මකබාස් ආර්කිටෙක්ට්ස්

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    තවත් ගේක ෆික්ස් ගහන ගරිල් වලට ඉස්කුරුප්පු ඇන දාන්න කියලා තිබ්බ. අපි නොර්මාලි ඉස්කිරුප්පු අණ එන ගහන්නේ නැහැ. හොරු ජෙනෙල් පියන පන්නල ශේප් එකේ හොරෙන්ම ගරිල් එකත් ගලවල එන්න පුළුවන් නිසා. ආර්කිටෙක්ට ඕව කිව්වම පිළිගන්නෙම නැහැ. පස්සේ අපි වැඩි හොදට කියල ඇන ඔලු පොටි දාල වහල. පේන්ට් කල පෙන්නේ නැති වෙන්න.

    මචන්, ඉස්කුරුප්පු ඇණ පාවිච්චි කරන්නේ නැත්තන් යකඩ ග්‍රිල් වලට දාන්නේ මොන ඇණද?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    1. ගණුදෙනු කරු පැවසූයේ ඒ සිවිලිමක් නොව ස්ලැබ එක බවය. පසුව සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ අප්සයිඩ් ඩවුන් තාක්ෂනයට beams ටික ස්ලැබ් එකෙන් ඉහල එසවෙන ලෙස වාස්තුවී විසින් නිර්මාණය කර ඇති නිසා beams ඇත්තේ රූෆ් ටොප් එකේ බවයි.

    රූෆ් ස්ලැබ් එක උඩට ගිය විට ඇත්තටම මට අඬනවාද සිනාසෙනවාදැයි සිතාගත නොහැකි විය. එකිනෙක හා බැඳුණු ජාලයක් වන් beams ( තළාඳ ) අතර කොටු වලට වතුර පිරී මදුරුවන් හනීමුන් යන්නටත් පටන්ගෙන තිබුනි. රෙද්දක් වනන්නවත් රූෆ් ස්ලැබ් එක මත ඇවිදින්නට හැක්කේ කඩුළු පැනීම හුරු අයකුට පමණි.

    පසු අවස්ථාවක මේ ගැන ඒ වාස්තුවි ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ස්ලැබ් එක දැමූ පසු පහලින් beams පෙනීම කැත නිසා මෙම පියවර ගත් බව ය . එවිට මා "ස්ලැබ් හයිට් එක වැඩි කරල ගේ ඇතුලෙන් ජිප්සම් සිවිලිමක් ගහල පේන්ට් කරානම් ඒත් මේ ඉෆෙක්ට් එකම මීට වඩා අඩු වියදමකින් අරන් රූෆ් ස්ලැබ් එකත් බේරගන්න තිබ්බනෙ” කියූ විට වාස්තු වි “no this has different effect” කියා මට නොපෙනෙනා සීතම්බරයකින් කතාව මාරු කොට මාරු විය.

    2. ඒ නිවසේම ප්‍රධාන නිදන කාමරයට ගිය විට දුටු දසුන අලංකාර විය. තුන් පැත්තකම ජනේල තබා එක් බිත්තියක් පමණක් නිදහස්ව තිබිනි. බැළු බැල්මටම කාමරය ඉතා සුන්දර විය.

    එහෙත් මගේ ප්‍රශ්නය වූයේ "wardrobe" තබන්නේ කොහේද යන්නයි? නිදහස් බිත්තිය දෙසට bed head board තැබූ විට කබඩ් ඩ්‍රෙසින් ටේබල් වලින් ඉතුරු ජනේල ටික වැසී යයි.

    මෙයට ආකියාගේ පිළිතුර වූයේ wardrobe නාන කාමරයට යන මගෙහි තැබීමට ඔහු සැළසුම් කල බවයි. අවාසනාවකට එහි පළල මීටර් එකයි දශම එකකි. wardrobe එකක සම්මත ගැඹුර මිලිමීටර් හයසිය තිහකි. එවිට ඉතුරු ඉඩෙහි දොර අරින්නට නොහැක.

    හරි අපි එක මිලි පන්සීයට අඩු කරමු. ඒ අදහසද වාස්තුම දුනි. නොදන්න මගුල් කියා යලිත් ඇන ගති. පන්සීයට හදන wardrobe වල හැඟර් එකක කමිස කබා දැමිය නොහැක. මන්ද අත් දෙක පොඩි වෙන නිසාවෙනි.

    අවසාන තීරනය වූයේ අර සුන්දර ජනේලයක් ගලවා බිත්තියක් පුරවා wardrobe සඳහා ඉඩ ලබා දෙන්ටය.

    3. තවත් තලවතුගොඩ නිවසක ජනේල වෙනුවට විශාල අවකාශ විවෘතව තිබිනි. ආරක්ෂාවට ඒ අවකාශයන්හි යකඩ පට්ටම් යෙදූ පැනල වලින් ආවරනයකි.

    සොභාවික සුළං සංචරනය මගින් ෆෑන්, ඒසී නැති නිවසක් වාස්තුවි විසින් අලංකාරව නිමවා තිබුනි. පසුව හිමිකරු විශාල මුදලක් වැය කර ඒ සියල්ල ගලවා විසිකර ජනේල් දමා නිවසට ෆෑන් සහ ඒසී සවිකරගත්තේ මැසි මදුරු කරදරයෙන් බේරෙන්නටය.

    4. තව බොහෝ විට මා දකින්නේ තද දම්, කෙහෙල් දල්ලේ කොළ, අඳුරු කහ වැනි වර්න නිදන කාමර තුල ආලේපනයයි.

    නිදන කාමරය, නිවස යනු ඔබ දවසේ සැනසුම සොයා ගොඩ වදින ස්ථානයයි. එය ඇහැට ප්‍රිය, මනස සන්සුන් කරවනා ලා සහ තද පැහැ වර්න මිස අසහනයට පත් කරන අඳුරු වර්ණ යෙදීමෙන් ඉන්නට එපා වෙනු ඇත.

    5. ගෘහ භාන්ඩ, විශේශයෙන් built in cupboards වලට අදාළ නියමිත specifications තිබෙ. ඒ උස, ගැඹුර, ආදිය ගැන නොසැලකිලිමත් වීමෙන් ඒවයින් අවශ්‍යප්‍රථිඵල ලබාගත නොහැකි වනු ඇත.

    1. මගේ ආකි ලංකාවේ සුප්‍රසිද්ධ නමක් තියන කෙනෙක්. මම ඉහල ක්වොට් කරලා තියන ප්‍රශ්න 5 ම මට ආව. හොඳ වෙලාවට ස්ලැබ් එකේ ප්‍රශ්නෙ මේ ලිපියේ තියන විදිහට ජිප්සම් වලින් කරමු කියල මගේ තනි කැමැත්තට කරා (ආකිගෙ දැඩි විරෝධය මැද). අද හොඳ රූෆ් ටොප් එකක් තියනවා.

    2. මගෙත් මාස්ටර් බෙඩ් රූම් එකේ තුන් පැත්තකට අඩි 12 X 12 ජනෙල් 5 ක් තුන් පැත්තකට දාන්න සෙට් කරලා තිබුනෙ. මේකෙ කියල තියන විදිහටම වෝඩ් රෝබ් දාන්නෙ කොහෙද කියල අහපුවම ආකියා කිවුව බාත්රූම් එකට යන මග ක්ලොසෙට් එකක් දාමු කියල. ඒක එහම කරා (ඒකෙනම් අවුලක් නෑ අපිට ඉඩ කඩ හොඳට තිබුන නිසා). හැබැයි අම්මගෙ බල කිරීමට එක බිත්තියක තිබුන ජනෙල් සෙට් එක අයින් කරේ නැත්නම් අද මට ඇඳ තියන්න තැනක් නැති වෙනවා. AC එක හයි කරන්නත් බිත්තියක් නැති වෙනවා.

    3. මටත් කිවුව පහල තට්ටුව ෆුල් ඕපන් කරමු කියල. ඉපදුන දවසේ ඉඳන් මදුරුවන්ගෙන් කාපු බැට මතක් උන නිසා ඩිසයින් ස්ටේජ් එකේදිම එකට එකඟ උනේ නැති එක හොඳට ගියා.

    4. එක එක පාට ගානවට මම කැමති උනේ නෑ. මගේ පර්සනල් කැමැත්ත තිබුනෙ සුදු පාට ගෙදරකට. මම අද ගොඩක් සන්තෝස වෙනවා මම ඒ ගත්ත තීරනේට.

    5. ආකියත් එක්ක නිතරම කතා කරපු දෙයක් තමයි උගේ ඩයිමෙන්ෂන් වලට ගැලපෙන ගෘහ භාණ්ඩ කොහෙන්ද හොයන්නෙ කියන එක. පස්සේ මගේ බලකිරීමට ගොඩක් දේවල් වෙනස් කරා. එහෙම නැත්නම් වෙන්න තිබුන දේ ගැන හිතා ගන්නවත් බෑ.

    ඔය කියපු දේවල් වලට අමතරව මම කරපු ලොකුම මෝඩ කම තමයි ගේ වටේටම මහා විශාල අයන් ස්ට්‍රුක්ච්ර් එකක් උඩ වුඩ්න් බැල්කනි එකක් දැම්ම. අපේ අම්මටයි තාත්තටයි කවද හරි හාට් ඇටෑක් එකක් හැදෙන්නෙ වැස්ස කාලෙට ඒක තෙමෙන හැටි දැකල හූල්ලලා.
    අනික තමයි උඩ තට්ටුවෙ ස්ලැබ් එකට අමතරව පොඩි රූෆ් එකක් තියනවා. ඒ රූෆ් ඒක ෆිනිෂින් වහලයක්. ෆිනිෂින් වහලෙ ගහපු පරාල තියල තියෙන්නෙ බිත්තිය උඩ. එහෙම කරාම වහලෙයි බිත්තියි අතර අඟල් 5 ක විතර කවුළු ඇති වෙනවා. දැන් මේ කවුළු වහ ගන්න විදිහක් නැතුව එක එක්කෙනාගෙන් උපදෙස් ගන්න කාලේ. අලුතෙන් ගෙවල් හදන අය මතක ඇතුව මේ පරාල බිත්තිය ඇතුලට කාවද්දන්න මතක තියාගන්න. ඒක පස්සෙ කරන්න පුළුවන් වැඩක් නෙමේ.

    ප. ලි. ආකියා මගේ හොඳම යාලුවෙක්. ආකිල කියන්නෙ වැඩ බැරි උනාට හොඳට කතා කරන්න පුළුවන් සත්ව කොට්ටාසයක්. මේ ඔක්කොම ප්‍රශ්න තිබුනත් මගේ ගෙදර හරිම යුනික් පෙනුමක් තියන අඳුරන්නේ නැති අයත් අඳුරන කෙනෙක් අල්ලාගෙන ගේ බලන්න එන්න අහන විදිහට තියනවා. මම හිතන්නෙ ආකිට වඩා මගේ දැනුමෙන් තමයි ගෙදර ගොඩ දා ගත්තෙ කියල.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692

    [*]Machan oyage athdakim apith ekka beda gattata godak sthuthi!

    E kiyanne article eke kiyala tiyena dewal boru nemeine.....

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ආ.... මේක තමයි අනිත් එක.

    වෝටර් ප්රූෆින් කරනවානම් FINCO එකේ products ම පාවිච්චි කරන්න. දැන් එක එක චාර්ට්ර් බඩු තියනවා මාකට් එකේ (බාත්රූම් වෝටර් ප්රූෆින් කිරීමට පේන්ට් වර්ග පාවිච්චි කිරීමෙන් වලකින්න).
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113

    ආ.... මේක තමයි අනිත් එක.

    වෝටර් ප්රූෆින් කරනවානම් FINCO එකේ products ම පාවිච්චි කරන්න. දැන් එක එක චාර්ට්ර් බඩු තියනවා මාකට් එකේ (බාත්රූම් වෝටර් ප්රූෆින් කිරීමට පේන්ට් වර්ග පාවිච්චි කිරීමෙන් වලකින්න).

    Machan thawa wadagath wena dewal tikak kiyanna. Mama hadanna inne cubic house ekak
     
    මචන් මම හැදුවෙත් කියුබ් ටයිප් ගෙයක් තමයි. ගෙදර හරි ලස්සනයි හැබැයි බ්ලයින්ඩ් වෝල්ස් වැස්සට තෙමෙනවා. මම ගාන්න පුළුවන් ඔක්කොම ජාති ගාල තියෙන්නෙ. ඒත් වැස්ස අල්ලලා හිටින කාලෙට ගේ ඇතුලෙ බිත්ති වල වෝටර් පැච් එකක් දෙකක් පේන්න තියනවා. ආකි කිවුවේ බිත්ති වෝටර් ප්රූෆ් කරන්න ඕන කියල. ෆින්කෝ එකේ බඩු දාල බිත්ති ඔක්කොම වෝටර් ප්රූෆ් කරන වෙලාවෙ තව ගෙයක් හදන්න පුළුවන්. මම ආයිත් ගෙයක් හදනවනම් කියුබික් ගෙදරක් හදන්නෙ නෑ බන්. ඒත් ඉතින් ඒක එක එක්කෙනාගේ පර්සනල් චොයිස් එක. උඹට කියුබික් ගෙයක්මද ඕන?
    :rolleyes:

    මතක් වෙන වෙන ඒවා ලියන්නෙ:
    ගෙදරට ෆවුන්ඩේෂන් එක දාන්න කලින් ඩ්රේනේජ් බට ටිකයි බාත්රූම් වල ඉන්ලට් and outlet බට ටිකයි වලල ගන්න නම් අමතක කරන්න එපා පුතේ. බාසුන්නහෙලා කියනවා ඒවට කලබල වෙන්න එපා මහත්තය කියල. උන් කියන දේවල් සත පහකට ගණන් ගන්න එපා. they dont have a contingency plan when they forget something! :yes:
    බාත්රූම් වල පොලව මට්ටම අනිවාර්යෙන්ම සාමාන්‍ය පොලව මට්ටමට වඩා අඟල් දෙකක්වත් පහලට දාපන්. ඊට පස්සෙ ෂවර් ඒරියා එක තව අඟලක් පහලට දාපන්. you have consider these things at the very beging!
    බිල්ට් ඉන් ෂවර් කියුබිකල් ගන්න එපා. හොඳ වීදුරු වැඩ කරන එකෙකුට කියල ටෙම්ප්ර්ඩ් ග්ලාසස් වලින් වැඩේ කරපන්.
    සින්ක් එක කවදාවත් ෆුල් පෙඩස්ටල් එකක් දාන්න එපා. ෆ්ලෝ එක හරියට ක්ලීන් කරන්න බැරි වෙනවා. You can have a hanging sink or a semi pedastal one. It would be great if you could have concealed cistern type toilet.
    බාත්රූම් එක හෝදලා පිරිසිදු කරන්නෙ නැතුව අතු ගාල (sweap) පිරිසිදු කරන්න පුළුවන් විදිහට ඩ්‍රයි තියාගන්න පුළුවන් විදිහට හදපන්.
    බාත්රූම් එකට විශාල ජනේලයක් දාපන්. හුන්ඩු ජනෙල් දාපු කාලේ ගියා.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ආ.... මේක තමයි අනිත් එක.

    වෝටර් ප්රූෆින් කරනවානම් FINCO එකේ products ම පාවිච්චි කරන්න. දැන් එක එක චාර්ට්ර් බඩු තියනවා මාකට් එකේ (බාත්රූම් වෝටර් ප්රූෆින් කිරීමට පේන්ට් වර්ග පාවිච්චි කිරීමෙන් වලකින්න).
    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් මම හැදුවෙත් කියුබ් ටයිප් ගෙයක් තමයි. ගෙදර හරි ලස්සනයි හැබැයි බ්ලයින්ඩ් වෝල්ස් වැස්සට තෙමෙනවා. මම ගාන්න පුළුවන් ඔක්කොම ජාති ගාල තියෙන්නෙ. ඒත් වැස්ස අල්ලලා හිටින කාලෙට ගේ ඇතුලෙ බිත්ති වල වෝටර් පැච් එකක් දෙකක් පේන්න තියනවා. ආකි කිවුවේ බිත්ති වෝටර් ප්රූෆ් කරන්න ඕන කියල. ෆින්කෝ එකේ බඩු දාල බිත්ති ඔක්කොම වෝටර් ප්රූෆ් කරන වෙලාවෙ තව ගෙයක් හදන්න පුළුවන්. මම ආයිත් ගෙයක් හදනවනම් කියුබික් ගෙදරක් හදන්නෙ නෑ බන්. ඒත් ඉතින් ඒක එක එක්කෙනාගේ පර්සනල් චොයිස් එක. උඹට කියුබික් ගෙයක්මද ඕන?
    :rolleyes:

    මතක් වෙන වෙන ඒවා ලියන්නෙ:
    ගෙදරට ෆවුන්ඩේෂන් එක දාන්න කලින් ඩ්රේනේජ් බට ටිකයි බාත්රූම් වල ඉන්ලට් and outlet බට ටිකයි වලල ගන්න නම් අමතක කරන්න එපා පුතේ. බාසුන්නහෙලා කියනවා ඒවට කලබල වෙන්න එපා මහත්තය කියල. උන් කියන දේවල් සත පහකට ගණන් ගන්න එපා. they dont have a contingency plan when they forget something! :yes:
    බාත්රූම් වල පොලව මට්ටම අනිවාර්යෙන්ම සාමාන්‍ය පොලව මට්ටමට වඩා අඟල් දෙකක්වත් පහලට දාපන්. ඊට පස්සෙ ෂවර් ඒරියා එක තව අඟලක් පහලට දාපන්. you have consider these things at the very beging!
    බිල්ට් ඉන් ෂවර් කියුබිකල් ගන්න එපා. හොඳ වීදුරු වැඩ කරන එකෙකුට කියල ටෙම්ප්ර්ඩ් ග්ලාසස් වලින් වැඩේ කරපන්.
    සින්ක් එක කවදාවත් ෆුල් පෙඩස්ටල් එකක් දාන්න එපා. ෆ්ලෝ එක හරියට ක්ලීන් කරන්න බැරි වෙනවා. You can have a hanging sink or a semi pedastal one. It would be great if you could have concealed cistern type toilet.
    බාත්රූම් එක හෝදලා පිරිසිදු කරන්නෙ නැතුව අතු ගාල (sweap) පිරිසිදු කරන්න පුළුවන් විදිහට ඩ්‍රයි තියාගන්න පුළුවන් විදිහට හදපන්.
    බාත්රූම් එකට විශාල ජනේලයක් දාපන්. හුන්ඩු ජනෙල් දාපු කාලේ ගියා.
    exactly correct.
    you are too good than most of archi's...
    Isn't Archis build their houses they own:confused:

    They don't have such good experience or may be they do designs as amendment to the type plan :dull:

    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    මචන් මම හැදුවෙත් කියුබ් ටයිප් ගෙයක් තමයි. ගෙදර හරි ලස්සනයි හැබැයි බ්ලයින්ඩ් වෝල්ස් වැස්සට තෙමෙනවා. මම ගාන්න පුළුවන් ඔක්කොම ජාති ගාල තියෙන්නෙ. ඒත් වැස්ස අල්ලලා හිටින කාලෙට ගේ ඇතුලෙ බිත්ති වල වෝටර් පැච් එකක් දෙකක් පේන්න තියනවා. ආකි කිවුවේ බිත්ති වෝටර් ප්රූෆ් කරන්න ඕන කියල. ෆින්කෝ එකේ බඩු දාල බිත්ති ඔක්කොම වෝටර් ප්රූෆ් කරන වෙලාවෙ තව ගෙයක් හදන්න පුළුවන්. මම ආයිත් ගෙයක් හදනවනම් කියුබික් ගෙදරක් හදන්නෙ නෑ බන්. ඒත් ඉතින් ඒක එක එක්කෙනාගේ පර්සනල් චොයිස් එක. උඹට කියුබික් ගෙයක්මද ඕන?
    :rolleyes:

    මතක් වෙන වෙන ඒවා ලියන්නෙ:
    ගෙදරට ෆවුන්ඩේෂන් එක දාන්න කලින් ඩ්රේනේජ් බට ටිකයි බාත්රූම් වල ඉන්ලට් and outlet බට ටිකයි වලල ගන්න නම් අමතක කරන්න එපා පුතේ. බාසුන්නහෙලා කියනවා ඒවට කලබල වෙන්න එපා මහත්තය කියල. උන් කියන දේවල් සත පහකට ගණන් ගන්න එපා. they dont have a contingency plan when they forget something! :yes:
    බාත්රූම් වල පොලව මට්ටම අනිවාර්යෙන්ම සාමාන්‍ය පොලව මට්ටමට වඩා අඟල් දෙකක්වත් පහලට දාපන්. ඊට පස්සෙ ෂවර් ඒරියා එක තව අඟලක් පහලට දාපන්. you have consider these things at the very beging!
    බිල්ට් ඉන් ෂවර් කියුබිකල් ගන්න එපා. හොඳ වීදුරු වැඩ කරන එකෙකුට කියල ටෙම්ප්ර්ඩ් ග්ලාසස් වලින් වැඩේ කරපන්.
    සින්ක් එක කවදාවත් ෆුල් පෙඩස්ටල් එකක් දාන්න එපා. ෆ්ලෝ එක හරියට ක්ලීන් කරන්න බැරි වෙනවා. You can have a hanging sink or a semi pedastal one. It would be great if you could have concealed cistern type toilet.
    බාත්රූම් එක හෝදලා පිරිසිදු කරන්නෙ නැතුව අතු ගාල (sweap) පිරිසිදු කරන්න පුළුවන් විදිහට ඩ්‍රයි තියාගන්න පුළුවන් විදිහට හදපන්.
    බාත්රූම් එකට විශාල ජනේලයක් දාපන්. හුන්ඩු ජනෙල් දාපු කාලේ ගියා.

    Itin machan oya lexduco wage companies walin hadannnema cubic houses ne. Dan plan eka pass wenna daalath iwarai.
    Umbe biththi sawuttu welada?

    Ai bathroom eka polowa mattamata wada pahalata danne? Wathura pirunoth geta ena nisada?
    Wathura bahinna slope ekak tiyanna one neda?
    Bathroom eka 8*5 nisa loku janelayak daanna baha. Hini diga ekak daanna puluwan. Diga adu patttata tama nanna set wennei janelayak daanna set wennei.

    Sink eka gana therune naha machan
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Mahan me thread eka adagena yanna udaw karapalla. Dakkane godak dewal igena ganna puluwan mehema discuss karaddi.

    Ape "lodbrok" sahodarayage ath dakim godak watinawa aluthen gewal hadana ayata
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Itin machan oya lexduco wage companies walin hadannnema cubic houses ne. Dan plan eka pass wenna daalath iwarai.
    Umbe biththi sawuttu welada?

    Ai bathroom eka polowa mattamata wada pahalata danne? Wathura pirunoth geta ena nisada?
    Wathura bahinna slope ekak tiyanna one neda?
    Bathroom eka 8*5 nisa loku janelayak daanna baha. Hini diga ekak daanna puluwan. Diga adu patttata tama nanna set wennei janelayak daanna set wennei.

    Sink eka gana therune naha machan

    නෑ බන් බිත්ති වල තාමනම් අවුලක් නෑ. ඒ උනාට දන්න මිනිස්සුන්ගෙ ගෙවල් වල එහෙම වෝටර් පැචස් හිටින්නෙ නෑනෙ බන්. ගොඩක් මිනිස්සු blind walls දාන්නෙ නැත්තෙ ඒකයි.

    බත්රූම්ස් පොළොවේ මට්ටමට වඩා අඩුවට දාන්න කිවුවෙ මචන් සාමන්‍ය ගේ ඇතුලෙ තියන ටයිල් මට්ටමට වඩා අඩුව. නැතුව එළියේ ගාඩ්න් එකේ පොලොව මට්ටම නෙමේ.
    :yes: ස්ලොප් එකනම් ඉතින් කිවුවත් නැතත් තියනවනේ.

    මගේ බාත්රූම් දෙකක් තියනවා 8 X 4 ඒකෙ 4 තියන පැත්තට 1.5' X 3' වගේ ජනේල දාල තියෙන්නෙ. ජනේලෙ තියන අන්තිම කෙලවරේ තමයි ෂවර් එක තියෙන්නෙ. ජනේලෙට ෂවර් කර්ට්න් එකක් දාල තියෙන්නෙ තෙමෙන්නෙ නැති වෙන්න. ඊට පස්සෙ ෂවර් එක කියුබිකල් එක හැදෙන විදිහට එක පැත්තකින් අඩි 2 විතර ග්ලාස් ඩෝ එකක් සහ ෆික්ස් ග්ලාස් එකක් දාල තියෙන්නෙ. දොර ලඟම තියෙන්නෙ සින්ක් එක. සින්ක් එකයි ෂවර් එකයි මැද්දෙ තමයි ටොයිලට් එක තියෙන්නෙ. ටොයිලට් එක ඉස්සරහින් ෂවර් එකට යන්න හොඳටම ඉඩ ඇති. උඹ කැමතිනම් ඉතුරු අඩියත් අල්ලපු කාමරේකට දෙන්න පුළුවන්.

    බාත්රූම් එක ඇතුලෙ ෆ්ලෝ එකේ උස වෙනස්වෙන ගැප් එන ඒවා ප්ලෑන් එකේ පෙන්නන බෑ. ඒවා උඹ ළඟ ඉඳල බාස්ට කියල කරගන්න ඕන.

    අනික බාත්රූම් එකේ මිරර් එක උඩට ලයිට් එකක් දා ගන්න වයරින් කරගන්න අමතක කරන්න එපා. බාත්රූම් එකේ ලයිට් එක රූම් එක ඇතුලට යන්න කලින් දොර ළඟ පිට පැත්තට දාපන්. මිරර් එකේ ලයිට් එක ඇතුලෙන් දාන්න සෙට් කරපන්.

    ටෙම්ප්ර්ඩ් ග්ලාස් දාල කියුබිකල් එක හදපුවම ෂවර් ට්‍රේ එකක් දාන්න ඕන වෙන්නෙ නෑ. බිල්ට් ඉන් කියුබිකල් වල ට්‍රේ ගොඩක් උස හින්ද ගොනා වගේ (ස්ටේජ් එකකට නගිනවා වගේ) . ලෝ ප්‍රොෆයිල් ෂවර් ට්‍රේ ලංකාවේ ගන්න නෑ. තිබුනත් පට්ට ගණන්.

    පෙඩස්ටල් සින්ක් කියන්නෙ යටට යනකන්ම කනුව තියන එක. සෙමි පෙඩස්ටල් කියන සින්ක් එක බිත්තියට බ්‍රකට් වලින් හයි කරන්නෙ. යට තියන බට සෙට් එක වැහෙන්න අඩියක් විතර සෙරමික් කැල්ලක් තියනවා.