කැටලෝනියාවෙන් ඉගෙන ගනිමු.

Pussy-Cat

Member
Jun 16, 2016
226
16
0
කැටලෝනියාවෙන් ඉගෙන ගනිමු.

කැටලෝනියාවෙන් ඉගෙන ගනිමු.


22196243_1555883737768408_4170118833526956137_n.jpg




කැටලෝනියාව කියන්නෙ ස්පාඤ්ඤයට අයත් ප්‍රාන්තයක්. නමුත් කැටලන් වාර්ගිකයින්ට අනුව කැටලෝනියාව කියන්නෙ කාලයක් මුළුල්ලේ ස්වාධීනව පාලනය වුණු රාජ්‍යයක්. එහෙත් ස්පාඤ්ඤයේ බහුතරයට අනුව එය ඓතිහාසිකව ස්පාඤ්ඤයට අයත් ප්‍රදේශයක්. දැනට දිනකට දෙකකට පෙර කැටලන් ප්‍රාන්ත පාලනය කැටලෝනියාව තව දුරටත් ස්පාඤ්ඤයේ ප්‍රාන්තයක් ලෙස පැවතිය යුතුද කියන කරුණ සම්බන්ධයෙන් කැටලෝනියාව තුළ නීති විරෝධීව ජනමත විචාරණයක් පවත්වනව. මෙම ජනමත විචාරණය ව්‍යවස්ථා විරෝධී යැයි කියූ ස්පාඤ්ඤ රජය එය ව්‍යර්ථ කිරීම සඳහා හමුදා සහ පොලිස් බල ඇණි යොදවනව. කැටලන් පාලනාධිකාරය ඇත්තටම මෙම ජනමත විචාරණය පවත්වන්නෙ ස්පාඤ්ඤයෙන් මෙවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්. ඔවුන්ට අවශ්‍ය වන්නේම ඔවුන්ගෙ ජනමත විචාරණයට එරෙහිව ස්පාඤ්ඤය මධ්‍යම රජයේ මැදිහත් වීමක්. එහි උපරිම ප්‍රචාරක වාසිය ලබා ගැනීම සඳහාම ඔවුන් කරන්නෙ ඔවුන්ගෙ ජනමත විචාරණය සාමකාමී එකක් බව මුළ සිටම ප්‍රචාරය කිරීම. ඒ වන විට ගත හැකි වෙනත් විකල්පයක් නැතිව සිටි ස්පාඤ්ඤ රජය පොලිස් සහ හමුදා බල ඇණි යොදවා ඡන්ද මධ්‍යස්ථාන විසුරුවා හරිනව. ඡන්දය දැමීමට පැමිණි සැළකිය යුතු පිරිසකුත් ඡන්ද නිලධාරීන් සමගම අත්අඩංගුවට ගන්නව. කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ බාධා කිරීම් මැද ජනමත විචාරණය පැවැත්වීමට කැටලන් පාලනය සමත් වෙනව. ඒ කැටලෝනියාවට පොලිස් බලතල තිබෙන නිසා. මේ වන විට එම ජනමත විචාරණයෙ ප්‍රතිඵල කැටලන් පාලනය විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත් කරල තිබෙනව. ඒ ප්‍රතිඵල වලට අනුව 90%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් වැටී ඇත්තේ ස්පාඤ්ඤයෙන් වෙන්වීමට කැමැත්ත පළ කරමින්. ඒ අනුව තව දිනක් දෙකක් තුළ කැටලෝනියාව ස්වාධීන රාජ්‍යයක් හැටියට ප්‍රකාෂයට පත් කිරීමට නියමිතයි.

මෙහි අවාසනාවන්තම තත්ත්වය දැකිය හැක්කේ බටහිර මාධ්‍යය කැටලෝනියාවේ ජනමත විචාරණය ආවරණය කරන ආකාරයේයි. මේ වන විට බටහිර රටවලට කැටලෝනියාවෙ ඉතිහාසය තවදුරටත් වැදගත් නැහැ. කැටලෝනියාව කිනම් ජනවර්ගයක ඓතිහාසික නිජබිමද, එහි ශිෂ්ඨාචරය ගොඩ නැගුවෙ කවුද යන කරුණු මේ වන විට ඔවුන්ට තවදුරටත් කතා කළ යුතු මාතෘකා නොවේ. ඇත්තටම කැටලෝනියාව ඓතිහාසිකව ස්වාධීන රාජ්‍යයක්ව තිබුණා විය හැකියි. නමුත් බටහිර න්‍යාය පත්‍රයට මේ වන විට වැදගත් වෙන්නෙ සාමකාමී කැටලන් ජාතිකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එරෙහිව ස්පාඤ්ඤයෙන් ප්‍රහාරයක් දියත්ව ඇති වග පමණයි. කැටලෝනියාවේ අනාගතය කෙසේ විය යුතුද යන කරුණ මේ වන විට නීර්ණය වෙමින් පවතින්නේ කැටලන් ජනමත විචාරණය සහ ඊට ස්පාඤ්ඤය දැක්වූ ප්‍රතිචාරය මත මිස කැටලෝනියාවේ පැවතුණු ඓතිහාසික තත්ත්වයන් මත නොවෙයි (මේ සටහනේ අරමුණත් කැටලන් වාර්ගිකයන්ගේ ව්‍යායාමයේ හරි වැරදි බව තීරණය කිරීම නොව, කැටලෝනියාවේ ගැටළුව මේ වන විට විස‍ඳෙමින් තිබෙන්නේ රූපවාහිණී තිර මතින් පොම්ප කෙරෙන ජනමතයන් හරහා බව පෙන්විමයි).

කැටලෝනියාවෙ සිදු වෙමින් පවතින දෙය ලංකාවට වැදගත් වන්නේ මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති ව්‍යවස්ථා සංශෝධන නිසා. මේ සංශෝධන වලින් පසුව බටහිර රටවල ආශීර්වාදයෙන් දෙමළ ජාතික සංධානය කැටලෝනියාවේ මෙන් ජනමත විචාරණයක් උතුරු නැගෙනහිර පළාත්වල තව වසර කිහිපයක් තුළ සිදු නොකර සිටීමට කිසිදු හේතුවක් නැහැ. කැටලන් පාලනාධිකාරයට මෙවන් පියවරක් ගැනීමට අවශ්‍ය මූලිකම ශක්තිය ලැබෙන්නෙ ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් නිසා. ඉන් පළමු වැන්න ඔවුන්ට තිබෙන පොලිස් බලතල. දෙවැන්න ඔවුන්ට ඇති ආර්ථික ශක්තිය. යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලින් පසුව මේ වන විට අත්හි‍ටුවා ඇති පොලිස් බලතල ලංකාවෙ උතුරු සහ නැගෙනහිර පළාත්වලට ලබා දිම බොහෝ විට විය හැක්කක්. කැටලෝනියාවට සාපෙක්ෂව ලංකාවෙ උතුරු සහ නැගෙනහිර පළත්වලට ආර්ථික ශක්තියක් නැතත් බටහිරින් ලැබිය හැකි ආධාර මත විශ්වාසය තබා මෙවන් ජනමත විචාරණයකට යෑම බොහෝ විට බලාපොරොත්තු විය හැකි තත්ත්වයක්. කැටලෝනියාවට මෙහිදී අමතර වාසියක් වන්නේ ස්පාඤ්ඤය රටක් ලෙස මේ වනවිට මුහුණ දී ඇති අර්ථික අර්බුධයයි. රනිල් පාලනය යටතේ එම ඉලක්කය කරා වේගයෙන් ගමන් කරමින් තිබෙන අපේ රට ආර්ථික වශයෙන් මුළුමනින්ම දුර්වල වීම කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණක් විය යුතුයි. මෙහි මීටත් වඩා බරපතළ කරුණ වන්නේ කැටලෝනියාව මේ ජනමත විචාරණය පවත්වන්නේ ස්පාඤ්ඤය යුරෝපා සංගමයේ සාමාජික රටක්ව පවතිද්දීම වීමයි. ස්පාඤ්ඤය කියන්නෙ බටහිර කඳවුරේ රටක්. බොහෝ විට මෙවන් තත්ත්වයකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇත්තේ ස්පාඤ්ඤයට මෙවන් අර්බුධයකට මූණ දීමට ඇති ආයතනගත ශක්තියවත් නැතිවයි. හැරත් ස්පාඤ්ඤයට එරෙහිව ගොස් කැටලෝනියාවේ ස්වාධීනත්වය පිළිගැනීමට වෙනත් රටවල් යම් දෙගිඩියාවක් තිබුණත් ස්වාධීනත්වය ප්‍රකාෂ කල ඊළමක් පිළිගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එවන් ගැටළුවක් තිබීමට කිසිදු හේතුවක් නැහැ.

සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න ඉතිහාසය බලා තේරුම් ගැනීමට අප අසමත් නම් අඩුම තරමින් අපි කැටලෝනියාවෙන්වත් ඉගෙන ගනිමු.



:love::love::yes::love::love:
 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උබ කියන තරම් ඔක සරල නැ. ඔනේනම් කතා කරමු. උඩ දාගෙන කැටලොනියන් උන් වෙන් උනාට ඔක සින්ගපුරුවක් කරන්න තව සැහෙනගමනක් යන්න ඔනා. ලොකේ හැම තැනම ලි කුවාන් යුලා නැ.
 

-333-

Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    උබ කියන තරම් ඔක සරල නැ. ඔනේනම් කතා කරමු. උඩ දාගෙන කැටලොනියන් උන් වෙන් උනාට ඔක සින්ගපුරුවක් කරන්න තව සැහෙනගමනක් යන්න ඔනා. ලොකේ හැම තැනම ලි කුවාන් යුලා නැ.

    Oya kiwu wata ething hema thenma Mahinda rajapashala, Ranil Wikramacinghe la, Mythree pala Sirisena la innawa ne..
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Oya kiwu wata ething hema thenma Mahinda rajapashala, Ranil Wikramacinghe la, Mythree pala Sirisena la innawa ne..
    අන්න ඒකයි කතාව. ඔක කික් එක දෙන උන් තව උපරිම අවුරුදු 50ක් ඉදියි. ඊට පස්සේ එක්කො ඔකත් තව ගාසා තීරයක්. ඉස්‍රායෙලයක්, සින්ගපුරුවක් හදාගන්න එක ලෙසි නැ. ඉතිහාසයේ උදාහරන ඔනා තරම් තියනවා. සාර්තක උන වගේම අසාර්තක උන. මුලු යුරොපයම, සොවියට් රුසියාව, තායිවානය. හොන්කොන්ග් සින්ගපුරුව, කටාරය. තව එකි මෙකි නොකි රටවල් ගොඩයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,534
    8,749
    113
    පොලිස් බලතල පළාත්සභා වලට දුන්නොත් උතුරේ උන්නම් එක ගානට කරගැනී, :rofl::rofl:එකට කොහොමද මෙහෙ ඉන්න මහාමතියෝන්ට ඒ බලේ අවම. අපිට පාරක බැහැල යන්න වෙන්නේ නෑ....:sorry::sorry::sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොම කැඩිලා කැඩිලා රටවල් හදාගන්නවා :baffled:

    අපෙත් ග්‍රාමසේවක වසම වෙනම රටක් කරගන්න බැරිවෙයිද දන්නේ නෑ
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔක්කොම කැඩිලා කැඩිලා රටවල් හදාගන්නවා :baffled:

    අපෙත් ග්‍රාමසේවක වසම වෙනම රටක් කරගන්න බැරිවෙයිද දන්නේ නෑ

    උතුරු නැගෙනහිරට කලින් උඹලා තමයි ස්වාධීන පාලනයක් ඉල්ලුවේ.:cool:
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    අවාසනාවට ලංකාවටත් ඔය සේතේම තමයි
    ගහගෙන මරගන්නවට වඩා වෙන් වෙලා ඉන්න එක හොදයි
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පොප් කෝන් වගයක් තිබුනා ඊයේ කාල ඉතුරුවෙච්ච :yes: ඇරගෙන පැත්තකින් ඉඳගන්න :P
    :P:P:P
    අනිවා.. සබ්ස්ක්‍රයිබ් කලා..