අක්කිට කිරි තොපිට කැකිරි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අක්කිට කිරි තොපිට කැකිරි

    sssssss.jpg


    ඊයේ (සෙනසුරාදා) දවල් දේශණ විරාමයේදී සුපුරුදු පරිදි මා සේවය කරන ආයතනයට මදක් ඈතින් ඇති කඩයට ගොඩ වුනේ පැය දෙකක් පමණ වූ දේශණය නිසා මෙව්වා වී තිබූ උගුර තෙමාගන්නටය. ආයතනයේ මැෂිමෙන් දෙන මැෂින් ටී හා මැෂින් කෝපි බී අප්පිරියාවී ඇති නිසා මද දුරක් ඇවිදගෙන ගොස් කඩ ප්ලේන්ටියක් බීම මාගේ දෛනික චර්යාවේ එකකි. මුදලාලි මා හිතවතෙකි. දේශපාලනයෙන් මහින්දවාදියෙකි. අල්ලාප සල්ලාපයේදී අමාත්‍යාංශ ප්‍රහාරය ඇදී ආවේය.

    "මහත්තයෝ ඔය කට්ටිය දුප්පත් ළමයි පාරේ දක්ක දක්ක ගුටි ගැස්සුවට උන්ගෙ ලොක්කොන් ගෙ ළමයි රට, නැත්නම් කොළඹ ලොකු ලොකු ඉස්කෝලවල. ඉස්කෝලෙන් පස්සෙ කෙලින්ම රට යවනවා. එහෙම කර කර උන් මේ කොල්ලන්ව කෙල්ලන්ව රවට්ට රවට්ට දක්කනවා....... අර ලීඩර් කොල්ලගෙ අක්කත් ස්ලිට්ද මොකක්ද ප්‍රයිවෙට් කැම්පස් එකකලු.......... උගේ අක්කට හොඳයි අනිත් උන්ට නරකයි.........."

    "මුදලාලි කොහොමද දන්නේ?" මා ඇසුවේ කුතුහලය නිසාමය

    "දැන් ඕව ඔක්කොම ෆෝන් එකට එනවනෙ මහත්තයෝ.........ඉස්සර වගේ ඕවා හංගන්න බෑ.........අපි තරුණ කාලේ පත්තරේ, රේඩියෝ එකේ ගියෙ නැත්තම් දැන ගන්න විදියක් ඇත්තේම නෑ....... දැන් එහෙම නෑන........."

    කාළය මැවූ වෙනසක අරුමේ.........

    ඉස්සර අපි පොඩි කාලේ කොටි බෝම්බයක් පිපුරුණාම ආණ්ඩුව හැම දේම හංගනවා, කීයක් මැරුණද, කොහොමද වුනේ කියලා කිසිම දෙයක් දැනගන්න විධියක් නෑ. අපේ තාත්තා ඉස්සර ඔයවගේ දෙයක් ආරංචිවුන ගමන්ම BBC World Service එක ටියුන් කරනවා. ඒකත් ගොඩක් වෙලාවට අවහිර කරනවා. වැඩකරන්නේ කෙටි තරංග විකාශෙ විතරයි. ඒකෙත් කියන්නේ උන්ගේ වාර්තාකාරයාට ආරංචිවුනු ටික විතරයි.

    දැන් එහෙම නෑනෙ........... අහල පහල හිටිය මිනිස්සුන්ගේ ෆෝන්වල, හමුදාවෙ පොලීසියෙ අයගෙ ෆෝන්වල, වාර්තාකරන්න ගිය වාර්තාකාරයින්ගේ කැමරාවල සටහන්වුනු ෆොටෝ, වීඩියෝ විස්තර තත්පර ගාණකදි ලෝකෙ පුරාම විසිරිලා යනවා.

    අක්කට කිරි තොපිට කැකිරි

    19430038_805418172959273_3178294140970582352_n.jpg


    ළහිරු නැමති පහල මධ්‍යම පාංතික සිසු නායකයා තමන්ගේ දෙශපාලන ලොක්කන් අණකොට ඇති පරිදි පෞද්ගලික අධ්‍යාපන කුමණ්ත්‍රණය පරදවා නිදහස් අධ්‍යාපනය සුරැකීමට දිවි හිමියනෙ කැපවෙන බව පෙන්වන හොඳ නළුවෙකි. ෂර්ට් බොත්තම් ගලවාගෙන, ෂර්ට් එක එලිය ඇදගෙන, කණේ පාරක් වදින තැනක සිටියත් පැනයන එහෙත් හොඳටම ගුටිකාලා කෙලින් ඉන්න බව පෙන්නනට දක්ශයෙකි.

    ඒ අනුව ගුණරත්නම්ලාගේ පුබුදුලාගේ තේරීම සුපිරිය. වැඩේට හරියන, ගුටිකන මූණක් ඇති නළුවෙකු සොයාගැනීමට ඔවුන් දක්ෂය. තමන් ගුටි නොකන ගමන්, අනිත් එවුන් සියල්ලම ගුටිකෑමට, වෙඩි කෑමට, පොලීසිය/හමුදාව කුපිත කරවීමට දක්ෂ සතුන් සොයාගැනීමේ, එවැනි සතුන් පුම්බා සිසු නායකයින් කිරීමේ, පිම්බූ සිසු නායකයින් විරුවන් කිරීමේ සුපිරි කුසලතා අන්තරේ සැඟවුනු ගෝඩ් ෆාදර්ලාගේ ජානවල ඇත. කලක් අන්තරේ ගෝඩ් ෆාදර්ලා ජවිපෙවූ අතර දැන් කුමාර් ඇන්ඩ් කොම්පැණියේ ඩිරෙක්ටර්ලා වී සිටී.

    රැවුළ කපාගන්න බ්ලේත් තලයක් ගන්න තරම්වත් සල්ලි නැති නිර්ධන පාංතික සටන්කාමියෙකු ලෙස පෙනී සිටින මේ නළුවාගේ අක්කා ස්ලිට් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ 2010 බැචේ උපාධිධාරිණියක් බව බුකියේ රැව්දුන්නේ ළහිරු නළුවාගේ ජනප්‍රියත්වය උපරිමයටම ගිය දවසේමය. ඒකත් හරියට ඔස්කාර් සම්මාන උළලේ හොඳම නළුවා සම්මානෙට නම යෝජනා වෙනකොටම ඉස්සර මූ මරපු මිනියක් ගැන සම්මාන උළෙල බලන්ඩ ආපු උන් වොයිස්කට් දෙන්ඩ පටන්ගත්තා වගේ කුජීත වැඩකි.

    බුකිය හා බ්ලොග් නොතිබෙන්නට මොහු සැබැවින්ම දුප්පත් නිධන පංතියේ සටන්කාමී කොළුවෙකු බව රටටම කාන්දුවන්නට ඉඩතිබුණි. දැන් වැඩේ මාට්ටුය. නිදහස් අද්දියාපනේ පණමෙන් සුරකින්න එන පාබල හමුදාවේ කොමාන්ඩර්ගේ අක්කි ප්‍රයිවෙට් කැම්පස් ගිය S3 අක්කි කෙනෙකි. ඒ කියන්නේ ලහිරුලාගේ බාසාවෙන්ම කියනවානම් ලහිරුගේ අක්කී වැස්සකටවත් කැම්පස් එකට ගොඩ වෙන්නට නුසුදුසු මැටි මෝල් කෙප්ප වැස්සියකි.

    ලහිරු විරුවා නොකියා කියන්නේ මේකය - මයි වැස්සිට ඕකේ, අදර්ස් නොට් ඕකේ....

    ගුටිකෑ වහු පැටවුන්ගෙන් රෝහල් පිරීගියත් ඇල් මැරුනු ජනතා රෙස්පොන්ස් එක

    මීට කලින් HNDE සිසු උද්ගෝෂණයේදී සිදුවූ පොලිස් පහරදීමේදී ඇතිවූ ජනතා විරෝධය මෙවර එල්ල නොවීමට එක් හේතුවක් වන්නේ ලහිරුගේ පමණක් නොව ලහිරුගේ ලොක්කන්ගේ පැටිගිරි බුකිය ඔස්සේ හෙලිදරව් වීමය.

    අනිත් හේතුව නම් ගොමා සංගමේ බ්‍රේක් නැති ගොන් පාට් නිසා මිනිස්සුන්ට ගොමාලා පමණක් නොව එයාලාට කඩේ යන ලහිරුගේ හරක් හමුදාවත් එපාවෙමින් තිබීමයි.

    තව දවසක් දෙකක් ස්ට්‍රයික් එක ඇදුනානම් හලාවත රෝහලෙන් ඇසුනු කස පුපුරණ හඬ රට පුරාම රැව් දෙන්නට ඉඩතිබුණි. පරක්කු වෙලා හෝ ගොමාලාට තමුන්ගේ සීමාව තෙරුම් යන්නට පටන් ගෙන ඇත. ඒ කියන්නේ තව සතියකින් දෙකකින් ගොමාලා තවත් ස්ට්‍රයික් එකක් හෝ ස්ට්‍රයික් තර්ජනයක් නොකරන බව නොවේ. කෙරුවත් ඇදගෙන යන්නට බැරි බවය. ඇදගෙන ගියෝත් බඩුම තමා බව ස්ටෙතස් කෝප් කිං කොංලා සිහිකර ගැනීම ඔවුනට හොඳය. මිනිස්සු බදු ගෙව ගෙවා උන්ව දොස්තරලා කරලා තියෙන්නේ උන්ට ඔනෑ වෙලාවට බෙත් දෙන්ඩත්, නැතිනම් මැරී යන්ඩත් නොවන බව මේ සුපර් බ්‍රයිටන් තේරුම්ගත යුතුය.

    මිනිස්සුන්ට රිදවා ආණ්ඩුවට රිදවිය හැකි නමුත් මිනිස්සුන්ට වැඩි වැඩියෙන් රිද්දා ආණ්ඩුවට වැටෙන්නට ගහන්නට බැරිබව ගොමා සංගමය ඉතිහාසයෙන් උගත යුතු පාඩමකි. 89-90දී ජවිපෙ මේ පාඩම ඉගෙන ගත්තේ දැවැන්ත මිලක් ගෙවමිනි.

    87-88 ජවිපේ දෙවැනි කැරැල්ලට රියසල් කරන කාලේ මේ රට හදන්ඩ කොල්ලන්ගේ ආණ්ඩුවක් එන්ඩ ඕනෑ කියමින් ජවිපෙ එකල ආණ්ඩුවට කරපු රිද්දවිලි වලින් ජනතාව සතුටුවිය. විජේවීර ඇතුලු නඩය මේ ජනතා සහයෙන් පුකචූන්වී මිනිස්සුන්ට වැඩියෙන් රිද්දන්නට, හමුදාවට පොලීසිවලට තදින් රිද්දන්ට පටන් ගත්විට බඩු බනිස් වීම ආරම්භ විය. 88-89 විප්ලවයේ මිනී පෙට්ටියේ අවසන් ඇණය වැදුනේ හමුදා-පොලිස් පවුල් වලට ගෙවල් හැරදමා බඩු මුට්ටු අරගෙන හමුදා කඳවුරුවල රැකවරණය පතන්නට වූ විටය.

    ජවිපෙ අන්තිමට ගහගත් ඇණය ගොමාලා පටන් ගන්නකොටම ගහ ගත්තේ තුවාලවූ STF සෙබලුන්ට ප්‍රතිකාර කිරීම මගහරිමින්, "පොලිස් STF කාළකණ්නින්ට අදසිට ප්‍රතිකාර නෑ...." කියමින් උඩුබුරමින්ය.

    දැන් ඉතින් කාගෙ කාගෙත් කුණු රෙදි එලියේ සේදෙන්නට පටන් ගෙන ඇත. ගොමාලාට ස්ට්‍රයික් කල හැකිමුත්, ස්ට්‍රයික් එක වෙලාවේ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කර අහුවී සෙරප්පු නැතුව දුවපු ගොමා දොස්තර මෙන් රටපුරාම ගොමා දොස්තරලාට දුවන්ඩ වෙන්නේ නැති ආකාරයට ස්ට්‍රයික් කිරීම ගොමාලාගේ වගකීමකි.

    අනුරගේ පුතාගේ ස්ලිට් කැම්පස් කේස් එකෙන් කක්කා නාගත් ජවිපෙ බිමල් රත්නායක ගොයියා දැන් කියන්නේ ප්‍රයිවෙට් කැම්පස් එකට එයාලා විරුද්ද නෑ කියලාය. ලහිරුටත් එසේමය....... ඇප ලැබිලා ආවට පස්සේ "අපි විරුද්ද සයිටම් එකට විතරයි, ප්‍රයිවෙට් කැම්පස් වලට අපි විරුද්ද නෑ......." වගේ කතාවක් කියා ජාමේ බේරා ගන්නට වෙනවාය.

    අපේ හොර එලියට එන ෆේස් බුක් තහනම් කරව්!!!
     
    • Like
    Reactions: mashh

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අවුරුදු 4 න් එලියට එන්න ඕන එකා අවුරුදු 7 ක් ඕක ඇතුලෙ තියාගන්නෙ මොන පකටද? :angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අඩේ මැක්ක පොන්ස් මොකෝ මේ තොපි හිටපු ගමන් පුක උඩ දාගෙන දඟලන්නේ චන්දයක් වත් එනවාද අද හෙට.ඔයිට් වඩා හොඳය් පොනිලගේ ගු ටිකක්‌ පුචචගෙන කාපං
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කොහොමත් ඊළඟ එකේ ඔළු වලටම තමා දෙන්නෙ
    කලින් එකේ මුන් වට වෙලා ගහපු පොලිසියේ STF එකේ අයට හරි යන්න
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අඩේ මැක්ක පොන්ස් මොකෝ මේ තොපි හිටපු ගමන් පුක උඩ දාගෙන දඟලන්නේ චන්දයක් වත් එනවාද අද හෙට.ඔයිට් වඩා හොඳය් පොනිලගේ ගු ටිකක්‌ පුචචගෙන කාපං

    ඔය මහින්ද මාමා පුච්චල කවපු ගූ තමයි............ :lol: :lol: :lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අවුරුදු 4 න් එලියට එන්න ඕන එකා අවුරුදු 7 ක් ඕක ඇතුලෙ තියාගන්නෙ මොන පකටද? :angry:

    උන්ට ඩිග්‍රිය කරන්ඩ අවුරුදු 9ක් විතර දෙනවා බන්........ඒකයි ඔය...