ගෝඨාගේ ලැජ්ජාව කෝ?
ආරක්ෂක ලේකම් ධුරය දරන කාලයේ දී ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කළ මාධ්‍ය මර්දනය පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත. බහුතරයක් මාධ්‍ය ආයතන ගෝඨාගේ නම සඳහන් කරන ලද්දේ ද ඉතා ම ප්රවේශමෙනි. ලසන්ත, එක්නැලිගොඩ ආදී මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහර දීම් මෙන් ම මාධ්‍ය ආයතනවලට තර්ජනය කිරීම් ද එවකට සුලබ විය. වරක් තමාව විවේචනය කළා යැයි කියමින් ගෝඨා එකවර වෙබ් අඩවි 5ක් තහනම් කළේ ය. ඒ අතරින් එක් වෙබ් අඩවියක් වන්නේ කලම්බු ටෙලිග්රාෆ්ය. (Colombo Telegraph)
පසුගිය දිනෙක ගෝඨාගේ නිල ෆේස්බුක් ගිණුමේ උපුටා දක්වා තිබුණු ප්‍රවෘත්තියක් දුටු මාධ්‍ය සගයෝ බොහොමයක් සිනාසෙමින් කතා කළේ දැන් ගෝඨාගේ මතකය හොඳට ම නැති වී ලැජ්ජාව බල්ලට ගොස් තිබීම පිළිබඳව ය. ගෝඨා සිය ෆේස්බුක් පිටුවේ පළ කොට තිබුණේ තමා සම්බන්ධයෙන් වෙබ් අවියක් පළ කර තිබූ පුවතකි. විශේෂත්වය වූයේ එම පුවත උපුටාගෙන තිබුණේ ඔහු විසින් ම තහනම් කළ ‘කලම්බු ටෙලිග්රාෆ්’ වෙබ් අඩවියෙන් වීමයි.