bank of china lankawata awoth BOC mokada wenne

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,762
    40,409
    113
    bank_of_china.jpg


    චීනයේ ප්‍රධානතම බැංකුවක් වන බෑන්ක් ඔෆ් චයිනා ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වේ. මෙහි විශේෂත්වය වන්නේ බෑන්ක් ඔෆ් චයිනාහි ශාඛාවක් පළමු වරට දකුණු ආසියානු රටක පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීමයි. ඒ අනුව මෙම වසර තුළදී එම බැංකුවේ ශාඛාවක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීමට නියමිතය.

    බෑන්ක් ඔෆ් චයිනාහි බලධාරීන් මේ වනවිට බැංකු ශාඛාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා පවත්වමින් සිටින බව සඳහන්. ඇමරිකානු ඩොලර් මිලියන 90 ක මුල්‍ය ප්‍රාග්ධනයකින් ආරම්භ කරන මෙම බැංකුව දෙරට අතර මුල්‍ය ගනුදෙනු සඳහා පහසුවක් වනු ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.

    මේ වනවිට බෑන්ක් ඔෆ් චයිනාහි ශාඛා ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව ඇතුළු ප්‍රධාන රටවල් කිහිපයක සහ කෙන්යාව ඇතුළු තවත් රටවල් කිහිපයක ද ස්ථාපිත කර තිබේ. චීනයේ 'වන් බෙල්ට්-වන් රෝඩ්' සංකල්පය යටතේ ඉන්දියානු සාගර කලාපය තුළ මුල්‍ය මධ්‍යස්ථානයක් නඩත්තු කිරීමට චීනය කටයුතු කරමින් සිටින අතර මෙය එහි එක් පියවරකි.

    ආශිකා බ්‍රාහ්මණ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ලංකාවෙ ඉන්දියා බෑන්ක්ම කොච්චර තියෙනවද බලපන්කෝ
    Indian Bank
    Indian Overseas Bank
    State Bank of India


    anyway, මචන් Bank of China වල FD rates එහෙම කොහොමද දන්නෑ නේ :rolleyes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,762
    40,409
    113
    ලංකාවෙ ඉන්දියා බෑන්ක්ම කොච්චර තියෙනවද බලපන්කෝ
    Indian Bank
    Indian Overseas Bank
    State Bank of India


    anyway, මචන් Bank of China වල FD rates එහෙම කොහොමද දන්නෑ නේ :rolleyes:

    ඒ රටවල් වල රේට්ස් කොහොමත් මෙහෙ දෙන්නෙ නෑ බන්. අපේ බැංකු වල යන රේට්ස්ම දේවි. අළුතෙන් පටන් ගන්න නිසා දශම ගනන් වලින් වැඩි වෙන්න පුළුවන්. දශම ගනන් වැඩි නිසා කලින් බැංකුවෙන් සල්ලි අරන් අලුත් බැංකුවකට මිනිස්සු යන්නෙ නෑ බන්. සක්විතිගෙන් මට්ටු වෙලානෙ ඉන්නෙ. බොහෝ දුරට, ලංකාවෙ ඇතුලෙ චීනෙන් කෙරෙන ඉදිකිරීම් වල ගනුදෙනු වල අතරමැදියෙක් විදිහට වැඩ කරයි. ඒ ටිකම ඇති ෆ්‍රොෆිට් ගන්න. අපේ දේශපාළුවො එක්ක ඩීල් දාලා ප්‍රොජෙක්ට් වලට යන වියදම් වැඩි කරලා ඒවෑනුත් ලාභ හොයයි.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,825
    21,066
    113
    overseas inna sri lankan la salli yawannapuluwan lesiyenma
    canada usa inna kataiyata
    hsbc wage
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    වරදක් නැහැ නෙ.
    හොඬ්හ් සර්විස් එකක් දුන්නොත්