ඇයි අපි අඩුවියදම් නිවාස ගැන හිතන්නේ නැත්ත
අපි හරි සම්ප්‍රදායික ජාතියක් (ශ්‍රී ලාංකිකයෝ) කවදාවත් අලුත් දේ ගැන හිතන්නේ නැහැ , හිතන එකා ට තැනක් නැහැ. අපිට නිවාස ප්රශ්නය ලොකු ප්‍රශ්නයක් , රටේ වැඩියෙන් ඉන්නේ අඩු අදායම් ලබන අය, නිවාස නැති මිනිස්සු වැඩියි. නිවාසයක් ගන්න හදන්නත් සැහෙන්න වියදමක් යනවා. රටේ නිකන් පඩි ගන්න නිවාස සංවර්දන වගේ නමට අමාත්‍යවරු අමාත්‍යංශ නිලදාරීන් ඉන්නවා රටේ කිසිම රිසර්ච් එකක් වෙන්නේ නැහැ අඩු වියදම් නිවාස ගැන,
වෙන රටවල අඩුවියදම් නිවාස හැදෙනවා, රිසයිකල් ද්‍රව්‍ය , කන්ටේනර් වගේ දේවල් යොදාගෙන.ලංකාවේ තම නිවාස හදන්නේ මිට අවරුදු 100කට එහා හදපු සම්ප්‍රදායික කරමයටමයි.
අනෙක අඩුවියදම් නිවසකියල මම අදහස් කරන්නේ පෙනුම අඩු හරක් මඩු වගේ ඒවා නෙවෙයි.
අලංකාර නිවාස.
මමත් ඉඩමක් ගත්තා එත් ගෙවල් හදන්න කොන්ත්‍රාත් කාරයෙක් ගාවට ගියාම මගේ හිතේ තියෙන පොඩි නිවස හදන්නත් ලක්ෂ 50ක් විතර යනවා. මම හිතුවා අඩුවියදම් නිවාස ගැන පොඩ්ඩක් සොයල බලන්න .
අඩුවියදම් උනත් මට මේ දේවල් නැතිකරගන්න බැහැ
1) ආරක්ෂාව (සොර සතුරන්ගෙන් සහ කාලගුණය සමග වෙන දිරා යෑම ) සහ කල් පැවැත්ම
2)අනවශ විදිහට කුඩා නිවාසයක්
3)නිවසේ පෙනුම
මම හිතන විදිහට අපිට මේ විදිහට හිතලා නිවසක් හදන්න බැරිද ?
1) අත්තිවාරම සාමාන්‍ය විදිහට දානවා ,
2) අත්තිවාරමේ කොන් එන තැන වලින් 1 x 1 (අඩි ) වල කොන්ක්‍රීට් බීම්ස් නග්ගනවා .
3) බිම්ස් වල උඩ කොටස් ලී වලින් සම්බන්දකරනවා
4) වටේ බිත්ති වලට බ්ලොච්ක් ගල් වලින් ජනෙල් දොරවල් වලට ඉඩ තියලා බඳිනවා
5) ඇතුල් බිත්ති අඟලක පමණ තුනි කොන්ක්‍රීට් වලින් හදනවා.
මම හිතුවේ බිත්ති වල උස ආදී 10ක් නම් අඩි 5උස අඩි 2ක් පළල 1අඟලක් මහත කොන්කිර්ට් ලෑලි හදන්න,
ඊට පස්සේ ඒවා එකට එකක් සම්පන්ද වෙන විදිහට අගට කට්ට කපා සවිකරන්න. තව තුනී කොන්ක්‍රීට් උනත් දාන්න පුළුවන් ඇතුලෙන් කම්බි මෙෂ් එකක් දැම්මොත්. ( මෙලෙස ඇතුල් බිත්ති බැන්දොත් සැහෙන මුදලක් ඉතිරි වෙයි කියල මම හිතුවා )
තාම වහල ගැන හිතලා නැහැ .
මොකද හිතන්නේ මේ ගැන