එළියස්

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    වසර කීපයකට උඩදී සකිසඳ එළියස් බලපු අයට ඔන්න දැන් දෙවෙනි කතා මාලාවත් ඇවිත් සබඳ එළියස් නමින්. සතියේ දවස් පහම ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 9 ට තමයි මේක විකාශය වෙන්නේ.

    විකාශය වන සියළුම කථාංග මෙතනින් නැරඹිය හැකි.
    http://www.itntv.lk/current-dramas/dramas-on-weekdays/sabadha-eliyas/

    අපේ මතකයේ රැඳුනු සුපුරුදු චරිත මේකෙත් පෙනී සිටිනවා. නමුත් චරිත රඟ දක්වන නළු නිළියන්ගේ වෙනසක් ඇතුව.

    සුපුරුදු පරිදි එළියස් අප්පුහාමිගේ චරිතය ජයලත් මනෝරත්නයන් විසිනුත්,
    කාසිශෙට්ටිගේ චරිතය රොජර් සෙනෙවිරත්න විසිනුත්,
    ඩිලානි අබේවර්ධන නිරූපණය කල සෙලෙස්තිනාගේ චරිතය දුලානි අනුරාධා විසිනුත්,
    ජෝ අබේවික්‍රම :( නිරූපණය කළ ආරච්චිගේ චරිතය ජනක් ප්‍රේමලාල් විසිනුත්,
    සුවිනීතා වීරසිංහ නිරූපණය කළ ආරච්චිගේගේ බිරිඳගේ චරිතය කුසුම් රේණු විසිනුත්,
    ඇන්ටන් ජූඩ් :( නිරූපණය කල වලව්වේ වැඩකාරයාගේ චරිතය මිහිර සිරිතිලක විසිනුත්,
    තණ්ඩලේ මාමාගේ චරිතය ජී ආර් පෙරේරා විසිනුත්
    රඟ දක්වයි.

    සෙසු චරිත වූ වෙළුම් සිඤ්ඤෝ (නොහොත් 'ඩෙඟ ඩෙඟ පරි' :lol:) පෙර නලුවා විසිනුත් ඔහුගේ බිරින්දෑ ඉසබෙලා ලෙසට ජයනි සේනානායකත් පෙනී සිටියි.

    සකිසඳ එළියස් අමතක අයට මෙන්න.

     
    Last edited:
    • Like
    Reactions: shwan and erozan

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    වෙළුම් සිඥෝ චරිතය පෙර නළුවා විසින් නොව සුජීව මල්මාලආරච්චි විසින් රඟපානු ලබයි
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    අලුත් එකනම් මට අවුල් බන්. කලින් එක තරම් ගතියක් නෑ... :baffled: කා ළඟ හරි පරණ කතාව තියෙනවනම් අප්ලෝඩ් කරන්නවද :rolleyes: