ඇමරිකානු හමුදා යානයක් කඩා වැටෙයි
ඇමරිකානු හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයේ සිදු වූ මෙම ගුවන් අනතුරින් යානයේ සිටි සියලු දෙනාම මරණයට පත්වූ බව මිසිසිපි ප්‍රාන්තයේ ලෙෆ්ලොරේ වසමේ හදිසි කළමනාකරණ අධ්යක්ෂ ෆ්‍රෙඩ් රෑන්ඩ්ල් පැවසීය.මෙම අනතුර සිදු වී ඇත්තේ එරට වේලාවෙන් ඊයේ (ජූලි 10) සවස 4.00ට පමණ ය. (ග්‍රිනිච් වේලාවෙන් එදින රාත්‍රී 9.00)ගුවන් අනතුර පිළිබඳව සවිස්තරාත්මක නිල වාර්තාවක් තවමත් නිකුත්වී නොමැත.
එක්සත් ජනපදයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ සැතපුම් පහක් පමණ දුරට යානයේ සුන්බුන් විසිරී තිබුණු බවය.මෙම ගුවන් අනතුර "ඛේදවාචකයක්" ලෙස මිසිසිපි ආණ්ඩුකාරවර ෆිල් බ්රෙයන්ට් විසින් හඳුන්වනු ලැබීය."නිල ඇඳුමින් සැරසුණු අපේ කාන්තාවන් සහ පුරුෂයන් අපගේ නිදහස ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ ජීවිත අවදානමේ තබනවා" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
පිපිරීම් කිහිපයක් සිදු වූ බැවින් යානය කඩා වැටුණු ස්ථානයට ළඟා වූ ගිනි නිවන භටයන්ට කිහිප විටක් පසුබසින්නට සිදුවූ බව ගිනි නිවන හමුදාවේ ප්‍රාදේශීය ප්‍රධානී මාක්ස් බැන්ක්ස් පැවසීය.
ඔහු කියා සිටියේ යානයේ තිබූ ඉන්ධන හේතුවෙන් මෙම පිපිරීම් සිදුවන්නට ඇති බවය.
BBC

අපරාදේ.