5000/=_අහෝසියි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    shri-lanka3.jpg


    රු. 5000/= නෝට්ටුව අහෝසියි!

    මෙරට මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ව්‍යාජ මුද්‍රණය වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය අනුගමනය නොකිරීම හේතුවෙන් රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරන බව රජයේ මුද්‍රණාලාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි මාස්පතා වාර්තා වන බවත් මෙම මාසයට අදාළව පමණක් එවැනි පැමිණිලි හතරක විමර්ශන සිදු කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.

    ඉකුත් මාස කිහිපයේ පොලීසිය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් පන්දහසේ නෝට්ටු තොග ගණනින් අත්අඩංගුවට ගෙන ඇත. මේ නිසා රුපියල් පන්දහසේ නෝට්ටු සම්බන්ධයෙන් දැඩි ව්‍යාකූල තත්ත්වයක් හටගෙන ඇත. රුපියල් පන්දහසේ නෝට්ටුවලට අමතරව තවත් නෝට්ටු කිහිපයක්ද ව්‍යාජ ලෙස මුද්‍රණය කර බෙදාහැර ඇති බවට සාක්ෂි පොලීසිය සොයාගෙන ඇත.මෙසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට හේතු වී ඇත්තේ ජාත්‍යන්තරව පිළිගත් ව්‍යාජ මුද්‍රණ වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය (Counte Fieting Difference System) ශ්‍රී ලංකාව තුළ භාවිත නොකිරීමයි. අදාළ ක්‍රමවේදයට අනුව මුදල් නෝට්ටු ස්කෑන් කිරීම, ඡායා පිටපත් ගැනීම හෝ උපුටා ගැනීම කළ නොහැකිය. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති මෙම ක්‍රමවේදය දැනට ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂිතම ක්‍රමවේදය වන අතර එය ශ්‍රී ලංකාව තුළ භාවිතයට නොගැනීම හේතුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පොලිස් වංචා විමර්ශන ඒකකය පෙන්වා දේ.

    වංචනිකයන් විසින් මුද්‍රිත මුදල් නෝට්ටු ගනුදෙනුකරුවන්ට පහසුවෙන් හඳුනා ගැනීම දුෂ්කර වන අතර එවැනි හඳුනා ගැනීම් තාක්ෂණය ඇත්තේ මෙරට බැංකු පද්ධතිය තුළ පමණි. මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ඒවායේ අනන්‍යතාව ආරක්ෂාකාරී බව හඳුනා ගැනීම සඳහා Color, Watermarks, Security Thread, Micro Printing Federal Reserve Indicators, Serial Numbers නමැති තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරයි. සත්‍ය මුදල් නෝට්ටු ස්කෑන් කිරීම හෝ ඒ ආකාරයෙන්ම පිටපත් ගැනීම වළක්වනු ලබන්නේ Counte fieting Difference System ක්‍රමවේදය මඟිනි. මෙම ක්‍රමවේදය නොමැති බැවින් මෙරට මුද්‍රිත ඕනෑම මුදල් නෝට්ටුවක් ස්කෑන් යන්ත්‍ර මඟින් පහසුවෙන් උපුටා ගැනීම කළ හැකිය.

    මෙරට මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ බියගම ආයෝජන කලාපයේ පිහිටි De La Rue Lanka Currency Security Print (pvt) Ltd සමාගම විසිනි. අදාළ සමාගම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය (CDS) තවමත් අනුගමනය නොකරන බව දැනගන්නට ඇත.

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ එවැනි පැමිණිලි විමර්ශන සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මියගෙන් කරන ලද විමසීමක දී ඇය කියා සිටියේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ඇතැම් මාසවල පැමිණිලි 4/5 වාර්තා වන බවයි. මාසයකට එක සිදුවීමක්වත් අනිවාර්යයෙන් වාර්තා වන බවත් මෙම තත්ත්වයට හේතුව මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික ක්‍රමවේදය (CDS) මෙරට තුළ තවමත් ක්‍රියාත්මක නොවීම බවත් ඇය කියා සිටියාය. උද්ගතව ඇති තත්ත්වය හමුවේ රුපියල් පන්දහසේ නෝට්ටුව අවලංගු කිරීමේ අවධානමක් මතුව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

    ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;)
     

    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    shri-lanka3.jpg


    රු. 5000/= නෝට්ටුව අහෝසියි!




    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

    ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;)

    උබත් මාර මිනිහෙක්නේ මිනිහෝ දැන් උබට අපි රෙප් දෙන්න ඔනේ 5000 නොට්ටු අවලංගු කරන්නේ උබද නැත්නම් උ‍බේ කීමට නිසාද:baffled::baffled:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    reputation_neg.gif
    5000/=_අහෝසියි 09-10-2017 10:02 PM රු. 5000/= නෝට්ටුව අහෝසියි!


    :cool::cool::cool::cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබත් මාර මිනිහෙක්නේ මිනිහෝ දැන් උබට අපි රෙප් දෙන්න ඔනේ 5000 නොට්ටු අවලංගු කරන්නේ උබද නැත්නම් උ‍බේ කීමට නිසාද:baffled::baffled:

    :lol::lol:
     
    • Like
    Reactions: Oli_Vili

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    උබත් මාර මිනිහෙක්නේ මිනිහෝ දැන් උබට අපි රෙප් දෙන්න ඔනේ 5000 නොට්ටු අවලංගු කරන්නේ උබද නැත්නම් උ‍බේ කීමට නිසාද:baffled::baffled:

    :lol::lol:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උබත් මාර මිනිහෙක්නේ මිනිහෝ දැන් උබට අපි රෙප් දෙන්න ඔනේ 5000 නොට්ටු අවලංගු කරන්නේ උබද නැත්නම් උ‍බේ කීමට නිසාද:baffled::baffled:
    :lol::lol::lol:
    ව්‍යාජ red_frame
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි බන් අහෝසි වුනාම රෙප් දෙන්නේ..
    හෝසි වුනා නම් දෙනවා
    :lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කැමති නිසා රෙප් දුන්න :baffled:
    ඕක අහෝසි වෙනව කියන්නෙ ආයෙ කොල ගොඩක් වෙනව :D එහෙම වෙනවට කැමතියි :baffled: :love:
     
    • Like
    Reactions: Oli_Vili

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,612
    13,287
    113
    රජපස්සලගේ කළු සල්ලි ටික හොයාගන්න පුළුවන් කම නෑ දැන්
    ලගදීම ඕක වෙනවා එක නිසා පුතිලා සල්ලි ටික බැංකුවට දන්න
    ලිප්බෝක්කේ තියාගත්තොත් sorry.com
     

    Similar threads