1. ගණුදෙනු කරු පැවසූයේ ඒ සිවිලිමක් නොව ස්ලැබ එක බවය. පසුව සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ අප්සයිඩ් ඩවුන් තාක්ෂනයට beams ටික ස්ලැබ් එකෙන් ඉහල එසවෙන ලෙස වාස්තුවී විසින් නිර්මාණය කර ඇති නිසා beams ඇත්තේ රූෆ් ටොප් එකේ බවයි.
රූෆ් ස්ලැබ් එක උඩට ගිය විට ඇත්තටම මට අඬනවාද සිනාසෙනවාදැයි සිතාගත නොහැකි විය. එකිනෙක හා බැඳුණු ජාලයක් වන් beams ( තළාඳ ) අතර කොටු වලට වතුර පිරී මදුරුවන් හනීමුන් යන්නටත් පටන්ගෙන තිබුනි. රෙද්දක් වනන්නවත් රූෆ් ස්ලැබ් එක මත ඇවිදින්නට හැක්කේ කඩුළු පැනීම හුරු අයකුට පමණි.
පසු අවස්ථාවක මේ ගැන ඒ වාස්තුවි ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ස්ලැබ් එක දැමූ පසු පහලින් beams පෙනීම කැත නිසා මෙම පියවර ගත් බව ය . එවිට මා "ස්ලැබ් හයිට් එක වැඩි කරල ගේ ඇතුලෙන් ජිප්සම් සිවිලිමක් ගහල පේන්ට් කරානම් ඒත් මේ ඉෆෙක්ට් එකම මීට වඩා අඩු වියදමකින් අරන් රූෆ් ස්ලැබ් එකත් බේරගන්න තිබ්බනෙ” කියූ විට වාස්තු වි “no this has different effect” කියා මට නොපෙනෙනා සීතම්බරයකින් කතාව මාරු කොට මාරු විය.
2. ඒ නිවසේම ප්‍රධාන නිදන කාමරයට ගිය විට දුටු දසුන අලංකාර විය. තුන් පැත්තකම ජනේල තබා එක් බිත්තියක් පමණක් නිදහස්ව තිබිනි. බැළු බැල්මටම කාමරය ඉතා සුන්දර විය.
එහෙත් මගේ ප්රශ්නය වූයේ "wardrobe" තබන්නේ කොහේද යන්නයි? නිදහස් බිත්තිය දෙසට bed head board තැබූ විට කබඩ් ඩ්‍රෙසින් ටේබල් වලින් ඉතුරු ජනේල ටික වැසී යයි.
මෙයට ආකියාගේ පිළිතුර වූයේ wardrobe නාන කාමරයට යන මගෙහි තැබීමට ඔහු සැළසුම් කල බවයි. අවාසනාවකට එහි පළල මීටර් එකයි දශම එකකි. wardrobe එකක සම්මත ගැඹුර මිලිමීටර් හයසිය තිහකි. එවිට ඉතුරු ඉඩෙහි දොර අරින්නට නොහැක.
හරි අපි එක මිලි පන්සීයට අඩු කරමු. ඒ අදහසද වාස්තුම දුනි. නොදන්න මගුල් කියා යලිත් ඇන ගති. පන්සීයට හදන wardrobe වල හැඟර් එකක කමිස කබා දැමිය නොහැක. මන්ද අත් දෙක පොඩි වෙන නිසාවෙනි.
අවසාන තීරනය වූයේ අර සුන්දර ජනේලයක් ගලවා බිත්තියක් පුරවා wardrobe සඳහා ඉඩ ලබා දෙන්ටය.
3. තවත් තලවතුගොඩ නිවසක ජනේල වෙනුවට විශාල අවකාශ විවෘතව තිබිනි. ආරක්ෂාවට ඒ අවකාශයන්හි යකඩ පට්ටම් යෙදූ පැනල වලින් ආවරනයකි.
සොභාවික සුළං සංචරනය මගින් ෆෑන්, ඒසී නැති නිවසක් වාස්තුවි විසින් අලංකාරව නිමවා තිබුනි. පසුව හිමිකරු විශාල මුදලක් වැය කර ඒ සියල්ල ගලවා විසිකර ජනේල් දමා නිවසට ෆෑන් සහ ඒසී සවිකරගත්තේ මැසි මදුරු කරදරයෙන් බේරෙන්නටය.
4. තව බොහෝ විට මා දකින්නේ තද දම්, කෙහෙල් දල්ලේ කොළ, අඳුරු කහ වැනි වර්න නිදන කාමර තුල ආලේපනයයි.
නිදන කාමරය, නිවස යනු ඔබ දවසේ සැනසුම සොයා ගොඩ වදින ස්ථානයයි. එය ඇහැට ප්‍රිය, මනස සන්සුන් කරවනා ලා සහ තද පැහැ වර්න මිස අසහනයට පත් කරන අඳුරු වර්ණ යෙදීමෙන් ඉන්නට එපා වෙනු ඇත.
5. ගෘහ භාන්ඩ, විශේශයෙන් built in cupboards වලට අදාළ නියමිත specifications තිබෙ. ඒ උස, ගැඹුර, ආදිය ගැන නොසැලකිලිමත් වීමෙන් ඒවයින් අවශ්‍යප්‍රථිඵල ලබාගත නොහැකි වනු ඇත.