ඩුබායි

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ඩුබායි රස්සාවකට යන්න හිතාගෙන ඉන්නවාද? එහෙනම් ඇතුලට එන්න මේක කියවන්න.

    panorama-hochhaus-city-skyline-dubai-skyscraper-city-592.jpg


    පොඩි ත්රෙඩ් එකක් දාන්න හිතුනා ඩුබායි යන්න හිතාගෙන ඉන්න අය ගැන හිතලා. මොකද මාසෙකට දෙසරයක් තුන් සැරයක් ගොඩක් අය පෝස්ට් එකක් දානවා ඩුබායි යන එක ගැන විස්තර අහලා. ඉතින් මට හිතුනා මම දන්න තරමින් පොඩ්ඩක් ඩුබායි ගමන ගැන කියලා දෙන්න. මේ ත්රෙඩ් එක උදව්වක් වෙයි කියලා හිතනවා . ලිපිය නම් දිග වැඩි වෙයි. ඒ උනාට හැම විස්තරයක්ම දාන්න ඕන නිසා අමාරුවෙන් හරි කියවන්න

    ඩුබායි එන්න හිතාගෙන ඉන්නවා නම් මුලින්ම මේ ගැන පොඩ්ඩක් හිතන්න. උපරිමයෙන් මෙහේ රස්සාවක් සෙට් කරගෙන එන්න බලන්න. විසිට් ඇවිල්ලා හොයා ගන්න තරම් ලේසි වට පිටාවක් නෙවෙයි දැන් ඩුබායි තියෙන්නේ. ඉන්ටනෙට් එකේ සර්ච් කරලා පොඩ්ඩක් හොයා ගන්න ඩුබායි Vacancy. විසිට් ඇවිල්ලා රස්සා හොයා ගන්න පුළුවන්. හැබැයි ඉස්සර වගේ නෙවෙයි. හරිම අමාරුයි දැන්. මෙහේ ඉදලා ගිය අය ආයෙම ඇවිත් රස්සා හොයලත් එයාලට රස්සා හොයා ගන්න බැරි වෙලා තියෙනවා. උදාහරනයක් මගෙ යාලුවෙක්ගේ රූම් එකේ ඉන්න ඉන්දියන් දෙන්නෙක්. දෙන්නම මෙහේ වැඩ කරලා ගිය අය. අව්රුද්දක් යන්න කලින් දෙන්නම විසිට් ඇවිල්ලා රස්සා හොයනවා. ඒත් තවම හම්බුනේ නෑ. සමහරුන්ට ඇවිල්ලා සතියෙන් ජොබ් සෙට් වෙනවා. තව සමහරු කොච්චර විසිට් ගැහුවත් සෙට් වෙන්නේ නෑ. Try කරනවා නම් ඉතින් ඒ අවදානමත් ඇරගෙන එන්න. තමන්ගේ වාසනාව අනුව හැම දෙයක්ම සිද්ධ වෙයි. ඒ වගේම මැයි මාසෙන් පස්සේ අගෝස්තු සැප්තැම්බර් වගේ වෙනකල් ඩුබායි එන්න එපා රස්සා හොයන්න විසිට් නම් ගහගෙන. ජොබක් සෙට් වෙලා නම් කමක් නෑ. හේතුව මැයි මාසෙන් රාමදාන් කාලේ පටන් ගන්නවා. රාමදාන් කාලේ ඉවරවෙන්නේ ජූනි අන්තිම වගේ. ඒ වගේම රස්නේ කාලේ. පට්ට අමාරුයි රස්නේ කාලෙට. මේ දවස් වලදී Jobs Open වෙන්නේ 1000කට එකක් වගේ. මොන කම්පැනි එකකින්වත් හයර් කරන්නේ නෑ. ගොඩක් අය Vacation යන්නේ මේ කාලේ. හැම දෙයක්ම පටන් ගන්නේ සැප්තැම්බර් වගේ ඉදලා. ඒ නිසා අගෝස්තු වලින් පස්සේ වගේ එන්න බලන්න.

    ඉතින් රටකට යන්න ඉන්න අයට පලවෙනියටම ඕන වෙන දේ තමයි පාස්පොර්ට් එක. පාස්පොර්ට් එක ගන්න විස්තර නම් ඕන කෙනෙක් දන්නවානේ. ඒ වගේම ත්රෙඩ් ඕන තරම් එලකිරියෙත් ඇති. Search කරොත් හොයා ගත්තෑකි

    Sri_Lankan_Passport.jpg


    ඩුබායි වලට Employment වීසා එකකින් එන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල් සපුර ගන්න ඕන


    ඊ ලගට අවශ්ය දේ තමයි මෙඩිකල් රිපොර්ට් එක. Employment Visa එකකට අනිවාර්යයෙන්ම මෙඩිකල් රිපොර්ට් එකක් ඕන වෙනවා Dubai රස්සාවකට යන්න නම්. රටට Visit එන්න මෙඩිකල් රිපොර්ට් ඕන නෑ. නමුත් මෙහේට ඇවිල්ලා රස්සාවකට ඇප්ලයි කරලා බැරි වෙලාවත් සෙට් උනොත් ලංකාවේ මෙඩිකල් රිපොර්ට් එකක් අවශ්ය වෙනවා. ඒ මෙඩිකල් රිපොර්ට් එක අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕන GAMCA (Gulf Approved Medical Centres Association) එකේ ලියාපදින්චි ආයතනයකින්. ඩුබායි විතරක් නෙවෙයි අනික් ඕනම ගල්ෆ් රටකට යන්න මෙඩිකල් ගන්න ඕන නම් GAMCA එකේ ලියාපදින්චි ආයතනයකින්ම ගන්න ඕන. මෙඩිකල් රිපොර්ට් ගන්න මාර සෙනගක් ඉන්නවා. පුළුවන් තරම් කලින් ගිය තරමට වැඩේ ඉක්මනට කර ගන්න පුළුවන්.

    මෙඩිකල් රිපොර්ට් එක ගන්න මේ ලියකියවිලි ඇරන් යන්න ඕන.

    • ගමන් බලපත්රය (අව්රුදු දෙකකට වැඩි වලංගු කාලයක් තිබෙන)
    • සුදු පාට පසුබිමක් සහිත Passport size Photos දෙකක්
    • වෛද්ය සහතිකය ලබා ගන්න රුපියල් 10,750/00ක් ගෙවන්න ඕන. දැන් කොහොමද දන්නේ නෑ. ඒක පොඩ්ඩක් හොයලා බලලා යන්න.
    • ඒ වගේම මට මතක හැටියට Pasting පැය 10ක් ඉදලා යන්න ඕන

    Medical Clinics කොළඹ වගේම කුරුණෑගලත් තියෙනවා. තමන්ට ලේසි එක තෝර ගන්න. Clinics වල විස්තර වගේම වැඩි විස්තර මේ ලින්ක් වලින් බලාගන්න

    http://gamcacolombo.com/en.php#centres

    http://www.gulffocus.info/gamca-sri-lanka-gamca-accredited-medical-clinics/


    මෙඩිකල් රිපෝර්ට් එක ගත්තාට පස්සේ අනිවාර්යයෙන් කොළඹ UAE Embassy එකෙන් සහතික කර ගන්න ඕන. මීට අව්රුදු කීපයකට කලින් නම් 5000ක් ගියා සහතික කර ගන්න. දැන් කොහොමද දන්නේ නෑ. මෙතනත් සෑහෙන්න පෝලිමක් තියෙනවා. පුළුවන් තරම් උදෙන්ම ගිහින් පෝලිමේ හිටියොත් ඉක්මනට වැඩේ කර ගන්න පුළුවන්

    44, Sir Ernest de Silva Mawatha, Colombo 07 කියන තැන තමයි Embassy එක තියෙන්නේ

    මීට අමතරව ලංකාවේ නීතියක් තියෙනවා විදේශ රටක රැකියාවකට යනවා නම් පුහුනුවක් අනිවාර්ය කරලා. මේ පුහුනුව යන රස්සාව අනුව වෙනස් වෙනවා. ගෘහ සේවයට දවස් 40ක නේවාසික පුහුනුවක් තියෙනවා. ඒ පුහුනුවට රුපියල් 14230.00ක් ගෙවන්න ඕන. අනික් රස්සාවලට නම් පුහුනුව දවස් 5යි. රුපියල් 1555.00ක් ගෙවන්න ඕන.
    මේ ගැන වැඩි විස්තර පුහුනු මධ්යස්තාන මේ ලින්ක් එකෙන් බලා ගන්න

    http://www.slbfe.lk/page.php?LID=2&PID=105?


    මේ හැම දෙයක්ම කර ගත්තාට පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යන්ශයෙන් අවසර ගන්න ඕන පිට රට රැකියාවට යන්න. ඒකට ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕන. ඒ විස්තර මේ ලින්ක් එකෙන් බලා ගන්න

    http://www.slbfe.lk/page.php?LID=2&PID=36?

    ඒකටත් ගෙවන්න ඕන bureau. මේ තියෙන්නේ ගෙවන්න ඕන මුදල.
    Registration fees:LKR 15,200+VAT 15%+NBT 2%

    අව්රුදු දෙකෙන් පස්සේ renew කරනවා නම් මේ ගාන
    LKR 3,200 + Vat 15% + NBT 2%


    ඉතින් ඩුබායි වලට එනකල් මෙන්න මේ ටික තමයි ලංකාවෙදී වෙන්න ඕන. මේ දේවල් වෙන්න ඕන Employment Visa එකකට එනවා නම් විතරයි. Visit Visa එකකට එනවා නම් මෙඩිකල් අරවා මේවා මුකුත් ඕනේ නෑ. විසිට් එකක් යන විදියට එන්න පුළුවන්. හැබැයි ලංකාවේදී Exit එක ගහනකොට අහනවා විසිට් එක ගැන. ඒවා ශේප් කරගන්න තමන් වග බලා ගන්න ඕන

    විසිට් වීසා එකකට Dubai එනවා නම් මෙන්න මේ දේවල් ටික දැන ගන්න. වීසා වර්ග දෙකෙන් දවස් 30 වීසා එක ඩිරාම් 350ක් යනවා. දවස් 90ක් නම් ඩිරාම් 790ක් වෙනවා. විසිට් එනවා නම් දවස් 90 එක ගහගෙනම එන එක හොදයි. බැරි වෙලාවත් මාසෙන් රස්සාවක් හොයා ගන්න බැරි උනොත් ආයෙම ටිකට් දාගෙන Exit වෙන්න වෙනවා. ඒක වියදම් යන වැඩක්.

    viza6.jpg


    තව දෙයක් විසා එක ඉවර නම් අනිවාර්යයෙන්ම රටින් Exit වෙන්න බලන්න. එහෙම නොව්නොත් දඩ ගෙවන්න වෙනවා මෙහෙන් යනකොට. පලවෙනි දවසට ඩිරාම් 200ක්. ඊට පස්සේ වැඩිවෙන හැම දවසකටම ඩිරාම් 100 ගානේ. කොහොමද සතියක් දෙකක් හිටියානම් පරිප්පුව. ඉතින් දවස් 90ක විසිට් වීසා එකක් ගහගෙන ආවා නම් කාලේ තියෙනවා හොද රස්සාවක් හොයා ගන්න.

    විසිට් එක ගහගෙන දැන් ඩුබායි එනවා නම් අනිවා මේ ටික ගේන්න එනකොට. Passport Photos 5ක් 6ක්, තමන්ගේ CV එක Print කරගෙන කොපි අඩුම තරමේ 10ක් වත්. ඔරිජිනල් සහතික. රස්සා කරපුවා කෝර්ස් කරපුවා ඉස්කොල් සහතික මේ හැම දෙයකම ඔරිජිනල් සහතික ඇරන් එන්න අමතක කරන්න එපා. ඒවා තමන්ගේ ලග තියා ගන්න නිසා බය වෙන්න ඕනේ නෑ. ඒ වගේම ඒවාගේ Photo Copy සෙට් එකකුත්. අර CV එකත් එක්ක මේ කොපි ටික Attach කරලා තියා ගන්න. ඒ සහතික Scan කරලා CV එකත් එක්ක USB Pen drive එකටත් ඊමේල් එකටත් දාලා තියා ගන්නත් අමතක කරන්න එපා. CV එකත් එක්ක Cover Letter එකකුත් හදලා තියා ගන්න.

    දෙසැම්බර් ඉදලා මාර්තු වගේ වෙනකල් ඩුබායි වල සීතල. ඒ කාලේ එනවා නම් සීතලට අදින්න ජර්සි එකක් ඇරන් එන්න. අනික් කාල නම් රස්නේ. මාස 3ක් කාලා ඇදලා ඉන්න සල්ලි ඇරන් එන්න අමතක කරන්න එපා. මෙහේ කව්රු හරි ඉන්නවා නම් අව්ලක් නෑ ඒත් හැම දේකටම එයාට කරදර කරන්න බෑනේ. කොහොමත් අතේ ගානක් තියා ගන්න වෙනවා. මේ ගැන අවභොදයක් එයි ඔක්කොම කියවලා ඉවර උනාට පස්සේ අනික් ඒවා නම් තමන්ට උවමනා වෙන දේවල් ඇරන් එන්න.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ඉතින් ඔන්න හැම දෙයක්ම කරගෙන ඕන කරන දේවලුත් ඇරගෙන ඩුබායි ආවා කියමුකො. දැන් ඊලග Course එක.

    ඩුබායි එනවා නම් ඉන්න තැනක් හොයා ගන්න ඕන. රස්සාවක් සෙට් කරගෙන එනවා නම් එයාර්පොර්ට් එකට කොම්පැනි එකෙන් ඇවිල්ලා ඉදී ගන්න. එහෙම නැත්නම් මෙහෙට ගෙන්න ගන්න කෙනා එයි. විසිට් එනවා නම් මෙහේ කව්රු හරි දන්න අදුරන කෙනෙක් සෙට් කර ගන්න වෙනවා ඉන්න තැනක් හොයා ගන්න. එහෙමත් හොයා ගන්න බැරි නම් ඇවිල්ලා ඉන්න පුළුවන් පලාත් දැනගෙන එන්න. විශේෂයෙන් interview වලට යන්න එන්න ලේසි බස් එක මෙට්‍රෝ එක ගන්න පුළුවන් ලේසිම තැනක්. ඒ විස්තර ඉස්සරහට කියවගෙන යද්දී දැන ගන්න පුළුවන්.

    මුලින්ම කතා කරමු Transport ගැන. මෙහේට ආවම පිලි ගන්න කව්රුත් නැත්නම් තනියම තමයි මැච් එක ගහ ගන්න වෙන්නේ. ඒ නිසා මුල ඉදලා විස්තර කරන්නම්. Transport වර්ග 3ක් තියෙනවා බස්, මෙට්රො, ටැක්සි.

    2780447400.jpg


    එයාර්පොර්ට් එකෙන් එලියට එනකොටම ටැක්සි තියෙනවා. ඒවා ගනන් වැඩී. පටන් ගන්නේ ඩිරාම් 25න්. පොඩ්ඩක් එලියට ඇවිදගෙන ආවාම පාරේ යන ටැක්සි ගන්න පුළුවන් ඒවා පටන් ගන්නේ ඩිරාම් 12න්. Visit ඇවිල්ලා රස්සා හොයන්න හදනවා නම් ටැක්සි පාවිච්චිය සීමා කරන්න. පුළුවන් තරම් බස් එකේ මෙට්රෝ එකේ යන්න බලන්න. අවශ්යම වෙලාවක විතරක් ටැක්සි පාවිච්චි කරන්න. සල්ලි ඉතුරුයි.

    ඉතින් බස් එකේ මෙට්රෝ එකේ යන්න ලංකාවේ වගේ සල්ලි දීලා ටිකට ගන්න බෑ. ඒකට කාර්ඩ් එකක් ගන්න ඕන. එකේ නම nol card


    20090909_nol-card.jpg


    මේ Card වලින් 90%ක් පාවිච්චි කරන්නේ ඔය පලවෙනියට තියෙන nol Solver Card එක. මේ කාර්ඩ් එක මෙට්රෝ ස්ටේෂන් වල සමහර බස් ස්ටොප් වල තියෙනවා ගන්න. මෙට්රෝ වල නම් Counter එකෙන් ගන්න පුළුවන්. බස් හොල්ට් වල නම් පොඩි මැෂිමක් තියෙනවා. කාර්ඩ් එකේ ගාන ඩිරාම් 25ක් වෙනවා. ඩිරාම් 25ක් දුන්නාම හෝ මැෂින් එකට දැම්මාම කාර්ඩ් එක එනවා. මෙට්රො ස්ටේෂන් වලත් මේ මැශින් තියෙනවා. කාර්ඩ් එකේ ගාන ඩිරාම් 6ක් කැපිලා ඩිරාම් 19ක් ඉතුරු වෙනවා. මදි වගේ නම් කාර්ඩ් එක Re Charge කර ගන්න පුළුවන් ඒ මැෂින් එකෙන්ම. ඩිරාම් 5 ඉදලා 10, 20, සල්ලි දාලා Re Charge කර ගන්න පුළුවන්

    270px-Nol_Ticket_machine_.jpg
    ticket.jpg


    මේ කාර්ඩ් එක පාවිච්චි කරලා තමයි බස් එකේ වගේම මෙට්රෝ එකෙත් යන්න ඕන. Zone එකක් ඇතුලත් කොච්චර දුර ගියත් ඩිරාම් 3යි කැපෙන්නේ. Zone එකකින් තව Zone එකකට ගියා නම් ඩිරාම් 5ක් කැපෙනවා. Zone දෙකකට වැඩි නම් ඩිරාම් 7.5ක් කැපෙනවා. බස් එකට නගිනකොට තියෙනවා Card එක පන්ච් කරන්න පොඩි යුනිට් එකක්. නගිනකොට වගේම බහිනකොටත් අනිවාර්යයෙන් පන්ච් කරන්න ඕන. මෙට්රෝ එකේ නම් ස්ටේෂන් එක ඇතුලේ ලයින් වල තියෙනවා පන්ච් කරන්න. In Out දෙකම පන්ච් කරන්න අමතක කරන්න එපා

    image.jpg



    හරි ඊලග ඊලගට ඉන්න තැනක් හොයා ගන්න එක. ඉන්න තැනක් හොයා ගන්න නම් අමාරු නෑ. නමුත් ගනන් නම් වැඩී. මෙහේ ලොකු ආදායමක් තමයි Apartments බිස්නස් එක. ඒ වගේම මෙහේ ඉන්න තැන් තියෙන්නේ Bed Space විදියට. Bed Space, Partitions තියෙනවා. Bed Space වලත් දෙකක් තියෙනව උඩ ඇද යට ඇද.

    380634_b_e0f052822d725582e11cd40d38aa9408.jpg


    පේනවානේ. මේ උඩ ඇදක් සාමාන්යයෙන් ඩිරාම් 600ක් විතර වෙනවා. යට ඇදක් 700ක් නැත්නම් 800ක් වෙනවා. තව Partition එහෙමත් ගන්න පුළුවන් ඩිරාම් 1200 ඉදලා. හොද පඩියකට රස්සාවක් කරනවා නම් පස්සේ තනි කාමරයක් ගන්න පුළුවන්. පොඩි කාමරයක් ඩිරාම් 2500 ඉදලා තියෙනවා. ඩුබායි වල ගොඩක් අය ඉන්නේ මේ වගේ Bed Space වල.

    ඉන්න පලාත් නම් ලේසිම අඩුම තැන් හොයා ගන්න එක හොදයි

    Satwa, Karama, Jumeirah, Rashidiya, Al Rigaa, වගේ තැනුත් හොදයි
    al quoz, sonapur, jebel ali වගේ තැන් ලේබර් කෑම්ප් තියෙනවා. මේ තැන් වල Bed Space වල ගනන් අඩුයි. හැබැයි පහසුකම් අතින් නම් 0...

    ඒ වගේම Sarjah, Ajman වගේ තැන් වල තවත් ගනන් අඩුයි. ඩුබායි වල රස්සාවක් කරනවා නම් ඒ පැති වල ඉදලා එනවා නම් අඩුම තරමේ තමන්ට කියලා වාහනයක් තියෙන්න ඕන. උදේටයි හවසටයි කවදාවත් Traffic අඩු වෙන්නේ නැති පලාත් තමයි ඒ. පැය එකහමාරක් විතර යනවා තමන්ගේ වාහනයක ගියත්

    කොහොම හරි කාගෙන්වත් උදව්වක් නැතුව ඩුබායි වලට ආවා නම් කෙලින්ම මේ පලාත් වලින් එකකට එන්න. Satwa වල ලංකාවේ ගොඩක් අය ඉන්නවා. ඒ ඇවිත් පොඩ්ඩක් විපරම් කරා නම් ලංකාවේ අය හොයා ගන්න බැරි වෙන එකක් නෑ. එහෙම බැරි උනත් පොඩ්ඩක් තාප්ප වල බලන්න. Notice ගහලා තියෙනවා බර ගානක් Bed Space ගැන කියලා. ඒ අංකයකට Call එකක් දීලා බලන්න. Bed Space එකක් ඒ වෙලේම හොයා ගන්න පුළුවන්.

    20091210174_thumb%5B1%5D.jpg



    ඊ ලගට කෑම බීම. කෑම බීම තමන්ට උයාගෙන කන්න උනත් පුළුවන්. ඒකට නැවතිලා ඉන්න රූම් එකේ අය එක්ක ගෑස් එක ශෙයා කර ගන්න වෙනවා. ගෑස් එකක් මාසයක් එකහමාරක් පාවිච්චි කරන්න පුළුවන්. ගෑස් එකක් ඩිරාම් 130ක් වගේ වෙන්නේ. ඒක කාමරේ ඉන්න අය එක්ක ශෙයා කරලා ගන්න පුළුවන්. වැඩිම උනොත් ඩිරාම් 15ක් විතර යයි ශෙයා කරලා ගන්න නිසා. හැබැයි ඉතින් මාස 3 Visit එකට ඇවිල්ලා උයාගෙන කන එක නම් අමාරු වැඩක්. කාගේ එක්ක හරි සෙට් උනා නම් ශෙයා කරගෙන වැඩෙ කරගන්න පුළුවන්. එහෙම උයාගෙන කනවා නම් ඩිරාම් 200කින් 250කින් වගේ ශේප් වෙන්න පුළුවන් වෙයි මම හිතන විදියට. එහෙම නැත්නම් කඩෙන් කන්න වෙනවා. කඩෙන් කනවා නම් බර ගානක් යයි. උදේ කෑම වේලට ඩිරාම් 4ක් නැත්නම් 5ක්. දවල් එකට 10ක් රෑටත් 10ක්. ඒ වගේම මාසෙටම කෑම ගන්න පුළුවන් 3 වේලටම ඩිරාම් 400කට වගේ. ලංකාවේ ගෑනු අයත් මේ වැඩෙ කරනවා. උයලා 3 වේලටම කන්න දෙනවා 400ක් හරි 500ක් හරි මාසෙටම. ඉතින් එහෙම තැනකින් කෑම ගන්න එක ලේසී රස්සාවක් සෙට් වෙනකල්. මොකද රස්සා හොයන්නයි උයාගෙන කන්නයි දෙකක් කරන්න බෑනේ

    mess_available_labor_camp_offices_dubai_sharjah_ajman-b7fc6dd17eddbed96d94a5b70541f45a.jpg


    ඩුබායි වලට පය ගහලා මේ දේවල් ඔක්කොම කර ගත්තට පස්සේ එක මොහොතක් අපතේ අරින්න එපා. උපරිම උත්සාහා කරලා රස්සාවල් හොයා ගන්න බලන්න. නෙට් එකේ Dubizzle වගේ ඒවගේ බලන්න පුළුවන්. ඊට අමතරව දවස ගානේ Gulf News, khaleej times එකත් එක්ක දෙන classified කෑල්ල හොයාගෙන තියෙන රස්සාවලට Apply කරන්න. ඒ වගේම දන්න කියන හැම කෙනාගෙන්ම අහලා CV දෙන්න. හැම පැත්තෙන්ම Try කරොත් රස්සාවක් හොයා ගන්න ලේසි.

    ඉතින් ඔන්න පුළුවන් තරම් කෙටුවා. ඩුබායි ආවොත් මේ අවවාද ටිකත් මතක තියා ගන්න. මෙහේ ඕන තරම් බොන්න හොයා ගන්න පුළුවන්. නමුත් එලිපිට බොන්න බෑ. හැමදාම බොන්න ඕන අයට ලයිසන් එකක් ගන්න පුළුවන්. රස්සාවක් හම්බ උන දවසක බීපල්ලා. හැමදාම නෙවෙයි සතියකට සැරයක් දෙකක්. හැම දෙයකටම කලින් තමන් මේ රටට ආව කාරනේ ඉශ්ඨ කර ගන්න බලන්න. අරක්කු සිකරට් බියර් මෙහේ ලාබයි. බීලා ෆන් එකක් ගන්න වලි දා ගන්න බීලා එලියට යන්න හදන්න එපා. කෑවා නම් බීවා නම් පාඩුවේ නිදා ගන්න. ඒ වගේම හැම තැනම මසාජ් සෙන්ටර්ස්. බඩුත් ඕන තරම්. ඒවට සෙට් වෙන්න එපා. තරුණ ජීවිත කාලකන්නි කර ගන්න එපා. ඩුබායි කියන්නේ හැදෙන එකාට හැදෙන්න පුළුවන් ඒ වගේම නැති වෙන එකාට නැති වෙන්න පුළුවන් තැනක්. මාසෙකට සැරයක් දෙකක් ලංකාවේ බෑන්ඩ් එක්ක Musical Shows තියෙනවා. ලංකාවේ විශේෂ අවස්ථාවල ඒ කියන්නේ අව්රුදු උත්සව, වෙසක් දන්සැල් මෙහේ තියෙනවා. ඒවටත් සහභාගී වෙන්න. හැම දෙයක්ම කරනවා වගේ ආව රස්සාවත් පරෙස්සමෙන් කරගෙන කීයක් හරි හම්බකරගෙන ආව Target එක සපුරගෙන ලංකාවට යන්න. මොකද හැමකෙනාගේම පව්ල් ඉන්නේ ලංකාවේනේ. සුභ පැතුම් එන්න ඉන්න අයට..

    මොනවා හරි දෙයක් අත පසු උනා නම් හරි මට වැරදුනා නම් ඒ ගැන දන්න අය පොඩ්ඩක් මේකේ දාන්න. කොපි පේස්ට් නෙවෙයි මමත් මේක කෙටුවේ ඔෆිස් එකේ වැඩ කරන ගමන්. දැන ගන්න දෙයක් තියෙනවා නම් අහන්න. පුළුවන් වෙලාවට උත්තර දෙන්නම්.
    දෙයක් දැන ගත්තා නම් ඒ ඇති.. තව කෙනෙක්ට බලන්න බම්ප් පාරක් දාගෙන යන්න


    තව ඩුබායි විස්තර ගැන පුළුවන් වෙලාවක වෙන ත්‍රෙඩ් එකකින් හමු වෙන්නම්.. ජය වේවා

    ප.ලි

    මචන් මේ දේ පස්සේ ලියන්නේ. විසිට් ඇවිල්ලා ජොබක් හොයා ගන්න අයිඩියා එකක් තියෙනවා නම් අනිවාර්‍යයෙන්ම ලංකාවේ මෙඩිකල් රිපෝර්ට් එක ඇරන් එන්න. මොකද මෙහේ ඇවිල්ලා රස්සාවක් ලැබුනොත් මෙහේ මෙඩිකල් යන්න ලංකාවේ මෙඩිකල් එකත් ඕන වෙනවා. ලංකාවේ මෙඩිකල් කරත් මෙහෙත් අනිවාර්‍යයෙන් මෙඩිකල් කරනවා. මෙන්න මේ ටික තමයි බලන්නේ.

    • Blood test
    • Chest X-ray
    • Tuberculosis
    • Hepatitis A, Hepatitis B and Hepatitis C
    • HIV / Aids
    • Syphilis
    • Lepros

    Employment Visa එක ගහලා අව්රුදු දෙකක් ඉවර උනාට පස්සේ ආයෙම මෙඩිකල් යන්න ඕන වීසා Renew කරන්න නම්. ඒකෙදි Chest X-Ray ගන්නේ නෑ Blood Test එක විතරයි කරන්නේ.


    ජය වේවා
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    සුපිරි විස්තරයක් මචං A-Z කියල තියනවා :yes: +24

    Thanks machan. මොකද අපේ කොල්ලෝ සෑහෙන්න මේ ඩුබායි ගමන ගැන අහලා ත්‍රෙඩ් දානවා. මට හිතුනා ඒ අයට ලෙසි වෙන්න ත්‍රෙඩ් එකක් දැම්මා නම් හොදයි කියලා. ඒකයි දැම්මේ. උඹට රෙප් නම් දෙන්න බැරිලු

    You must spread some Reputation around before giving it to Executer again. :no:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    Thanks machan. මොකද අපේ කොල්ලෝ සෑහෙන්න මේ ඩුබායි ගමන ගැන අහලා ත්‍රෙඩ් දානවා. මට හිතුනා ඒ අයට ලෙසි වෙන්න ත්‍රෙඩ් එකක් දැම්මා නම් හොදයි කියලා. ඒකයි දැම්මේ. උඹට රෙප් නම් දෙන්න බැරිලු

    You must spread some Reputation around before giving it to Executer again. :no:

    ඕවා වටිනා වැඩ :yes::yes: කට්ටියට උදව්වක් වෙයි :)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    Thank you !

    IT jobs kohomada machan dubai wala?
    Business Analyst wage ewa?

    නම් තියෙනවා මචන්. හොද වැඩ්ඩෙක්ට ලොකු පඩියකට යන්න පුළුවන්. වැඩිපුරම ඉතින් Networking තමයි

    ඕවා වටිනා වැඩ :yes::yes: කට්ටියට උදව්වක් වෙයි :)

    :)

    visit visa ganne kohomada?:nerd:

    විසිට් වීසා එකක් ගන්නවා නම් ට්‍රැවල් ඒජන්සි එකකට ගිහින් ගන්න පුළුවන් වෙයි.





    thanks machan watinawa mama may 10 yanawa dubai welata.

    එල එල වරෙන් මචො... මේ දවස් වල රස්නේ පටන් ඇරන් මචන් තියෙන්නේ.. ඒ වගේම 25 වෙනිදා රාමදාන් පටන් ගන්නවා


    Good thread..
    Tfs machan..!!!

    Thanks for all.. REP15+
    :yes: