මකබාස් ආර්කිටෙක්ට්ස්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුලු පරස් අරින්න බාසා දන්නේ නැත්නම් උගෙ කොලිටි එක ගැන ආයේ කතා කරලා වැඩක් නෑ...

    පෛතගරස් ප්‍රමේය තමා.. ඔය විදියට තමා හොයන්නේ... පස්සේ හදන්න ඕනේත් නෑ...

    මම කිව්වේ ඒකයි ආකියෙක් වැඩේ පටන් ගත්තම ඕනේ නෑ කියලා. බාසා දන්නේ නැත්තම් එන්සීටී සිවිල් කරපු කොල්ලෙක්ට එන්ඩීටී කොල්ලෙක්ගෙන් ඔය නූල් ගහන වැඩේ කරගත්තැකි. පෙග් ටික කොන්ක්‍රීට් කරගත්තානම් ආයේ අවුලක් නැඇ (පෙග් ගැලවෙන්නැති ඈතින් ගහගන්න ඕනේ )

    මුලු පරස් අරින එක මහා ලොකු දෙයක් නෙවෙයි. බාසා ඒක නොදන්නවාත් නෙවෙයි ඇත්තටම... උන්ට විකර්ණයේ දිග වැරදුනාම හදාගන්නයි නොතේරෙන්නේ.. උන් දෙතුන් පාරක් එහෙ මෙහෙ කරලා දානවා පස්සේ බිත්තියෙන් අල්ලන්න හිතාගෙන... ප්ලාස්ටර් එකට පට්ට වියදම් ඉතින් ඒත් බැරි උනොත්.. ටයිල් රුහිතෙට...

    ආයෙත් කියන්නේ ආකිටෙක් නෙවෙයි සයිට් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්වයි හදනකොට ඕනේ.. නිකන් ආකියට බනින්නේ... නිකන් නාස්ති කරගන්නෙත්

    ඉතාම වැදගත් මචන්. උඹ එකස්පීරියන්ස් වලින් කතා කරන බව හොඳට පේනවා. එහෙම තමයි මමත් දැකල තියෙන්නෙ. ඌ දන්නවා වැඩේ කරන්න ඕන කියල, වැරදුනාම වැරදියි කියලත් දන්නවා, හැබැයි විකර්නේ අවුල ලිහාගන්න විදිහ ඌට තේරෙන්නෙ නෑ.
    බාස්ලගෙ craftmanship එක ගැනනම් කියල වැඩක් නෑ බන්. සමහර එවුන්ට පඩි පෙලේ පඩි ගාන හදල සමව බෙදාගන්න බැරුව කොච්චර ලත වෙනවද. ඇත්තටම ඒ වගේ පොඩි දෙයක් කරන්න බැරිනම් ඌ බාස් නෙමේ ඌ ගෝලයෙක්. ප්‍රශ්නෙ තියෙන්නෙ මාස දෙක තුනක් ගෝල වැඩේ කරපු එවුන් හෙද බාස් කෙනෙක් කියල ඇවිල්ල වැඩ බාර අරගන අහිංසක මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි කාබාසිනිය කරලා දාල ෆෝන් වලට අන්ස්ර් කරන්නෙ නැතුව හැංගෙනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ගේ හදල පේන්ට් බාස්ට දුන්නම මිනිහ කිවුව මහත්තය මේකෙ වැඩේ ලස්සනයි පොටි ඇදල කරමු කියල. මම හා කියල ඒ විදිහට කරා. මගේ බිත්ති සුද මැදලා තිබුනෙ. මනුස්සය මට කිවුව කපරාරු කරපු බිත්ති සුද මැද්දෙ ඉස්සර දැන් පොටි අදින නිසා සුද මදින්න අවශ්‍ය නෑ කියල. මට හිතුන මම සුද මදින්න වියදම් කරපු සල්ලි අපරාදෙ නේද කියල. :rolleyes: මේ පේන්ට් බාස් කියන කතාව ඇත්තද? අලුතින් ගෙවල් හදන අයට දැනගන්න දන්න අය කියමු බලන්න. :)
    සුද මැදලා නම් තියෙන්නේ වෝල් ෆිලර් එකක් ගාලා ඉමල්ශන් පෙන්ට් කරන්නයි තියෙන්නේ..

    අලුතෙන් කරන කෙනෙක් ඉන්නවනම් සුද මදින්න එපා. ප්ලාස්ටර් එක උඩ පොටි ඇදලා කපන්න. කපලා ඉමල්ශන් ගාන්න... සීඅයිසී paint තමා ඉතින් හොඳම නම් ෆීල්ඩ් එකේ.
    පොටි කපපුවම එන ස්මූත් එක 100 % ගන්න බෑ සුද මදින එකෙන්
     
    Last edited:

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    Thattu deke geyak nam..engek ona..uta kiyala drawing eka anda ganna...

    Eeta passe ekai drawing ekai dekama deela boq ekai material break down ehekui hada ganna..

    Honda bass kenek katha karagena.. Pora gen ganan mimi liyapu kolayak ganna...

    Thamun materials genawa nam.. Honda hardware ekak set kara ganna.

    Foundation daddi nam oya kambi podak hondata balanna.. Drawing kiyawanna loku amaruwak nah..

    Wada bagayak yaddi.. Qs kenek genath wada karapuwa manala bass ta wadiyen geewada nadda kiyala check karanna puluwan..

    Meeta wada lesi honda contractor kenek ta dena eka.. Boq ganata kamathi nam..un ge quality eka thama check karanna thiyenne..

    Me loku ayye "boq ekai material break down" Hada ganne kata kiyalada
    Archi or SE
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔව් පොටි අදින නිසා මොන ජිල්බරේ ගාලා තිබ්බත් ඒක වැහෙනවා නේ..

    hoda bas.
    kathawa aththa. biththi hari kelin, hodata plaster kalanam putty adala paint kalama ati. dan godak than wala eka karanne

    යකෝ උඹල දන්න ඒ වගේ දේවල් හිතල කියපල්ලකො . . . . :yes:
    උඹලගේ දැනුම හාරලා ගන්න වෙලානෙ තියෙන්නෙ.
    :baffled:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Me loku ayye "boq ekai material break down" Hada ganne kata kiyalada
    Archi or SE

    QS කෙනෙකුට දීල කරගනින්. SE කෙනෙකුටත් කරන්න පුළුවන්. Normally ආකි නෙමේ කරන්නෙ. දැන් ඉන්න ආකිලනම් වැලි ගඩොලුත් සප්ලයි කරනවා. ඒ හින්ද ආකි උනත් වැඩේ බාර ගනී.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දන්නා දෙයක් එහෙනම් කියල දීල යමුකෝ

    වස්තු විද්‍යඥයෙක්ගේ කාර්යය අවකාශය සැලසුම් කිරීම. නැතුව ප්ලෑන් ඇදිල්ල නෙමෙයි. ඒ ඒ අවකාශ වලට අනුව නිර්මාණයක් කරලා එක ක්ලයන්ට්ට පෙන්නලා පැහැදිලි කරනවා. අපේ මාමලාගේ වැඩේ ඔකේ කටු සටහන දුන්න ගමන් ජෝතිස සීය ගාවට උස්සන් ගිහින් දිග පළල අරව මේවා අරන් එනවා, තව ගොඩක් එව්වත් එනවා වෙලාවකට. අන්තිමට එතනදිත් තමන්ට ඕන දේවල් වලට වඩා අනුන්ට ඕන දේවල් තමයි කෙරෙන්නේ. සමහර වෙලාවට ආකිටෙක්ට්ට වෙන්නේ ඔටෝ කැඩ් ඩ්රාෆ්ට්මන් වෙන්න.

    ඔය අතරේ අර මම කලින් පොස්ට් එකක කිව්වා වගේ බුරුවෙක්ගේ ගානට අස්සයෙක් ගන්න යනවා එකත් කකුල් වෙනම කඳ වෙනම ගන්න යන්නේ, අස්සයට කන්න දෙන්න පුලුවන්ද කියල කල්පනා කරන්නේ නැහැ. ඔය කිව්වේ මේකයි. ඇති තියෙන මුදලටවත් තමන්ගේ සැබෑ අවශ්‍යතාවයටවත් නෙමෙයි අපේ මිනිස්සු ගෙවල් හදන්න යන්නේ. අවුරුද්දකට දෙකකට සැරයක් හෝ ජිවිතේ එක දෙක සැරයක් වෙන කාරනා ගැන පවා හිතල මහාපරිමාණ අවකාශයන් තමයි ඉල්ලන්නේ. ගෙදර ඉන්නේ තුන් දෙනා උනාට කාමර 5ක් වත් ඕන අපේ වඳ පුන්චම්මගේ ලොකු පුතාගේ ලේලිගේ කට්ටිය ආවම ඉන්න ඉඩ තියෙන්න ඕන වගේ.

    මුලින්ම එන්නේ මොඩර්න් ඩිසයින් එකක් ඕන කියල. හැබැයි වහල කාලි නම් 3-4ක් වත් ඕනෑමයි, තනි පලේ වහල නැතුව චුටියට හරි ඉස්සරහට පත්තිරිප්පුවේ වගේ පෙන්න කෑල්ලක් ඕනෙමයි අපේ ගෙදරට, අර අර වෙබ් සයිට් එකේ තිබ්බ ගෙදරත් එහෙමයි. අපිට රවුම් පඩිපෙලකුත් ඕන,තව කෝට්යාඩ් එකකුත් ඕන පොඩි පොන්ඩ් එකකුත් එක්ක. ගෙදර හොදට ඕපන් තියෙන්න ඕන හැබැයි සාලෙට ආවම ඇතුල පේන්න නම් බැහැ නේද අනේ බබාලත් පොඩිනේ. ඈ බාත්රුම් එක අර මැගසින් එකේ වගේ. කාමර ටිකක් ලොකුවට ඕන මොකද අල්මාරි දෙකක් තියන්නත් ඕන.

    ඔන්න එනවා වර්ග අඩි 3500ක් වගේ. දැන් තමයි වියදම. මේ දවස්වල අසන්න වසයෙන් ( 2017 ජුනි මාසය) තනි තට්ටුවේ ගෙයක් නම් වර්ග අඩියට අඩුම 3000ක් සිට 4000ක් වත් යනවා තට්ටු 2ක් නම් 4500 සිට 6000ක්. මේක ඔය QS මහත්තුරු කොන්ත්‍රාත් මහත්තුරු නිවැරදි කරන්න. ඉතින් ඔය ගණන් වලින් වැඩි කලාම බෑන්ක් ලෝං එක වගේ 5, 6 ගුණයක්. ඉස්සෙල්ලම ගණන් හදනවා ආකියගේ ෆී එක. එකට වියදන් කොරල කොහොමද මහන්සි වෙන බාසුන්නහෙට ගෙවන්න සල්ලි නැති වෙනවනේ, ආකිය ඔය ඉරි ටිකක් ගහල යන එකානේ. ඔන්න කපන්න පටන් ගන්නවා. ඉතින් කරපන් ආයේ මුල ඉදන් ඩිසයින්. කොහොමහරි ස්ටේජස් 2-3කට කරන්න පලානක් අදිනවා. ආයේ වාස්තු බලනවා. අඟලත් දෙකක් එහා මෙහා කරනවා. දොර තියන තැන වෙනස් කරනවා. එතකොට අර සෙටි එහෙම තියන්න බිත්ති දිග මදි වෙන්නත් පුළුවන් හරිය. ඒ උනාට වස්තු කෙස් උනොත් ඔක්කොම හබක්. ගිනිකතිරේට අහු නොවෙන්න බිත්තියෙන් පොඩි කෑල්ලක් එහාට දානවා. ආකිය මොලේ කල්පනා කලොත් පොඩි නිච් එකක් වගේ කරලා ඔය මොනවා හරි ඩිටේල් එකක් කරලා දානවා. අනුමත නීති රීති වලට කලාම අපිට පස්සේ කෑල්ලක් හදාගන්න පුළුවන් විදිහට දැනට පාස් කරගන්න ඇදල දෙන්න පුළුවන් නේද.

    තව තිබේ බන්, ඔපිස් එකේ ඉදන් කොටන්නේ. ඩිසයින් කොටස ඔය හොදටම ඇති.

    ලෝන් එකට එස්ටිමෙට් එකත් ඔයාම දෙනවද. අර එහා ගෙදර කරපු TO මහත්තය නම් ප්ලැන ඇදල පාස්කරලා ලෝන් එකෙවදත් කරලා දීල 3D එකකුත් දෙනවා. ඔක්කොටොම රුපියල් 25000ක් වගේ ගන්නේ. ටික දිනකින්... එස්ටිමෙට් එක බැංකුවේම මහත්තයෙක් කරලා දෙන්නම් කිව්වා.

    ලනු අදින එකට සිරිතක් වශයෙන් ආකිටෙක්ට් යනවා. යන එක හොදයි. මොකද සමහර බසුන්නහෙලා ලොකු කතා කියෙව්වට ඩ්රෝවින්ග් එකක් කියවන්න දන්නේ නැහැ. ග්‍රිඩ් එකක් දිගේ කියවල දෙයක් අහගන්න තේරුමකුත් නැහැ, වයසක ය නෙමෙයි තරුණ අයත්. අපි ඔව්වට ලනු අදින්න දන්නේ නැහැ, මෙහෙම ප්ලෑනක් දැක්කමයි වගේ අපහාස එල්ල වෙනවා.

    තට්ටු දෙකේ ගෙයකට කොන්ක්‍රීට් කණු අවශ්‍යම නැහැ ගඩොලින් අගල් 9 බිත්තිබදිනවා නම්. අපේ මහගෙදරත් එහෙමයි ( මගේ පියා සැලසුම් ශිල්පියෙක් හෙවත් ඩ්රාෆ්මන් කෙනෙක්, ඔහු ඉගෙනගත් කාලයේ QS සහ ස්ට්‍රක්චරල් ඩිසයින් පවා කාර්මික විද්‍යාලවල මුලික දැනුම උගන්වා තිබේ, අපගේ නිවාස ඔහුගේ නිර්මාණයකි) . නමුත් කළුගල් අත්තිවාරම හොදට හරියට තියෙන්න ඕන. පසේ සොබාවය අනුවත් ඕක වෙනස් වෙනවා. කමක් නැහැ කණු දාමුකෝ.

    යන බඩු වල විස්තරය බාසුන්නහේ දෙනවනේ ඉතින් QS කෙනෙක් ඕන නැහැ අපරාදේ සල්ලි. අනික ඔය සල්බ් දාන ය කම්බිත් දාල ඔක්කොම කරලා දෙනවනේ, ඉතින් ස්ට්‍රක්චරල ඉන්ජිනේරුවෙක්ට සල්ලි වියදන් කරන්න ඕන නැහැ. ආව කියල ලොකු වෙනසක් නැහැනේ. ආදී 10න් 10ට කණු දාමු කියල බසුන්නහෙත් කිව්වා. අනේ මායිම් වලට කණු දානකොට එහා වත්තට දාන්න වෙනව කියා බසුන්නහේ කිව්වා එක නිසා ඒ පැත්තෙන් පොඩ්ඩක් බල්ලෙක්ට යන්න වගේ ආදී 2ක් වගේ අඩු කරමු. ජනේලයක් දාන්න බැරි උනාට ග්ලාස් බොක්ස් එකක් හරි තියමු නේද අනේ.

    අලුත් ට්‍රෙන්ඩ් එකක් යනවා කළුගල් අත්තිවාරම වෙනුවට පොලව ලෙවල් කරලා එක උඩ ටයි බිම් දානවා කියල අගල් 9 x 12 වගේ චොන්ක්රිට් බිම් එකක් දාන එක. හරිහමන් කොන්ත්රත්කරුවෙක්, බාස් කෙනෙක් එහෙම දෙයක් අනුමත කරයි කියල මම හිතන්නේ නැහැ. අනික කළුගලින් බදිනවට වැඩ වැඩි වියදමක් යනවා මම දන්නා තරමින්. බසුන්නහෙගේ පහසුවට තමයි ඕක කරන්නේ මගේ හැගීම. මට එක බාස් අයියෙක් නක්කලේට හිනා උනා ඕකවත් දන්නේ නැද්ද වගේ.

    බිත්ති බදිනවා. මේ නෝනා අර ජනේලේ ඇයි බිත්තියෙ පැත්තකට වෙන්න දාල ඇදල තියෙන්නේ අර මහත්තය. අපි මේක මැදට කරලා තියමු, එතකොට ලස්සනයිනේ. එකනේ බසුන්නහේ අපිට ඉතින් ඔය ප්ලෑන් තේරෙන්නේ නැහැනේ, බසුන්නහේ බලල හොද විදිහක් කරන්න. ඇදපු මහත්තය එන්නෙත් නැහැනේ බලන්න( එයට සල්ලි දුන්නේ පාස් කරන්න ප්ලෑන් එක අදින්න විතරනේ, එකටත් හෙන ගානක් ගත්ත). මේ දොරවලුත් හෙන ලොකු වැඩිනේ, ආදී 7ක් උස අපරාදෙනේ, නොලගේ උසත් එක්ක 6 හමාරක් හොදටම ඇතිනේ.

    මහත්තය ස්ලැබ් එක අගල් 4ක් ඇති. පොලව ලෙවල් කරලා ටයිල් අල්ලලා එනකොට අගල් 6ක් වෙනවනේ. අපරාදෙනේ කොන්ක්රීට්. වැහි දවසක් බලල කොන්ක්රීට් දාමු එතකොට ආයේ වෙනම වතුර දාන්න ඕනත් නැහැනේ හයි වෙන්න කියල.

    අනේ නෝනා මේ වහල මේ විදිහට නම් මට ගහන්න බැහැ. මෙහෙම ගැහුවොත් මටත් අසුබයි. අපි මේක කෑලි දෙකකට කඩමු.

    ඇති බන්.. කොටන්න් බැහැ. ඉතුරුව වෙන එකෙක් කියයි...

    ස්ලැබ් එක අගල් 5ක් වත් දමා ගනිල්ලා. මික්ෂර් එක 1 : 1.5 :3 වත් දාපල්ලා...

    ඔන්න තව කුහකයෙක් කතාවක් කියල බාගෙට දාල ගියා....
    සමහර කරුණු කිව්වේ හුදෙක් දන්නා දේවල් තහවුරු කිරීමට පමණි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Me loku ayye "boq ekai material break down" Hada ganne kata kiyalada
    Archi or SE
    ඕක කරන්න පුලුවන් තාක්ෂණ නිලධාරීන්ගෙ ඉදන්, QS, ඉංජිනියර් දක්වා ක්ෂෙත්‍රයෙ අයට.

    ආකිටෙක් ට බෑ.

    ස්ට්‍රක්චරල් ඉංජිනියර් කියන්නේ ඉංජිනියර්ගේ අමතර සුදුසුකමක්. ඉතින් SE කියලා ස්පෙශල් අවශ්‍යතාවයක් නෑ BOQ හදාගන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    QS කෙනෙකුට දීල කරගනින්. SE කෙනෙකුටත් කරන්න පුළුවන්. Normally ආකි නෙමේ කරන්නෙ. දැන් ඉන්න ආකිලනම් වැලි ගඩොලුත් සප්ලයි කරනවා. ඒ හින්ද ආකි උනත් වැඩේ බාර ගනී.
    :lol::lol::lol::lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දන්නා දෙයක් එහෙනම් කියල දීල යමුකෝ

    තට්ටු දෙකේ ගෙයකට කොන්ක්‍රීට් කණු අවශ්‍යම නැහැ ගඩොලින් අගල් 9 බිත්තිබදිනවා නම්. අපේ මහගෙදරත් එහෙමයි ( මගේ පියා සැලසුම් ශිල්පියෙක් හෙවත් ඩ්රාෆ්මන් කෙනෙක්, ඔහු ඉගෙනගත් කාලයේ QS සහ ස්ට්‍රක්චරල් ඩිසයින් පවා කාර්මික විද්‍යාලවල මුලික දැනුම උගන්වා තිබේ, අපගේ නිවාස ඔහුගේ නිර්මාණයකි) . නමුත් කළුගල් අත්තිවාරම හොදට හරියට තියෙන්න ඕන. පසේ සොබාවය අනුවත් ඕක වෙනස් වෙනවා. කමක් නැහැ කණු දාමුකෝ.

    අලුත් ට්‍රෙන්ඩ් එකක් යනවා කළුගල් අත්තිවාරම වෙනුවට පොලව ලෙවල් කරලා එක උඩ ටයි බිම් දානවා කියල අගල් 9 x 12 වගේ චොන්ක්රිට් බිම් එකක් දාන එක. හරිහමන් කොන්ත්රත්කරුවෙක්, බාස් කෙනෙක් එහෙම දෙයක් අනුමත කරයි කියල මම හිතන්නේ නැහැ. අනික කළුගලින් බදිනවට වැඩ වැඩි වියදමක් යනවා මම දන්නා තරමින්. බසුන්නහෙගේ පහසුවට තමයි ඕක කරන්නේ මගේ හැගීම. මට එක බාස් අයියෙක් නක්කලේට හිනා උනා ඕකවත් දන්නේ නැද්ද වගේ.

    ඇති බන්.. කොටන්න් බැහැ. ඉතුරුව වෙන එකෙක් කියයි...

    ස්ලැබ් එක අගල් 5ක් වත් දමා ගනිල්ලා. මික්ෂර් එක 1 : 1.5 :3 වත් දාපල්ලා...
    /COLOR]

    මම දන්න Contractor කෙනෙක් එයාගෙ තට්ටු දෙකේ ගේ හදල තියනවා කණු එකක්වත් දාන්නෙ නැතුව (සමහරවිට අවශ්‍ය තැනකට දෙකකට දාලද දන්නෙ නෑ, කතාවට කිවුවෙ එකක්වත් නෑ කියල). අඟල් 9 බිත්ති දාල තියෙන්නෙ.
    මමත් දැම්මෙ අඟල් 9 බිත්ති. මම කැමති නෑ කොලම් එකේ නාරටිය බිත්තියෙන් එලියට පැනල පේන්න තියනවට.

    ටයි බීම් උඩ ගෙවල් හදන එවුන්ට මම මොකුත් නොකියමි. ටික කාලෙකින් උන්ම ඒකෙ රහ තේරුම් ගනීවි.

    අඩෝ.... ඉතුරු කෑලි ටික වෙලාවක් තියන විදහට දාල පලයන් මචන්. උඹ වගේ Subject Matter Expert කෙනෙක් කියන ඒවා අපි කියන දහසක් වචන වලට වඩා වටිනවා. රෙප් + සහෝ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    වැහි දවසක් බලල කොන්ක්රීට් දාමු එතකොට ආයේ වෙනම වතුර දාන්න ඕනත් නැහැනේ හයි වෙන්න කියල.

    [/COLOR]

    මේක තමයි හොදම කැල්ල

    බස්ලට කියල ඩිසයින් කරගන්න යන්න එපා
    විශේෂයෙන් ටයිල් වැඩ වගේ දේවල් උන් කොච්චර ලස්සනයි කිව්වත් දෙපාරක් හිතන්න උන්ට ඕන ගෙවල් 100 කට විත එකම ඩිසයින් එක යවන්න

    මගේ අකිය ගේ ප්ලාන් එක අදාල දීල රට ගියා (පොර එකට මගෙන් සල්ලි ගන්න්තේ නැ එක නිසා වරදක් කියන්න බෑ ;-) )
    එදා ඉදන් මම තමයි මගේ ගෙදර ආකිය ;-)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    machan hoda kenak hoyagana kohomada ??

    පෙනුම විතරක් බලන්නෙ නැතුව අදහස් එහෙමත් ගැලපෙනවද බලපන්. පවුල් පසුබිමත් පොඩ්ඩක් බලපන්. :rolleyes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මම ගේ හදල පේන්ට් බාස්ට දුන්නම මිනිහ කිවුව මහත්තය මේකෙ වැඩේ ලස්සනයි පොටි ඇදල කරමු කියල. මම හා කියල ඒ විදිහට කරා. මගේ බිත්ති සුද මැදලා තිබුනෙ. මනුස්සය මට කිවුව කපරාරු කරපු බිත්ති සුද මැද්දෙ ඉස්සර දැන් පොටි අදින නිසා සුද මදින්න අවශ්‍ය නෑ කියල. මට හිතුන මම සුද මදින්න වියදම් කරපු සල්ලි අපරාදෙ නේද කියල. :rolleyes: මේ පේන්ට් බාස් කියන කතාව ඇත්තද? අලුතින් ගෙවල් හදන අයට දැනගන්න දන්න අය කියමු බලන්න. :)

    සුද මදිනව කියන්නේත් ෆිනිශ් කරන විදිහක් නේ. දැන් කපරාරු බිත්ති කෙලින්ම පොටි කරනවා. එකමදේ එලියේ බිත්ති වලට අවුට්ඩෝ පොටි එකක් තොරගන්න.

    ඇතුලට ඉන්ඩෝ එකක් ගන්න. නැත්තන් නිතර වැස්සට තෙමෙන බිත්ති සවුත්තු වෙනවා.

    අනික පොටි බාස් අතේ තම යන පොටි ගාන තීරනය වෙන්නේ. සමහරු තට්ටු තට්ටු උලනවා. එක බිත්තියටයි,තමුන්ගේ පොකට් එකටයි දෙකටම හොද නැහැ. අනික පොටි කරන කොට රෑට කරන්න බලන්න. ලයිට් ගලහ කරන කොට තම ඇද පෙන්නේ. දවල්ට පොටිකරන එක අන්තිම අසාර්තන වැඩක්.
     
    • Like
    Reactions: lodbrok

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පෙනුම විතරක් බලන්නෙ නැතුව අදහස් එහෙමත් ගැලපෙනවද බලපන්. පවුල් පසුබිමත් පොඩ්ඩක් බලපන්. :rolleyes:

    බදින්න කලින් නෙමෙයි බැන්දට පස්සේ අදහස් ගැලපෙනවද බලපන්. මොකද බැන්දට පස්සේ දවසේ ඉදන් බදින්න කලින් දවස වෙනකන් තිබ්බ අදහස් වෙනස් වෙනවා ටිපිකලි.

    ෆ්‍රොම් ගර්ල් ෆ්‍රෙන්ඩ් වර්ෂන් 7.854 ටූ වයිෆ් 1.0 :lol::lol::lol::lol::lol::lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බදින්න කලින් නෙමෙයි බැන්දට පස්සේ අදහස් ගැලපෙනවද බලපන්. මොකද බැන්දට පස්සේ දවසේ ඉදන් බදින්න කලින් දවස වෙනකන් තිබ්බ අදහස් වෙනස් වෙනවා ටිපිකලි.

    ෆ්‍රොම් ගර්ල් ෆ්‍රෙන්ඩ් වර්ෂන් 7.854 ටූ වයිෆ් 1.0 :lol::lol::lol::lol::lol::lol:

    උඹගේ ෆීල්ඩ් එකයි, කතා කරන විදිහයි, අනිත් විස්තරයි දැක්කම මට හිතෙනවා මම උඹව දන්න කෙනෙක් කියල. උඹ මෝරා ද? (එහෙම නැත්නම් මගේ ආකියා ද?)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අලුත් ට්‍රෙන්ඩ් එකක් යනවා කළුගල් අත්තිවාරම වෙනුවට පොලව ලෙවල් කරලා එක උඩ ටයි බිම් දානවා කියල අගල් 9 x 12 වගේ චොන්ක්රිට් බිම් එකක් දාන එක. හරිහමන් කොන්ත්රත්කරුවෙක්, බාස් කෙනෙක් එහෙම දෙයක් අනුමත කරයි කියල මම හිතන්නේ නැහැ. අනික කළුගලින් බදිනවට වැඩ වැඩි වියදමක් යනවා මම දන්නා තරමින්. බසුන්නහෙගේ පහසුවට තමයි ඕක කරන්නේ මගේ හැගීම. මට එක බාස් අයියෙක් නක්කලේට හිනා උනා ඕකවත් දන්නේ නැද්ද වගේ.

    ඕක අලුත් දෙයක් නෙවෙයි. බාස්ලා උනත් එක්ස්පීරියන්ස් ටිකක් ආවම ඇප්ලයි කරනවා ගෙවල් වලට.. :ඵ්

    ඇත්තටම ඔය ටයි බීම් දාන්නේ තට්ටු කිහිපයක ගොඩනැගිලිවල කණු වල යටම තට්ටුවේ කණුවක උස ගොඩක් වැඩිවෙනවනේ පාදමේ ඉඳලම ගත්තොත්. ඒක නිසා සරලවම ඔය කණුව නැමෙන්න දරණ ආයාසය වැඩියි උස වැඩිවෙනකොට (දිග කූරු ඉක්මනින් කැඩෙනවා :ඵ් )

    ඉතින් ඒක වලක්වගන්න තමා බීම් එකක් දාන්නේ කණු අතර. ඒක දැම්මේ ඇත්තටම කලුගල් බැම්ම උඩමයි. හැබැයි අපිට පුලුවනි කලුගල් බැම්ම නැතිව යටම තට්ටුවේ බිත්තියේ බර දරාගත හැකි පරිදි බීම් එක දාන්නත්....

    ඒත් ඔය හවුසින් කන්ස්ට්‍රක්ශන් රැල්ලට අහුවුනු අය නම් ඔය බීම් එක පොලොව තලල පොලොවට බර යන්නත් දානවා දැකලා තියෙනවා...

    කල්ගල් බැම්ම වැඩේ තමා මම රෙකමන්ඩ් කරන්නෙත්..

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    ඕක අලුත් දෙයක් නෙවෙයි. බාස්ලා උනත් එක්ස්පීරියන්ස් ටිකක් ආවම ඇප්ලයි කරනවා ගෙවල් වලට.. :ඵ්

    ඇත්තටම ඔය ටයි බීම් දාන්නේ තට්ටු කිහිපයක ගොඩනැගිලිවල කණු වල යටම තට්ටුවේ කණුවක උස ගොඩක් වැඩිවෙනවනේ පාදමේ ඉඳලම ගත්තොත්. ඒක නිසා සරලවම ඔය කණුව නැමෙන්න දරණ ආයාසය වැඩියි උස වැඩිවෙනකොට (දිග කූරු ඉක්මනින් කැඩෙනවා :ඵ් )

    ඉතින් ඒක වලක්වගන්න තමා බීම් එකක් දාන්නේ කණු අතර. ඒක දැම්මේ ඇත්තටම කලුගල් බැම්ම උඩමයි. හැබැයි අපිට පුලුවනි කලුගල් බැම්ම නැතිව යටම තට්ටුවේ බිත්තියේ බර දරාගත හැකි පරිදි බීම් එක දාන්නත්....

    ඒත් ඔය හවුසින් කන්ස්ට්‍රක්ශන් රැල්ලට අහුවුනු අය නම් ඔය බීම් එක පොලොව තලල පොලොවට බර යන්නත් දානවා දැකලා තියෙනවා...

    කල්ගල් බැම්ම වැඩේ තමා මම රෙකමන්ඩ් කරන්නෙත්..

    මම අකිචෙච්ච චුත්තකුයි ඉට්ටච්චලල් ගැන චූඌඌඌඌටි අවබෝදෙකුයි තියෙනවා බන්.