"මෙල්බන් හරි ලස්සනයි! "
මෙහෙ අහස හරි වෙනස්.. මෙහෙ කිවුවෙ මෙල්බන්වල.. ලංකාවෙ හැමදාම දැකල හුරුපුරුදු වෙච්ච අහසට වැඩිය මහ මොකද්දෝ අමුත්තක් මෙහෙ අහසෙ තියෙනවා.. කාලයත් එක්ක අනික් හැම දේකටම වගේ අනුගත උනත්, මේ අහසත් එක්ක තියෙන හුටපටේ තවම එතන ඒ විදියටමයි..
මම මෙල්බන්වලට ගොඩ බහින්නෙ හරියටම මීට අවුරුද්දකට විතර ඉස්සර. මට තවම මතකයි flight එකේ වීදුරුවට මූණ තද කරගෙන කෝටි ගාණක් බල්බ් එළි වලින් දිළිසිච්ච බිමක් දිහා බලාගෙන හිටපු හැටි.
හැම දේම ලංකාවෙ දාලා මෙහෙට ආවෙ ජීවිතේ අලුත් පිටුවක් පෙරළන්න නෙමෙයි.. පරණ පොතම ගිනි තියලා දාලා අලුතින් පොතක් ලියන්න පටන් ගන්න! එක පාරටම මහ අමුතුම ලෝකෙකට කඩන් වැටුනා වගේ දැනුනෙ මට. ඇයි ඉතිං සම්මජ්ජාතියකට Tourist සුද්දෙක් දැක්කා මිසක් උඩරට පහතරටින් එහාට පිටරටකට ආවමනෙ!
තාම මතකයි westgate bridge එක උඩින් මුලින්ම අයියා එක්ක වාහනේ එද්දි පාලමෙන් එහාට අනන්තෙටම විහිදිලා ගිය පුංචි පුංචි බල්බ් කෝටි ගාණක ලස්සන! එක අතකින් හීත කාලෙක හීතල රෑක ගොඩ බහින්න ලැබිච්ච එකත් වාසනාවක්. මොකද ආයෙ කීපාරක් ඔතනින් එහෙට මෙහෙට ගියා වගේ නෙමෙයි! පළවෙනි පාරට ඒ ලස්සන දැක්කම දැනෙන හැඟීම ජීවිත කාලෙටම එකයි!
අපේ වයසෙ උන් කැම්පස් එනකන් ගෙවල් වලට වෙලා ආතල් එකේ ඉඳිද්දි, තව සමහරු private degree කරද්දි, තවත් සමහරු Jobs වලට යද්දි, අපි ගෙවල් දොරවල් සේරම දාලා කිලෝමීටර් අටදාස් ගාණක් මුහුදට උඩින් එනවා.
මම දන්න තරමින් එහෙම පිටරටකට එන උන්ව කොටස් කීපෙකට වර්ග කරතැහැකි.
01. එච්චරකල් ගෙවපු ජීවිතේ නහුතෙටම කෙළවගෙන ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තුවක් හොයාගෙන එන උන්.
02. ඇත්තටම තමන්ගෙ ජීවිතේට තමන් අභියෝගයක් වෙන්න ඕනෙ කියලා ස්ථිරවම හිතාගෙන කට්ට කාලා නැගිටින්න හිතාගෙන එන උන්.
03. වියදන් කරන්න අම්බානක සල්ලි තියෙන, ඉගෙනගන්නම බලාගෙන එන උන්.
04. ලංකාවෙ හිටියට සත පහක වැඩක් නැති බව දන්න නිසා අම්මලා තාත්තලම ලෝකෙට පේන්න මෙහෙ එවන අම්බානක සල්ලි තියෙන ආතල් ගන්න එන උන්.
තව කොටස් ඇති. ඒ උනාට මම ඔය කිවුවෙ දැනට මට ශේප් එකේ මීටර් වෙච්ච ටික.
ඔය කිවුව කොටස් එකකට එකක් එක්කහු වෙන්න ගියාම සැලකිය යුතු මට්ටමේ අවුල් ඇතිවෙනවා. බොහෝදුරටම ඒ අවුල් වලින් ඩැමේජ් වෙන්නෙ අර තමන්ගෙ හයියෙන් නැගිටින්න බලාගෙන ආපු එවුන්ට බව කියන්න දෙයක් නෑනෙ.
හැමෝම හිතන් ඉන්නෙ මෙල්බන් කියන්නෙ සුර පුරයක් කියලා. ඔවු. මෙල්බන් සුරපුරයක් තමයි. හැබැයි ඒ සුරපුරේ සැප විඳින්න තම තම හැකි පමණින් කටයුතු කරන්න ඕනෙ.
මොකද අවංකම කතාව තමයි,
අම්මලා තාත්තලගෙ සල්ලිවලින් දාන ආතල්වලට වඩා තමන්ගෙ දාඩිය මහන්සියෙන් හම්බකරපුවයින් ආතල් එකක් ගනිද්දි ඒකෙ රහ දැනෙනවා වැඩී!
ඕක එක එක උන්ට එක එක විදියට අර්ථකතනය කරතැහැකි. ඒ උනාට මේ ජීවිතේ පට්ට ආතල්! කටු නැතුව නෙමෙයි. හැබැයි ඒ කට්ටත් එක්ක, risk එක්ක ගෙවෙන ජීවිතේ අමුතුම රහක් තියෙනවා.
මිනිහෙක් හැදෙන්නනං කටු කන්නම ඕනෙ. මිනිස්සු අඳුනගන්නනම් උන්ව ආශ්‍රය කරලා බලන්නම ඕනෙ. ජීවිතේ තේරුම් ගන්නනම් කටු කාලා ලෙල්ලටම වැටිලා ආයෙ නැගිටින්නම ඕනෙ!
මෙල්බන් අහස වගේම මෙහෙ ජීවිතත් හරි වෙනස්.
මෙල්බන් අහස යට සැරිසරන හැම ජීවිතයක්ම අතරමං නෑ. උං හැමෝම හීන තියෙන උන්! එකම වෙනස, උන්ගෙන් ගොඩක් උන් තමන්ගෙ ජීවිතේ තමන් ගොඩනගාගන්න අනික් උන්ට කලින් ජීවිතෙත් එක්ක යුද්දෙට බැහැපු උං!
මේ ළඟදි දවසක් මෙච්චරකල් මගෙ ළඟින්ම හිටපු එකෙක් මං මෙහෙ රස්සාවක් කරලා හම්බකරගෙන ඉගෙනගන්නවා කියලා කිවුවම මගෙන් අහනවා,
"(අකුරු තුනේ රත්මලාන පැත්තෙ තියෙන) uni එකෙන් graduate වෙන ඉංජිනියර් කෙනෙක්ට වඩා කවද්ද යකෝ උඹලා වගේ උන් දියුණු උනේ?" කියලා.
මචං
ලංකාවෙ ගෙදරින් එළියට බැස්සොත් අනන්තවත් අඳුනන මූණු මුලිච්චි වෙනවා. ඒත් මෙහෙ එහෙම අඳුනන පිරිස හරි සීමිතයි. මෙල්බන් කියන්නෙත් පට්ට විසාල නගරයක් නිසා වගේම අපි හැමෝම අපේ ජීවිතත් එක්ක කාර්‍යබහුල වෙලා හින්දා ඒ දන්න සීමිත පිරිසත් මුණගැහෙන්නෙ හරි කලාතුරකින්.
ඒ නිසාම මෙල්බන් ජීවිතේ එක්ක නොමිලෙ ලැබෙන අංගයක් තමයි පාලුව කියන්නෙත්!
අපි හැමෝටම පාලුව ඕනෙ! පාලුවත් එක්ක හිත සෑහෙන කාර්‍යබහුල වෙන්න ගන්නවා.පාලුවත් එක්කයි ජීවිතේ ගැන හරි හැටි කිරලා මැනලා බලන්න පුලුවන් වෙන්නෙ! මෙල්බන් ජීවිතේ ලංකාවට සාපෙක්ශව පාලුයි!
අනික් රටවල්වල ඉන්න උදවියටත් එහෙම වෙන්න ඇති.
ඒ හින්දම එක අතකින් මෙල්බන් ජීවිත හරි පාලුයි. නිහඬයි.
ඒ නිසාම වෙන්නැති මටනං,

කොර්ස් fee එකත් අඩුයි.
