DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _4 - ඩිරෙක්ටරි සමග සෙල්ලම&#35

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _4 - ඩිරෙක්ටරි සමග සෙල්ලම&#35

DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _4 - ඩිරෙක්ටරි සමග සෙල්ලම්!
දැන් ඉතින් අපිට directory සමග සෙල්ලම් පාඩම පටන් ගන්න පුළුවන්. මේ පාඩමෙන් පස්සේ අපි ආපසු ls ගැන හුගක් දේවල් ඉගෙන ගන්නව .

නිරන්තරයෙන්ම UNIX / Linux යුසර් කෙනෙක් ලොග් වුනගමන්ම එයාව කෙලින්ම එයාගේ working ඩිරෙක්ටරි එකට යොමුවෙනව . අපි මේ working ඩිරෙක්ටරි එකට එයාගේ home ඩිරෙක්ටරි එක කියලත් කියනව . ඉස්සර බොහොමයක් UNIX සිස්ටම්ස් වල මේ හෝම් ඩිරෙක්ටරි එක පිහිටල තිබුනේ /usr එක ඇතුලෙ මෙන්න මේවිදියට /usr/<username>. ඊට අමතරවමෙන්න මේ වගේ තැන්වලත් පිහිටල තිබුන
උද:
/user/<username>
/users/<username>

වර්තමානයේදී සියලුම Linux මෙහෙයුම් පද්දතිවල user ගෙ home ඩිරෙක්ටරිය පිහිටලා තියෙන්නෙ /home එක ඇතුලෙ මේ විදියට /home/<username>
ඒවගේම $HOME කියන Environment variable එකේ යුසර් ගෙ හෝම් ඩිරෙක්ටරි එක තියෙනෙ කොහිද කියල තැම්පත් වෙලා තියෙනව. අපිට් $HOME එකේ තියෙන දේ මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් .

ට්‍රයි echo $HOME

nix@Dell ~ $ echo $HOME
/home/nix

echo කමාන්ඩ් එක ගැන ඉදිරියට පොඩි විස්තරයක් කරන්න බලාපොරොත්තුවෙනව.

තව දෙයක් හොදින් මතක තියා ගන්න . user කෙනෙකුගෙ හෝම් ඩිරෙක්ටරිය මෙන්න මේ සංකේතය ~ මගින නියෝජනය කරනව (මේකට අපි tilde කැරැක්ටර් කියල කියනව, මේක US English keyboard එකේ 1වන කී එක)
මේ බලන්න
nix@Dell ~ $ echo ~
/home/nix

අපි දැන් ඩිරෙක්ටරි හා බැදුන කමාන්ඩ් එකින් එක ඉගෙන ගනිමු .

1) pwd
මේකට කියන්නේ print working directory කමාන්ඩ් එක කියල. මේ කමාන්ඩ් එක ගැන මම කලින් පාඩමේ විස්තරයක් කල . මතක ඇති කියල හිතනව.
nix@Dell ~ $ pwd
/home/nix

2) mkdir
අපි මේ කමාන්ඩ් එක අලුතෙන් ඩිරෙක්ටරි එකක් සාදාගැනීමට බාවිතා කරන කමාන්ඩ් එකයි .
අපි මේ කමාන්ඩ් එක උදාහරණ සමගින් ඉගෙන ගනිමු .
ට්‍රයි mkdir kuppiya
nix@Dell ~/UNIX $ mkdir kuppiya

ට්‍රයි ls -l
nix@Dell ~/UNIX $ ls -l
total 28
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 afile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 bfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 cfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 dfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 efile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file1
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file2
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file3
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file4
-rw-r--r-- 1 nix nix 40 Jun 17 03:01 I_am_old_my_new_file3.c
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:00 kuppiya
-rw-r--r-- 1 nix nix 75 Jun 17 02:49 my_new_big_file
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:07 my_new_file
-rw-r--r-- 1 nix nix 35 Jun 17 02:20 my_new_file2
-rw-r--r-- 1 nix nix 40 Jun 17 02:47 my_new_file3
-rw-r--r-- 1 nix nix 40 Jun 17 02:58 my_new_file3.a
-rw-r--r-- 1 nix nix 40 Jun 17 03:01 my_new_file3.b

මතක තියා ගන්න ls කමාන්ඩ් එකෙන් files විතරක් නෙවි directories ලැයිස්තුගත කරනව.

ට්‍රයි mkdir kuppiya1 kuppiya2
nix@Dell ~/UNIX $ mkdir kuppiya1 kuppiya2

දැන් ට්‍රයි ls -l

nix@Dell ~/UNIX $ ls -l
total 36
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 afile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 bfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 cfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 dfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 efile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file1
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file2
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file3
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file4
-rw-r--r-- 1 nix nix 40 Jun 17 03:01 I_am_old_my_new_file3.c
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:00 kuppiya
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:02 kuppiya1
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:02 kuppiya2

-rw-r--r-- 1 nix nix 75 Jun 17 02:49 my_new_big_file
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:07 my_new_file
-rw-r--r-- 1 nix nix 35 Jun 17 02:20 my_new_file2
-rw-r--r-- 1 nix nix 40 Jun 17 02:47 my_new_file3
-rw-r--r-- 1 nix nix 40 Jun 17 02:58 my_new_file3.a
-rw-r--r-- 1 nix nix 40 Jun 17 03:01 my_new_file3.b

ට්‍රයි mkdir {book,games,video,mp3}
nix@Dell ~/UNIX $ mkdir {book,games,video,mp3}

දැන් ls -l
nix@Dell ~/UNIX $ ls -l
total 52
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 afile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 bfile
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:04 book
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 cfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 dfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 efile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file1
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file2
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file3
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file4
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:04 games
-rw-r--r-- 1 nix nix 40 Jun 17 03:01 I_am_old_my_new_file3.c
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:00 kuppiya
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:02 kuppiya1
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:02 kuppiya2
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:04 mp3
-rw-r--r-- 1 nix nix 75 Jun 17 02:49 my_new_big_file
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:07 my_new_file
-rw-r--r-- 1 nix nix 35 Jun 17 02:20 my_new_file2
-rw-r--r-- 1 nix nix 40 Jun 17 02:47 my_new_file3
-rw-r--r-- 1 nix nix 40 Jun 17 02:58 my_new_file3.a
-rw-r--r-- 1 nix nix 40 Jun 17 03:01 my_new_file3.b
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:04 video

දැන් ඔයාලට පැහැදිලියිනෙ අපිට mkdir කමාන්ඩ් එකෙන් එකපාර එක ඩිරෙක්ටරියක් මෙන්ම කිහිපයක්ම සාදාගන්න පුළුවන් බව. මෙ අලුත් ඩිරෙක්ටරි සියල්ලම තැනුනේ අපි දැනට සිටින directory ය ඇතුලේමයි . pwd මගින් අපි ඉන්න ඩිරෙක්ටරිය සොයාගන්න පුළුවන්. දැන් මම සිටින්නේ ....
nix@Dell ~/UNIX $ pwd
/home/nix/UNIX

අපි තව පොඩ්ඩක් ඉදිරියට යමු.

මේ mkdir කමාන්ඩ් එකටත් options / switches තියෙනව . අපි දැන් options කිහිපයක් ට්‍රයි කරලා බලමු .

අපි හිතමු අපිට /home/nix/UNIX එක ඇතුලෙ එක පාරට ඩිරෙක්ටරි පරම්පරාවක් හදාගන්න ඕන කියල හරියට මෙන්න මේවගේ
/home/nix/UNIX/great_grandfather/grandfather/father/son දැන් අපි ඉන්නෙ /home/nix/UNIX. අපිට මේක mkdir තනි කමාන්ඩ් එකෙන් විතරක් කරන්න බෑ, එකට option එකක් යොදාගන්න වෙනව.

ට්‍රයි mkdir great_grandfather/grandfather/father/son

nix@Dell ~/UNIX $ mkdir great_grandfather/grandfather/father/son
mkdir: cannot create directory ‘great_grandfather/grandfather/father/son’: No such file or directory

හ්ම්
දැන් අපි p කියන option / switch එකත් එක්ක ට්‍රයි කරල බලමු .
mkdir -p great_grandfather/grandfather/father/son

nix@Dell ~/UNIX $ mkdir -p great_grandfather/grandfather/father/son
nix@Dell ~/UNIX $

දැන් වැඩේ හරි . අපිට -p කියන option එක මගින් ඩිරෙක්ටරි පරම්පරාවක්ම එක පාරට හදාගන්න පුළුවන්.
දැන් අපි ls -l පාරක් දාල බලමු

nix@Dell ~/UNIX $ ls -l
total 56
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 afile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 bfile
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:04 book
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 cfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 dfile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 efile
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file1
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file2
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file3
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:11 file4
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:04 games
drwxr-xr-x 3 nix nix 4096 Jun 18 11:26 great_grandfather
-rw-r--r-- 1 nix nix 40 Jun 17 03:01 I_am_old_my_new_file3.c
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:00 kuppiya
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:02 kuppiya1
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:02 kuppiya2
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:04 mp3
-rw-r--r-- 1 nix nix 75 Jun 17 02:49 my_new_big_file
-rw-r--r-- 1 nix nix 0 Jun 17 02:07 my_new_file
-rw-r--r-- 1 nix nix 35 Jun 17 02:20 my_new_file2
-rw-r--r-- 1 nix nix 40 Jun 17 02:47 my_new_file3
-rw-r--r-- 1 nix nix 40 Jun 17 02:58 my_new_file3.a
-rw-r--r-- 1 nix nix 40 Jun 17 03:01 my_new_file3.b
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 11:04 video

ඔය ඉන්නේ අපේ "great_grandfather" ඕක ඇතුලට ගියොත් අපිට් පුළුවන් අපේ "grandfather" වත් බලාගන්න . අපි කොහොමද "great_grandfather" ගෙ ඇතුලට යන්නෙ . එකට අපිට අලුත් කමාන්ඩ් එකක් යොදාගන්න වෙනවා .

3) cd
මේ කමාන්ඩ් එකට සිංගලෙන් කියන්නේ චේන්ජ් ඩිරෙක්ටරි කියල English වලින් කියන්නෙ Change Directory කියල :)
ට්‍රයි cd great_grandfather

nix@Dell ~/UNIX $ cd great_grandfather
nix@Dell ~/UNIX/great_grandfather $

දැන් pwd පාරක් දන්නා
nix@Dell ~/UNIX/great_grandfather $ pwd
/home/nix/UNIX/great_grandfather

දැන් ls -l කමාන්ඩ් එක දෙන්න .
nix@Dell ~/UNIX/great_grandfather $ ls -l
total 4
drwxr-xr-x 3 nix nix 4096 Jun 18 11:26 grandfather

ඔය තියෙන්නේ "grandfather" ව

දැන් අපි grandfather ගෙ ඇතුලට යමු ...
nix@Dell ~/UNIX/great_grandfather $ cd grandfather
nix@Dell ~/UNIX/great_grandfather/grandfather $

ඊළගට pwd
nix@Dell ~/UNIX/great_grandfather/grandfather $ pwd
/home/nix/UNIX/great_grandfather/grandfather

ඊළගට ls -l
nix@Dell ~/UNIX/great_grandfather/grandfather $ ls -l
total 4
drwxr-xr-x 3 nix nix 4096 Jun 18 11:26 father

දැන් අපිට "father" ඉන්නව පේනවා .

ඇත්තටම අපි මේවිදියට ඩිරෙක්ටරි එකෙන් ඩිරෙක්ටරි එකට මරුවෙන්නතුව දැන් අපි ඉන්න ඩිරෙක්ටරියේ ඉදල කෙලින්ම එකපාර අන්තිම පුරුකෙ තියෙන ඩිරෙක්ටරි එකට මාරු වෙන්න පුළුවන් . මෙන්න මෙහෙම
cd father/son

nix@Dell ~/UNIX/great_grandfather/grandfather $ cd father/son
nix@Dell ~/UNIX/great_grandfather/grandfather/father/son $

දැන් pwd

nix@Dell ~/UNIX/great_grandfather/grandfather/father/son $ pwd
/home/nix/UNIX/great_grandfather/grandfather/father/son

දැන් අපි ඉන්නේ "son" එක ඇතුලෙ අපි son එකට අවේ "grandfather" එකේ ඉදල . අපිට ආපසු කලින් හිටපු ඩිරෙක්ටරි එකට යන්න ඕන කියල හිතුනොත් අපිට මේ කමාන්ඩ් එක දීල "grandfather" එකට යන්න පුළුවන් .

ට්‍රයි cd -

nix@Dell ~/UNIX/great_grandfather/grandfather/father/son $ cd -
/home/nix/UNIX/great_grandfather/grandfather
nix@Dell ~/UNIX/great_grandfather/grandfather $ pwd
/home/nix/UNIX/great_grandfather/grandfather

දැන් අපි ඉන්නේ "grandfather" එක ඇතුලේ.

අපිට හිතුනොත් මගේ home ඩිරෙක්ටරි එකට යන්න ඕන කියල එකත් හරිම සිම්පල්, මෙන්න මෙහෙමයි එක කරන්නේ
ට්‍රයි cd ~

nix@Dell ~/UNIX/great_grandfather/grandfather $ cd ~
nix@Dell ~ $

දැන් ට්‍රයි pwd
nix@Dell ~ $ pwd
/home/nix

දැක්ක නේද ... මම ඔයාලට මුලින් කිව්වා ~ මගින් user ගේ හෝම් ඩිරෙක්ටරිය නියෝජනය කරනවා කියල .

අපිට හිතුනොත් user ගෙ හෝම් ඩිරෙක්ටරිය ඇතුලෙඅලුතෙන් my_tutorials කියල ඩිරෙක්ටරි එකක් හදන්න ඕන කියල අපිට එකත් මේ විදියට කරන්න පුළුවන් .
mkdir ~/my_tutorials

ඊටපස්සෙ අපිට ඒ අලුත් ඩිරෙක්ටරි එකට මේවිදියට මරුවෙන්නත් පුළුවන්
cd ~/my_tutorials

nix@Dell ~ $ cd ~/my_tutorials
nix@Dell ~/my_tutorials $

දැන් pwd දීල බලමු .
nix@Dell ~/my_tutorials $ pwd
/home/nix/my_tutorials

දැක්කනේද "my_tutorials" තියෙන්නෙ "/home/nix" එක ඇතුලේ. /home/nix කියන්නෙ මගේ හෝම් ඩිරෙක්ටරි එක .

දැන් මම ඔයාලට තව පොඩි දෙයක් කියල දෙන්නම් . ඔයාලට මතකද ඩොට් එකා (.) සහ ඩොට් දෙකා (..) ගෙ කතාව ?
අපි අලුතින් ඩිරෙක්ටරි එකක් සදනකොට ඒ ඩිරෙක්ටරිය ඇතුලෙ ඉබේම මේ කියන ඩොට් එකා (.) සහ ඩොට් දෙකා (..) කියන ෆයිල් දෙක සැදෙනවා .
අපිට ls -al කමාන්ඩ් එකෙන් චෙක් කරගන්න පුළුවන්
මේ බලන්න

nix@Dell ~/my_tutorials $ ls -al
total 8
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 12:00 .
drwxr-xr-x 47 nix nix 4096 Jun 18 12:00 ..

මම දැන් කියන්න යන්නේ අපිට මේ ඩොට් දෙකා (..) වැදගත් වෙන ආකාරය . මම කිව්වා .. මගින් තමන් දැන් සිටින ඩිරෙක්ටරියේ මවු ඩිරෙක්ටරිය නිරුපනය කරනවා කියල.
අපිට .. ප්රෝයෝජනයට ගෙන අපි ඉන්න ඩිරෙක්ටරියේ සිටි එහි මවු ඩිරෙක්ටරියට පනින්න පුළුවන්.
එක කරන්නෙ මෙන්න මෙහෙමයි .
ට්‍රයි cd ..

මම දැන් ඉන්නෙ මම අවසානෙට හදපු "my_tutorials" එක ඇතුලෙ, මේ ටික හොදින් බලා ගන්න
nix@Dell ~/my_tutorials $ pwd
/home/nix/my_tutorials
nix@Dell ~/my_tutorials $ cd ..
nix@Dell ~ $ pwd
/home/nix
nix@Dell ~ $

අන්තිමට මම නතරවුණේ "/home/nix" ඇතුලේ. /home/nix කියන්නේ "my_tutorials" හි මවු ඩිරෙක්ටරි එක.

අපිට මෙන්න මේ විදියට ඩිරෙක්ටරි කිහිපයක් වුනත් මුල් මට්ටම් දක්වා යන්න පුළුවන් .
ට්‍රයි cd ../..

මේ බලන්න

nix@Dell ~ $ pwd
/home/nix
nix@Dell ~ $ cd ../..
nix@Dell / $ pwd
/

අන්තිමට මම නතරවුනේ / එකේ

දැන් ඔයාලට ඩිරෙක්ටරි එක්ක ලොකු ලොකු සෙල්ලම් කරන්න පුළුවන්. ඊළගට මම කියල දෙන්න ඩිරෙක්ටරි delete කරන විදිය සහ rename කරන විදිය .

4) rmdir
මේක තමයි UNIX / Linux වල තියෙන ඩිරෙක්ටරි මකන්නම කියල හදපු කමාන්ඩ් එක. මගේ ජීවිතේදී මම මේ කමාන්ඩ් එක 10 පාරක් වත් බාවිතා කරලා තියෙනවද කියල දන්නේ නෑ :D එවුනට මෙහෙම එකක් තියෙනවා කියල අනිව දැනගන්න ඕන හොදේ ....

අපි දැන් අලුතින් ඩිරෙක්ටරි කිහිපයක් හදල වැඩ පටන් ගනිමු.
nix@Dell ~ $ cd ~
nix@Dell ~ $ mkdir -p directory1/directory2/directory3
nix@Dell ~ $ cd directory1/directory2
nix@Dell ~/directory1/directory2 $ ls -l
total 4
drwxr-xr-x 2 nix nix 4096 Jun 18 12:50 directory3

දැන් අපි rmdir directory3 කරමු
nix@Dell ~/directory1/directory2 $ rmdir directory3
nix@Dell ~/directory1/directory2 $ ls -l
total 0
nix@Dell ~/directory1/directory2 $

වැඩේ හරි "directory3" ඩිලීට් වුනා .

දැන් අපි තව ටික ඉදිරියට යමු.
නැවතත් directory3 හදමු
mkdir directory3

දැන් directory3 හි ඇතුලට යමු .
cd directory3

ඊළගට touch කමාන්ඩ් එකෙන් අලුත් ෆයිල් එකක් හදමු.

nix@Dell ~/directory1/directory2/directory3 $ touch mynewfile
nix@Dell ~/directory1/directory2/directory3 $ ls -l
total 0
-rw-r--r-- 1 nix nix 0 Jun 18 12:54 mynewfile

ඊළගට අපි directory3 හි මවු ඩිරෙක්ටරියට යමු
nix@Dell ~/directory1/directory2/directory3 $ cd ..
nix@Dell ~/directory1/directory2 $

දැන් අපි ඉන්නේ "directory2" ඇතුලෙ ,ඊළගට "directory3" rmdir මගින් ඩිලීට් කරන්න බලමු.
ට්‍රයි rmdir directory3

nix@Dell ~/directory1/directory2 $ rmdir directory3
rmdir: failed to remove 'directory3': Directory not empty

නමුත් directory3 ඩිලීට් වෙන්නෑ . එකට හේතුව කියලම තියෙන්නේ. මේකෙන් අපිට එක දෙයක් තහවුරු වෙනව ඒ තමයි rmdir මගින් ඩිලීට් කරන්න (මකන්න) පුළුවන් වෙන්නෙ Empty ඩිරෙක්ටරි විතරයි .
අපි දැන් directory3 එක ඇතුලේ තියෙන දේවල් delete කරමු.

nix@Dell ~/directory1/directory2 $ cd directory3
nix@Dell ~/directory1/directory2/directory3 $ ls -l
total 0
-rw-r--r-- 1 nix nix 0 Jun 18 12:54 mynewfile
nix@Dell ~/directory1/directory2/directory3 $ rm *

පොඩ්ඩක් මතක තියා ගන්න rm එක්ක යොදපු * සලකුණ .

දැන් directory3 ඇතුලේ මුකුත්ම නෑ. දැන් අපිට directory3 ඩිලීට් කරන්න පුළුවන්.
අපි මේ පාර ඩිලීට් කරන්නේ directory1/directory2/directory3 කියන ඩිරෙක්ටරි පෝලිමම
මෙන්න මෙහෙමයි එක කරන්නේ.

nix@Dell ~/directory1/directory2/directory3 $ cd ~
nix@Dell ~ $ rmdir -p directory1/directory2/directory3
nix@Dell ~ $

මතක තියාගන්න rmdir සමග -p ඔප්ෂන් එක යෙදු විට , එකපාරම මවු ඩිරෙක්ටරි සමගම අදාල ඩිරෙක්ටරිය delete කරගන්න පුළුවන්. නමුත් ඩිරෙක්ටරි සියල්ල Empty ඩිරෙක්ටරි (file නැති) විය යුතුයි.මෙන්න මේ හේතුව නිසා තමයි මම මේ කමාන්ඩ් එක බාවිත නොකරන්නෙ .

rmdir බාවිතා කරන තවත් ආකාරයක් අපි දැන් බලමු .මුලින්ම අපි ඩිරෙක්ටරි කිහිපයක් සදගනිමු .
mkdir {directory1,directory2,directory3} හෝ mkdir directory1 directory2 directory3 බාවිතා කරන්න පුළුවන් .

දැන් අපි මේ ඩිරෙක්ටරි තුනම එක පාරට delete කරමු , එක කරන්නේ මෙන්න මෙහෙමයි .
rmdir {directory1,directory2,directory3} හෝ rmdir directory1 directory2 directory3

දැන් මම කියල දෙන්නම් බොහොමයක් දෙනා කොහොමද ඩිරෙක්ටරි delete කරන්නෙ කියල . අපි එකට බාවිතා කරන්නෙත් මම කලින් පාඩමේ හදුන්වල දුන්න rm කමාන්ඩ් එකට option ටිකක් එකතු කරල .
මුලින්නම අලුතෙන් ඩිරෙක්ටරි එකක් හදා ගමු ඊටපස්සේ එක ඇතුලේ file එකකුත් හදාගනිමු . මෙන්න මේ විදියට

nix@Dell ~ $ cd ~
nix@Dell ~ $ mkdir test_rm
nix@Dell ~ $ touch test_rm/my_file007

අපිට "test_rm" ඩිරෙක්ටරිය ඇතුලට යන්නේ නැතුවම එකේ ඇතුලේ තියෙන ෆයිල් මේ විදියට බලාගන්න පුළුවන්.
ls -l test_rm/

මේ බලන්න
nix@Dell ~ $ ls -l test_rm/
total 0
-rw-r--r-- 1 nix nix 0 Jun 18 13:36 my_file007

දැන් අපි "test_rm" ඩිරෙක්ටරි එක ඩිලීට් කරමු. ඒකට අපි rm සමග -r ඔප්ෂන් එක යොදනව (අපිට සිම්පල් r හෝ කැපිටල් R යන දෙකෙන් ඕනෑම එකක් යොදාගන්න පුළුවන් )

rm -r test_rm

nix@Dell ~ $ rm -r test_rm
nix@Dell ~ $

දැන් අපි test_rm එක තියෙනවද නැද්ද කියල බලමු.
ls -l test_rm/

nix@Dell ~ $ ls -l test_rm/
ls: cannot access 'test_rm/': No such file or directory

ආ ඔය කියල තියෙන්නේ "test_rm" නැ කියල .

5) mv
අපි mv කමාන්ඩ් එකෙන් තමයි ලෙහෙසියෙන්ම ඩිරෙක්ටරි එකක් rename කරගන්නෙ . අපි එකට අලුතින් ඩිරෙක්ටරි එකක් හදගෙනම ට්‍රයි බලමු. mv එකට අදාල options / switches ටික මගේ ටියුටෝරියල්ස් වලදී විස්ටර කරනව . හොදද ...

nix@Dell ~ $ cd ~
nix@Dell ~ $ mkdir old_name_dir
nix@Dell ~ $ mv old_name_dir new_name_dir
nix@Dell ~ $ cd old_name_dir
bash: cd: old_name_dir: No such file or directory
nix@Dell ~ $ cd new_name_dir
nix@Dell ~/new_name_dir $

දැන් වැඩේ පැහැදිලියිනේද ?

මම හිතනවා දැන් ඔයාලට ඩිරෙක්ටරි සමග හොද හොද සෙල්ලම් ටිකක් දන්නා පුළුවන් අතිකියල .

අපි නැවතත් ls ගැන කතා කරන්නට බලාපොරොත්තුවෙන් දැනට් මම නවතිමි.
ස්තුතියි .
 
RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    වැඩේ නියමයි. :D මුල ඉඳන් Thread ටික ඔක්කොම කියෙවුව. :yes: මට පොඩි දෙයක් දැනගන්න තියෙනව. :baffled: Ubuntu server එකක root directory එකේ 93% පිරිල කියල පෙන්නනව. :oo: Linux වල කොහොමද Windows වලදි වගේ අනවශ්‍ය files clear කරගන්නෙ? :confused:

    Rep+
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    වැඩේ නියමයි. :D මුල ඉඳන් Thread ටික ඔක්කොම කියෙවුව. :yes: මට පොඩි දෙයක් දැනගන්න තියෙනව. :baffled: Ubuntu server එකක root directory එකේ 93% පිරිල කියල පෙන්නනව. :oo: Linux වල කොහොමද Windows වලදි වගේ අනවශ්‍ය files clear කරගන්නෙ? :confused:

    Rep+

    බොහෝ වෙලාවට "/" root ඩිරෙක්ටරිය පිරෙනවා කියන්න system එකේ තියෙන log files වලින් . මම දෙන සරල කමාන්ඩ් එකෙන් ඔයාට හරියටම දැනගන්න පුළුවන් /var/log ඩිරෙක්ටරිය කොපමණ ප්‍රමාණයක් storage (HDD ) එකේ used කරලා තියෙනවද කියල.
    මේක ට්‍රයි කරලා බලන්න .

    sudo du -hs /var/log

    එතකොට මෙන්න මේ වගේ රිසල්ට් එකක් එනවා.
    nix@Dell ~ $ sudo du -hs /var/log
    36M /var/log

    /var/log එකේ ගිගා බයිට් ගණනක data තියෙනවා කියල පේනවනම් අනිව ලොකු log ෆයිල්ස් ඇති. ඒවා එකින් එක delete කරලා බලන්න .

    අපිට මේ කමාන්ඩ්ස් වලින් disk එකේ free space එක බලාගන්න පුළුවන් .
    df -h

    ඔයා මෙන්න මේ කමාන්ඩ් එකත් දීල බලන්න. අපිට එකෙන් apt cache එක කොපමණද කියල බලාගන්න පුළුවන්.
    sudo du -hs /var/cache/apt
    සමහර විට apt එක ඇතුලෙත් download වෙච්ච ubuntu packages ගොඩක් තියෙන්න පුළුවන් .
    අපිට මේ කමාන්ඩ් එකෙන් ලෙහෙසියෙන්ම apt cache එක clean කරගන්න පුළුවන්.
    ට්‍රයි
    sudo apt-get clean

    දැන් නැවතත් sudo du -hs /var/cache/apt දීල චෙක් කරගන්න. df -h ත් දිල බලන්න.
    එතකොට මේ වගේ රිසල්ට් එකක් ලැබේවි
    nix@Dell ~ $ sudo du -hs /var/cache/apt
    60K /var/cache/apt

    ඔයාට මෙන්න මේ BleachBit කියන ඇප්ලිකේෂන් එකෙනුත් ලොකු සහයක් ගන්න පුළුවන්
    මේ විදියට BleachBit install කරගන්න.
    sudo apt-get install bleachbit -y

    BleachBit රන් කරන්න server එකේ GNOME වගේ desktop environment (graphical user interface - GUI) එකක් තියෙන්න ඕන .
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe

    බොහෝ වෙලාවට "/" root ඩිරෙක්ටරිය පිරෙනවා කියන්න system එකේ තියෙන log files වලින් . මම දෙන සරල කමාන්ඩ් එකෙන් ඔයාට හරියටම දැනගන්න පුළුවන් /var/log ඩිරෙක්ටරිය කොපමණ ප්‍රමාණයක් storage (HDD ) එකේ used කරලා තියෙනවද කියල.
    මේක ට්‍රයි කරලා බලන්න .

    sudo du -hs /var/log

    එතකොට මෙන්න මේ වගේ රිසල්ට් එකක් එනවා.

    /var/log එකේ ගිගා බයිට් ගණනක data තියෙනවා කියල පේනවනම් අනිව ලොකු log ෆයිල්ස් ඇති. ඒවා එකින් එක delete කරලා බලන්න .

    අපිට මේ කමාන්ඩ්ස් වලින් disk එකේ free space එක බලාගන්න පුළුවන් .
    df -h

    ඔයා මෙන්න මේ කමාන්ඩ් එකත් දීල බලන්න. අපිට එකෙන් apt cache එක කොපමණද කියල බලාගන්න පුළුවන්.

    සමහර විට apt එක ඇතුලෙත් download වෙච්ච ubuntu packages ගොඩක් තියෙන්න පුළුවන් .
    අපිට මේ කමාන්ඩ් එකෙන් ලෙහෙසියෙන්ම apt cache එක clean කරගන්න පුළුවන්.
    ට්‍රයි

    දැන් නැවතත් sudo du -hs /var/cache/apt දීල චෙක් කරගන්න. df -h ත් දිල බලන්න.
    එතකොට මේ වගේ රිසල්ට් එකක් ලැබේවි

    ඔයාට මෙන්න මේ BleachBit කියන ඇප්ලිකේෂන් එකෙනුත් ලොකු සහයක් ගන්න පුළුවන්
    මේ විදියට BleachBit install කරගන්න.
    sudo apt-get install bleachbit -y

    BleachBit රන් කරන්න server එකේ GNOME වගේ desktop environment (graphical user interface - GUI) එකක් තියෙන්න ඕන .

    Ela tnx bro. keep up.. :rofl::rofl:
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    අඩෝ ලිනක්ස් හොඳට මේවගේ දන්න එකෙක් තමා අඩුවට හිටියේ
    පට්ටේ මචන් :love::love:
    ස්තුතියි! මම හොදට දන්නව කියල මම හිතන්නැ , නමුත් අවුරුදු 19 ක් UNIX / Linux එක්ක ඔලුව බේරාගෙන ජොබ් එක කරගත්ත . :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ස්තුතියි! මම හොදට දන්නව කියල මම හිතන්නැ , නමුත් අවුරුදු 19 ක් UNIX / Linux එක්ක ඔලුව බේරාගෙන ජොබ් එක කරගත්ත . :)

    අම්මෝ අවුරුදු 19 ක් :shocked::shocked:
    අවු 19 දීද linux කරන්න ගත්තේ