බබුන් ආතා

baba3

Banned
Sep 27, 2016
282
33
0
මා උපන් මහ ගෙදර පිහිටියේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කඳයාය නම් වූ අතිශයින් ම කිසිදු පහසුකමකින් තොර වූ ගම්මානයකය. සවස පහේ කනිසම වැදෙන විටදී පවා අන්ධකාරය වෙලා ගෙන තිබුණේ රූස්‌ස ගස්‌ කොලන් හා මහ කැලෑව ගම අරක්‌ගෙන සිටි හෙයිනි. අන්ධකාරය ඇති විටක කිසිදු හේතුවක්‌ නිසාවත් නිවසින් පිටත යැමට තිබුණේ දැඩි බියකි. මට සිටියේ එක්‌ නැඟෙණියකි. අප කිසිදු විටක මළ මුත්‍රා කිරීමට හදිසියකටවත් නිවසින් පිටත නොගියේ අවශ්‍ය ශරීරකෘත්‍ය නිවස තුළදීම කර ගැනීමට කටයුතු සකසා ගෙන තිබූ හෙයිනි. එතරම්ම අඳුර මූසලය. එහි බියකරු බව බකමූණා, උලමා කෑ ගැසීම නිසා තවත් බියකරු විය.

බහුතරයක්‌ නිවෙස්‌වල කුප්පි ලාම්පුව දැල් වූ අතර පැය කිහිපයක්‌ පැට්‌ට්‍රොල් මැක්‌ස්‌ ලාම්පුවක්‌ පත්තු කිරීම යමක්‌ කමක්‌ ඇති නිවෙස්‌වල සිදු වුවද පැය කිහිපයකින් නිවා දමා නින්දට යැමට බොහෝ දෙනා පුරුදුවී සිටියහ. එකී ගමේ එකලට අනුව තරමක්‌ යමක්‌ කමක්‌ තිබුණේ මා පියාණන් වූ එළාරිස්‌ මුදලාලි මහතාට ය. උදයේ වෙළෙඳසලේ සිට නිවසට පැමිණෙන විට ඇතැම් දිනවල මධ්‍යම රැය ද පසුවිය. එයට හේතුව ඔහුගේ කඩයේ තිබූ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාවිරහිත කිරීමට අසන්නන් ඉඩ නොදෙන හෙයිනි. එදා ද මුවන් පෑලැස්‌ස ගුවන් විදුලියේ ප්‍රචාරය විය. එය ඇසීමට බොහෝ දෙනකු කඩයට එන නිසාවෙනි.

ඇතැම් දිනවල පියා නිවසට පැමිණෙන විට අප නිදිය. පසුදා අවදි වන විට පියා නිවසින් බැහැරව ගොස්‌ ය. මව ගෘහනියක්‌ වූ හෙයින් අපට පියාගේ අඩුව එතරම් නොදැනින. අපට මහ ගෙදර හා අලුත් ගෙදර නමින් නිවෙස්‌ දෙකක්‌ විය. එක්‌ නිවසක අප සිවුදෙනා ද මහ ගෙදර ජීවත් වූයේ පියාගේ සමීප හිතවතකු වූ මාතර සිට පැමිණ සිටි බබුන් ආතා නම් වූ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අතිශයින් ප්‍රකට අයෙකි. පවුලේ අයකු මෙන් ජීවත් වූ බබුන් ආතා ගමේ මිනිසුන්ගේ අසනීපවලට නූල් මැතිරීම දෙහි කැපීම, අණ වින දෝෂ ඉවත් කිරීමට බැරිම අවස්‌ථාවක ඉල්ලීමකදී හූනියම් කර දීමට ද බබුන් ප්‍රකට දෛවඥයකු විය.

මෙම සිදුවීම වන විට මා පාසලේ හයවැනි පංතියේ ඉගෙන ගනිමින් සිටි සිසුවෙකි. එකල ගමේ බොහෝ දෙනකු මා ඇමතුවේ බේබි මහත්මයා යනුවෙන් හෙයින් බබුන් ආතා ද එක්‌ දවසක්‌ මා හට කතා කර බේබි මහත්තය අද මම ගමනක්‌ යනව රෑට හදිසියකටවත් ගෙදරින් එළියට එන්න එපා කියා මගේත්, නංගිගේත් හිස මත තෙල් බිඳු කීපයක්‌ තවරා මොනවාදෝ කියූ බව මතකය. බබුන් ආතා ගියේ කාගේ හෝ හූනියමක්‌ නිදහස්‌ කිරීමට බව මව කීවාය. එයින් අප සිත් තුළ තිබූ බිය වැඩිවිය. මන්ද බබුන් ආතා එවන් කාරණයක්‌ සඳහා නිවසින් බැහැර වන සෑම දිනකම තෙල් මතුරා අපගේ හිස්‌වල තවරා යැම නිසා අතුරු කරදර කිසිවක්‌ අපට බල නොපෑය. එහෙත් ඇතැම් දිනවල බබුන් ආතාගේ කාමරයේ තිබූ යකඩ ට්‍රන්ක පෙට්‌ටිය වෙවුලන හැටි දැසින් දැක ඇත්තෙමු. එතුළ යමක්‌ දඟලන අයුරු පැහැදිලිවම පෙනිණි. එසේ හෙයින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ඔහු ප්‍රදේශය පුරාවටම ප්‍රසිද්ධය.

මෙවන් ප්‍රකට බබුන් ආතාට දිනක්‌ තමන් කළ ගුරුකමක්‌ වැරදිනි. මා අසා ඇති පරිදි වෙනත් කට්‌ටඬියකු විසින් කළ ගුරුකමක්‌ නිදහස්‌ කිරීමට බාරගත් බබුන් ආතා එයට පෙර දින රාත්‍රියේ සිටම එකී කටයුත්ත සඳහා සූදානම් විය. ඔහුගේ සහායට කවදත් යන මැන්තෝරිස්‌ නම් මාමා ද එදා උන්දෑ සමඟ අවශ්‍ය කුඩුම්බ සකස්‌ කළ බව කියයි. පුරා විසිහතර පැයක්‌ මන්ත්‍ර යන්ත්‍ර පේ කරමින් කාන්තාවකට වැහී සිටිය භූතාත්මයක්‌ ඉවත් කිරිමේ භාරදූරය කටයුත්ත නිසි ලෙස ඉෂ්ඨ සිද්ධ කිරීමට පසුදින මධ්‍යම රාත්‍රිය තෙක්‌ යාග හෝම කළ බව අසා ඇත. මහා සොහොන් පිල්ලියෙන් ආවේශව භූතයා කාන්තාවගේ ආත්මයෙන් එළවීමේ කාලය එළඹියෙන් වැදෙන බෙර පදයට හා යාතිකාවලට අනුරූපව තම දේව තෝත්තර කර ගෙන ගියහ. ගුරුකමේ අග තැම්පත්ව සිටි බබුන් ආතා කාන්තාව ආවේශ කරවා ඇය අතැර යන ලෙසට පොරොන්දු කරවා ගෙන සළකුණක්‌ ද කර යන ලෙස ඉල්ලා ඇත. එහි පලය ලෙස පාන්දර යාමයේ නිවස ඉදිරිපිට කිරි ගසක මුදුන් අත්ත කඩා ගෙන යන බවට පොරොන්දු වී සැවුල් බිල්ල ගෙන ලේ බී වැළපෙමින් කොස්‌ අත්තක්‌ ද බිඳ ගෙන ගිය බව අදත් ඇසින් දුටුවන් භීතියෙන් යුතුව එකී සිදුවීම් කියති. එය එසේම සිදුවිය. ආතුරයා සුව විය. ඥතීන් සතුටු කඳුළු හැලූහ. බබුන් ආතාට තුඩු පඬුරු ලැබිණි. එහෙත් කියන පරිදි කිසිදු දිනක යාග හෝම කළ නිවසින් කෑම බීම නොගන්නා බබුන් ආතා මැන්තෝරිස්‌ මාමා සමඟ සැතපුම් දෙකක්‌ පමණ පයින්ම අප නිවස කරා පැමිණෙමින් සිට ඇත්තේ පොල් අතු හුළු එළියක ආධාරයෙනි. එහෙත් බබුන් ආතාට කොතැක හෝ වැරදී ඇති බව දැනුනේ නිවසින් පිටවීමට පෙර තමන් හා කොට්‌ටෝරුවා නිසි ලෙස ආරක්‍ෂා නොකරගෙන ගිය නිසාය. එහි ප්‍රතිඵලය වූයේ බබුන් ආතා විසින් ආතුරයාගේ ශරීරයෙන් ඉවත් කළ භූතාත්මය ඔහු පසු පස පැමිණීමය. එහෙත් එහි වගක්‌ ඔහුට නොදැනුනි. කෙසේ හෝ අපේ මහ ගෙදර නැවතී සිටි බබුන් ආතාට

රැය පහන්වන තුරු නින්දක්‌ නොවුන බව කියයි. ඔහු නිදන ගෝනි ගැසු බූරු ඇඳේ ඔහු සමඟ කාන්තාවක්‌ නිදා ගෙන සිටින බවත්, වරින්වර බබුන් ආතාගේ ගෙල සිරකරන බවත් ඔහුට දැනී ඇත. වරෙක ඔහුගේ ගත තරයේ වැළඳගත් බව තේරුන බවත් බබුන් ආතා පවසා ඇත.

මෙවන් භූතාත්මයක්‌ ආත්මයෙන් නික්‌මවුන පසු දෛවඥයාගේ ප්‍රාණය ඇපට ගන්නා බවක්‌ ඔහු දනී. කළයුතු ප්‍රතිකර්මයක්‌ නොවුන කල පඬිවෙල වාසය කළ හේරත් මාමා පණිවිඩයකින් ගෙන්වාගෙන තෙල් මතුරුවාලීමෙන් පසු බබුන් ආතාට පියවි සිහිය පැමිණි බව මා අසා ඇත. එසේම එක්‌ දිනක අසල්වැසි ගමක්‌ වූ දිවුරුම්පොල මුස්‌ලිම් කාන්තාවකට යක්‍ෂ දිෂ්ඨ§යක්‌ බලපා නූලක්‌ මතුරා සමතයකට පත් කර ආපසු අප නිවසට පැමිණෙන විට අභිමාන වූ වෙල් යායක්‌ දිය ඇළක්‌ පසු කිරීමට සිදුවේ. එහි රාත්‍රියේදී ඇතැම් විවිධ සිදුවීම් සිදුවන බව ප්‍රකටය. හුදකලාව රාත්‍රියේ ආපසු එන බබුන් ආතා ඉදිරියට කොටියකු වැනි විශාල සතෙකු පැන්න බවත් ඔහු කොටියා මෙල්ල කිරීමට ඇකයේ සඟවා ගෙන සිටින උල් පිහිය ගෙන කීපවිටක්‌ම තදින් ඇන්න බවත් ඇනුම් කෑ කොටියා පළා ගිය ද බබුන් ආතා ආවේ අඩ සිහියෙනි. එහෙත් එතරම් දරුණු නොවූ හොල්මනක්‌ නොවන බව ඔහු කීවද, පසුදින මා ද අනෙක්‌ අය සමඟ මගේ පියාද එම ස්‌ථානය පරීක්‍ෂා කිරීමට ගියෙමු. ඇත්තෙන්ම බබුන් ආතා කොටියකු යෑයි පොරබදා පිහියෙන් ඇන තිබුණේ පාර අද්දර තිබූ පැළ පොල් ගසක කඳටය. ගසේ වටේටම පතුරු ගැලවී තිබුණ බව දක්‌නට හැකි විය. එදා සිට බබුන් ආතා මියයන තුරු තනිවම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමට නොගිය අතර කාලයාගේ ඇවෑමෙන් වයස්‌ගතව මිය පරලොව ගිය ද ඔහුගේ දේහය අප ගමේම පොදු සුසාන බිමේ මිහිදන් කෙරුණි. මගේ පියා සත්දින දානය ද තෙමස්‌ දානය ද දී පිංපෙත් පතන ලදී.

අභාගයකි ඔහුගේ සකල සබ්බ වස්‌තු වූ ට්‍රන්ක පෙට්‌ටිය බාර දීමට ඥාතියකු නොවීය. එය විවෘත කිරීමට යතුරක්‌ ද නොවීයෙන් කාලයක්‌ යනතුරු එම කාමරයේ ම තැම්පත්ව තිබිණි. එහෙත් ඇතැම් කෙම්මුර දිනවල එකී කාමරය තුළින් නැගෙන යාතිකා හඬ මතුරන හඬ පැහැදිලිව ඇසෙන්නට විය. කිසිවෙකු එකී පෙට්‌ටිය විවෘත කිරීමට හෝ අහක්‌ කිරීමට ඉදිරිපත් නොවිණි. කාලයක්‌ ගතවිය. අප නිවසේ විවිධ වූ භූත ශබ්ද හා මිනිසුන් ගැවසෙන සේයාවක්‌ දැනෙන්නට විය. නිවසේ අයට නිරතුරු අසනීප ඇති විය. මගේ මව දැඩි ලෙස රෝගාතුර විය. සුවයක්‌ නොවීය. අවසානයේ අප දේවාල, පේනකරුවන්ගේ පිහිට පැතුවෙමු. එකී ස්‌ථානවලින් පැවසුනේ නිවසේ තැම්පත් කර ඇති පෙට්‌ටියක්‌ තුළ ඇති මිනිස්‌ හිස්‌කබල සහිත මිනිස්‌ ඇට කැබලි වහාම නිවසින් ඉවත් කළ යුතු බවයි. එහෙත් කිසිවකු එය ඉවත් කිරීමට ඉදිරිපත් නොවුනි. එයට හේතුව ඉවත් කරන්නාට විවිධ වූ අතවරයන්ට ලක්‌වීමට සිදුවෙතැයි බියෙනි. එහෙත් අවසානයේ අප ගම විසූ සයිනේරිස්‌ නම් මන්ත්‍රකරු ඉදිරිපත්ව එම පෙට්‌ටිය කඩා විවෘත කළ පසු දක්‌නට වූයේ මිනිස්‌ හිස්‌ කබලක්‌ සහ මිනී ඇට කැබලි කීපයකි. එසේම බබුන් ආතාගේ යන්ත්‍ර මන්ත්‍ර පොත පත විය. එදා එම හිස්‌ කබල හා ඇටකටු වැළලීමට නොහැකි විය. එදා රාතිය පුරාම බබුන් ආතා සිටි කාමරයේ එකම ගාලගෝට්‌ටියකි. අඬති. වැළපෙති. සුසුම් හෙළන හඬ සැබෑවටම අපට ඇසුනි. ඇඟ කිලිපොළා යන ශබ්දයන් ය. නංගිත් මමත් අතිශයින් ම බියට පත්ව සිටියෙමු. ගමේ තවත් කීපදෙනෙකුම රැය පහන්වන තුරු නිදි වර්ජිතව අප නිවසේ මගේ පියා සමඟ සිටියහ. පාන්දර ජාමයේ නැඟුන විලාප හඬින් ගමම භීතියෙන් වෙලී ගිය බවත් අසල්වැසියන් පැවසූ අයුරු අදත් සිහිපත් වන විට ඇඟේ මවිල්a කෙලින් වූ බව දැනේ. පසුදින සයිනේරිස්‌ වෙද මාමා විසින් ගෝනියක දමා සොහොනේ වළ දැමිනි. ඒ සමගම නිවසේ තිබූ විවිධ වූ ශබ්ද, අඳෝනා, කෙඳිරිලි නිමාවට පත්වුව, නිවස කඩා දමන තුරු කිසිදු දිනක අප එකී නිවසේ රැය හෝ දහවල ගත නොකළෙමු.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල යම් සත්‍යතාවක්‌ ඇති බව පිළිගත යුතු වුවත්, අද ජනතාව සූරා කන ව්‍යාජ යන්ත්‍ර ගුරුකම් කරන්නන් නිසා අති වැදගත් විෂයයක්‌ අවඥාවට ලක්‌වී ඇත. සැබෑ දක්‍ෂයා කිසිදු දිනක තම දක්‍ෂතාවය ප්‍රසිද්ධ නොකළත් ඔහු ස්‌වභාවයෙන් ම ප්‍රසිද්ධියට පත්වීම වැළැක්‌විය නොහැකි. එසේම එදා මෙන්ම අද ද හොල්මන් මිනිසුන් සමඟ ජීවත් වේ.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අප කිසිදු විටක මළ මුත්‍රා කිරීමට හදිසියකටවත් නිවසින් පිටත නොගියේ අවශ්‍ය ශරීරකෘත්‍ය නිවස තුළදීම කර ගැනීමට කටයුතු සකසා ගෙන තිබූ හෙයිනි.

    ගේ ඇතුලෙම කක්කි දැම්මාද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    මමත් මාතර තමයි උපන්දා ඉදන් හිටියෙ මාතර තමයි
    මේ පැතිවල කට්ටඩි රාලලා නම් ඕන තරම් ඉන්නවා හැබැයි ඔය වගේ දේවල් කරපු එකෙක්වත් මම නම් අහලා නැහැ
    මාතර ගුරුකම් වලට ප්‍රසිද්ද උනාට ඔයවගේ ඒවා නම් මම අහල දැකලා නැහැ අනික මම නම් ඕව තඹ සතේකට විස්වාස කරන්නෙ නැහැ