දන්නා දෙයක් එහෙනම් කියල දීල යමුකෝ
වස්තු විද්‍යඥයෙක්ගේ කාර්යය අවකාශය සැලසුම් කිරීම. නැතුව ප්ලෑන් ඇදිල්ල නෙමෙයි. ඒ ඒ අවකාශ වලට අනුව නිර්මාණයක් කරලා එක ක්ලයන්ට්ට පෙන්නලා පැහැදිලි කරනවා. අපේ මාමලාගේ වැඩේ ඔකේ කටු සටහන දුන්න ගමන් ජෝතිස සීය ගාවට උස්සන් ගිහින් දිග පළල අරව මේවා අරන් එනවා, තව ගොඩක් එව්වත් එනවා වෙලාවකට. අන්තිමට එතනදිත් තමන්ට ඕන දේවල් වලට වඩා අනුන්ට ඕන දේවල් තමයි කෙරෙන්නේ. සමහර වෙලාවට ආකිටෙක්ට්ට වෙන්නේ ඔටෝ කැඩ් ඩ්‍රාෆ්ට්මන් වෙන්න.
ඔය අතරේ අර මම කලින් පොස්ට් එකක කිව්වා වගේ බුරුවෙක්ගේ ගානට අස්සයෙක් ගන්න යනවා එකත් කකුල් වෙනම කඳ වෙනම ගන්න යන්නේ, අස්සයට කන්න දෙන්න පුලුවන්ද කියල කල්පනා කරන්නේ නැහැ. ඔය කිව්වේ මේකයි. ඇති තියෙන මුදලටවත් තමන්ගේ සැබෑ අවශ්‍යතාවයටවත් නෙමෙයි අපේ මිනිස්සු ගෙවල් හදන්න යන්නේ. අවුරුද්දකට දෙකකට සැරයක් හෝ ජිවිතේ එක දෙක සැරයක් වෙන කාරනා ගැන පවා හිතල මහාපරිමාණ අවකාශයන් තමයි ඉල්ලන්නේ. ගෙදර ඉන්නේ තුන් දෙනා උනාට කාමර 5ක් වත් ඕන අපේ වඳ පුන්චම්මගේ ලොකු පුතාගේ ලේලිගේ කට්ටිය ආවම ඉන්න ඉඩ තියෙන්න ඕන වගේ.
මුලින්ම එන්නේ මොඩර්න් ඩිසයින් එකක් ඕන කියල. හැබැයි වහල කාලි නම් 3-4ක් වත් ඕනෑමයි, තනි පලේ වහල නැතුව චුටියට හරි ඉස්සරහට පත්තිරිප්පුවේ වගේ පෙන්න කෑල්ලක් ඕනෙමයි අපේ ගෙදරට, අර අර වෙබ් සයිට් එකේ තිබ්බ ගෙදරත් එහෙමයි. අපිට රවුම් පඩිපෙලකුත් ඕන,තව කෝට්යාඩ් එකකුත් ඕන පොඩි පොන්ඩ් එකකුත් එක්ක. ගෙදර හොදට ඕපන් තියෙන්න ඕන හැබැයි සාලෙට ආවම ඇතුල පේන්න නම් බැහැ නේද අනේ බබාලත් පොඩිනේ. ඈ බාත්රුම් එක අර මැගසින් එකේ වගේ. කාමර ටිකක් ලොකුවට ඕන මොකද අල්මාරි දෙකක් තියන්නත් ඕන.
ඔන්න එනවා වර්ග අඩි 3500ක් වගේ. දැන් තමයි වියදම. මේ දවස්වල අසන්න වසයෙන් ( 2017 ජුනි මාසය) තනි තට්ටුවේ ගෙයක් නම් වර්ග අඩියට අඩුම 3000ක් සිට 4000ක් වත් යනවා තට්ටු 2ක් නම් 4500 සිට 6000ක්. මේක ඔය QS මහත්තුරු කොන්ත්‍රාත් මහත්තුරු නිවැරදි කරන්න. ඉතින් ඔය ගණන් වලින් වැඩි කලාම බෑන්ක් ලෝං එක වගේ 5, 6 ගුණයක්. ඉස්සෙල්ලම ගණන් හදනවා ආකියගේ ෆී එක. එකට වියදන් කොරල කොහොමද මහන්සි වෙන බාසුන්නහෙට ගෙවන්න සල්ලි නැති වෙනවනේ, ආකිය ඔය ඉරි ටිකක් ගහල යන එකානේ. ඔන්න කපන්න පටන් ගන්නවා. ඉතින් කරපන් ආයේ මුල ඉදන් ඩිසයින්. කොහොමහරි ස්ටේජස් 2-3කට කරන්න පලානක් අදිනවා. ආයේ වාස්තු බලනවා. අඟලත් දෙකක් එහා මෙහා කරනවා. දොර තියන තැන වෙනස් කරනවා. එතකොට අර සෙටි එහෙම තියන්න බිත්ති දිග මදි වෙන්නත් පුළුවන් හරිය. ඒ උනාට වස්තු කෙස් උනොත් ඔක්කොම හබක්. ගිනිකතිරේට අහු නොවෙන්න බිත්තියෙන් පොඩි කෑල්ලක් එහාට දානවා. ආකිය මොලේ කල්පනා කලොත් පොඩි නිච් එකක් වගේ කරලා ඔය මොනවා හරි ඩිටේල් එකක් කරලා දානවා. අනුමත නීති රීති වලට කලාම අපිට පස්සේ කෑල්ලක් හදාගන්න පුළුවන් විදිහට දැනට පාස් කරගන්න ඇදල දෙන්න පුළුවන් නේද.
තව තිබේ බන්, ඔපිස් එකේ ඉදන් කොටන්නේ. ඩිසයින් කොටස ඔය හොදටම ඇති.
ලෝන් එකට එස්ටිමෙට් එකත් ඔයාම දෙනවද. අර එහා ගෙදර කරපු TO මහත්තය නම් ප්ලැන ඇදල පාස්කරලා ලෝන් එකෙවදත් කරලා දීල 3D එකකුත් දෙනවා. ඔක්කොටොම රුපියල් 25000ක් වගේ ගන්නේ. ටික දිනකින්... එස්ටිමෙට් එක බැංකුවේම මහත්තයෙක් කරලා දෙන්නම් කිව්වා.
ලනු අදින එකට සිරිතක් වශයෙන් ආකිටෙක්ට් යනවා. යන එක හොදයි. මොකද සමහර බසුන්නහෙලා ලොකු කතා කියෙව්වට ඩ්රෝවින්ග් එකක් කියවන්න දන්නේ නැහැ. ග්‍රිඩ් එකක් දිගේ කියවල දෙයක් අහගන්න තේරුමකුත් නැහැ, වයසක ය නෙමෙයි තරුණ අයත්. අපි ඔව්වට ලනු අදින්න දන්නේ නැහැ, මෙහෙම ප්ලෑනක් දැක්කමයි වගේ අපහාස එල්ල වෙනවා.
තට්ටු දෙකේ ගෙයකට කොන්ක්‍රීට් කණු අවශ්‍යම නැහැ ගඩොලින් අගල් 9 බිත්තිබදිනවා නම්. අපේ මහගෙදරත් එහෙමයි ( මගේ පියා සැලසුම් ශිල්පියෙක් හෙවත් ඩ්රාෆ්මන් කෙනෙක්, ඔහු ඉගෙනගත් කාලයේ QS සහ ස්ට්‍රක්චරල් ඩිසයින් පවා කාර්මික විද්‍යාලවල මුලික දැනුම උගන්වා තිබේ, අපගේ නිවාස ඔහුගේ නිර්මාණයකි) . නමුත් කළුගල් අත්තිවාරම හොදට හරියට තියෙන්න ඕන. පසේ සොබාවය අනුවත් ඕක වෙනස් වෙනවා. කමක් නැහැ කණු දාමුකෝ.
යන බඩු වල විස්තරය බාසුන්නහේ දෙනවනේ ඉතින් QS කෙනෙක් ඕන නැහැ අපරාදේ සල්ලි. අනික ඔය සල්බ් දාන ය කම්බිත් දාල ඔක්කොම කරලා දෙනවනේ, ඉතින් ස්ට්රක්චරල ඉන්ජිනේරුවෙක්ට සල්ලි වියදන් කරන්න ඕන නැහැ. ආව කියල ලොකු වෙනසක් නැහැනේ. ආදී 10න් 10ට කණු දාමු කියල බසුන්නහෙත් කිව්වා. අනේ මායිම් වලට කණු දානකොට එහා වත්තට දාන්න වෙනව කියා බසුන්නහේ කිව්වා එක නිසා ඒ පැත්තෙන් පොඩ්ඩක් බල්ලෙක්ට යන්න වගේ ආදී 2ක් වගේ අඩු කරමු. ජනේලයක් දාන්න බැරි උනාට ග්ලාස් බොක්ස් එකක් හරි තියමු නේද අනේ.
අලුත් ට්‍රෙන්ඩ් එකක් යනවා කළුගල් අත්තිවාරම වෙනුවට පොලව ලෙවල් කරලා එක උඩ ටයි බිම් දානවා කියල අගල් 9 x 12 වගේ චොන්ක්රිට් බිම් එකක් දාන එක. හරිහමන් කොන්ත්රත්කරුවෙක්, බාස් කෙනෙක් එහෙම දෙයක් අනුමත කරයි කියල මම හිතන්නේ නැහැ. අනික කළුගලින් බදිනවට වැඩ වැඩි වියදමක් යනවා මම දන්නා තරමින්. බසුන්නහෙගේ පහසුවට තමයි ඕක කරන්නේ මගේ හැගීම. මට එක බාස් අයියෙක් නක්කලේට හිනා උනා ඕකවත් දන්නේ නැද්ද වගේ.
බිත්ති බදිනවා. මේ නෝනා අර ජනේලේ ඇයි බිත්තියෙ පැත්තකට වෙන්න දාල ඇදල තියෙන්නේ අර මහත්තය. අපි මේක මැදට කරලා තියමු, එතකොට ලස්සනයිනේ. එකනේ බසුන්නහේ අපිට ඉතින් ඔය ප්ලෑන් තේරෙන්නේ නැහැනේ, බසුන්නහේ බලල හොද විදිහක් කරන්න. ඇදපු මහත්තය එන්නෙත් නැහැනේ බලන්න( එයට සල්ලි දුන්නේ පාස් කරන්න ප්ලෑන් එක අදින්න විතරනේ, එකටත් හෙන ගානක් ගත්ත). මේ දොරවලුත් හෙන ලොකු වැඩිනේ, ආදී 7ක් උස අපරාදෙනේ, නොලගේ උසත් එක්ක 6 හමාරක් හොදටම ඇතිනේ.
මහත්තය ස්ලැබ් එක අගල් 4ක් ඇති. පොලව ලෙවල් කරලා ටයිල් අල්ලලා එනකොට අගල් 6ක් වෙනවනේ. අපරාදෙනේ කොන්ක්‍රීට්. වැහි දවසක් බලල කොන්ක්‍රීට් දාමු එතකොට ආයේ වෙනම වතුර දාන්න ඕනත් නැහැනේ හයි වෙන්න කියල.
අනේ නෝනා මේ වහල මේ විදිහට නම් මට ගහන්න බැහැ. මෙහෙම ගැහුවොත් මටත් අසුබයි. අපි මේක කෑලි දෙකකට කඩමු.
ඇති බන්.. කොටන්න් බැහැ. ඉතුරුව වෙන එකෙක් කියයි...
ස්ලැබ් එක අගල් 5ක් වත් දමා ගනිල්ලා. මික්ෂර් එක 1 : 1.5 :3 වත් දාපල්ලා...
ඔන්න තව කුහකයෙක් කතාවක් කියල බාගෙට දාල ගියා.... සමහර කරුණු කිව්වේ හුදෙක් දන්නා දේවල් තහවුරු කිරීමට පමණි.