අරණායක

r runner

Member
May 12, 2015
2,396
780
0
අරණායක රාමසර කන්ද පාමුල එදා සහ අද


31 දෙනකු පස් යට වළලා දමමින් 96 දෙනෙකු අතුරුදන් කරමින් නාය ගිය රාමසර කන්ද බැලීමට එදා වැල නොකැඩී ගිය මහා ජන ගඟ අද නැත. ඒ ඛේදජනක සන්ධ්‍යාව ගෙවී ගොස් අදට හරියටම අවුරුද්දකි. දැන් එම ප්‍රදේශයේ මූසල සොහොන් පිටියක මෙන් කැළේ වැවී තිබේ.
එහෙත් අවතැන් වූ ජනතාවගේ දුක් සුසුම් තවම නිමා වී නැත. අද වන විට තනා නිම කර ඇත්තේ නිවාස 57ක් පමණි. කූඩාරම්/තාවකාලික නිවාස හාරසිය ගණනක තවමත් ජීවත් වන ජනතාව වෙනුවෙන් තවත් නිවාස 500ක් පමණ ඉදි කළ යුතුව තිබේ.
අපේ සමාජයට හැම දෙයක්ම මතක දින හතයි.‘ ගැමි කියමන සත්‍ය බව සනාථ කිරීමට හොඳම උදාහරණය අරණායකයි. එදා දන්සල් අතහැර ඒ මුදලින් අරණායකට බඩු බෙදූ කී දෙනකුට අද වන විට අරණායක අවතැන්වූවන් මතකද?


image_5a7fe5d11c.jpg
image_8d6b800345.jpg
image_9c839ec18d.jpg
image_622e1cf55f.jpg
image_dc222ce5c7.jpg
image_444b35ff44.jpg
image_1157624e5e.jpg
image_a3194c56fb.jpg
image_46bce3002d.jpg
image_d54e0a7a91.jpg