මෙල්බන්

City Men

Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin
    QP3e68o.jpg

    "මෙල්බන් හරි ලස්සනයි! "
    මෙහෙ අහස හරි වෙනස්.. මෙහෙ කිවුවෙ මෙල්බන්වල.. ලංකාවෙ හැමදාම දැකල හුරුපුරුදු වෙච්ච අහසට වැඩිය මහ මොකද්දෝ අමුත්තක් මෙහෙ අහසෙ තියෙනවා.. කාලයත් එක්ක අනික් හැම දේකටම වගේ අනුගත උනත්, මේ අහසත් එක්ක තියෙන හුටපටේ තවම එතන ඒ විදියටමයි..
    මම මෙල්බන්වලට ගොඩ බහින්නෙ හරියටම මීට අවුරුද්දකට විතර ඉස්සර. මට තවම මතකයි flight එකේ වීදුරුවට මූණ තද කරගෙන කෝටි ගාණක් බල්බ් එළි වලින් දිළිසිච්ච බිමක් දිහා බලාගෙන හිටපු හැටි.
    හැම දේම ලංකාවෙ දාලා මෙහෙට ආවෙ ජීවිතේ අලුත් පිටුවක් පෙරළන්න නෙමෙයි.. පරණ පොතම ගිනි තියලා දාලා අලුතින් පොතක් ලියන්න පටන් ගන්න! එක පාරටම මහ අමුතුම ලෝකෙකට කඩන් වැටුනා වගේ දැනුනෙ මට. ඇයි ඉතිං සම්මජ්ජාතියකට Tourist සුද්දෙක් දැක්කා මිසක් උඩරට පහතරටින් එහාට පිටරටකට ආවමනෙ!
    තාම මතකයි westgate bridge එක උඩින් මුලින්ම අයියා එක්ක වාහනේ එද්දි පාලමෙන් එහාට අනන්තෙටම විහිදිලා ගිය පුංචි පුංචි බල්බ් කෝටි ගාණක ලස්සන! එක අතකින් හීත කාලෙක හීතල රෑක ගොඩ බහින්න ලැබිච්ච එකත් වාසනාවක්. මොකද ආයෙ කීපාරක් ඔතනින් එහෙට මෙහෙට ගියා වගේ නෙමෙයි! පළවෙනි පාරට ඒ ලස්සන දැක්කම දැනෙන හැඟීම ජීවිත කාලෙටම එකයි!
    අපේ වයසෙ උන් කැම්පස් එනකන් ගෙවල් වලට වෙලා ආතල් එකේ ඉඳිද්දි, තව සමහරු private degree කරද්දි, තවත් සමහරු Jobs වලට යද්දි, අපි ගෙවල් දොරවල් සේරම දාලා කිලෝමීටර් අටදාස් ගාණක් මුහුදට උඩින් එනවා.
    මම දන්න තරමින් එහෙම පිටරටකට එන උන්ව කොටස් කීපෙකට වර්ග කරතැහැකි.
    01. එච්චරකල් ගෙවපු ජීවිතේ නහුතෙටම කෙළවගෙන ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තුවක් හොයාගෙන එන උන්.
    02. ඇත්තටම තමන්ගෙ ජීවිතේට තමන් අභියෝගයක් වෙන්න ඕනෙ කියලා ස්ථිරවම හිතාගෙන කට්ට කාලා නැගිටින්න හිතාගෙන එන උන්.
    03. වියදන් කරන්න අම්බානක සල්ලි තියෙන, ඉගෙනගන්නම බලාගෙන එන උන්.
    04. ලංකාවෙ හිටියට සත පහක වැඩක් නැති බව දන්න නිසා අම්මලා තාත්තලම ලෝකෙට පේන්න මෙහෙ එවන අම්බානක සල්ලි තියෙන ආතල් ගන්න එන උන්.
    තව කොටස් ඇති. ඒ උනාට මම ඔය කිවුවෙ දැනට මට ශේප් එකේ මීටර් වෙච්ච ටික.
    ඔය කිවුව කොටස් එකකට එකක් එක්කහු වෙන්න ගියාම සැලකිය යුතු මට්ටමේ අවුල් ඇතිවෙනවා. බොහෝදුරටම ඒ අවුල් වලින් ඩැමේජ් වෙන්නෙ අර තමන්ගෙ හයියෙන් නැගිටින්න බලාගෙන ආපු එවුන්ට බව කියන්න දෙයක් නෑනෙ.
    හැමෝම හිතන් ඉන්නෙ මෙල්බන් කියන්නෙ සුර පුරයක් කියලා. ඔවු. මෙල්බන් සුරපුරයක් තමයි. හැබැයි ඒ සුරපුරේ සැප විඳින්න තම තම හැකි පමණින් කටයුතු කරන්න ඕනෙ.
    මොකද අවංකම කතාව තමයි,
    අම්මලා තාත්තලගෙ සල්ලිවලින් දාන ආතල්වලට වඩා තමන්ගෙ දාඩිය මහන්සියෙන් හම්බකරපුවයින් ආතල් එකක් ගනිද්දි ඒකෙ රහ දැනෙනවා වැඩී!
    ඕක එක එක උන්ට එක එක විදියට අර්ථකතනය කරතැහැකි. ඒ උනාට මේ ජීවිතේ පට්ට ආතල්! කටු නැතුව නෙමෙයි. හැබැයි ඒ කට්ටත් එක්ක, risk එක්ක ගෙවෙන ජීවිතේ අමුතුම රහක් තියෙනවා.
    මිනිහෙක් හැදෙන්නනං කටු කන්නම ඕනෙ. මිනිස්සු අඳුනගන්නනම් උන්ව ආශ්‍රය කරලා බලන්නම ඕනෙ. ජීවිතේ තේරුම් ගන්නනම් කටු කාලා ලෙල්ලටම වැටිලා ආයෙ නැගිටින්නම ඕනෙ!
    මෙල්බන් අහස වගේම මෙහෙ ජීවිතත් හරි වෙනස්.
    මෙල්බන් අහස යට සැරිසරන හැම ජීවිතයක්ම අතරමං නෑ. උං හැමෝම හීන තියෙන උන්! එකම වෙනස, උන්ගෙන් ගොඩක් උන් තමන්ගෙ ජීවිතේ තමන් ගොඩනගාගන්න අනික් උන්ට කලින් ජීවිතෙත් එක්ක යුද්දෙට බැහැපු උං!
    මේ ළඟදි දවසක් මෙච්චරකල් මගෙ ළඟින්ම හිටපු එකෙක් මං මෙහෙ රස්සාවක් කරලා හම්බකරගෙන ඉගෙනගන්නවා කියලා කිවුවම මගෙන් අහනවා,
    "(අකුරු තුනේ රත්මලාන පැත්තෙ තියෙන) uni එකෙන් graduate වෙන ඉංජිනියර් කෙනෙක්ට වඩා කවද්ද යකෝ උඹලා වගේ උන් දියුණු උනේ?" කියලා.
    මචං 🙂 ඇත්තටම උත්තරේ තමයි. සල්ලිවලටයි පට්ටං වලටයි මිනිස්සු මනින, මනුස්සකමට වඩා මහන්තත්තෙ ඔලුවට ගහගත්ත උඹලා වගේ සම'හරක්' උන්ට වඩා, මෙහෙ ඉඳන් ඉගෙනීම හදාගන්න ගමන් ජීවිතේ එක්කත් යුද්ද දෙකක් එකපාර කරන උං already සෑහෙන ඉස්සරහින් ඉන්නෙ 🙂
    ලංකාවෙ ගෙදරින් එළියට බැස්සොත් අනන්තවත් අඳුනන මූණු මුලිච්චි වෙනවා. ඒත් මෙහෙ එහෙම අඳුනන පිරිස හරි සීමිතයි. මෙල්බන් කියන්නෙත් පට්ට විසාල නගරයක් නිසා වගේම අපි හැමෝම අපේ ජීවිතත් එක්ක කාර්‍යබහුල වෙලා හින්දා ඒ දන්න සීමිත පිරිසත් මුණගැහෙන්නෙ හරි කලාතුරකින්.
    ඒ නිසාම මෙල්බන් ජීවිතේ එක්ක නොමිලෙ ලැබෙන අංගයක් තමයි පාලුව කියන්නෙත්!
    අපි හැමෝටම පාලුව ඕනෙ! පාලුවත් එක්ක හිත සෑහෙන කාර්‍යබහුල වෙන්න ගන්නවා.පාලුවත් එක්කයි ජීවිතේ ගැන හරි හැටි කිරලා මැනලා බලන්න පුලුවන් වෙන්නෙ! මෙල්බන් ජීවිතේ ලංකාවට සාපෙක්ශව පාලුයි!
    අනික් රටවල්වල ඉන්න උදවියටත් එහෙම වෙන්න ඇති.
    ඒ හින්දම එක අතකින් මෙල්බන් ජීවිත හරි පාලුයි. නිහඬයි.
    ඒ නිසාම වෙන්නැති මටනං,
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    mage reason aka

    01. එච්චරකල් ගෙවපු ජීවිතේ නහුතෙටම කෙළවගෙන ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තුවක් හොයාගෙන එන උන්.
     
    ananthaya123

    Member
    Apr 4, 2017
    43
    6
    0
    Mcn kohoada bn umba australia awe. Ane bn mage jiwithe thiyena lokuma balaporoththuwa melbourne yanna ethnam kiyala bn. Mn asama rata bn eka. Eth student yannath IELTS one bn mata eka beri nisa thama me inne. Wena yannakramayak nedda bn.....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    IELTS 5ක් වත් අරන් ඉන්ග්ලිෂ් කොර්ස් එකක් එක්ක degree එකකට යන්න. කුකරි වලට දන්න.හොටෙල් ස්කුල් ඩිප් එකක් වගේ අරන්.
     
    ananthaya123

    Member
    Apr 4, 2017
    43
    6
    0
    IELTS 5ක් වත් අරන් ඉන්ග්ලිෂ් කොර්ස් එකක් එක්ක degree එකකට යන්න. කුකරි වලට දන්න.හොටෙල් ස්කුල් ඩිප් එකක් වගේ අරන්.

    Scl dip ekak aran wage kiwve mokadda bn. Man management course ekak karanawa diploma ekai advice diploma ekai awrudu dekaka. Eken degree eka karanna ahe university ekak illanna puluwanda bn ielts nethuwa. English medium karanne mn.
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    QP3e68o.jpg

    "මෙල්බන් හරි ලස්සනයි! "
    මෙහෙ අහස හරි වෙනස්.. මෙහෙ කිවුවෙ මෙල්බන්වල.. ලංකාවෙ හැමදාම දැකල හුරුපුරුදු වෙච්ච අහසට වැඩිය මහ මොකද්දෝ අමුත්තක් මෙහෙ අහසෙ තියෙනවා.. කාලයත් එක්ක අනික් හැම දේකටම වගේ අනුගත උනත්, මේ අහසත් එක්ක තියෙන හුටපටේ තවම එතන ඒ විදියටමයි..
    මම මෙල්බන්වලට ගොඩ බහින්නෙ හරියටම මීට අවුරුද්දකට විතර ඉස්සර. මට තවම මතකයි flight එකේ වීදුරුවට මූණ තද කරගෙන කෝටි ගාණක් බල්බ් එළි වලින් දිළිසිච්ච බිමක් දිහා බලාගෙන හිටපු හැටි.
    හැම දේම ලංකාවෙ දාලා මෙහෙට ආවෙ ජීවිතේ අලුත් පිටුවක් පෙරළන්න නෙමෙයි.. පරණ පොතම ගිනි තියලා දාලා අලුතින් පොතක් ලියන්න පටන් ගන්න! එක පාරටම මහ අමුතුම ලෝකෙකට කඩන් වැටුනා වගේ දැනුනෙ මට. ඇයි ඉතිං සම්මජ්ජාතියකට Tourist සුද්දෙක් දැක්කා මිසක් උඩරට පහතරටින් එහාට පිටරටකට ආවමනෙ!
    තාම මතකයි westgate bridge එක උඩින් මුලින්ම අයියා එක්ක වාහනේ එද්දි පාලමෙන් එහාට අනන්තෙටම විහිදිලා ගිය පුංචි පුංචි බල්බ් කෝටි ගාණක ලස්සන! එක අතකින් හීත කාලෙක හීතල රෑක ගොඩ බහින්න ලැබිච්ච එකත් වාසනාවක්. මොකද ආයෙ කීපාරක් ඔතනින් එහෙට මෙහෙට ගියා වගේ නෙමෙයි! පළවෙනි පාරට ඒ ලස්සන දැක්කම දැනෙන හැඟීම ජීවිත කාලෙටම එකයි!
    අපේ වයසෙ උන් කැම්පස් එනකන් ගෙවල් වලට වෙලා ආතල් එකේ ඉඳිද්දි, තව සමහරු private degree කරද්දි, තවත් සමහරු Jobs වලට යද්දි, අපි ගෙවල් දොරවල් සේරම දාලා කිලෝමීටර් අටදාස් ගාණක් මුහුදට උඩින් එනවා.
    මම දන්න තරමින් එහෙම පිටරටකට එන උන්ව කොටස් කීපෙකට වර්ග කරතැහැකි.
    01. එච්චරකල් ගෙවපු ජීවිතේ නහුතෙටම කෙළවගෙන ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තුවක් හොයාගෙන එන උන්.
    02. ඇත්තටම තමන්ගෙ ජීවිතේට තමන් අභියෝගයක් වෙන්න ඕනෙ කියලා ස්ථිරවම හිතාගෙන කට්ට කාලා නැගිටින්න හිතාගෙන එන උන්.
    03. වියදන් කරන්න අම්බානක සල්ලි තියෙන, ඉගෙනගන්නම බලාගෙන එන උන්.
    04. ලංකාවෙ හිටියට සත පහක වැඩක් නැති බව දන්න නිසා අම්මලා තාත්තලම ලෝකෙට පේන්න මෙහෙ එවන අම්බානක සල්ලි තියෙන ආතල් ගන්න එන උන්.
    තව කොටස් ඇති. ඒ උනාට මම ඔය කිවුවෙ දැනට මට ශේප් එකේ මීටර් වෙච්ච ටික.
    ඔය කිවුව කොටස් එකකට එකක් එක්කහු වෙන්න ගියාම සැලකිය යුතු මට්ටමේ අවුල් ඇතිවෙනවා. බොහෝදුරටම ඒ අවුල් වලින් ඩැමේජ් වෙන්නෙ අර තමන්ගෙ හයියෙන් නැගිටින්න බලාගෙන ආපු එවුන්ට බව කියන්න දෙයක් නෑනෙ.
    හැමෝම හිතන් ඉන්නෙ මෙල්බන් කියන්නෙ සුර පුරයක් කියලා. ඔවු. මෙල්බන් සුරපුරයක් තමයි. හැබැයි ඒ සුරපුරේ සැප විඳින්න තම තම හැකි පමණින් කටයුතු කරන්න ඕනෙ.
    මොකද අවංකම කතාව තමයි,
    අම්මලා තාත්තලගෙ සල්ලිවලින් දාන ආතල්වලට වඩා තමන්ගෙ දාඩිය මහන්සියෙන් හම්බකරපුවයින් ආතල් එකක් ගනිද්දි ඒකෙ රහ දැනෙනවා වැඩී!
    ඕක එක එක උන්ට එක එක විදියට අර්ථකතනය කරතැහැකි. ඒ උනාට මේ ජීවිතේ පට්ට ආතල්! කටු නැතුව නෙමෙයි. හැබැයි ඒ කට්ටත් එක්ක, risk එක්ක ගෙවෙන ජීවිතේ අමුතුම රහක් තියෙනවා.
    මිනිහෙක් හැදෙන්නනං කටු කන්නම ඕනෙ. මිනිස්සු අඳුනගන්නනම් උන්ව ආශ්‍රය කරලා බලන්නම ඕනෙ. ජීවිතේ තේරුම් ගන්නනම් කටු කාලා ලෙල්ලටම වැටිලා ආයෙ නැගිටින්නම ඕනෙ!
    මෙල්බන් අහස වගේම මෙහෙ ජීවිතත් හරි වෙනස්.
    මෙල්බන් අහස යට සැරිසරන හැම ජීවිතයක්ම අතරමං නෑ. උං හැමෝම හීන තියෙන උන්! එකම වෙනස, උන්ගෙන් ගොඩක් උන් තමන්ගෙ ජීවිතේ තමන් ගොඩනගාගන්න අනික් උන්ට කලින් ජීවිතෙත් එක්ක යුද්දෙට බැහැපු උං!
    මේ ළඟදි දවසක් මෙච්චරකල් මගෙ ළඟින්ම හිටපු එකෙක් මං මෙහෙ රස්සාවක් කරලා හම්බකරගෙන ඉගෙනගන්නවා කියලා කිවුවම මගෙන් අහනවා,
    "(අකුරු තුනේ රත්මලාන පැත්තෙ තියෙන) uni එකෙන් graduate වෙන ඉංජිනියර් කෙනෙක්ට වඩා කවද්ද යකෝ උඹලා වගේ උන් දියුණු උනේ?" කියලා.
    මචං 🙂 ඇත්තටම උත්තරේ තමයි. සල්ලිවලටයි පට්ටං වලටයි මිනිස්සු මනින, මනුස්සකමට වඩා මහන්තත්තෙ ඔලුවට ගහගත්ත උඹලා වගේ සම'හරක්' උන්ට වඩා, මෙහෙ ඉඳන් ඉගෙනීම හදාගන්න ගමන් ජීවිතේ එක්කත් යුද්ද දෙකක් එකපාර කරන උං already සෑහෙන ඉස්සරහින් ඉන්නෙ 🙂
    ලංකාවෙ ගෙදරින් එළියට බැස්සොත් අනන්තවත් අඳුනන මූණු මුලිච්චි වෙනවා. ඒත් මෙහෙ එහෙම අඳුනන පිරිස හරි සීමිතයි. මෙල්බන් කියන්නෙත් පට්ට විසාල නගරයක් නිසා වගේම අපි හැමෝම අපේ ජීවිතත් එක්ක කාර්‍යබහුල වෙලා හින්දා ඒ දන්න සීමිත පිරිසත් මුණගැහෙන්නෙ හරි කලාතුරකින්.
    ඒ නිසාම මෙල්බන් ජීවිතේ එක්ක නොමිලෙ ලැබෙන අංගයක් තමයි පාලුව කියන්නෙත්!
    අපි හැමෝටම පාලුව ඕනෙ! පාලුවත් එක්ක හිත සෑහෙන කාර්‍යබහුල වෙන්න ගන්නවා.පාලුවත් එක්කයි ජීවිතේ ගැන හරි හැටි කිරලා මැනලා බලන්න පුලුවන් වෙන්නෙ! මෙල්බන් ජීවිතේ ලංකාවට සාපෙක්ශව පාලුයි!
    අනික් රටවල්වල ඉන්න උදවියටත් එහෙම වෙන්න ඇති.
    ඒ හින්දම එක අතකින් මෙල්බන් ජීවිත හරි පාලුයි. නිහඬයි.
    ඒ නිසාම වෙන්නැති මටනං,

    සිරා කතාව.. අහසේ සීන් එක මටත් දැනෙනවා බන්. අනික ලංකාවේදී වගේ අහස බලල "අද වහී .. අද පායයි.." කියල කියන්න බැරි එක ලොකුම අවුලක් මට නං.. දෙයක් එකතු කරනවානං..

    මෙහෙදී ඉගෙන ගත්ත වටිනාම දේ තමා තමන් හිසට තම අතමය සෙවනැල්ල. ගොඩක් අලුතෙන් අදුනගන්න විශේෂයෙන් ලංකාවේ මිනිස්සු ගොඩක් වෙනස්. ලංකාවේදී මුණගැහෙන නාදුනන මිනිස්සුන්ට වඩා මෙහෙදී නාදුනන ලංකාවේ කෙනෙක් හම්බුනොත් උන්ගෙන් කොටස් දෙකක් ඉන්නවා.
    1. හිතාගන්න බැරි විදිහට අපිට උදව් කරලා අපිව උඩින් තියන්න උපරිම උත්සහ කරන මනුස්සකම උපරිමේටම තියන අය
    2. පුළුවන් නං උබේ කලිසමත් ගලවල ** දෙකත් ගලවගන්න ට්‍රය් කරන ජාතියේ මිනිස්සු.

    හොදම දේ පරිස්සමෙන් මිනිස්සු ආශ්‍රය කරන එක. හැමවෙලේම තමන්ගේ අරමුණ ඔලුවේ තියාගන වැඩ කරන්න ඕනේ. අනිත් එක අපි මහන්සි තරමට අපිට දෙයක් හම්බකරගන්න පුළුවන්. ආශ්‍රය කරපු මිනිස්සුන්ගෙන් මනුස්සකන් තියන අය තමා ලංකාවේ අය සහ ඉන්දියාවේ අය . හැමෝම නෙවේ.. සුද්දෝ හිනාවෙලා කථා කරාට උන්ගේ යටි හිතේ තියනවා කළු සුදු බෙදය..

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Scl dip ekak aran wage kiwve mokadda bn. Man management course ekak karanawa diploma ekai advice diploma ekai awrudu dekaka. Eken degree eka karanna ahe university ekak illanna puluwanda bn ielts nethuwa. English medium karanne mn.

    මැනේජ්මන්ට් එහෙම තනිකර කඩ්ඩෙන් නේ බන් තියෙන්නේ ielts 6ක් වත් ඕනේ වෙයි.හොටෙල් ස්කුල් එකේ තියෙන ඩිප්ලෝමා එක තිබ්බා නම් එහෙ කුකරි වලට දන්න පුළුවන්. ලොකු කොර්ස් කරන්න ගියාම අන්තිමේට එරෙනවා. කුකරි වලට pr එකත් ඉක්මනට හම්බ වෙනවා.අනෙක ප්‍රැක්ටිකල් තනිකර තියෙන්නේ :) කොර්ස් fee එකත් අඩුයි.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    මටත් මතකයි නහුතෙටම කෙලවෙලා ඇවිත් තලමරීන් එයාර් පෝට් එකට ලෑන්ඩ් කරපු දවස :lol: