හොදට ස්කිල් හදාගත්තොතින් පට්ට, මොකද දැන් හැම එකාම පොඩ්ඩක් ඇන්ඩ්රොයිඩ් අතගාගෙන ඇන්ඩ්රොයිඩ් කරන්න පුලුවන් කියලා තමයි එන්නෙ
පට්ට ඉක්මනට වෙනස්වෙනවා ඇන්ඩ්රොයිඩ් ඩිවලොප්මන්ට් ෆීල්ඩ් එක ඒක නිසා හොදට අප්ඩේට් වෙලා ඉන්න ඕනෙ සමහරවිට ගිය මාසෙ තිබුනු දේවල් මේ මාසෙ වෙනකොට වෙනස් වෙලා
මේ දේවල් හොදට තියෙන්න ඕන
ජාවා හොදට පුලුවන් වෙන්න ඕන
මොබයිල් වලට ඔප්ටිමයිස් කෝඩ් එකක් ලියන්න පුලුවන් වෙන්න ඕන
Android SDK Features ගැන පට්ට අයිඩියා එකක් තියෙන්න ඕන මොනා හරි ෆීචර් එකක් ඇහුවම කොහමද කරන්නෙ කියලා අයිඩියා එකක් තියෙන්න ඕන (කෝඩ් ගූගල් කරන්න පුලුවන් ඒත් ෆීචර්ස් එහෙමත් ගූගල් කර කර කරන්න තියන හොදම විදිය හොයන එක වෙලාව යන වැඩක්)
Android Studio එකේ තියන ෆීචර්ස් සට පට ගාල යූස් කරන්න පුලුවන් වෙන්න ඕන, මම දැකලා තියනවා ගොඩක් සීනියර් ඇන්ඩ්රොයිඩ් ඩිවලොපර්ස්ලා පවා IDE එකේ තියන ෆීචර්ස් හරියට දන්නෙ නැහැ, සිංහලෙන් කිවුවොතින් ශෝට්කට් එහෙම හොදට යූස් කරන්න පුලුවන්න වෙන්න ඕන
REST/SOAP වෙබ් සර්විස් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියලා සහ XML/JSON ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන
Android UI ඩිවලොප් කරන්න හොදට පුලුවන් වෙන්න ඕන, ගොඩක් වැඩ්ඩොත් හිරවෙන තැනක් තමයි මේක (දැනට තියන හැම ඩිවයිස් එකේම/හැම වර්ශන් එකේම/බ්රෑන්ඩ් වල ප්රශ්නයක් නැතිවෙන විදියට UI හදන එක)
Meterial UI/ Animations ගැන අයිඩියා එකක් තියෙන්න ඕන
කස්ටම් UI හදන්න දැනගන්න ඕන (උදාහරනයක් විදියට ක්ලයන්ට්ගෙ UI ඩිසයින් වල කවදාවත් දැකලා නැති විදියෙ කොම්පෝනන්ට් එකක් තිබුනොත්, ඒ වගේ එකක් කිසිම ලයිබ්රී එකකින් කරගන්න බැරි උනොත් තනියම හදාගන්න පුලුවන් වෙන්න ඕන මේකත් එක තැනක් වැඩ්ඩොත් හිරවෙන, මේ වගේ කස්ටම් කොම්පොනන්ට් iOS වල පට්ට ලේසියෙන් හදන්න පුලුවන් ඇන්ඩ්රොයිඩ් වල සතියෙන් කරගන්න බැරි එක එකට වැඩ කරන iOS එකා පැය 4න් වගේ හැදුවොතින් රෙදි නෑ)
Sqlite එහෙම යූස් කරන්න දැනගන්න ඕන
ගොඩක් ෆේමස් ලයිබ්රීස් යූස් කරලා අවබෝධයක් තියෙන්න ඕන
ටිකක් විතර ඇඩ්වාන්ස් පැත්තට යනවා නම්
NDK/C,C++ ගැන තරමකවත් අවබෝධයක් තියෙන්න ඕන
iOS සහ Android වල UI කොම්පොනන්ට් අතර තියන වෙනස්කම් සහ සමාන කම් දැනගෙන ඉන්න ඕන මොකද සමහර වෙලාවට ක්ලයන්ට් iOS එකේ දැකපු දෙයක් Android ඇප් එකේ ඉල්ලනවා එතකොට දැනගෙන ඉන්න ඕන ඒ වගේ දෙයක් Android වලට හරියනවද එහෙම නැත්නම් හරි විදිය මොකද්ද කියලා සජෙශන් එකක් දෙන්න(මේකට iOS ඩිවලොප්මන්ට් ගැන දැනගෙන ඉන්න ඕන නැහැ)
සාමාන්යෙන් iOS ඇප් එකේ ඩිවලොප්මන්ට් කරන්න යන ටයිම් එකට වඩා 30%-50% ටයිම් එකක් ඇන්ඩ්රොයිඩ් ඩිවලොප් කරන්න යනවා ( iOS ඇප් එක පැය 100න් කරන්න පුලුවන් නම් ඇන්ඩ්රොයිඩ් ඇප් එක අඩුම පැය 140ක් වත් යනවා) මේ රේන්ජ් එක ඇතුල කරගන්න හොදට ස්කිල් තියෙන්න ඕන මොකද ඇන්ඩ්රොයිඩ් වලට සාපේක්ශව ගත්තම iOS ඇප් ඩිවලොප් කරන්න පට්ට ලේසියි
ලියනවා නම් කෝටියක් දේවල් තියනවා මතක් උනු දේවල් ලිවුවෙ