AMD ලගෙ අලුත් CPU Architecture එකට හදන CPU නම් අලුත්ම Intel CPU හා සමානව/ඊටත් වඩා හොදට එෆිශන්ට් & අඩු හීට් එකක් තමයි ජෙනරේට් කරන්නෙ. ඒත් තාම AMD Ryzen CPU එකේ ලැප්ටොප් CPU models රිලීස් කලේ නෑ, මේ මාසෙ අග හෝ ලබන මාසෙ වගේ තමා ඒව එන්නෙ.
ඒක නිසා ඔයා දාල තියෙන ලැප්ටොප් මොඩල් එකේ තියෙන AMD CPU එක ඒ සමානම පර්ෆෝමන්ස් තියෙන intel CPU එකකට වඩා ටිකක් වැඩියෙන් රත්වෙන්න බලනව වැඩ කරනකොට. හැබැයි අවුලක් නෑ වැඩි රස්නෙට ඔරොත්තු දෙන්න AMD CPU හදන්නෙ. ඒකනිසා බැටරි චාජ් එකකිං වැඩ කරන්න පුලුවන් කාලෙ ටිකක් අඩුයි. රස්නෙ විදියට කරන්ට් එක වැයවෙන නිසා intel එකකට වඩා පැයක් විතර අඩුවෙයි.
සාමාන්‍ය වැඩ නම් ඔෆිස් පැකේජ්, email, browsing, Basic Software Development වගේ දේවල් වලටනම් කිසිම ප්‍රශ්නයක් නෑ ඕක.
ඒත් පර්ෆෝමන්ස් ඔන වැඩවලටනම් (eg:Advance Software Development) මදිවෙයි.
පාවිච්චි කරනකොට හැමවෙලේම මේසයක් වගේ උඩම තියල හොදට කූල් වෙන්න පුලුවන් තැනක තියල යූස් කරනවනම් බය වෙන්න දෙයක් නෑ.
පෞද්ගලික අදහසනම් ඕකෙ පර්ෆෝමන්ස් මදිවෙයි. 1.8Ghz Quad-Core CPU එකක් නේද? ඒකනිසා පොඩ්ඩක් තව පර්ෆෝමන්ස් තියෙන එකක්ම ගන්න එක හොදයි. නැත්නම් Browser ටැබ් කීපයක් ඕපන් කරන්, ඔෆිස් පැකේජ් එකෙක් සොෆ්ට්වෙයා කීපයකුත් ඕපන් කලොත් stuck වෙන්න පුලුවන්.
ගන්න දෙයක් සර්විස් ඊජන්ට්ගෙන් ගන්න. පොඩි ලාභයක් නිසා වෙන වෙන තැන්වලිං අරං අමාරුවෙ වැටෙන්න එපා.