මේ වසර අවසානයට පෙර
මැතිවරණයකට සූදානම් වෙන්න
ජනාධිපතිවරයා ඊයේ පැවසූ බව උතුරුමැද
ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර කියයි
චමින්ද සිල්වා
මේ වසර අවසානයට පෙර මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මහතා ඊයේ (16 දා) 'දිවයින'ට පැවසීය.
ප්‍රධාන ඇමැතිවරයා ඊයේ (16 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මේ බව දැනුම් දී තිබේ.
මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශක්‌තිමත්ව ඉදිරියට පැමිණ තිබීම නිසා මැතිවරණ ජයකගැනීමේ අපහසුවක් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයට නැතැයි ද ප්‍රධාන ඇමැතිවරයා පැවසීය.
උතුරු මැද පළාත් සභාව 2017 වසරේ මේ වන විට රුපියල් මිලියන 5000 කට වැඩි මුදලක් අධ්‍යාපනය, සෞඛ්‍ය, මහා මාර්ග ඇතුළු විවිධ විෂයන් වෙනුවෙන් වැයකර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
හරිනේ