ඒක නම් එහෙමයි. new zealanf ෆාම් කියන්නෙ ලංකාවෙ වගේ නෙවේ, මහා පරිමාණ ඒවා තියෙන්නෙ. හැම එකක්ම වගේ අක්කර සිය ගානක් ලොකුයි. ඒ වගේම ඒ ෆාම් තියෙන්නෙ, මිනිස්සු ගැවසෙන නගර වලිං ඈතට වෙන්න. ලංකාව වගේ රට පුරාම මිනිස්සු ඉන්න රටක් නෙවේ නවසීලන්තය කියන්නෙ. ඉතිං ඔය ෆාම් වලට ලඟ පාත කිසිම පහසුකමක් නෑ.
හැබැයි ෆාම් එක ඇතුලෙ ගොඩක් පහසුකම් තියනවා ලංකාවෙ ෆාම් වලට වඩා. ඒ වගේම ඒ ගොල්ලො technology පාවිච්චි කරනවා වැඩියි. සත්තු හෝදන නාවන ඒවට පවා tools පාවිච්චි කරනවා. ඒවා පුරුදු වෙන්න ඕන ඉතිං එතකොට.
තණකොල කපන්න, යන්ත්‍රෝපකරණ නඩත්තු කරන්න. වැටවල්, පාරවල් සහ සත්තු ඉන්න තැන් නඩත්තු කරන්න, පිරිසිදු කරන්න. ලෙඩ වෙලා ඉන්න සත්තු බලනවට අමතරව, උන්ට බෙහෙත් කරන ඒවට, පැටව් හම්බෙන ඒවට උදව් කරන්නත් වෙනවා. හරක් ඉන්න ෆාම් එකක වුනත් අඩු තරමෙ හරක් 500ක් වත් ඉන්නවා. බැටළුවෝ ඉන්න ඒවගෙ ඊටත් වැඩියි. වැඩ කරන්න තමා ඉතිං ගෙන්නගන්නෙ. මොකද උංගෙ රටේ ඕවගෙ වැඩ කරන්න කට්ටිය අඩුයි දැං. හැබැයි කරන එවුං හෙනම ආසාවෙං කරනවා. වැඩේට ආසාවෙං අත ගහනවා නම්, අමාරුවක් දැනෙන්නෑ.