නීති විරෝධීව දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරටින් පිටවීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව 2017 වසරේ ජුලි 10 වෙනිදා සිට ඔක්තෝබර් 10 වෙනිදා දක්වා මාස 03 ක පොදු සමා කාලයක් දකුණු කොරියානු රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එම පොදු සමා කාලය තුළ නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන ශ්‍රමිකයන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශය පවසන පරිදි දකුණු කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 26,000 ට ආසන්නය.
2016 වසරේ දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලාංකිකයන් 3,000 ට ආසන්න සංඛ්‍යාවක් දකුණු කොරියාවේ නීති විරෝධීව රැඳී සිටින බව වාර්තා වී ඇතැයි එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට රැකියා කෝටාව ලබා දීමේ දී නීති විරෝධීව රැඳී සිටීම පිළිබඳ කොරියානු රජය දැඩි සැලකිල්ලක් දක්වන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා සහ සුබසාධන පිළිබඳ උපදේශක ජගත් බටුගෙදර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.
නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලය හා සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු දැනගත හැකි බව කී ඔහු ඒ සඳහා තානාපති කාර්යාලය විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බව සඳහන් කළේය.
තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි දුරකථන අංකය එහි නිල වෙබ් අඩවියේ සහ ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇති බවත් ඔහු කියා සිටියේය.
BBC

ඔව් බන් දැන් ලංකාවේ ගොඩක් උන් වෙන රටවලට පැනලා රිෆුජී වලට හරි ඇප්ලයි කරනවා.සමහර උන් ළමයි ගෑණිව ටුවරිස්ට් අරගෙනත් එහෙම කරනවා.ඉස්සරහට ඉතින් ටුවරිස්ට් වීසා එකක් ගන්නත් මාරම කට්ටක් කන්න වෙයි.දැනුත් ලේසි නැහැ.කොච්චර දේවල් ඉල්ලනවද.