • Kani Lanka Resort & Spa, Kalutara (1994–1996)
    • Lighthouse Hotel, Galle (1995–1997)
    • Blue Water Hotel, Colombo (1996–1998)
    • Official Residence of the President, Kotte (1997-)
    • Pradeep Jayewardene House, Mirissa (1997–1998)
    • Spencer House, Colombo (1998)
    • Jacobsen House, Tangalle (?)
    Unbuilt
    • U.N. Headquarters, Malé, Malé, Maldives (1985)
    Awards and fellowships[edit]
    • Pan Pacific Citation, Hawaii Chapter of the American Institute of Architects (1967)
    • President, Sri Lanka Institute of Architects (1969)
    • Inaugural Gold Medal at the Silver Jubilee Celebration of the Sri Lanka Institute of Architects (1982)
    • Heritage Award of Recognition, for “Outstanding Architectural Design in the Tradition of Local Vernacular Architecture”, for the new Parliamentary Complex at Sri Jayawardenepura, Kotte from the Pacific Area Travel Association. (1983)
    • Fellow of the Royal Institute of British Architects
    • Elected Honorary Fellow of the American Institute of Architects (1983)
    • Conferred title of Vidya Jothi (Light of Science) in the Inaugural Honours List of the President of Sri Lanka (1985)
    • Teaching Fellowship at the Aga Khan Programme for Architecture, at MIT, Boston, USA (1986)
    • Conferred title Deshamanya (Pride of the Nation) in the Honours List of the President Sri Lanka (1993)
    • The Grate Master's Award 1996 incorporating South Asian Architecture Award (1996)
    • The Architect of the Year Award, India (1996)
    • Asian Innovations Award, Bronze Award – Architecture, Far Eastern Economic Review (1998)
    • The Chairman's Award of the Aga Khan Award for Architecture in recognition of a lifetime's achievement in and contribution to the field of architecture (2001)
    Awarded Doctor of Science (Honoris Causa), University of Ruhuna (14 September 2002)
    Award made no tender by MOD Gotabhaya, in return for Architectural works for the family- Free, free, free.

    මේ සා විශාල ගෘහ නිර්මාණ සමූහයක් ශ්‍රී ලංකාවට මෙන්ම ලොවට දායාද කළ දේශමාන්‍ය ජෙෆ්රි බාවා මහතාට එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සැලසුම් කිරීමට ආරාධනා කලේ එය ඔහුට කරන ගෞරවයක් වශයෙනි. ජේ.ආර්. ජයවර්ධන මහතා එසේ කලේද සිය කැබිනට් මණ්ඩලයේ ඒකමතික එකගත්වයකින් යුතුවය.

    මුදිත ජයකොඩි තමන් ජේෆ්රි බාවා මහතාට සමාන කර ගන්නේ කවර නිර්නායකයකින් දැයි ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පීහු ප්‍රශ්න කර සිටිති. ගෝඨාභය ගේ හා බැසිල්ගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඉදිකර ඇති නිවෙස් සම්බන්ධයෙන් උපදෙස් දීම සඳහා ඔවුන් විසින් මුදිතව දෙවතාවක් ලොස් ඇන්ජලීස් වෙත පිටත් කර යවා තිබේ.

    ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම එමෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයේ පුරා වෘත්තයක් බදු වූ ජෙෆ්රි මෑනින් බාවා මහතාට තමාව සමාන කර ගනිමින්, වෘත්තියේ ආචාර ධර්ම ඇතුලතින් කා දමා විනාශ කරන කාවෙකු වැනි ගෘහනිර්මාණ ශිල්පියෙකු වන මුදිත ජයකොඩි මේ තාක් සිදුකර ඇත්තේ බොරු දෙසා බාමින් වෘත්තියේ ගෞරවය කෙලෙසමින් රාජපක්ෂලාගේ කලු සල්ලි සුදු කිරීමට උදව් කිරීම බව ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහන් කර සිටී.

    මල්වානේ ඉඩම අයිති මුදිත ජයකොඩිට
    මේ වන විට ප්‍රශ්න ගතව පවතින මල්වානේ අක්කර 16 කින් යුතු ඉඩම සහ නිවෙස පසුගිය ජූනි මස සිට සින්නක්කර ඔප්පුවකින් මුදිත ජයකොඩි පවරාගෙන ඇති බව FCID පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. රුපියල් බිලියන 50 ක වියදමින් ඉදි කෙරෙන පෙන්ටගනයේ වෘත්තීය ගාස්තුව ලෙස 6% ක මුදලක් මුදිත ජයකොඩි ආරක්ෂක අමාත්‍යංශයෙන් අයකර ගෙන තිබේ. එමෙන්ම හෝමාගම දියගම රාජපක්ෂ ක්‍රීඩාංගනයෙන්ද ඒ හා සමාන මුදලක් මුදිත ජයකොඩි වෘත්තීය ගාස්තු ලෙස අයකර ඇත.
    මේ වන විට රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමේ නියැලීම නිසා කරමුලටම හිරවී ඇති මුදිත ජයකොඩි දැන් අලුත් පොතක් පෙරලමින් සිටී. එනම් රජයේ සාක්ෂිකරුවෙකු වී ඇග බේරා ගැනීමය.


    මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරේදීම FCID වෙත කැඳවීමට නියමිත වේ. මේ අතර මේ සිදුවීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් විසින් අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත වේ.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/4075-2016-05-24-10-02-41
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,920
    26,985
    113
    දේශප්‍රේමී ගෝටාගේ දේශද්‍රෝහී වැඩ !

    2170af5041a6f3a12424224bf0dfc24a_XL.jpg


    හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල අලුත්ම භූමිකාවකට පණපෙවීමට අරඅඳිමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකයා වීමට ගෝඨාභය සිහින දකිමින් සිටී.


    ඒ සඳහා ගෝටාට පාර කපන ඔහුගේ හිතවතුන් කියාසිටින්නේ ගෝඨාභය කිසිදු දූෂණයකට භීෂණයකට චෝදනා නොමැති සුපිරිසිදු චරිතයක් බවයි. ගෝටාට එරෙහිව චෝදනා පැවතියද ඒවා කිසිදු අධිකරණයකින් ඔප්පු වී නොමැති බවට ඔවුහු තර්ක කරති.
    එවන් සුධා ධවල චරිතයක් ඇති ගෝටාගේ අටානුවක් වූ 'ඩීල්වලින්' එකක පමණක් තොරතුරු පහත දැක්වේ.

    තමන් නූතන 'ජෙෆ්රි බාවා' යැයි ඔහුම හඳුන්වා ගන්නා ගෘහනිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි හා එකතු වී ගෝඨාභය ආරක්ෂක අමාත්‍යංශයෙන් රුපියල් මිලියන 173 ක් ගසාකෑ ආකාරය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය සිවු පුද්ගල කොමිසමක් මගින් තහවුරු කරගෙන තිබේ.

    කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව 2015 අගෝස්තු 05 වන දින බත්තරමුල්ල, අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන ගොඩනැගිලි ව්‍යාපෘතියේ (කොළඹ පෙන්ටගනය) සිදු වූ අක්‍රමිකතාවයන් විමර්ශනය කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ අධ්‍යක්ෂිකා එස්.ඩී.එච්. ද සිල්වා සහ මහජන මුල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක පී.බී.එස්.සී. නෝනිස් සහ එච්.එම්. අජිත් චන්ද්‍ර යන සාමාජිකයන්ගෙන් සැදුම් ලත් විමර්ශන කමිටුව මෙම අක්‍රමිකතාවයන් පිළිබඳව විමර්ශන සිදුකර ස්වකීය වාර්තාව මීට මාස හයකට පමණ ඉහතදී රජයට ලබාදී ඇතත් කමිටුවේ නිර්දේශයන් රජය විසින් මේ දක්වා ක්‍රියාත්මක කර නැත්තේ තවමත් ගෝඨාභයගේ අදිසි හස්තය ආරක්ෂක අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක වන හෙයිනි.

    තමා ජෙෆ්රි බාවාට සමාන කරගන්නා මුදිත ජයකොඩි දේශමාන්‍ය ජෙෆ්රි බාවාට පමණක් නොව සමස්ත ගෘහනිර්මාණ ශිල්පී වෘත්තියටම ප්‍රබල නිගාවක් සිදුකිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සංගමය වහාම පරීක්ෂණ පවත්වා ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගතහොත් ජෙෆ්රි බාවා වැන්නවුන් වෘත්තීයට ලබාදුන් කීර්තිය සුන්නද්දූලි වී යනු ඇත.

    කොළඹ පෙන්ටගනය පිළිබඳ විතානගේ වාර්තාව


    විමර්ශන වාර්තාවේ දක්වා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මෙම කොන්ත්‍රාත්තුව මුදිත ජයකොඩි ඇසෝසියේට් සමාගමට ලබාදීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සහ මුදිත ජයකොඩි ඇසෝසියේට් සමාගම ඒ සඳහා ලබාදුන් ව්‍යාපෘති යෝජනාව (Project Proposal) මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශයෙන් අතුරුදන් වී ඇති බවයි. ගෝටාගේ අදිසි හස්තය තවමත් ආරක්ෂක අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක වන බවට මෙය කදිම සාක්ෂියකි.

    මුදිත ජයකොඩි ඇසෝසියේට් ප්‍රයිවෙට් ලිමිටඩ් (MJAL) මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ උපදේශකයා වශයෙන් 2011 ජනවාරි මස 25 වන දින කැබිනට් මණ්ඩලය විසින් පත්කර ඇත්තේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවය. වර්ෂ 2006 අප්‍රේල් මස 05 වන දින MJAL සමාගම ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකත්වයට පත්කොට ඇත්තේ එම සමාගම, සමාගම් මැදුරේ සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම පෙරාතුව බව විතානගේ වාර්තාවේ සඳහන් වේ. එකී සමාගම ඒ වනවිට ශ්‍රී ලංකාවේ වරලත් ගෘහනිර්මාණ ශිල්පී සංගමයේ සාමාජිකත්වය හෝ ලබාගෙන තිබී නැත. කෙසේ වුවද MJAL සමාගම, සමාගමක් ලෙස ලියාපදිංචි වී ඇත්තේ 2010 ඔක්තෝබර් මස 27 වැනිදා වන අතර ශ්‍රී ලංකාවේ ගෘහනිර්මාණ ශිල්පී ආයතනයේ ලියාපදිංචිය ලබා ඇත්තේ වර්ෂ 2011 නොවැම්බර් මස 02 වැනිදාය.
    මෙම සම්පූර්ණ ව්‍යාපෘතියේ උපදේශක ගාස්තු ලෙස ව්‍යාපෘතියේ මුදලින් 5.5% ක් ගෙවීමට නියමිත වේ. මෙම 5.5% ක උපදේශන ගාස්තුව MJAL සමාගමට 1.5% ක් හා මෙහි ඉදිකිරීම කටයුතු කරන Central Engeneering Consultancy Bureau (CECB) වෙත 4% ක් ලෙස බෙදීගොස් තිබේ.

    ඒ අනුව මුදිත ජයකොඩි ඇසෝසියේට් සමාගම වෙත රුපියල් මිලියන 606.03 ක් සහ CECB සමාගම වෙත රුපියල් මිලියන 1556.90 ක් ගෙවීමට 2014 ජූලි මස 10 වන දින පැවැත්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබේ. මොවුන් මෙම ගණනය කිරීම් කර ඇත්තේ මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ වියදම රුපියල් බිලියන 40 ක් ලෙස ඇස්තමේන්තු කිරීමෙනි.

    ගෝටාගේ අනුමැතියෙන් මුදිතට වැඩිපුර මුදල්


    ඒ අනුව මුදිත ජයකොඩි ඇසෝසියේට් සමාගම පසුගිය වසරේ මැයි 31 වනවිට මිලියන 509.926 ක මුදලක් උපදේශන ගාස්තු වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් ලබාගෙන තිබේ. එය එකී සමාගමට අනුමත මුදලින් 83% ක ගෙවීමකි. නමුත් වැඩ සම්පූර්ණ වී ඇත්තේ 30.02% ක් පමණි. නමුත් මුදිත ජයකොඩි ඇසෝසියේට් සමාගම සඳහන් කර තිබෙන්නේ තම සමාගම 68.5% කාර්යය කොටසක් සම්පූර්ණ කර ඇති බවයි. එසේ ගණනය කළද ගෝඨාභයගේ නියෝගය මත ආරක්ෂක අමාත්‍යංශය මුදිත ජයකොඩි ඇසෝසියේට් සමාගමට රුපියල් මිලියන 173.5 ක් වැඩිපුර ගෙවා තිබේ. නමුත් සත්‍ය ගණනය අනුව එය රුපියල් මිලියන 347 ක් ගෝඨාභයගේ නියෝගය අනුව මුදිත ජයකොඩි ඇසෝසියේට් සමාගමට මහජන මුදලින් ගෙවා ඇත. ඊට අමතරව CECB සමාගම වෙත ගෝටාගේ නියමය අනුව රුපියල් මිලියන 146.5 ක් වැඩිපුර ගෙවා තිබේ.

    නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හා මුදිත ජයකොඩි දේශප්‍රේමය මුවාවෙන් දේශද්‍රෝහී ලෙස මිලියන ගණනක් ගසාකෑ තක්කඩියන් දෙදෙනෙකි. එකෙක් යුද ජයග්‍රහණය තමාගේ තනි දායකත්වයෙන් සිදුවූවක් ලෙස පෙන්නුම් කිරීමට තැත් කරද්දී අනෙකා දේශමාන්‍ය ජෙෆ්රි බාවා තමාට සමාන කරගනිමින් මහ දවල් මංකොල්ලකෑමේ නිරත වේ. මොවුන් දෙදෙනාටම එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ 403, 386 සහ 389 වගන්ති යටතේ දඬුවම් කිරීමට අපමණ සාක්ෂි තිබියදී මුල්‍ය අපරාධ කොට්ඨාශය හා නීතිපති දෙපාර්තමේන්තුව තවමත් අකර්මන්‍ය වී සිටින්නේ කාගේ හෝ බලවන්තයෙකුගේ ඕනෑකමටදැයි යුක්තිය අගයන පුරවැසියන් ප්‍රශ්නකර සිටිති.

    මේ පිළිබඳව සියලු ලිපි ලේඛන අප සතුව ඇති අතර ඒවා විටින් විට ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන්නෙමු.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/4286-2016-06-13-07-09-53
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,920
    26,985
    113
    මුදිත ජයකොඩි සමාගමේ සේවය අත්හිටුවයි

    පසුගිය රජය සමයේ ආරම්භ කළ අකු‍රේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවය සැපයූ මුදිත ජයකොඩි ඇසෝසියේට් පෞද්ගලික සමාගමේ සේවය මින් ඉදිරියට ලබා නොගැනීමට රජය තීරණය කර තිබේ.

    අමාත්‍ය මණ්ඩලයට නිවැරදි තොරතුරු ඉදිරිපත් නොකර මෙකී ව්‍යාපෘතිය සඳහා උපදේශක සමාගම් ‍තෝරා ගැනීම සහ එම සමාගම්වලට මුදල් ගෙවීම සිදුකර ඇති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ සිවු පුද්ගල 'විතානගේ කමිටුව' අනාවරණය කර ගෙන තිබේ.

    එම කමිටුවේ නිර්දේශය පරිදි මින් ඉදිරියට ඉහත කී පෞද්ගලික සමාගමේ උපදේශක සේවය ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ලබා නොගැනීමටත්, එම සමාගමට ගෙවා ඇති උපදේශක ගාස්තු ගෙවී‍ම් සමාලෝචනය කිරීමටත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

    එක් පුද්ගලයකු පමණක් :

    මුදිත ජයකොඩි ඇසෝසියේට් පෞද්ගලික සමාගමට අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතියට උපදේශක සේවා සැපයීමේ අවස්ථාව ලබා දෙන විට එය සමාගමක් ලෙස ලියාපදිංචිවී හෝ වරලත් වාස්තු විද්‍යාඥ සංගම් ලේඛනයේ ලියාපදිංචිවී හෝ නොසිටි බව මේ පිළිබඳ සොයා බැලීමට පත් කැරුණු කමිටුව ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් අනාවරණය කර තිබෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (22) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

    මෙය සමාගමක් ලෙස හැඳින්වුවත් එහි සිට ඇත්තේ එක් පුද්ගලයකු පමණක් බවත්, ඔහු තමන් මේ සමාගමේ අධ්‍යක්ෂවරයා ලෙස හඳුන්වා ගෙන ඇති බවත් ඉහත කමිටුව අනාවරණය කර ගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

    මෙම ව්‍යාපෘතිය සඳහා 2011 මැයි මස ගිවිසුම් අස්සන් කර වැඩ ආරම්භ කළද ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත්තේ 2014 දී බවත් කී ඇමැතිවරයා, උපදේශක සේවා සැපයීම වෙනුවෙන් ‍මෙකී සමාගමට රුපියල් බිලියන 2.2ක් ගෙවීමට නියමව තිබු බවත් කීය.

    ගෝඨා වගකිව යුතුයි :

    මෙම ව්‍යාපෘතියට අදාළ කැබිනට් පත්‍රිකාව ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කළ යුතු වුවද, නාගරික සංවර්ධන අධිකාරි‍යේ යෝජනාවක් ලෙස ඉදිරිපත්ව තිබූ බවද ඇමැතිවරයා පැවසීය.

    පසුගිය රජය බලයේ සිටියදී සිදුකළ බොහෝ ව්‍යාපෘති වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමක් සිදුනොවූ බවත්, ඒවා සඳහා කැබිනට් අනුමැතිය ලබා ගනු ලැබුවේ යුද්ධය පෙන්වමින් සහ රට හැදීමට යැයි පවසමින් යැයිද ඇමැතිවරයා සඳහන් ක‍ළේය.

    එදා තිබූ කැබිනට් මණ්ඩලයට ද අසත්‍ය තොරතුරු සපයමින් කළ මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවද ඇමැතිවරයා පැවැසීය.

    ආරක්ෂක අමාත්‍යංශය මෙන්ම ත්‍රිවිධ හමුදා මුලස්ථාන බත්තරමුල්ල පැලවත්ත අකුරේගොඩ ප්‍රදේශයේ ඉඳිකිරීමේ ව්‍යාපෘතියෙදී සිදුව ඇතැයි කියන වංචා හා දුෂණ සොයා බැලීමට ජනාධිපති ලේකම්වරයා විසින් පත්කළ 'විතානගේ කමිටුව' ඒ සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයකින් අනතුරුව නිකුත්කළ වාර්තාව මේවනවිට යටගසා ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' පෙරේදා (21) අනාවරණය කළේය.


    - http://www.sinhala.srilankamirror.c...gon-printed-jayakody-company-suspends-service
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,920
    26,985
    113
    දුමින්ද ඇතුළු පහකට මරණ දඬුවම

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේය.

    නඩුවේ පළමු වැනි සැකකරු වූ අනුර තුෂාර ද මෙල්, නඩුවේ දෙවැනි සැකකරු වූ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, නඩුවේ හත් වැනි සැකකරු වූ සරත් බණ්ඩාර, නඩුවේ 10 වැනි සැකකරු වූ ජනක බණ්ඩාර ගලගොඩ මරණ දඬුවව ලැබූ සෙසු විත්තිකරුවෝය.

    චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, ඩබ් ඒ මාලක සමීර, සුරංග ප්‍රේමලාල්, සමන් කුමාර අබේවික්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරනු ලැබූහ.

    ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සියලු සැකකරුවන් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.

    පද්මිණී එන් රණවක සහ එම් බී එස් මොරායස් යන විනිසුරුවරුන් දෙදෙනාගේ තීන්දු රණවක විනිසුරුවරිය ප්‍රකාශයට පත් කළ අතර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් භාරත ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සහ අයුතු ජනරාෂිය ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙක් වරදකරුවන් බව ප්‍රකාශ කළාය.

    ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර තීන්දුව අනුව දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට මරණ දඬුවම නියම විය.


    Gota_Duminda3.jpg


    - http://www.lankadeepa.lk/index.php/top_story/455503
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,920
    26,985
    113
    කීත් නෝයර්ට පහරදීමට ගෝඨා කෙලින්ම සම්බන්ධයි !

    2008 වසරේ මැයි 22 වන දින පැහැරගෙන ගොස් දොම්පෙ ප්‍රදේශයේ නිළ නොවන හමුදා ආරක්ෂක නිවස්නයක් තුළ (Army safe house) රඳවා තබා ගනිමින්, දිගින් දිගටම පහරදෙමින් ප්‍රශ්න කරන ලදුව අවසානයේ සිවිල් සංවිධාන, තානාපති කාර්යාල හා ජාත්‍යන්තර සංවිධානවල පීඩනය හමුවේ මුදාහරින ලද, ද නේෂන් පුවත්පතේ සම සංස්කාරක කිත් නෝයර් මහතාගේ පැහැරගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ජී. රාජපක්ෂ කෙලින්ම සම්බන්ධ බව ඊයේ ගල්කිස්ස උසාවිය හමුවේ කරුණු අනාවරණය විය.
    මෙම පැහැරගැනීම හා පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු වන මේජර් බුලත්වත්ත, කීත් නෝයර් මහතා රඳවාගෙන සිටි දොම්පෙ පිහිටි හමුදා ආරක්ෂක නිවස්නය ඔහුගේ පුද්ගලික හැඳුණුම්පත හා ලියකියවිලි ලබාදෙමින් කුලියට ගත් එකක් බව රහස් පොලීසිය විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කොට තිබේ.

    කීත් නෝයර් මහතා පැහැරගැනීමත් සමග ඔහු ඒ බව තම ප්‍රධානියා වන හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් අමල් කරුණාසේකර වෙත දැනුම් දී ඇති අතර අමල් කරුණාසේකර විසින් ඒ බව ජාතික බුද්ධි ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ වෙත දැනුම් දී තිබේ. ඉන්පසු කපිල හෙන්දාවිතාරණ විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත ඒ බව පැවසීමෙන් අනතුරුව නන්දසේන ජී. රාජපක්ෂ විසින් කෙලින්ම මේජර් බුලත්වත්තගේ ජංගම දුරකතනය අමතා, ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔහු දැනුවත් කර ඇත.

    මේ සියලුම දුරකතන අංක සහ වේලාවන් රහස් පොලීසිය විසින් නඩු විභාගයේදී ඉදිරිපත් කිරීමට නියමිත වේ.

    රහස් පොලිස් නිළධාරීන්ගේ මේ හෙලිදරව්වත් සමග චූදිතයන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් ඇප ලබාගැනීම සඳහා කිසිදු විත්තිවාචකයක් ඉදිරිපත් නොකොට අධිකරණයේ නිහඬව සිට ඇත. එතැන සිටි නීතිඥයන් කිහිපදෙනෙකු වහාම මතුවී ඇති තත්වය පිළිබඳව නන්දසේන ජී. රාජපක්ෂ දැනුවත් කොට තිබේ.

    එකී දැනුම්දීමෙන් අනතුරුව උදය ගම්මන්පිල, නලින්ද ඉන්දතිස්ස, මිස්බා ඇතුළු නීතිඥ කණ්ඩායමක් ඊයේ (18) සවස නන්දසේන ජී. රාජපක්ෂගේ නිවසේ හමුවී ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ නැවතත් අලුත් වටයකින් රණවිරු නාඩගම ආරම්භ කළයුතු බවයි. එමෙන්ම යුද හමුදාව තුළ මේ සම්බන්ධයෙන් සාක්ෂි දීමට නියමිත සාක්ෂිකරුවන් නිහඬ කිරීමේ වගකීම කර්නල් ෂම්මි කුමාරරත්නට හා කර්නල් මහතන්තිලට භාරදී ඇත.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/7733-2017-02-19-10-45-01
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,920
    26,985
    113
    CID cracks journalist Keith Noyahr’s abduction and assault case: Gota convenes meeting of lawyers on hearing news of CID breakthrough

    • Elite police sleuths conduct top secret probe into abduction of Noyahr in May 2008
    • Five officers serving in military intelligence arrested and remanded
    • CID locates Dompe safehouse where Noyahr was tortured, facility run by Military Intelligence Directorate

    A major breakthrough resulted over the weekend from the CID inquiries into attacks on journalists during the former regime, with a series of early morning arrests of five officers of the Directorate of Military Intelligence over the abduction, assault and torture of former Nation Deputy Editor Keith Noyahr on 22 May 2008.

    IN-1.35.jpg


    The investigation into Noyahr’s ordeal has been shrouded in secrecy, and police sources say that the secret CID taskforce that made the arrests has been quietly collecting evidence for many months. The evidence against the suspects is said to be as diverse as it is damning. The CID presented a litany of witness statements including at least one person who observed the abduction on Waidya Road in Dehiwela at approximately 10.00 p.m. on 22 May 2008. Other evidence includes statements collected from several family members and close friends of the suspects although investigators were tight-lipped about the contents of those statements.

    As news began to spread of the arrests early Saturday morning, former Defence Secretary Gotabaya Rajapaksa convened a meeting of his top lawyers including M.U.M. Ali Sabry, P.C., Kalinga Indratissa, P.C.,P.C. and Asith Siriwardena. Expecting that Rajapaksa could be summoned at any minute to the CID, the lawyers discussed a plan of action ranging from the possible filing of a fundamental rights petition to a publicity campaign to implicate former army commander Field Marshal Sarath Fonseka in the attack.

    The former Defence Secretary is said to have advised the group that all military intelligence operations were coordinated from the Defence Ministry by Chief of National Intelligence (CNI) Kapila Hendawitharana who would take instruction alternatively from Rajapakse and Fonseka, emphasising that when it came to attacks on journalists, the intelligence apparatus was acting on Fonseka’s instructions and not those of the Defence Secretary.

    Fonseka, meanwhile, appearing on the Sirisa Satana program last month, had charged that all intelligence and security operations in Colombo were coordinated out of the Ministry of Defence by a team directly controlled by Gotabaya Rajapaksa and Kapila Hendawitharana. During his television interview, he claimed that he had demonstrated this fact to the CID when questioned earlier the same day. The information provided by Field Marshall Fonseka is said to have been invaluable in identifying documents and crown witnesses in support of the taskforce.

    When two of the suspects arrested yesterday, Warrant Officer Lasantha Wimalaweera and Corporal Nishantha Jayatillake were produced before court yesterday, the CID officers summarised the evidence against them in the presence of the magistrate and lawyers Chamith Harrischandra and Chinthaka Amarasinghe, appearing for the suspects.

    The lawyers had argued that the investigation was entirely fabricated and that the CID had maliciously gone in search of Keith Noyahr in Australia in order to malevolently tar their clients with a fictitious investigation for political purposes. The magistrate, after hearing submissions from the CID, remanded the suspects until 3 March.

    Officers described Keith Noyahr’s movements throughout the day on 22 May, explaining the technical means by which they established that the team had been following Noyahr as he moved across the city, from the Nation editorial offices in Maradana, to the Colombo University Campus, then to a funeral parlor in Borella, and to a restaurant in Bambalapitiya where Noyahr dined with his editor Lalith Alahakoon and CEO Krishantha Cooray.

    After setting up a thorough surveillance around the restaurant, CID officers established how Noyahr was then followed to a supermarket in Wellawatte, and finally ambushed outside his home in Dehiwela, pistol-whipped and bundled into a white van.

    Over half an hour after the abduction, Noyahr’s wife found his car outside of the house with the engine running, realised he had been abducted, and alerted his co-workers who rushed to the residence. The entire media apparatus sprang into action to help locate Noyahr. Nation editor Lalith Alahakoon, unable to reach President Mahinda Rajapaksa, called Defence Secretary Gotabaya Rajapaksa to alert him about the abduction. Meanwhile, Cooray made contact with officials at Dialog Lanka, seeking their help to locate Noyahr’s mobile phone through whatever technological means existed. A team at Dialog sprung into action, rushing to their computers after 2.00 a.m. on 23 May and were able to discover that Noyahr’s phone was ‘pinging’ or active in the Dompe area.

    After the Dialog team informed Cooray and police officers of his location, a combined CID team was assembled to search the area. The search was called off at around 5.00 a.m. when Noyahr was seen limping towards his home, having been dropped outside his home by his captors.

    Noyahr had told the CID that he was blindfolded, hung from a ceiling in what appeared to be a secluded safe house and tortured to reveal his sources for his defence articles, and it was only after consulting with a person on the phone who appeared to be a VIP did his captors decide to release him alive and unharmed.

    After months of carefully studying topological maps of the area, and with assistance from Dialog engineers and confidential informants, the CID team was able to locate the safe house in which Noyahr was tortured, and establish conclusively that it was a covert military intelligence facility run by Major Prabath Bulathwatte, who was arrested early on Saturday morning and was the commanding officer of the other four arrested soldiers.

    The most damning evidence presented by the CID was the revelation that a network of telephone calls placed hours after the abduction indicated direct contact from Major Bulathwatte at the Dompe safe house to senior military intelligence officers and in turn to CNI Kapila Hendawitharana and Defence Secretary Gotabaya Rajapaksa, indicative of a conspiracy while Noyahr was in the custody of the abductors.

    One of these calls is said to be that overheard by Noyahr in which he alleges that a VIP had contacted his abductors and instructed them to spare his life and not harm his family on condition that he would flee the country and never speak of his ordeal.Noyahr is one of the few journalists to have survived at the hands of the death squads that operated during the former regime. His brave cooperation was invaluable in shining a spotlight on the elusive military intelligence team that investigators have also questioned in regard to the murder of Sunday Leader editor Lasantha Wickrematunge on 8 January 2009.

    - http://www.ft.lk/article/598938/CID-cracks-journalist-Keith-Noyahr-s-abduction-and-assault-case
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,920
    26,985
    113
    ලසන්ත මැරුවා කියා බොරු චෝදනා නගා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියා වසරක් සිර කර තැබුවාට ශ්‍රේෂ්ඨාධිකරණය ගෝඨාභය වැරදිකරු කරයි: වන්දි ගෙවන්නත් නියම කරයි

    රාජපක්ෂලාගේ ‘රණවිරු‘ උන්මාදය රෙද්ද පල්ලේ..!


    අද අපරාධකරුවන්ට රණවිරු ලේබල් අලවමින් ඩෙඟා නටන රාජපක්ෂලා එදා සැබෑ රණවිරුවන්ට ව්‍යාජ අපරාධ ලේබල් අලවා සැලකූ අන්දම හෙළිකරන අපූරු නඩු තීන්දුවක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබිණ. ඒ තම අපරාධ වසා ගැනීමට බොරු අපරාධ චෝදනා නගා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වසරක් තිස්සේ තමන්ගේම අත්සනින් සිර ගත කර තැබීම ගැන ගෝඨාභය රාජපක්ෂව වරදකරු කර වන්දි ගෙවීමටද නියම කිරීමයි.

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැබෑ තතු වසන් කිරීම සඳහා බොරු චෝදනා ඉදිරිපත් කරමින් මෙසේ වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ තබා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ ලාන්ස් කෝප්‍රල් වරයෙකු වූ කේ. පියවංශ නමැත්තෙකි.

    බොරු චෝදනා කරමින් තමන්ව රඳවා තබාගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවුනේ යයිද ඒ සඳහා වන්දියක් ගෙවන ලෙසද ඉල්ලමීන් ලාන්ස් කෝප‍්‍රල් පියවංශ විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ, හිටපු අතිරේක ආරක්ෂක ලේකම් එස්. හෙට්ටිආරච්චි, පොලිස් පරීක්ෂක බෝගමුව යන අය නම් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණ.

    පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙස ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කරන ලදී.

    විනිසුරු සිසිර ද ආබෲ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග වීය


    - http://www.lankaenews.com/news/5332/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,920
    26,985
    113
    මෝඩ ගෝඨාගේ මෝඩ ප්‍රොජෙක්ට් වලින් අනාථ වූ අයට මෙගා පොලිස් පිහිට..! ‘අපි පේමන්ට් වෙළෙඳුන් විසි කරන්නේ නෑ‘ -චම්පික

    කුඩා ගරිල්ලා කණ්ඩායමක තත්ත්වයේ සිට එල්ටීටීඊය බලවත් හමුදාවක් බවට පත්වෙමින් සිටි 1990 දී පමණ යුද්දයට බියේ ඇමරිකාවට පලා ගොස් වසර 15 කට අධික කාලයක් ලංකාවට නොපැමිණ කැලිෆෝනියාවේ කුඩා රැකියාවල් කරමින් සිටියදී වරින් වර කරන ලද ගොං වැඩ හේතුවෙන් එහි සිටි ලාංකික ප්‍රජාව ‘මෝඩ ගෝඨා‘ නමින් හැඳින්වූ ගෝඨාභය රාජපක්ෂ, අයියා ජනාධිපති වීම නිසා ලංකාවට පැමිණ ‘හිටි වනම පොරක්‘ වී කරන ලද අමු තකතීරු ගොං කම් වල පාපය ගෙවීමට සිදුව ඇත්තේ දැන් ය.

    මේ ‘මෝඩ ගෝඨා‘ ලංකාවට පැමිණ කරන ලද එක් ගොං කමක් වූයේ මහජන මුදල් කෝටි ගණනක් විනාශ කරමින් හැදූ පාවෙන මාරකැට්ටුවයි. නූගතෙක් වූ ගෝඨා තමන් පිටරටවලදී දුටු දුටු දේවල් ලංකාවේ කරන්නට ගියා මිස ඒ සඳහා කිසිදු බුද්ධිමතුන්ගේ උපදෙස් ගැනීමක් හෝ පර්යේෂනයක් හෝ සිදුකෙළේ නැත. පාවෙන මාරකැට්ටුවද එවන් එක් ගොං වැඩක් වූයේ එහි වෙළෙඳාමට පැමිණි වෙළඳුන්ගේ ආදායම් බින්දුවට වැටී ඔවුන් අනාථ වීම ය.

    ඒ අනුව වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම වෙළෙඳුන්ගේ අඳෝනාව අසා ඔවුන් සඳහා බැස්ටියන් මාවතේ තාවකාලික කඩ පේලියක් හදා දුන්නේ ය. කඩ 96 ක් එහි ඉදි කළ අතර පසුගියදා එම කඩ වෙළෙඳුන්ට බාර දීම සඳහා කුඩා උත්සවයක් පැවැතියේ ය. එම අවස්ථාවට සහභාගී වූ මෙගා පොලිස් ඇමැති චම්පික රණවක කියා සිටියේ ‘අපි කුඩා ව්‍යාපාරිකයන් විසි කරන්නේ නැති‘ බවයි.

    පාවෙන මාරකැට්ටුවේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ව්‍යාපාර අඩපණ වූ ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම ඉටු කිරීම පමා වූයේ රාජ්‍ය අංශයේ තිබෙන විවිධ පමාවන් නිසා බව ද අමාත්‍යවරයා පැවසීය.

    රටට, ආණ්ඩුවට බරක් නැති ඔබ වැනි ව්‍යාපාරික ප‍්‍රජාවට අපේ සහයෝගය ලබාදිය යුතු බවත් විශේෂයෙන් පේමන්ට් එකේ ව්‍යාපාරිකයන් විසිකර එළියට දානවා කියලා කීවද එවැනි දෙයක් නොකරණ බවත් ඔවුන්ගේ වෙළඳාම විධිමත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    මෙහි ව්‍යාපාරික කටයුතු කරන ව්‍යාපාරික ප‍්‍රජාවගේ අපි බලාපොරොත්තු වෙන්නේ, අප ගොඩනගන මහා නගරයේ කොටස්කරුවන් වන ලෙසට වසර 02 කින් පමණ කාලයකින් මැනිං වෙළඳ සැල පෑලියගොඩට ගෙනයන්න. ඒ ඉදිකිරීම් කටයුතු ආරම්භ වී ඇත. මැනිං වෙළඳ සංකීර්ණයත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානයත් මෙම ස්ථානයත් එක්කර විශාල මට්ටමේ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිවෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

    ඔබගේ ජීවිතයේ විධිමත් කරගෙන ජනතාවගේ ජීවිතත් විධිමත් කරගෙන, ජාතික ප‍්‍රවාහන පද්ධතියක් විධිමත් කරමින් කටයුතු කරන්න ඔබ හැමට අවස්ථාව ලැබෙන අතර ලබන මාස 03 ඇතුළත බොරැල්ල, බත්තරමුල්ල, ඇස්වාට්ටුව අතර ඇති දැඩි මාර්ග තදබදය නැති කරලීම සඳහා පොදු ප‍්‍රවාහනයට මුල්තැන දීමට කටයුතු කරන බව ද පැවසීය. කෙටි කාලීන වැඩපිළිවෙල වසරක් ඇතුළත මධ්‍යකාලීන වැඩපිළිවෙලක් කරන බවත්, ඒ සඳහා ව්‍යාපාරික ප‍්‍රජාවගේ සහයෝගය අපේක්‍ෂා කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

    කොළඹ කොටුව ප‍්‍රදේශය ඉතාම විධිමත් වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්වෙන බවත්, ලබන වසර වනවිට කොළඹ නගරයේ පීඩිත දුගී ජනතාව 15,000 කට ස්ථිර නිවාස ලබාදෙනවා. වැඩිදෙනෙක් පුරුදු වී සිටින්නේ විරෝධතා දක්වන්න. විරුද්ධ වීම නොවෙයි කළ යුත්තේ අප සමග එකතු වී සාකච්ඡා කර සහයෝගයෙන් හැමෝගෙම ජීවිත වෙනස් කර ගැනීම බව වැඩිදුරටත් සඳහන් කළේ ය.


    - http://www.lankaenews.com/news/5582/si

    new-shops-in-Bastean-road.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,920
    26,985
    113
    මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකය ගෝඨ, දිනේෂ්ගේ මෝඩ වැඩ වල ප්‍රතිපලයක්!

    April 15, 2017

    කොළඹ කුනු ප්‍රශ්නය දැනෙන්නට පටන් ගත් මුල් අවදියේ විද්‍යාතමක කසල රඳවනයක් පාදුක්ක ප්‍රදේශයේ ඉදිකිරීමට සියලු කටයුතු කරනු ලැබු අතර එකල දිනෙශ් ගුණවර්ධන නම් මෝඩ දේශපාලකය විසින් එම ප්‍රදේශයේ මිනිසුන් උසිගන්වා අපේ ගමට කොළඹ කුණු එපා කියා විරෝධයක් නැගු අතර ජවිපෙ රතු වහල් නඩයත් එකතු වී එම විරෝධය මගින් වියාපෘතිය නවතන ලදි.

    එම නිසා බ්ලූමැන්ඩල් කුණු කන්ද ගොඩ නැගුණි. කොළඹ ලස්සන කරනවා කියා හමුදාව යොදාගෙන මහත් ප්‍රෝඩාවක් කල 2020 ශ්‍රි ලංකා සිහින ජනපති ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ විසින් එම බ්ලූමැන්ඩල් කුණු කන්ද ඊට කිලෝමිටර් දෙකක් පමන ඈතින් වූ මිතොටමුල්ලට ගෙන ගියේය. කොළඹ ලස්සන කරනවා යනු කුණු ගොඩ තිබෙන ස්ථානය මාරු කිරිම බව තවමත් ඉදහිට කොළඹ එන මිනිසුන් සිතයි.නමුත් කුණු බැහැර කිරීමේ විදිමත් අංග සම්පුර්ණ ක්‍රමවේදයක් ක්‍රියත්මක කිරිම වෙනුවට රාජපක්ෂ රෙජීමය කලේ මෙවැනි පැලැස්තර දමන මෝඩ අනුවණ ක්‍රියාය. රාජපක්ෂ සිහින සංවර්ධනයේ ප්‍රතිවිපාක දැන් දැන් අපට මැනවින් දැනෙන්නට පටන් ගෙන හමාරය.


    - http://harigossip.com/2017/04/15/5y/
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,920
    26,985
    113
    මීතොටමුල්ල කුණුගොඩ උඩ පැහැරූ – ගෝඨාගේ සට්ටම්බිරාල – නාලක ගොඩගේවාගේ පැටිකිරිය මෙන්න

    April 17, 2017

    Dr.-Nalaka-Perera.png

    (නාලක ගොඩහේවා මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියදී ලබාගත් ජායාරූපයකි. )

    ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට ගෙන ඒම සදහා අවශ්‍ය ඩීල් දැමීම හා උගත් නරුමයන් ඒකරාශි කිරීමේ වගකීම දරණ නාලක ගොඩහේවා ඊයේ සිය ෆේස්බුක් ගිණුම හරහා මීතොටමුල්ල කුණුකන්ද උඩ පැහැරූ ගෝඨාභය රාජපක්ෂගේ පශ්චාත්භාගය පිරිසිදු කරන ආකාරයේ අපට දැකගත හැකි විය. මහා පරිමාණ කයිවාරු සැලසුම් පිළිබඳව හිස් ලියවිල්ලක් වූ එය නාලක ගොඩහේවලාගේ පැටිකිරිය හෙළි කිරීමට සමත්ය.

    රාජපක්ෂ පාලන සමයේ නාලක ගොඩහේවා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයාය. ඒ සමයේදී සිදුවූ ශැන්ග්‍රීලා – ගාලු මුවදොර ව්‍යාපෘතිය සහ ක්‍රිෂ් ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළ ඉඩම් පැවරීමේ ගණුදෙනු වල ප්‍රධානතම අතරමැදියා නාලක ගොඩහේවා වන අතර අදාළ සමාගම්වලින් ඔහු ලබාගත් කොමිස් මුදල රුපියල් මිලියන 1000 ඉක්මවයි.

    මෙම ගණුදෙනුවලට අමතරව නාගරික සංවර්ධන අධිකාරියට අදාළ ඉඩම් විවිධ ආයෝජන ව්‍යාපෘති වලට පැවරීමේදී ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරමින් අදාළ කොමිස් මුදල් ලබා ගනු ලැබුවේ නාලක ගොඩහේවාය.
    හොදම කතාව ඒවා නොවේ. මීතොටමුල්ල කුණුකන්ද දැනට තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීම, ලොව ඉහළම තාක්ෂණික ක්‍රමෝපාය භාවිතා කරමින් කසල නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා රාජපක්ෂ පාලන සමයේදී ජපන් සමාගමක් මෙරටට ව්‍යාපෘති යෝජනාවක් ගෙන ආ අතර රාජපක්ෂලා එය අනුමත කිරීමට නම් රුපියල් මිලියන 300 ක් අවශ්‍ය බව ජපන් සමාගමට දැනුම් දෙන ලදි. එහි ප්‍රධාන අතරමැදිකරුවකු වූවේද මේ නාලක ගොඩහේවා නම් සට්ටම්බිරාලයි.

    උඹලට හොදක් කරන්න ඇයි අපි උඹලටම කොමිස් දෙන්නේ යැයි අසමින් ජපන් සමාගම අදාළ ව්‍යාපෘති යෝජනාව ඉවත් කරගන්නා ලදි. මීතොටමුල්ල කුණුකන්ද ඉතිරි විය.

    මේ ආකාරයෙන් චෝදනා ලැබ සිටියදී නාලක ගොඩහේවාට යහපාලන රජය නෛතික ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි? ඒ මේ සට්ටම්බිරාල රජයේ ප්‍රභල එජාප අමාත්‍යවරයෙකු සමග ඩීල් දමා ඇති නිසා බව නොරහසකි.

    නාලක ගොඩහේවලා එදත් අදත් මහාපරිමාණ – ලොරි ටෝක් දෙන්නේ ඒ ඒ ව්‍යාපෘති වලින් තමන් ගසා කෑ මුදල් ප්‍රමාණය අමතක කරමින්ය. නුදුරේදීම තවත් බොහෝ ගණුදෙනු පිළිබද තොරතුරු හෙළිවනු ඇති අතර නාලකලාට නැට්ට පශ්චාත්භාගයේ ගසාගෙන සිටීමට සිදුවනු ඇත.


    - http://harigossip.com/2017/04/17/nalaka-godahewa-and-gotabaya-rajapaksha-meethotamulla/
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔයාගේ හීන කුමාරයා බලේට ඇවිල්ල අවු 3 කටත් කිට්ටුයි නේද? කුණු ප්‍රශ්නෙට කිසිම විසදුමක් දෙන්නවත් නොහිතා තාම පරණ ආණ්ඩුවට බැන බැන හොටු පෙරණ එක ආණ්ඩුවේ නොහැකියාව කියල හිතෙන්නෙම නැද්ද

    මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකය ගෝඨ, දිනේෂ්ගේ මෝඩ වැඩ වල ප්‍රතිපලයක්!

    April 15, 2017

    කොළඹ කුනු ප්‍රශ්නය දැනෙන්නට පටන් ගත් මුල් අවදියේ විද්‍යාතමක කසල රඳවනයක් පාදුක්ක ප්‍රදේශයේ ඉදිකිරීමට සියලු කටයුතු කරනු ලැබු අතර එකල දිනෙශ් ගුණවර්ධන නම් මෝඩ දේශපාලකය විසින් එම ප්‍රදේශයේ මිනිසුන් උසිගන්වා අපේ ගමට කොළඹ කුණු එපා කියා විරෝධයක් නැගු අතර ජවිපෙ රතු වහල් නඩයත් එකතු වී එම විරෝධය මගින් වියාපෘතිය නවතන ලදි.

    එම නිසා බ්ලූමැන්ඩල් කුණු කන්ද ගොඩ නැගුණි. කොළඹ ලස්සන කරනවා කියා හමුදාව යොදාගෙන මහත් ප්‍රෝඩාවක් කල 2020 ශ්‍රි ලංකා සිහින ජනපති ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ විසින් එම බ්ලූමැන්ඩල් කුණු කන්ද ඊට කිලෝමිටර් දෙකක් පමන ඈතින් වූ මිතොටමුල්ලට ගෙන ගියේය. කොළඹ ලස්සන කරනවා යනු කුණු ගොඩ තිබෙන ස්ථානය මාරු කිරිම බව තවමත් ඉදහිට කොළඹ එන මිනිසුන් සිතයි.නමුත් කුණු බැහැර කිරීමේ විදිමත් අංග සම්පුර්ණ ක්‍රමවේදයක් ක්‍රියත්මක කිරිම වෙනුවට රාජපක්ෂ රෙජීමය කලේ මෙවැනි පැලැස්තර දමන මෝඩ අනුවණ ක්‍රියාය. රාජපක්ෂ සිහින සංවර්ධනයේ ප්‍රතිවිපාක දැන් දැන් අපට මැනවින් දැනෙන්නට පටන් ගෙන හමාරය.


    - http://harigossip.com/2017/04/15/5y/