New Zealand Job Offer

wasanthawa1

Member
Apr 24, 2017
6
1
0
මගේ මල්ලි කෙනෙක් NZ යන්න හදනව ජොබ් එකකට. ජොබ් එක තියන්නෙ Farm එකක වැඩ කරන්න.

මේ ගැන හොයල බලනකොට ගොඩක් අය කිව්වෙ Farm වල වැඩ සෑහෙන්න අමාරුයි කියල. හම්බවෙන ගානට වඩා වැඩලු. කිව්ව විදිහටනම් කම්කරු වැඩ වගේ.

මේ ගැන උඹල දන්න විස්තර තියනවනම් පොඩ්ඩක් කියන්න..
 
  • Like
Reactions: ජොසී

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ෆාම් වල වැඩ අමාරුයි.
    සීතලයි නෙ. :D

    (දන්නෑ බං. දන්න කෙනෙක් උදව් කරයි. බම්ප්.)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,061
    113
    Gotland
    ෆාම් කිව්වේ හරක, බැටළුව, උරා ෆාර්ම් නේද ? ඕවගේ ඉතිං ගොම අදින්න සතෙක් ලෙඩ උනාම උට බෙහෙත් ගන්න එක්කං යන්න වගේ දේවල්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ෆාම් කිව්වේ හරක, බැටළුව, උරා ෆාර්ම් නේද ? ඕවගේ ඉතිං ගොම අදින්න සතෙක් ලෙඩ උනාම උට බෙහෙත් ගන්න එක්කං යන්න වගේ දේවල්.
    ඒක නම් එහෙමයි. new zealanf ෆාම් කියන්නෙ ලංකාවෙ වගේ නෙවේ, මහා පරිමාණ ඒවා තියෙන්නෙ. හැම එකක්ම වගේ අක්කර සිය ගානක් ලොකුයි. ඒ වගේම ඒ ෆාම් තියෙන්නෙ, මිනිස්සු ගැවසෙන නගර වලිං ඈතට වෙන්න. ලංකාව වගේ රට පුරාම මිනිස්සු ඉන්න රටක් නෙවේ නවසීලන්තය කියන්නෙ. ඉතිං ඔය ෆාම් වලට ලඟ පාත කිසිම පහසුකමක් නෑ.
    හැබැයි ෆාම් එක ඇතුලෙ ගොඩක් පහසුකම් තියනවා ලංකාවෙ ෆාම් වලට වඩා. ඒ වගේම ඒ ගොල්ලො technology පාවිච්චි කරනවා වැඩියි. සත්තු හෝදන නාවන ඒවට පවා tools පාවිච්චි කරනවා. ඒවා පුරුදු වෙන්න ඕන ඉතිං එතකොට.
    තණකොල කපන්න, යන්ත්‍රෝපකරණ නඩත්තු කරන්න. වැටවල්, පාරවල් සහ සත්තු ඉන්න තැන් නඩත්තු කරන්න, පිරිසිදු කරන්න. ලෙඩ වෙලා ඉන්න සත්තු බලනවට අමතරව, උන්ට බෙහෙත් කරන ඒවට, පැටව් හම්බෙන ඒවට උදව් කරන්නත් වෙනවා. හරක් ඉන්න ෆාම් එකක වුනත් අඩු තරමෙ හරක් 500ක් වත් ඉන්නවා. බැටළුවෝ ඉන්න ඒවගෙ ඊටත් වැඩියි. වැඩ කරන්න තමා ඉතිං ගෙන්නගන්නෙ. මොකද උංගෙ රටේ ඕවගෙ වැඩ කරන්න කට්ටිය අඩුයි දැං. හැබැයි කරන එවුං හෙනම ආසාවෙං කරනවා. වැඩේට ආසාවෙං අත ගහනවා නම්, අමාරුවක් දැනෙන්නෑ.
     
    wasanthawa1

    Member
    Apr 24, 2017
    6
    1
    0
    ජොසී;21548781 said:

    Thanks විස්තර වලට.
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    kaapirith innawa neda oya rate, langadi news ekak dekka, oya wage farm ekak karapu wayasaka couple ekakata dasa wada deela puchala marapu seen ekak,