අපිට සිත පාලනය කරගන්න පුලුවන්නම් ජිවිතේ ගොඩක් සාර්ථක කර ගන්න පුළුවන් නමුත් ප්‍රස්නේ තියෙන්නේ අපි හැමෝටම වගේ සිත පාලනය කරගන්න එක අමාරුයි. උදාහරණයක් විදිහට විභාගේ ලගයි පාඩම් කරන්න ඕන කියල හොදටම දන්නව හැබැයි අපි අපේ සිතේ හැගීම් වලට වහල් වෙලා යාලුවෝ එක්ක ට්‍රිප් එකක් යනව එහෙම නැත්නම් ෆිල්ම් එකක් බලනව වැඩේ වැරදි බව දැන දැනම අපි සිතුවිලි වලට වහල් වෙලා අනවශ්‍ය දේවල් කරනව.