උමා ඔය ඇත්ත, බොරු හා පට්ටපල් බොරු.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,373
    113
    උමා ඔය ඇත්ත, බොරු හා පට්ටපල් බොරු.

    ------------------------------------------------------------
    උමා ඔය වතුර ගෙනියන්නෙ හම්බන්තොටට, උමා ඔයේ තියන ගොවි ව්‍යාපාර වලට වතුර නැති වෙනවා.. දැනටත් උමාඔය කාලෙකට හිදෙනවා.. එහෙම තියෙද්දි කොහොමද තවත් වතුර හම්බන්තොටට යවන්නෙ??

    උමා ඔය වතුර බිංදුවක්වත් හම්බන්තොටට යවන්නෙ නෑ.. උමාඔය වතුර එලියට එන්නෙ වැල්ලවායට උඩින්.. සශ්‍රීක වෙන්නෙ වැල්ලවාය ඉඳන් කුඩාඔය හරහා තනමල්විලට එනතුරු තියන ප්‍රදේශ.. මේවයෙ පස පුදුම විදියට සශ්‍රීකයි.. වතුර විතරයි ඕන.. මේක හැදිල ඉවරවෙද්දි මොණරාගල තවදුරටත් දුශ්කර දිස්ත්‍රික්කයක් නෙවෙයි..හම්බන්තොටට එක වතුර කඳුලක් ඕකෙන් එන්නෙ නෑ.. අලුතෙන් ජලාශ හදන්නෙ කුඩාඔය අලිකොටාර හඳපානාගල (අලිකොට ආර වැල්ලවායට උඩින්, කුඩා ඔය හදපානාගල තණමල්විලට කිලෝමීටර් විස්සක් විතර උඩින් ).. තව පායන කාලෙට හිඳෙන පොඩි වැව් 127කට වතුර දෙනවා.. ඒවයින් වගාකරන්නෙ තණමල්විලට එනතුරු තියන ඉඩම්.. ඔක්කොම අලුතෙන් හෙටයාර 3800ක් වගා කරනවා.. ඊට අමතරව දැනට වතුර හිඟකමින් එක කන්නයක් විතරක් වවන කුබුරු හෙක්ටයාර 1500කට කන්න දෙකම වගාකරන්න වතුර දෙනවා.. දැනට ගංජා,හේන් ගොවිතැන් කරන තණමල්විල මිනිස්සුන් ඒකෙන් මුදවලා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමත් සිද්ද වෙනවා මේ එක්කම.. ගංගා ද්‍රෝණියකට වතුර වැටුනම ඒක මුළු ද්‍රෝණිය පුරාවටම යන එක වගේම ඒකෙ ජල මට්ටම ඉහල යන එක සිද්ද වෙනවා.. ඒ වගේම කුඹුරු වලින් එන අපජලය (ඩ්‍රෙනේජ් වෝටර්) කොහොමත් ද්‍රෝණියෙ පහළට ගිහින් මුහුදට වැටෙනවා..ඒ ඇරෙන්න හම්බන්තොට දිස්ත්‍රික්කයෙ එක අඟලකට මේ වතුර ඩිරෙක්ට් යවන්නෙ නෑ.. එහෙම කියන්න අය කියන්නෙ මේක මහින්ද හම්බන්තොටට වතුර ගෙනියන්න කරන වැඩක් කියන මතය හදලා කිසිම පදනමක් නැති විරෝධයක් ගොඩනැගීමේ තුච්ඡ අරමුණින් විතරයි.. දැන් ඒක හරිනේ.. ආයෙ කවුරුහරි කිව්වොත් උමාඔයේ වතුර හම්බන්තොටට ගෙනියනවා කියලා කණට දෙකක් ගහලා මේක පෙන්නන්න..

    ඊළඟ කතාව උමාඔය පහළ අයට වතුර නැති වෙනව කියන එක.. උමා ඔය පෝශක ප්‍රදේශය ව.කි.මි.720ක්.. මේ වතුර දැන් යන්නෙ රන්ටැඹේට.රන්ටැඹේ කියන්නෙ රන්දෙණිගලින් එලියට දාන වතුර එන ඉතාම කුඩා ජලාශයක්.. මුලු කැපෑසිටි එක 11mcm.. ඒකෙනුත් බාගෙකට වඩා වැලි පිරිල නිසා හැමදාම සෙඩිමන්ට් ප්‍රශ්නෙට මුහුණදෙන ලංකාවෙ වැඩිම තර්ජනයකට ලක්වුණු ජලාශය.. මේකෙ තියන අඩු ධාරිතාව නිසා උමාඔයෙන් වැහිකාලෙට එන වතුර ගබඩා කරන්නවත්, එයින් ඇතිවෙන ගංවතුර තත්වයන් පාලනය කරන්නවත් රන්ටැබේට හැකියාවක් නෑ..ඒ නිසා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් විදියට උමාඔය ඉහලින් ජලාශ කිහිපයක අවශ්‍යතාව 1950 ඉදන් කරපු හැම අධ්‍යනයකම අවධාරණය කළා වගේම රන්ටැඹේ සෙඩිමන්ට් ප්‍රශ්න එද්දි ඒ අවධාරණයන් තව තවත් තීව්‍ර වුණා.. ඒ ජලාශ දෙකතමයි පුහුල්පොල ඩයරබා වල දැන් හැදෙන්නෙ.. මීට පහලින් උමාඔයේම තියන බත්මැඩිල්ල ඇතුළු වාරි ව්‍යාපාර වල ජල අවශ්‍යතාවය(25mcm)වෙනුවෙන් සහ රන්ටැඹෙන් පහල මහවැලි කලාපවල අවශ්‍යතාවය වෙනුවෙන්(40mcm)අවශ්‍ය ජලය පුහුල්පොල ඩයරබා දෙකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව යවනවා වගේම ප්‍රමුඛතාව දෙන්නෙත් ඒ දෙකට.. මේ ප්‍රමාණය දීලා ඉතිරියෙනුත් 150mcm විතරයි හරවලා යවන්නෙ... උමාඔය වාර්ශික වර්ශාපතනය 2000-2500mmක්.. මේක විශාල අගයක්..ඒත් මේ වැස්ස ලැබෙන්නෙ අවුරුද්දෙ එක කාලයකට වැඩි බරක් ඇතුව... අදටත් අපේ තියන අනෙක් ජලවිදුලි බලාගාර වලිනුත් හැමදාම එකම විදියට විදුලිය නිපදවන්න බෑ.. එහෙම වතුර අඩු කාලයකදි ටර්බයින් දෙකෙන් එකක් නවත්වයි.. ඒත් බැරිනම් දෙකම නවත්වයි.. ඒක අදටත් අනෙක් බලාගාරවලත් සිදුවෙන දෙයක්..ඒක එහෙමයි, පහල වාරි ව්‍යාපාර වලට මෙයින් සිද්දවෙන්නෙ හානියක් නෙවෙයි වාසියක්.. මොකද බත්මැඩිල්ල ඇතුලු අනෙක් ව්‍යාපාර තුනම අමුණු.. අමුණකින් කරන්න පුළුවන් එන වතුරක් හරවල යවන එක විතරයි, ගබඩා කරල තියාගන්න බෑ.. එතකොට වතුර නැති කාලෙට මොකද වෙන්නෙ?? මේ ජලාශ දෙකට අමතරව තවත් ජලාශයක් හැදෙනවා තල්පිටිගල.. ඒක හුදෙක්ම වාරි අවශ්‍යතා වෙනුවෙන්ම කෙරෙන ජලාශයක් බත්මැඩිල්ලට උඩින්...ඉතින් මෙච්චර කාලයක් බත්මැඩිල්ලෙ අමුණෙන් කරගන්න බැරි වුණු කාලවලටත් උමාඔය නිම්නයේ ඉඩම් වලට වතුර ලැබෙනවා..

    මම මේ පෙන්නල තියෙන්නෙ ජල ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනට උමාඔය ආශ්‍රිතව තියන වාරි පද්ධති තිරසාරව පවතින්නත්, අපතේ යන වැසි ජලය කෘශිකාර්මිකව වගේම විදුලිබලය නිපදවන්නත්,රන්ටැඹේ ආශ්‍රිතව තියන රොන්මඩ ගැටලුවලට විසදුම් දෙන්නත් උමාඔය ව්‍යාපෘතිය මොනතරම් සාධණීය කාර්‍යයක් කරනවද කියන එක. උමාඔය කියන්නෙ සතපහකට වැඩකට නැති මහා ව්‍යසනකාරී ව්‍යාපෘතියක් කියන එක පට්ටපල් බොරුවක්...!!!

    ඊළඟ පට්ටපල් බොරුව ෆරබ් කියන්නෙ තෙල් ලිං ගහන කොම්පැනියක්‍ ය. උන් කවදාවත් මේ වගේ ප්‍රොජෙක්ට් කරල නැතිය..කියන එක.. උමාඔය කැපෑසිටි එක 120MW.. මුන් ඉරානෙ, පකිස්තානෙ, කෙන්යාවෙ, ටජිකිස්තානෙ,ආමේනියාවෙ, ඉරාකෙ 2000MW දක්වා වුණු හයිඩ්‍රොප්‍රොජෙක්ට් 35කට වැඩියෙන් කරල තියනවා.. ඒ අතරෙ බරගාණක් 1000MW ඉක්මවපු අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොජෙක්ට්.. ෆරබ්ලා කරපු කරුන් 3 (Karun 3) ජලවිදුලිබලාගාරයෙ ධාරිතාව 2000MWක්.. ලංකාවෙ වික්ටෝරියා(210MW),රන්දෙණිගල(201MW),රන්ටැඹේ(52MW) ඇතුළු සියළුම ජලවිදුලිබලාගාර වල උත්පාදනය ගත්තත් 1500mwට අඩුයි. මේ තියෙන්නෙ ෆරබ් වෙබ් සයිට් එක.. http://www.farab.com/ මේකට ගිහින් බලන්න පුලුවන් මුන් කරල තියන උමං සහිත මහාපරිමාණ ජලවිදුලි බලාගාර ගැන විස්තර.. ඒක හරිනේ දැන්..

    ඊලගට පරිසර සංවිධාන කියන හමස්පඩංගු හැමදාම වගේ මේකටත් කෑගහනවා... උන්ට අනුව ගෙදර වත්තෙ පස්පිඩල්ලක් කපන එකෙනුත් කූඹි,ගැඩවිල්ලු මැරිලා ගෝලීය උශ්ණත්වය ඉහළ ගිහින් ලංකාවෙන් බාගයක් මුහුදට යටවෙනවා.. ඒවා දැන් ඕන දේටයි එපා දේටයි හැමදේටම කියල කිසිකෙනෙක් ගණන් නොගන්න තත්වෙට ඇවිල්ලනේ තියෙන්නෙ..පරිසරයට "හානියක්" නොකර කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න බෑ පැහැදිලිවම... සංවර්ධනේ කියන්නෙ අපිට ගෙයක් දොරක් හදන්නත් බෑ, ඒකෙනුත් පරිසර සමතුලිතතාව බිඳවැටෙනවා.. ඒ නිසා හානි නොවෙන්නෙ නෑ වෙනවා.. අවම කරන එකයි කරන්න ඕන.. මොරගහකන්දෙ වතුර පුරවද්දි බෝට්ටුවලින් ගිහින් වතුරට කොටුවෙන්න ගිය හූනො,කටුස්සො, තලගොයි,නයි,පොළොන්ගු ඇල්ලුව දැක්කනේ.. ඒ වගේ අවම කරන්න පුලුවන් හානිය..

    ඊලඟ එක නැවත පදිංචිකිරීම්... මේ කාරණාව තරම් ලංකාවෙ සංවර්ධනයට, නිකන් නෙවෙයි තිරසාර සංවර්ධනයට, බාධාවක් වුණු දෙයක් නැති තරම්.. ඒ වගේමයි මීඩියාකාරයින්ට මිනිස්සු අඬවලා නිව්ස් මවන්නත් මීට වඩා හොඳ පොයින්ට් එකක් වෙන නෑ.. අනික තමයි වන්දි කියන ඒවා හරියට තක්සේරුකරල දුන්නත් කොච්චර ලැබුනත් මදි.. ආයෙ ඇහුවත් කියන්නෙ මොකුත් ලැබුණෙ නෑ කියලා.. කැළණි ගග දෙපැත්තෙ මිනිස්සුන්ට ගංවතුර ආධාර බෙදනකොට වගේ තමයි... මේවා අද ඊයෙ නෙවෙයි හැමදාම හැම ප්‍රොජෙක්ට් එකකම වෙන දේවල්.. වික්ටෝරියාවලදි තෙල්දෙණිය ටවුමක්ම නැවත පදිංචිකලා, මොරගහකන්ද-කළුගඟට ලග්ගල-පල්ලෙගම ටවුමම යට වුණා.. අලුතෙන් පාරවල් හැදුවා... ඒවා අසාමාන්‍ය නෑ.. සංවර්ධන ව්‍යාපෘතිවල සාමාන්‍ය දේවල්.. බොහොම සාමාන්‍යයි..
    අනෙක් මහාපරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ජලාශවලට යටවෙන ප්‍රදේශයෙන් ඉවත් කරන්න වෙන ප්‍රමානය සාපේක්ශව ඉතාම අඩු ගණනක් මේ ව්‍යාපෘතියෙ.. සංඛ්‍යාත්මකව නම් සම්පූර්ණයෙන්ම යටවෙන ප්‍රමානය ගෙවල් 200ක්. මේක අනෙකුත් මහාපරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ඉතාම අඩු ගණනක්..

    පට්ටපල් බොරු ප්‍රශ්න තමයි උඩින් කිව්වෙ, හැබැයි උමාඔය ප්‍රොජෙක්ට් එකේ ඇත්තටම ප්‍රශ්නයක් තියනවා...දැන් එමු ප්‍රශ්නෙට.. ප්‍රශ්නෙ එන්නෙ ටනල් හාරන්න යද්දි.. මේකෙ ටනල් 3යි. ඒ තුනෙන් පුහුල්පොල-ඩයරබා යාකරන ලින්ක් ටනල් එක හදලා ඉවරයි.. ඒකෙ දිග කිලෝමීටර් 4යි.. ඒක හදද්දිත් වතුර කාන්දු වුනා.. ඒ කාන්දු නවත්වගෙන සීල් කරගෙන ටනල් එක හදල ඉවර කලා.. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.. තව ටනල් දෙකක් තියනවා හෙඩ්‍රේස් ටනල් එක සහ ටේල්රේස් ටනල් එක...හෙඩ්‍රේස් කියන්නෙ ඩයරබා වලින් විදුලි බලාගාරෙට වතුර ගෙනියන්න හදන මේ ටනල් එකේ දිග කිලෝමීටර් 15ක්, ටේල් රේස් එකෙන් බලාගාරෙ ඉදන් අලිකොටආරට වතුර ගෙනියනවා ඒකෙ දිග කිලෝමීටර් 3.3ක්.. මේකෙන් ප්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ හෙඩ්‍රේස් එකේ.. ප්‍රශ්නෙ තමයි හාරද්දි භූගත ජලය කාන්දුවෙනවා ඒ නිසා ටනල් ට්‍රේස් එක උඩ තියන ප්‍රදේශවල භූගත ජලමට්ටම පහල යනව සහ ඒ නිසා පසෙහි සිදුවන වෙනස්කම් නිසා ඉහල පාංශු ස්ථරයේ ඉරිතැලීම් සිද්ද වෙනවා.. මේ භූගත ජල කාන්දු වලක්වන්න පුලුවන් වගේම නිවැරදි අධ්‍යනයක් කළා නම් මේ තත්වෙට නොගිහින් වළක්වගන්නත් තිබුණා.. මේකෙ වගකීම සම්බන්ධයෙන් ගත්තම විවිධ පාර්ශව වලට චෝදනා වෙනවා.. එතනින් ප්‍රධානම එකක් වෙන්නෙ ව්‍යාපෘතිය කඩිනම් කරන්න එවකට පැවති දේශපාලන අධිකාරියට තිබුණු හදිස්සිය හේතු වුණා කියන එක.මේක බැහැර කරන්න බැරි කාරණාවක්..!!! ඊලග දේ ටනල් ට්‍රේස් එක ගැන දත්ත අඩු අවස්ථාවක TBM (tunnel boring machine) එක යන්න කලින් ඉදිරි කලාපය ගැන දත්ත ගන්න අධ්‍යනයන් කරන්න ඕන..ඒක කරලත් නෑ...!! මේ වෙද්දි අවස්ථා දෙකකදි දුර්වල පාංශු ස්ථර හමුවීම නිසා සැලකියයුතු ප්‍රමාණයෙන් භූගත ජලය කාන්දු වුණා. පළවෙනි කාන්දුව අවම කරල තියෙන්නෙ.. (100%ක් ම වහන්න බෑ..) දැන් තියන කාන්දුවත් අවම කරන්න කටයුතු කරගෙන යනවා.. ඒවා ඉතාම වියදම් අධික ක්‍රියාවලි... සරලව කිව්වොත් මූලික අධ්‍යනයන් නොකර වගේම ටනල් එක හාරද්දි කරන්න ඕන අධ්‍යනයන් නොකිරීමෙන් ඇතිවෙලා තියන තත්වය පාලනය කරන්න යන වියදම අධික වීම නිසා ව්‍යාපෘතියෙ වියදම ඇස්තමේන්තුගත වියදම ඉක්මවා යන්න පුළුවන්... ටනල් එක හදලා ඉවර වෙද්දි භූජලවිද්‍යාත්මකව නැවත ඉහල ජල ස්ථරය යථා තත්වයට පත්වෙනවා.. ඒත් ඒ වෙනතුරු ආපදාවට ලක්වෙලා ඉන්න ප්‍රදේශවලට අදාළ වන්දි ලබාදීම වගේම ජල පහසුකම් ලබාදෙන්න ඕන.. ඉහල බිම් සදාකාලිකව නිසරු වෙන්නෙ නෑ මොන හේතුවකටවත්... මේක තාවකාලික තත්වයක්..!!

    මේ ප්‍රොජෙක්ට් එක වගේම විදේශ ණය මත පදනම් වුණු සියළුම ව්‍යාපෘති වල තියන ප්‍රධානම ගැටලුවක් තමයි මේවා EPC(Engineering Procurement Contract) වීම.. එතනදි clientගෙ consultantට තියන බලය ඉතාම අවමයි. ඒ කියන්නෙ මේකට clientගෙ පැත්තෙන් ඉන්න CECB එකට ප්‍රොජෙක්ට් එකට අතදාන්න බෑ.. monitor කරන්න විතරයි පුළුවන්.. ඒක ලොකු පාඩුවක්.. මේ පාඩුව අපිට උමාඔය විතරක් නෙවෙයි මොරගහකන්ද,කතරගම රේල්වේ එකේ වගේම අනෙකුත් ව්‍යාපෘති වලත් මතුවෙනවා...මේ තත්වයෙදි රටේ දේශපාලන අධිකාරියත් කන්ට්‍රැක්ටර්ගෙ පැත්ත ගන්නව නම් උන්ව පාලනය කරන්න බැරිම තත්වෙකට එනවා.. උදාහරණෙකට කතරගම රේල්වේ එකේ CECB ටීම් ලීඩර් අයින් කරන්න පවා අපේ වත්මන් ජනාධිපති කටයුතු කරල තිබුණා.. සාපේක්ශව ගත්තම ඉරාන් වැඩ චීන්නුන්ට වඩා ගොඩක්ම හොඳයි.. මොකද චීන සයිට් බලන්න යන්නවත් CECB එකට දෙන්නෙ නෑ, ගහනවා.!! .ඔව්. ඒත් උමාඔය එහෙම තත්වයක් නෑ.. එතන තියන කන්ස්ට්‍රන්ශන් ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න කන්ට්‍රැක්ටර්ටම අව්ශ්‍යතාව තියනවා.. ඒකට හේතුව ඔවුන් ලෝකයෙ ජලවිදුලිය සම්බන්ධ නමක් තියන සමාගමක් වීම සහ මේ ප්‍රශ්න ඔවුන්ගෙ කීර්තිනාමයත් හානියක් වීම..
    උමාඔය තියෙන්නෙ විසඳන්න බැරි ප්‍රශ්න නෙවෙයි.. ඔය කියන විදියට ටනල් ට්‍රේස් එක උඩ සදාකාලිකව නිසරුවීමක්වත් පෝශකප්‍රදේශ විනාශවීමක්වත් වෙන්නෙ නෑ.. ලෝකෙ කොහෙවත් ටනල් එකක් නිසා එහෙම වෙලත් නෑ, දැනට තියන ඉංජිනේරුවිද්‍යාත්මක දැනුමෙන් එහෙම වෙන්නෙත් නෑ. මේ ප්‍රශ්න තාවකාලිකයි..නමුත් ඉන් ආපදාවට ලක්වෙන මිනිස්සුන්ට වන්දි ලබාදීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි..!!


    Source
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරි මෝඩයන්ට ඔව කියල වැඩක් නැ බන්...අගමැති රනිල මග බැකුව සුද්ද කරාට මීක් නොකියන සම හරක්...මහින්දගෙ උමා ඔය ප්‍රොජෙක්ට් එකට නම් බුරාගෙන පනිනව....ඒ තියෙන කුහක කමට....උන්ට මහ බැකුව හොරා කෑම හරි... මිනිස්සුන්ට වතුර දීම වැරදියි...
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මරි මෝඩයන්ට ඔව කියල වැඩක් නැ බන්...අගමැති රනිල මග බැකුව සුද්ද කරාට මීක් නොකියන සම හරක්...මහින්දගෙ උමා ඔය ප්‍රොජෙක්ට් එකට නම් බුරාගෙන පනිනව....ඒ තියෙන කුහක කමට....උන්ට මහ බැකුව හොරා කෑම හරි... මිනිස්සුන්ට වතුර දීම වැරදියි...

    :lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,040
    20,614
    113
    හස්තිශෛලපුර
    වැරැද්ද කව්රු කරත් වැරද්දක් කියල කියන්න පුරුදු වෙයන්, හොද දේ කව්රු කලත් හොදයි කියන්න පුරුදු වෙයන් සුද්දා...
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    වැරැද්ද කව්රු කරත් වැරද්දක් කියල කියන්න පුරුදු වෙයන්, හොද දේ කව්රු කලත් හොදයි කියන්න පුරුදු වෙයන් සුද්දා...

    :yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරි මෝඩයන්ට ඔව කියල වැඩක් නැ බන්...අගමැති රනිල මග බැකුව සුද්ද කරාට මීක් නොකියන සම හරක්...මහින්දගෙ උමා ඔය ප්‍රොජෙක්ට් එකට නම් බුරාගෙන පනිනව....ඒ තියෙන කුහක කමට....උන්ට මහ බැකුව හොරා කෑම හරි... මිනිස්සුන්ට වතුර දීම වැරදියි...

    මොන මහ බැංකුව හොරාකෑමද බං ? ඇයි බන්දුල ගුණවර්ධන කියලතිබ්බෙ ඒ හොරකම ගැන හොයන්න පත් කරපු කමිටුවට එයා කිව්වෙ බොරු කියල පිලිගන්නව කියල ? :confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන මහ බැංකුව හොරාකෑමද බං ? ඇයි බන්දුල ගුණවර්ධන කියලතිබ්බෙ ඒ හොරකම ගැන හොයන්න පත් කරපු කමිටුවට එයා කිව්වෙ බොරු කියල පිලිගන්නව කියල ? :confused:

    මම එහෙම එකක් දැක්කෙ නැ.. :P:P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම එහෙම එකක් දැක්කෙ නැ.. :P:P

    හොයල බලන්න :yes: බන්දුල එහෙම කියල තිබ්බ :yes: මට නං හිතෙන්නෙ ඔය මුලු කතාවම ඔය වගේ තඩි ලණුවක් වෙන්න ඕනෙ ඇත්තට අච්චර ලොකු හොරකමක් වුනා නං ඔහොම බොරු කියන්න ඕනෙ නෑනෙ :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොයල බලන්න :yes: බන්දුල එහෙම කියල තිබ්බ :yes: මට නං හිතෙන්නෙ ඔය මුලු කතාවම ඔය වගේ තඩි ලණුවක් වෙන්න ඕනෙ ඇත්තට අච්චර ලොකු හොරකමක් වුනා නං ඔහොම බොරු කියන්න ඕනෙ නෑනෙ :yes:

    මේකනෙ බන්..බන්දුලව පැත්තකින් තියමුකො ඔක්කොම දේශපාලකයන්ගෙ කතත් පැත්තකින් තියමුකො...ඒත් වර්තමාන විගනකාධිපතිවරය කියනවනම් මහා පරිමාන වoචාවක් වෙලා තියෙනව කියල එතනින් එහාට කතාවක් නැනේද?? එතුමා දරන්නෙ රජයේ වගකිය යුතු නිලයක්..ගරුත්වය තියාගෙන තමන්ගෙ රාජකාරිය කරන මනුස්සයෙක්...එහෙම මනුස්සයෙක්ට බොරු රිපෝට් දෙන්ඩ උවමනාවක් නැ නේද, පවතින රජයක,අගමැති යටතේ පාලනය වෙන මහ බැකුවට විරුද්දව...
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    වැරැද්ද කව්රු කරත් වැරද්දක් කියල කියන්න පුරුදු වෙයන්, හොද දේ කව්රු කලත් හොදයි කියන්න පුරුදු වෙයන් සුද්දා...

    :yes::yes:
     
    • Like
    Reactions: Smartm

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකනෙ බන්..බන්දුලව පැත්තකින් තියමුකො ඔක්කොම දේශපාලකයන්ගෙ කතත් පැත්තකින් තියමුකො...ඒත් වර්තමාන විගනකාධිපතිවරය කියනවනම් මහා පරිමාන වoචාවක් වෙලා තියෙනව කියල එතනින් එහාට කතාවක් නැනේද?? එතුමා දරන්නෙ රජයේ වගකිය යුතු නිලයක්..ගරුත්වය තියාගෙන තමන්ගෙ රාජකාරිය කරන මනුස්සයෙක්...එහෙම මනුස්සයෙක්ට බොරු රිපෝට් දෙන්ඩ උවමනාවක් නැ නේද, පවතින රජයක,අගමැති යටතේ පාලනය වෙන මහ බැකුවට විරුද්දව...

    ඉතිං එහෙම වාර්තාත් දීල තියෙනවනං ඇයි ඒකාබද්ධ විපක්ශෙට බොරු චෝදනා කරන්න අවශ්‍යතාවයක් තියෙනවද ? :eek: විගණකාධිපතිත් කියල තියෙන නිසා සමහර විට ඇත්තක් ඇති ඒත් මං හිතන්නෙ කරපු බොරු චෝදනා එක්කත් බලද්දි ඔය කියන තරම් මහා ලොකු හොරකමක් වෙලානැතුව ඇති :yes:
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මේ වෙලා තියෙන හානියෙන් ස්වල්පයක් පමණි.
    19366463_142458339658145_1405749619698816096_n.jpg


    19366586_142458256324820_4612868220239413453_n.jpg


    19260542_142458199658159_4313798003990802021_n.jpg


    19429941_142156183021694_3296653970568019619_n.jpg


    19366474_142003163036996_6112904054627983536_n.jpg


    19145969_140895573147755_4494221958877850992_n.jpg


    19113613_140895556481090_8569284667042701558_n.jpg


    19146150_140895503147762_7279179822974492690_n.jpg


    19149357_140077556562890_932665463090550790_n.jpg


    19149333_140077533229559_6941644619247523659_n.jpg


    19145887_140077509896228_8569527784674749478_n.jpg


    19106042_140077426562903_6544837649615623524_n.jpg


    19225979_139613453275967_2872708494369879339_n.jpg


    19260703_139613429942636_7866630938549739821_n.jpg
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,603
    13,271
    113
    මේ වෙලා තියෙන හානියෙන් ස්වල්පයක් පමණි.
    19366463_142458339658145_1405749619698816096_n.jpg


    19366586_142458256324820_4612868220239413453_n.jpg


    19260542_142458199658159_4313798003990802021_n.jpg


    19429941_142156183021694_3296653970568019619_n.jpg


    19366474_142003163036996_6112904054627983536_n.jpg


    19145969_140895573147755_4494221958877850992_n.jpg


    19113613_140895556481090_8569284667042701558_n.jpg


    19146150_140895503147762_7279179822974492690_n.jpg


    19149357_140077556562890_932665463090550790_n.jpg


    19149333_140077533229559_6941644619247523659_n.jpg


    19145887_140077509896228_8569527784674749478_n.jpg


    19106042_140077426562903_6544837649615623524_n.jpg


    19225979_139613453275967_2872708494369879339_n.jpg


    19260703_139613429942636_7866630938549739821_n.jpg

    අය්යෝ ඕව මොනවාද බන්
    මේ ප්‍රධාන ඉංජිනේරු මහත්තය සවිස්තර වාර්තාවක් දීල තියෙද්දී නිකන් පොටෝ එඩිට් කරන්නේ නැතිව හිටපන්
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    බණ්ඩාරවෙල හර්තාලය ඇයි?
    සිදී ගිය දිය උල්පත් මෙන්න.

    හීල් ඔය සිදී ගොසිනි. මකුල්ඇල්ලක් නැත. දෝව සිදී වියැළි ගොසිනි. ගල් ඇක්කේ වතුර නැත. වෙලන්ගහ උල්පත තිබූ තැනක් නැත. සිදී ගිය දිය උල්පත්, ලිං, ඇලවල්, දිය දහරා 3112 කි. ඒ අතර වැලිමඩ- බණ්ඩාරවෙල ගිය විට ඔබ දිය නෑ, වතුර බිව්, වෙහෙස නිවාගත් මේ දිය දහරා ද වේ. මේ නම් ගම් වලින්ම මේ කලාපය සුන්දර සශ්‍රීක ජල පෝෂණ කලාපයක් බව වැටෙහෙනු ඇත. බණ්ඩාරවෙල සිට දෙමෝදරට යන දුම්රිය මාර්ගයේ දිය ඇලි, ජන උල්පත් සියල්ල දැන් සිදී ගොසිනි.

    හීල් ඔය, ගල්ඇක්ක, තමල්අරාව, කක්කුටු අරාව, නානු අරාව, අඹගහ කදුර, වියළි වගුරු ඇල, වැලිතැන්න ඇළ, බැද්දේඅරාව, පල්ලේපේරුව නාන පීල්ල, මිනුවං උල්පත වැව, පනංගල වැව, වෙලංගහ උල්පත, ගල්කන්දේආරව, නානු අරාව සියල්ල සිදී ගොසිනි. බිදුණු වැව බවට පත් වූවේ ‘වැව බිදුණු‘ තැනයි. දැන් නැවතින නොහැකි ජල දහරාව ගලා එන්නේ බිදුණුවැවෙනි.

    උමා ඔය විනාශය තේරුම්ගත යුතුව ඇත. ජනතාවට සහන ලැබිය යුතුය. මේ ගලා යන ජල ධාරාව නවතා දැමිය යුතුය. පිළියම් කළ යුතුය.

    ජනතාවට සහන දෙනු!! වගා හානි වන්දි ගෙවනු!! දරුවන්ට පාසල් දෙනු!!!