අම්මා -2017.05.08
කඳුළු හිත සම්බෝල කොටන ඇස් අතරින්
දුටුවදෝ නංගියේ කියන් ගොළු හදවතින්
අම්මගේ හෙවණැල්ල කියා මට දැවටෙමින්
උණු නොවී හිටපං ලිග්ගලත් රොස් වුණෙන්
අඩමාන ජීවිතේ සුසුම් රැල් නැංවූ
සිව්මාන බලන්නට අපට නිති ඉගැන්වූ
අසමාන ආදරෙන් පපු කැවුතු උණු වූ
නුඹ තාම සොයන්නේ නංගිමයි අළු වූ
දෙව්දුවට අවැසි වූ එදවසම අම්මේ
ගෙවුණි අප නොදුටුව පාළුවම අම්මේ
දැවුණු හිත පෝරුවට නගින විට පිම්මේ
කව්රුරුදෝ ඔවා දෙනු කියන් මට අම්මේ
කාව්‍ය සංකල්පනාව - මාලන් විදානපතිරණ
කඳුළු හිත සම්බෝල කොටන ඇස් අතරින්
දුටුවදෝ නංගියේ කියන් ගොළු හදවතින්
අම්මගේ හෙවණැල්ල කියා මට දැවටෙමින්
උණු නොවී හිටපං ලිග්ගලත් රොස් වුණෙන්
අඩමාන ජීවිතේ සුසුම් රැල් නැංවූ
සිව්මාන බලන්නට අපට නිති ඉගැන්වූ
අසමාන ආදරෙන් පපු කැවුතු උණු වූ
නුඹ තාම සොයන්නේ නංගිමයි අළු වූ
දෙව්දුවට අවැසි වූ එදවසම අම්මේ
ගෙවුණි අප නොදුටුව පාළුවම අම්මේ
දැවුණු හිත පෝරුවට නගින විට පිම්මේ
කව්රුරුදෝ ඔවා දෙනු කියන් මට අම්මේ
කාව්‍ය සංකල්පනාව - මාලන් විදානපතිරණ