මම ගෙදර ගොඩක් DIY වැඩ කරනවා. කොටින්ම පොඩි කොන්ක්රීට් කෑල්ලක් දාන්න, දොරක් ජනේලයක් හදාගන්න උනොත් එකත් මමම කරනවා. ඔය ආයුධ ගොඩක් (ඩ්රිල්, රොටරි හැමර් ඩ්රිල්, ග්රයින්ඩර්, ජිග් සෝ, සැන්ඩර් වගේ දේවල්) මගේ ළඟ තියෙනවා.
ඉස්සර නම් බොෂ්, මකිතා, බ්ලැක් ඇන්ඩ් ඩෙකර් වගේ බ්රෑන්ඩ් වල බඩු ගත්තා. ඒවත් කාලයක් යද්දී කැඩෙනවා. ජපන්, ජර්මන් වුනා කියල සදාකාලිකව තියෙන්නේ නෑ.
මම දැන් පාවිච්චි කරන්නේ ඩොන් චෙන්, හියුගෝ, මෙන්, පවර්ටෙක්, ඉන්කෝ වගේ බ්රෑන්ඩ්. ඩොන් චෙන් රොටරි හැමර් (අපේ බාස්ල හිල්ටි කියන්නේ ඕකට) එකයි ඩ්රිල් එකකුයි මගේ ළඟ තියෙනවා. ඇත්තටම හොඳ මැෂින් දෙකක්. රොටරි හැමර් එකක් එක්ක වැඩකරද්දී වයිබ්රේෂන් එක ගානට වඩා වැඩි වුනොත් ටයිල් පුපුරනවා, කොන්ක්රීට් පුපුරනවා. ඩ්රිල් එක වුනත් පාවිච්චි කරද්දී බොෂ් එකෙයි ඉන්කෝ එකෙයි වෙනස අතට දැනෙනවා. බොෂ් එක හොඳ කොන්ට්රෝල් නමුත් ඉන්කෝ එක එහෙම නෑ.
මට පුද්ගලිකව රෙකොමෙන්ඩ් කරන්න පුළුවන් - Dong Cheng (very good), MEN (ok), Ken (good)
රෙකොමෙන්ඩ් කරන්න බැරි - Ingco, Powertek, Hugo
සල්ලි තියෙනවනම් - Bosch, Makita, Einhell
සල්ලි තිබ්බත් ගන්න එපා - De Walt, Black and Decker
De Walt - ඉස්සර හොඳයි. දැන් ඉන්දියාවේ හදන්නේ. ඉන්දියන් කොලිටි.
මේවා ඔක්කොම මම පාවිච්චි කරපු/කරන බ්රෑන්ඩ්. වෙන බ්රෑන්ඩ් ගැන නම් දන්නේ නෑ.
හිටාචි ඒව කොහොමද






