අපි නොදන්න ෆැෂන්......
පැෂන් කි වහාම හැමෝටම මතක් වෙන්නේ වැල්
දොඩම් පලතුර..ඒ වැල් දොඩමේ ඇති අපූරු රස සහ
අනන්ත ගුණ නිසා..නමුත් වැල් දොඩම්
කොලයේ ගුණ සිටින්නේ ඊට වඩා බොහෝ
ඉදිරියෙන්.
වැටට නැතිනම් අඹ පුවක් වගේ ගහකට
එතිලා උඩට ගිය පැෂන් වැලක් තිබුනේ නැති
ගෙවත්තක් දැනට දශක තුන හතරකට කලින්
සොයා ගැනීමට නැති තරම්.
මේ හැම වැලකම වගේ පල හට ගැනීම සිදු
නොවුනත් දවස් තුන්සිය හැට පහේම සරු
සාරෙට කොළ නම් වරදින්නේ නැහැ.. නැති
පලදාවකට අඬමින් නොයිඳ තියෙන කොලෙන්
පවුලේම සෞක්‍යය රැක ගැනීමට එදා මවු
වරුන්ගේ තිබු දැනුම නම් හරිම අපූරුයි...
ඇති නැති පරතරයක් නැතිව හැම නිවෙසකම
සමබල ආහාර වේලක් සැදුනු කාලෙක
කොලපාට පලා මැල්ලුම ආහාර වේලේ
නොවැරැදුණු අංගයක්. ගණනය කල නොහැකි
තරමට පලා වර්ග තමුන්ගේ
වටපිටාවෙන් සොයා ගැනීමට තිබු අපූරු
හැකියාව නිසාම පලා මැල්ලුමක්/
සම්බෝලයක් සැදීම
ගෘහනියකට අති විශාල
කාර්යයක් වුනෙත් නැහැ.
පහසුවෙන් සොයා ගත හැකි පලා වර්ග
අතර මුල් තැන ගත් වැල් දොඩම් කොළ රසයෙනුත්
ඉතාම ඉහලයි.
කලවම් පලා හෝ තනිවම මැල්ලුමට
නැතහොත් ලපටි කොළ සම්බෝලයට හැදීමෙන්
ආහාර වේලට ලබා දිය හැකි රසය
පමණක් නොව එහි ඇති ගුණ ගැනත් ඔවුන්ට
මනා දැනුමක් තිබුනා යයි කිවොත් මා
නිවැරදියි.
අදවන විට බොහෝ ශාරීරික රෝග වලට හේතුව
ලෙස පවසන්නේ පවතින සමාජ ආර්ථික
රටාව නිසා මනසට ඇතිවන විඳගත
නොහැකි ආතතියයි. විශේෂයෙන්ම සමාජයේ මධ්‍යම සහ ඉහල පන්ති වල
සාමාජිකයින්ට මේ ආතතිය අන් අයට
සාපේක්ෂව වැඩි බවකුත් සොයා ගෙන
තිබෙනවා.
මේ හේතුව නිසා වැඩි දෙනෙකු නින්ද
නොයාම, ඉක්මනින් කේන්ති යාම,
මානසික අතෘප්තිකර
ස්වභාවය (Anxiety) සහ මානසික
බිඳවැටීම (Depression)
වැනි ප්‍රසිද්ධියේ සාකච්චා
නොකෙරෙන සෞක්යමය ගැටළු වලින් පිඩා විඳිනවා. මෙවන් වටපිටාවක දිවි ගෙවන්නන්ට පැෂන් කොළ දිව්‍ය ඖෂධයක් වන්නේ එහි ඇති නින්දයාම උත්තේජනය සහ මානසික
සහනය (Sedation ආණ්ඩ Calming Effects) ලබා දීමේ ඇති හැකියාව නිසා
දියවැඩියාව සහ හදවත් රෝග අද පවතින ආහාර රටාව නිසා වේගයෙන් පැතිර යන රෝගයක් වුවද ඉහතින් සඳහන් කල මානසික ආතතිය ඒ සඳහා ඉන්ධන සකසන, රෝගය ඉක්මන් කරවන හේතු
කාරකා..
පැෂන් කොලයේ ඇති ප්‍රධානම ගුණාංගය ලෙස කියවෙන්නේ
රුධිර පීඩනය සහ රුධිරගත කොලෙස්ටරෝල්
ස්වභාවිකව අඩු කිරීමේ හැකියාවයි. මේ
සමඟ කරට කර යන වසංගතයක් හා
සමාන දියවැඩියාව වැළක්වීමේ
හැකියාවෙන්ද පැෂන් කොලය සිටින්නේ
ඉදිරියෙන්. අඩුගනනේ සතියකට
වතාවක්වත් පැෂන් කොළ ආහාරයට
එකතු කර ගැනීමෙන් මේ රෝග දෙකෙන්ම වැලකි
සිටීමට ඔබට හැකි වේවි.
රසායනාගාර පර්යේෂණ වලට
අනුව පැෂන් කොලයේ විසල් පරාසයක විහිදුනු බැක්ටීරියා වයිරස මර්ධනය කිරීමේ හැකියාවක් තිබෙනවා.. එදිනෙදා
ජීවිතයේදී හැදෙන සෙම්ප්‍රතිශ්‍යා කැස්ස රෝගයට හේතුකරවන ක්ෂුද්‍රජිවින්ගේ සිට කොලරාව වැනි භයානක ආසාධන වාගේම ''සුපර් බග්'' ලෙස හැඳින්වෙන මෙතිසිලින් රෙසිස්ටන්ට් (MRSA) බැක්ටීරියාවට එරෙහි වීම දක්වා දිගු පරාසයක මේ හැකියාව පැතිරෙනවා.
කිසා ගෝතමිය දරුවා සුවකරන්නට
බෙහෙතක් සොයන කල්හි තථාගතයන්
වහන්සේ ඇයගේ මනස සුව කරනු වස්ඇයට උපදෙස් දුන්නේ නොමල ගෙයකින් අබ අහුරක් රැගෙන
එන්නටයි.
තථාගතයන් වහන්සේ අද ජීවමානව
වැඩ සිටියේ නම් දරුවන් නැතිවී හඬා වැටෙන මවු වරුනට ''පිළිකාවකින් නොමල ගෙදරකින්''
අබ ඇට ගෙනෙන්නට නියම කරන බව නම් නිසැකයි. පිළිකාව අද වන විට එතරම්ම බහුල රෝගයකි. පැෂන් ශාක නිස්සරණයේ ඇති අනෙක් ප්‍රධාන ගුණාංගය නම් පිළිකා රෝගය වැලක්වීමට එහි ඇති
හැකියාවයි.
ඇස් පෙනීම නිරෝගිව පවත්වා ගැනීමට කොළ සහ කහ පාට ආහාර වල ඇති
වැදගත්කම බොහෝ දෙනෙක් දනිතත් ඒ සඳහා විශේෂිත හැකියාවක් පැෂන් කොලයට ඇති
බව ඔබ දැන සිටියාද?
අධි රුධිර පිඩනයට අමතරව Heart Failure වැනි වෙනත් හදවත් රෝග සහ අඩුම වැනි ස්වසන ආබාධ වලටද ගුණ දෙන වැල් දොඩම් කොලයේ ඔප්පු කල හැකි මිනිසාට අහිතකර අතුරු ආබාධ නැති තරම්.
සාමාන්‍ය ජීවිතයේදී දිනපතා
ආහාරයට පැෂන් කොළ එකතු කර ගැනීමෙන් අපට ලබා ගත හැකි සෞක්යමය ප්රතිලාභ අපමණයි.
පෝෂණීය ගුණාංග වශයෙන් ගතහොත් ප්‍රතිඔක්සිකාරක, විටමින් ඒ, සි,
රයිබෝෆ්ලෙවින්, නයසින්, යකඩ, පොටෑසියම් අඩංගු පැෂන් කොලය වියලා සකස් කර අද වන විට බටහිර රටවල ''ග්‍රීන් ටී'' වශයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා.
නැවුම්ව ගෙවත්තේ නෙලා ගන්නා, පෝෂණ ගුණ විනාශ නොවූ පැෂන් කොලයේ අගය අපට නොදැනෙන කාලයක මේ නැඹුරුව මා දකින්නේ නම් දෛවයේ සරදමක් ලෙසින්.
උපුටා ගැනිම:
https://aththammageathbeheth.blogspot.is/2017/03/10.html

Last edited: