චාලි ඔස්ටින් ට ශ්‍රී ලංකාවේ ඇති ව්‍යාපාර සහ ඒවායේ ව්‍යාපාරික සහකරුවන් !.
චාලි ඔස්ටින් මෙරටට පැමිනෙන්නෙ වෙබ් කරුවෙක් ලෙසිනි.
එදා නිකන්ම නිකන් වෙබ් කරු අද ශ්‍රී ලංකා රුපියල් උරා බී ස්ටර්ලීන් පවුම් වලට හරවා එංගලන්තයේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනා ප්‍රකෝටිපති ධණපතියෙකි.
චාලි ඔස්ටින් එංගලන්තයේ සිට ගෙවනා මහා ධණ කුවේර ජිවීතයට මුල ශ්‍රී ලංකාවේ රැදිය යුතු ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ මුදල් ය. මේ සටහන කියවා අවසන් කල පසු ඔබට එය වැටහෙනු ඇත.
අපගේ මේ හෙළිදරව්ව චාලි ඔස්ටින් ට ශ්‍රී ලංකාවේ ඇති ව්‍යාපාර සහ ඒවායේ ව්‍යාපාරික සහකරුවන් පිළිබදවය
(1) ඔස්ටින් මැනේජ්මන්ට්
චාලිගේ පරණම සහ මුලීකම ව්‍යාපාරයයි. නිකන්ම නිකන් වෙබ් කරුවා ඔස්ටින් සංගා මහේල සමහ මැනේජ්මන්ට් ආයතනය පැලවත්තේ ගුබ්බෑයමක අටවා ගනි.
සංගා සහ මහේල සෙසු ක්‍රීඩකයන්ට ඔස්ටින් සමග ගිවිසුම්ගත වන ලෙස කල බලපෑමෙන් පසු ක්‍රිඩකයන් එකා දෙකා මොහුට බිලි වී මොහු තරමක ධණවතෙක් විය.
අදටත් ඔස්ටින් මැනේජ්මන්ට් කුඩා ගුබ්බැයමකි. උපයනා මුදලට සරිලන කාර්යාලයක් හෝ නොමැත.
කුඩා මඩුවේ සිටින්නෙ එක පුද්ගලයෙක් තරුණියන් දෙදෙනෙක් සහ මුස්ලිම් තරුණයෙකි.
මොහුන්ට නිසි වැටුපක් හෝ ඔස්ටින්ලා ගෙවනාවදැයි නොදනි.
ව්‍යාපාරික සහකරුවන් -: කුමාර් සංගක්කාර
මහේල ජයවර්දන
(2) රෙඩ්ඩොට් ටුවර්ස්
සංචාරක ආයතනයකි. ක්‍රිකට් ක්‍රිඩකයන් කළමණාකරනය කරමින් සිටි ඔස්ටින් ශ්‍රි ලංකාවේම ආධිපත්‍ය පැතිර වන්නේ මෙලෙසිනි.
නිවාඩු සැලසුම් කිරීම, හෝටල සපයා දීම සහ ප්‍රවාහන පහසුකම් සපයා දීම සිදු කරයි.
රුසියානු ගණිකාවන් මෙරට තරු තුනේ හෝටල වලට පටවනා ප්‍රධාන තැරැව්කාර ආයතනයකි. රුසියානු ගණිකාවන් සංචාරකයන් ලෙස ගෙන්වා ගනි.
ව්‍යාපාර සහකරුවන්
මහේල ජයවර්දන සහ ඩේවිඩ් හොප්ස්
ශ්‍රී ලංකාවෙව් සිට ව්‍යාපාරය මෙහෙයවන්නේ ක්‍රිස්ටිනා ජයවර්දන (මහේල ජයවර්දනගේ බිරිද)
(3) ලයිව් ඉවෙන්ට්ස්
ප්‍රධාන වශයෙන් ඉසව් සංවිධාණය සහ කළමණාකරන ආයතනයකි.
පසුගියද ආන්දෝළණයක් ඇතිකල ඉන්රිකේ ඉග්ලෙසියෑස් ශ්‍රී ලංකාවට ගෙන්වා ප්‍රසංගය සංවිධාණය කිරීම සිදු කලේ මෙම ආයතනය මගිනි.
ව්‍යාපාරික සහකරුවන්
කුමාර් සංගක්කාර
මහේල ජයවර්දන
(4) මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස්
තරු පන්තියෙ සුඛෝපභෝහී අවන්හලකි.
කකුලුවන් ආශ්‍රිත හා මුහුදු ආහාර පවති.
ආයතනයේ කොටස් වෙන් කර හා නම් කර ඇත්තේ රාජ්‍ය පාලනයේදි භාවිතා වන නම් වලින් වීම විශේෂයත්වයකි.
මෙහි ප්‍රධාණ හිමිකරුවන්
කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්දන යි.
චාලි ඔස්ටින්ද මේ අවන්හල ආරම්භ කිරීමට ප්‍රාග්ධනය සපයා එහි කොටස් හිමිව ඇත.
(5) කිමින් පවර්
සූර්‍ය් බලශක්ති සහ සූර්‍ය් කෝෂ සවි කිරීමේ සහ නිපදවීමෙ ආයතනයකි. 140A, කොළඹ 2 ස්ථානයේ පිහිටා තිබේ.
ව්‍යාපාරික සහකරුවන්
කුමාර් සංගක්කාර
මහේල ජයවර්දන
නිකලස් මාශල්
සෙබස්තියන් ස්ට්‍රීට්
(6) ටියර්ඩ්‍රොප් හොටෙල්ස්
ශ්‍රී ලංකාවම ආවරණය කරමින් පවත්වාගෙන යන සංචාරක හොටෙල් ජාලයකි.
ගාලු කොටුවෙ පවා මේ හෝටල ජාලයට හෝටලයක් පවති. නුවරඑලිය , ඇල්ල , මිරිස්ස ප්‍රදේශ වලද හෝටල පවති. චාලිට අතිවිශාල ආදායමක් පවතින ව්‍යාපාරයකි.
පැලවත්තෙ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත.
ව්‍යාපාරික සහකරුවන්
මයිකල් ඩේවීස්
හෙන්රි පීච්
විරාජ් ප්‍රේමරත්න
කුමාර් සංගක්කාර
මහේල ජයවර්දන
මැට් මේසන්
සෑම්
ලීසා ලින්ඩර්
රාකේෂ් පටෙල්
(7) වගා ක්ෂේත්‍රය
ශ්‍රී ලංකාවෙන් අඩු මිලට ඉඩම් ගෙන ඒවායේ
සදුන් , වැනිලා , ගම්මිරිස් , පොල් වැනි වගාවන් සිදු කරයි.
ලාභය අතිවිශාලය
ව්‍යාපාරික සහකරුවන්
කුමාර් සංගක්කාර
මහේල ජයවර්දන
ව්‍යාපාර මෙහෙයවීම
යෙහාලි සංගක්කාර
මේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති ඔස්ටින් සංගා මහේල ගේ ව්‍යාපාර පමනි. ලියාපදිංචි නොකල ව්‍යාපාර හා ජාවාරම් ඕනෑ තරම් මේ පුද්ගලයන්ට තිබෙන්නට හැක.
චාලි ඔස්ටින් නම් නිකන්ම නිකන් වෙබ් කරුවා ශ්‍රී ලංකාවේම සිය ආධිපත්‍ය පතුරා ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපාර ජාලයක් හිමි ව්‍යාපාරිකයෙක් වී ලංකාවේ මුදල් ප්‍රකෝටි ගණනින් එංගලන්තයට අදින්නේ එලෙසය.
ඒ සියල්ල ඔහු සමග ව්‍යාපාර කිරීම ඇරඹු කුමාර් සංගක්කාර නිසා වුවත් අපට ඊට කම් නැත.
චාලි ඔස්ටින් සංගා මහේල සමග හෝටල නොව ගණිකා මඩම් ආරම්භ කලත් අපට කම් නැත.
සදුන් , පොල් , ගම්මිරිස් වතු නොව ගංජා හේන් වැව්වද අපට කම් නැත.
සූර්‍ය් කෝෂ , බලශක්ති ව්‍යාපාර නොව න්‍යෂ්ටික අවි සෑදුවද අපට කම් නැත.
අපට ගැටලුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට සිදු කරනා අනිසි බලපෑමයි. ශ්‍රී ලාංකේය ක්‍රීඩාවට සිදු කරනා විනාශයයි
මේ සටහන චාලි ඔස්ටින් කොපමන ධණවතෙක්ද සහ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්දන ඔහුගෙ කොතරම් හිතවතුන්දැයි පෙන්වීමට පමණය.
සංගා මහේල චාලි ඔස්ටින් සමග බිලියන ගණනින් මසකට උපයයි.
ඒ සියල්ල සිදු කර අවසානයේ කණ්ඩායම තරග පරාජය වූ විට මහේල ජයවර්දන සිය ට්විටර් ගිණුමෙන් රසිකයන් සනසවන්නේ තරග ජය ගත්තත් පැරදුනත් මේ මුදල් කුට්ටිය ඔහුට ලැබෙන නිසාදැයි අප මහේල ගෙන් අසන්නෙමු.
මහේලට තරග ජය ගත්තත් පරාජය වුවත් කම් නැත.
නමුත් චාලි ඔස්ටින් මාෆියාව බිද වැටී ඔස්ටින් මැන්ජේමනට් ආයතනයෙන් ලැබෙනා මුදල් කුට්ටිය නැති වීම නම් මහේල ට පාඩුවකි.
දහ අතෙ දෙස් දෙවොල් තබමින් චාලි රැක ගැනීමට මහේල උත්සාහ කරන්නෙ එබැවිනි.
(රිපොර්ට් වීමට හැකි නිසා කිසිදු ඡායාරුපයක් අන්තර්ගත කොට නොමැත , එම නිසා අපගේ පෝස්ටු වල රීච් අඩු විය හැක)