කවදා අහන්නද ආයෙත් මේවා?

Oct 13, 2016
2,675
276
0
කවදා අහන්නද ආයෙත් මේවා?

උනා නීල වර්ණ වරල දෑලේ මල් දැවටි ලියේ.....
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ...
වනා ළමැද කිණිහිරි පෙති රත්න තිලක පැළඳි ලියේ..
සිනා සිසී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ.....

මේ වගේ ලස්සන පදවැල් වලට ඒ වගේම ලස්සන තනු යොදලා හදපු ගීත ආයේ කවදා අහන්නද බන්? :(

මහගමසේකර අමරදේව සුසංයෝගය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,674
    40,258
    113
    පද රචනය ගැන නම් කතා කරලා වැඩක් නෑ රසය උපරිමයි ඒත් සෑය සම්බන්ධ කරගෙන දිව්‍යාංගනාවකගේ රූපය වර්ණනා කරපු එක ගැලපෙන්නේ නෑ කියලා මට හිතෙනවා. හැබැයි එහෙම හිතෙන එක ඉක්මනටම අමතක වෙනවා මොකද ඒ පදවැල් හා මිහිරි හඬ නිසා.
     
    නෑ බන්. ඔය ස්වර්ණමාලි යක්ෂනීට ගහෙන් බහින්න කියලා කියන්නේ රුවන්වැලි සෑය හදන්න. එයාගේ විමානේ නිසා චෛත්‍යට එයාගේ නම දාන්නම් කියලා පොරොන්දු වෙලා. :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නෑ බන්. ඔය ස්වර්ණමාලි යක්ෂනීට ගහෙන් බහින්න කියලා කියන්නේ රුවන්වැලි සෑය හදන්න. එයාගේ විමානේ නිසා චෛත්‍යට එයාගේ නම දාන්නම් කියලා පොරොන්දු වෙලා. :yes:

    ස්වාරනමාලි කියන්නේ යකින්නක් නෙමේ බන් රුක් දේවතාවියක් :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,674
    40,258
    113
    නෑ බන්. ඔය ස්වර්ණමාලි යක්ෂනීට ගහෙන් බහින්න කියලා කියන්නේ රුවන්වැලි සෑය හදන්න. එයාගේ විමානේ නිසා චෛත්‍යට එයාගේ නම දාන්නම් කියලා පොරොන්දු වෙලා. :yes:

    ඔව් ඔව් සීන් එක මම දන්නවා. හැබැයි මචන් මෙතන ඒ ඉල්ලීමට එහා දෙයක් මේ පදවැල් වල තියෙනවා. මෙතන තනිකරම ගැහැනියකගෙ ලස්සනයි වර්ණනා කරන්නේ. ඔය පදවැල් ඇහෙද්දි ඒ කියන දේවල් මගේ හිතට මැවිලා පේනවා බන් :dull::dull: උබලටත් එහෙමද:confused::confused:

    අනික මචන් ඔය යක්ෂනියක් නෙවෙයි නේද. ඒ ගස් ඇසුරු කරගෙන ජීවත් වෙන දේවතාවියක් නේද?
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule

    මුලින්ම දේවතාවි විමානේ අතැරලා යන්න බෑ කියනව නේද,
    ඊට පස්සෙ ඇයව වර්ණනා කරල සෑයට නම දාන්නම් කියලනෙ විමානෙන් ඉවත් වෙන්න කියන්නෙ.
    ඒක තමා ඉතින් සින්දුවෙන් කියන්නෙ.

    එහෙම සීන් එකක් නෙමෙයි මචන්. ඒ කාලේ ලංකාවේ යක්ෂ නාග දේව කියන ගෝත්‍ර තුන ජීවත් වෙලා තියෙනවා. මේකි යක්ෂ ගෝත්‍රික නායිකාවක් ඒ area එකේ. මම අහලා තියෙන්නේ නම් එහෙමයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,674
    40,258
    113
    මුලින්ම දේවතාවි විමානේ අතැරලා යන්න බෑ කියනව නේද,
    ඊට පස්සෙ ඇයව වර්ණනා කරල සෑයට නම දාන්නම් කියලනෙ විමානෙන් ඉවත් වෙන්න කියන්නෙ.
    ඒක තමා ඉතින් සින්දුවෙන් කියන්නෙ.

    එහෙම වර්ණනාවක් කරා කියලා නෑ නේද බන්. හැබැයි උබ කිව්ව වගේ කලින් බෑයි කියලා පස්සේ නම දාන්නම් කිව්වම අයින් උනාලු.

    සිංදුවෙ පදවැලි, කෙන්ද කන්ද කරලා කියලා හිතෙන්න මට විතරද බන්. බලහන්කො කියන ඒවා. සෑය නිසා පොඩි නොගැලපීමක් මට දැනෙනවා හැබැයි ඉතින් පට්ට ලස්සනයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,674
    40,258
    113
    එහෙම සීන් එකක් නෙමෙයි මචන්. ඒ කාලේ ලංකාවේ යක්ෂ නාග දේව කියන ගෝත්‍ර තුන ජීවත් වෙලා තියෙනවා. මේකි යක්ෂ ගෝත්‍රික නායිකාවක් ඒ area එකේ. මම අහලා තියෙන්නේ නම් එහෙමයි.

    :shocked::shocked:
    පොඩ්ඩක් හොයලා බලන්න ඕන බන්
    :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    එහෙම සීන් එකක් නෙමෙයි මචන්. ඒ කාලේ ලංකාවේ යක්ෂ නාග දේව කියන ගෝත්‍ර තුන ජීවත් වෙලා තියෙනවා. මේකි යක්ෂ ගෝත්‍රික නායිකාවක් ඒ area එකේ. මම අහලා තියෙන්නේ නම් එහෙමයි.
    මේ යක්ෂ ගෝත්‍රික කතාව නම් අදමයි මුලින්ම ඇහුවෙ.
    කියන්න බෑ ඉතින් ඒ කාලෙ හිටිය නායිකාවකට දේවත්වයක් ආරූඩ කළා වෙන්නත් පුළුවන්.

    :yes::yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,110
    962
    113
    V
    amaradewa came to fame not only just with his voice but because of mahagamasekara with his marvelous lyrics