සියලු සඞ්ඛාරයෝ දුඃඛයෝ ය. ත්‍රිපිටකේ කොහෙ හරි දැකලා තියෙනවද සබ්බං දුක්ඛං කියලා, සූත්‍රයක්? සබ්බං දුක්ඛං. දැකලා තියනවද කොහෙ හරි? තියෙනව නං හොයා ගෙන එන්න. එහෙම එකක් මේ වෙනකං නං දැක්කෙ නෑ. සබ්බ සඞ්ඛාර දුක්ඛයි. සබ්බං දුක්ඛං කිව්වෙ නෑ. සබ්බං අනිච්චං කියලා තියෙනවා. මේක හොඳට තෝර ගන්න ඕන. සබ්බං දුක්ඛං කිව්වොත් එහෙම වැඩේ පරස්පරයි. ඇයි? පංචස්කන්ධයේ තියෙනව වේදනා තියෙනවා සැප, දුක්, උපේක්ෂා. පංචස්කන්ධය සැප, දුක්, උපේක්ෂා කියලා වේදනා තුනක් තියෙනවා, පංචස්කන්ධය සැප වේදනා තියෙනවා. උපාදානස්කන්ධය දුක්ඛක්ඛන්ධස්සය කිව්වා. පංචස්කන්ධය සැප, දුක්, උපේක්ෂා තියෙන නිසා සබ්බං දුක්ඛං කියලා කොහෙවත් කියලා නෑ. මට නං හම්බෙලා නෑ මේ වෙනකං. හම්බුනොත් ඇවිල්ලා කියන්න. සබ්බේ සඞ්ඛාරා දුක්ඛාති කියලා තියෙනවා. යමක් සඞ්ඛාර කර ගත්ගොත් ඒක දුකයි. ඒක හරි. සඞ්ඛාර කර ගන්නේ මොකෙන්ද? රාග, ද්වේෂ, මෝහයන්ගෙං. මෙන්න මේ රාග, ද්වේෂ, මෝහයන්ගෙං සඞ්ඛාර කර ගත්තොත් මෙන්න මේ අභිසඞ්ඛාර හරහා කරන සඞ්ඛාරයෙන් හටගන්න[?] ඒක ආශ්වාදය දුකක්. ..."