ගීතයක් යනු හුදු බස් වහරකින් කියාගත නොහැකි මානව හැඟීම් සමුදායක් නිසගව උද්දීපනය කළහැකි භාවපුර්ණ ප්‍රකාශනයකි.
මුලින්ම අද මා උත්සහ ගන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සුමධුර සත්සර රටාවන්ගෙන් හැඩව ආචාර්ය නන්දා මාලිනිය ගැයූ "ම්ගේ සඳ ඔබ" ගීතය පිලිබඳ සංක්ෂිප්ත විමසුමක් කිරීමටයි.
සංගීත සාහිත්‍යයේ දී ප්‍රේමය, විරහව පමණට ප්‍රස්තුත වූ වෙනත් දෙයක් ඇතැයි කිව නොහැකිය. බොහෝ විට අප අත්දකින යතාර්ථය නම් ප්‍රේමයේ පුර්වාවදිය තරම් එහි පශ්චාත් අවදිය සුන්දර නොවන බවය. මහත්වූ සෙනෙහසින් යුතුව ලෙන්ගතුව එක්වන බොහෝ පෙම්වතුන් කාලයේ අවෑමෙන් යම් ආකාරයක දුරස්තවිමක් ඇතිකර ගනිනිති, ඇතැම් විට වෙන්වී යති. දුර සිට දකින අනෙකාගේ සුන්දරත්වය, දයාබරත්වය, ත්‍යාගශීලි බව වැනි ගුණයන්ට පටහැනි වූ බොහෝ නුගුණ ඔහුගේ හෝ ඇයගේ ලංවීමත් සමඟ ප්‍රකටව පෙනෙන්නට ගනී;
"එදා සඳ නොව මෙදා සඳ ඔබ"
මේ සිටින්නේ මා එදා දුටු සොඳුරු පුද්ගලයා නොවන බව වැටහෙන්නට පටන් ගනියි.
"එදා මට ඔබ සරා සඳ විය
කවි ඇසින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ එකළු කරමින්
උදා විය ගිරි ශිඛර සිරසේ..."
ආදරයක් රැකවරණයක් නොමැතිව තනිකඩව අඳුරුව පාළු වී ගිය මගේ හදවත (කවීන්ගේ වර්ණනාවට පවා ලක්වූ) ඈත කඳු ශිකර මුඳුනින් උදාවූ සොඳුරු පියකරු පුරා සඳ මඬල පරිද්දෙන් සෙනෙහසෙන් එකළු කළේ ඔබයි..
"මෙදා මට ඔබ සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ
ඔබ ද අද මා අසළ ගැවසේ.."
එහෙත් අද නම් ඔබ එදා මා දුටු (කල්පිතමය) සරා සඳ නොව, සැබෑම (භෞතික) සඳ පමණම ය...
අවර දිගින් මළහිරු බැසයත්ම දුරවූ උදාගිරෙන් නැගෙන පුන්සඳ මඬල කොතරම් මනරම්දැයි අපි මොනවට දනිමු. දැඩිවූ රුදුරු හිරු රැස මෙන් නොව සොමි සඳ රැස වනාහි මුඪ අඳුරු ලැහැබ් සෞම්‍යව ඒකාලෝකමත් කරන්නාවූ ද හදවත් චමත්කාරයෙන් මුසපත් කරන්නාවූ ද ආනන්දනීය ප්‍රපංචයකි. ඒ දකින කවි සිත් අවදිවන්නේ නිරායාශයෙනි. සුන්දර ලළනාවන් පවා සඳට උපමා වන්නේ එබැවිනි.
එහෙත් සැබවින්ම සඳ යනු එවැනි සිලීලාර ගුණයෙන් යුතු සුන්දර වූ වස්තුවක් නොවන වග ඊට සමීපවී බලන විට අවබෝධවේ. සුන්දරත්වය කෙසේ වෙතත් දුරින් දුටු විට සිතාසිටි අන් කිසිදු ගුණයක් එහි නොමැති බව වැටහී යයි. එය වියළිය, කටුවරය. කිසිදු ප්‍රාණයක් නොමැති මළ ග්‍රහයෙකි!
එපරිද්දෙන්ම එදා මා දුරින් සිට දුටුවේ, අද සමීපව මේ දකින සැබෑම පුද්ගලයා නොවන බව දැන් මට පසක්වී ඇත. එදා මා දුටු කිසිදු සොඳුරු වූ ගුණයක් සැබවින්ම ඔබ කෙරේ නොමැති බව අද මම ඉතා හොඳින් දනිමි.
--
මුලින්ම අහපු පොඩි කාලෙත් මම මේ සින්දුවට මාරම ආසයි. සින්දුව යද්දී රේඩියෝ එක ළඟටම වෙලා අහගෙන ඉන්නවා. කියන්නෙ මොකක්ද කියල තේරුමක් නැති වුණාට මේ සංගීතයත්, නන්දා මාලිනි මහත්මියගේ ලෙළදෙන හඬත් පුදුම විදිහට හිතට කාවැදුනා. පස්සෙ කාලෙකදී තේරුමත් දැනගත්තම සුපිරියක් කියල හිතුනා