අරියඥාණ හිමි භික්ෂූන්ට මුදල් දීම ගැන
රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම
රාජගිරියේ අරියඥාණ හිමි ඉහත දැක්වෙන වීඩියෝවේ විනාඩි 15, තත්පර 21න් පමණ පසු ස්වාමීන් වහන්සේලාට මුදල් දීම ගැන මෙසේ පවසනවා:
පහත දැක්වෙන්නේ නා උයනේ අරියධම්ම හිමි විසින් භික්ෂූන්ට මුදල් කැපද යන්න ගැන කෙරෙන විස්තරයක්:
ත්රිපිටකයේ සූත්ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ ගාමණී සංයුත්තයේ ගාමණි වග්ගයේ මණිචූළක සූත්රයේ [ http://thripitaka.org/view/sp/sp10/614 ] මෙසේ සඳහන්:
රාජගිරියේ අරියඥාණ හිමි විසින් සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් කටයුතු කිරීමට පෙළඹවීම ධර්මයට සහ විනයට නොගැළපෙන ක්රියාවක්. එහිමියන් පවසන එම කරුණු අසන භික්ෂූන් වහන්සේලාත් මුදල් පිළිගැනීම සුදුසු දෙයක් යැයි වරදවා හිතන්න පුළුවන්, ගිහියනුත් මුදල් දීම සුදුසු දෙයක් යැයි වරදවා හිතන්න පුළුවන්. එය ගිහි පැවිදි දෙපිරිසේම පිරිහීමට කාරණාවක්.
නා උයනේ අරියධම්ම හිමිගේ ඉහත දක්වන ලද දේශනාව ශ්රවණය නොකෙරුවා නම් එය ශ්රවණය කොට මුදල් පිළිගන්නා භික්ෂූන් වහන්සේලාට සිදුවන්නේ කුමක් දැයි එම වීඩියෝවේ කියවෙන දෑ ගැනත් හිතා බලන්න.
Skylark

ත්රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය [ http://thripitaka.org/view/vp/vp1/606 ] විස්තර වන්නේ මෙහෙම:...
අනිත් එක දැන් හුගාක් වෙලාවට අපි දානෙ පූජා කරනකොට ස්වාමීන් වහන්සේලාට මුදල් ඇන්ලොප් පූජා කරනවා. ඒක අපිට එපා කියලා කවදාක්වත් කියන්න බැහැ.
...
ඒ නිසා යම් හෙයකින් ඔබලා දානය වෙලාවේ ස්වාමින් වහන්සේට මුදල් පූජා කරනවා නම් කොයි වෙලාවකවත් ඒ මුදල් සංඝයා උදෙසා සාංඝික කරන තැන තියන්න යන්න එපා. සාංඝික කරන තැන අටපිරිකර ඇතුළු සෙසු පිරිකර තියන්න. ඒ මුදල් ඇන්ලොප් ටික වෙන කොහෙ හරි තියලා තියන්න. තියලා ඒ සියල්ල සාංඝික කලාට පස්සෙ ඒ මුදල් ඇන්ලොප් බෙදලා දෙන්න.
...
රූපියශික්ෂාපදයට අනුව ලඟ තබන මුදල් වත් පිළිගැනීමට භික්ෂූන් වහන්සේලාට අවසරයක් නැහැ. "ඒ මුදල් ඇන්ලොප් ටික වෙන කොහෙ හරි තියලා තියන්න. තියලා ඒ සියල්ල සාංඝික කලාට පස්සෙ ඒ මුදල් ඇන්ලොප් බෙදලා දෙන්න." යැයි කීමත් නොමනා කීමක්මයි."යම් මහණෙක් රන් රිදී මසු කහවණු තෙමේ ගණී නම් හෝ අනුන් ලවා ගන්වා නම් හෝ ලඟ තබන ලද්දක් ඉවසා නම් හෝ නිසඟිපචිති වේ"
පහත දැක්වෙන්නේ නා උයනේ අරියධම්ම හිමි විසින් භික්ෂූන්ට මුදල් කැපද යන්න ගැන කෙරෙන විස්තරයක්:
ත්රිපිටකයේ සූත්ර පිටකයේ සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ ගාමණී සංයුත්තයේ ගාමණි වග්ගයේ මණිචූළක සූත්රයේ [ http://thripitaka.org/view/sp/sp10/614 ] මෙසේ සඳහන්:
මණිචූළක සූත්රයට අනුව රන්රිදි කැප යැයි සලකා ක්රියා කරන භික්ෂූන් වහන්සේලා ඒකාන්තයෙන්ම අශ්රමණ ධර්ම ඇති, අශාක්යපුත්රීය ධර්ම ඇති අය ලෙසයි සලකන්න වෙන්නේ.ගාමිණී, යමකුට රන්රිදී කැප වේ නම් ඔහුට පස්කම් ගුණ ම කැප වේ. යමකුට පස් කම්ගුණ කැප වේ නම් එකාන්තයෙන් අශ්රමණ ධර්ම ඇත්තෙක. අශාක්යපුත්රීය ධර්ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. ගාමිණී වැලි දු මම මෙසේ කියමි. තණවලින් ප්රයෝජන ඇත්තහු විසින් තණ සෙවිය යුතු ය. දැවවලින් ප්රයෝජන ඇත්තහු විසින් දැව සෙවිය යුතු ය. ගැලින් ප්රයෝජන ඇත්තහු විසින් ගැල සෙවිය යුතු ය. පුරුෂයාගෙන් ප්රයෝජන ඇත්තහු විසින් පුරුෂයා සෙවිය යුතු ය. ගාමිණී, කිසි අයුරකින් රන්රිදී ඉවසිය යුතු ය, සෙවිය යුතු යයි මම නො ම කියමි යි.

Last edited: